.:: ලෙඩක හැටි - විෂාදය ::.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    .:: ලෙඩක හැටි - විෂාදය ::.

    NqmMlNx.gif

    - DEPRESSION -
    NqmMlNx.gif


    මිනිස් මොළයේ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන් අඩුවීමෙන් ඇතිවෙන ජීව විද්‍යාත්මක සිද්ධාන්තයේ අවසාන ප්‍රතිඵලය ලෙසට
    විෂාදය නැමැති මානසික රෝගය ඇතිවෙන බව මනෝවිද්‍යාත්මකව විග්‍රහ කෙරේ...


    How-Trauma-Can-Lead-to-Depression-722x406.jpg


    ලොව පුරා මිලියන 350 කට වඩා වැඩි පිරිසක් විෂාදය රෝගයෙන් පෙළෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන් පෙන්වා දේ.
    ලංකාවේ දැනට හඳුනාගෙන ඇති ලක්ෂ 20 පමණ වන මානසික රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේද විෂාදය රෝගයෙන් වීම විශේෂත්වයකි.
    පුද්ගලයන්ගෙන් 5:1 අයකුට විෂාදය ඇති බවද වාර්තා වේ.
    ඕනෑම වයසක පසුවන්නෙකුට විෂාදය රෝගය ඇති විය හැකිය. ළමා, තරුණ, වැඩිහිටි වශයෙන් ජිවිතයේ විශේෂ වයස් කාණ්ඩවලදී ඇතිවෙන විෂාදය රෝගයට බලපාන හේතූන් විවිධය.




    .:: කුඩා අවධියේ ඇතිවෙන විෂාදයට හේතූන් ::.

    violence-2-thinkstock.jpg


    👉 දරුවා කුස තුළ වැඩීමේදී මවට ඇතිවන ආතතිය, අමිහිරි අත්දැකීම්.

    👉 පවුල් ආරවුල්.

    👉 පවුලේ අසමගිය.

    👉 පාසල් අධ්‍යාපනයේදී මතුවන පීඩාවන්.

    👉 අධික ලෙස බිය වීම.

    👉 දරාගත නොහැකි දඩුවම් වලට ලක්වීම.

    👉 ආදරය, කරුණාව, ආරක්ෂාව පවුල තුළ නොමැති වීම.

    👉 ජානමය හේතූන් ආදී කරුණු බලපෑ හැකිය.




    .:: කුඩා කාලයේදී ඇති වන රෝග ලක්ෂණ ::.

    children-depresion.jpg


    👉 බොහෝ කුඩා දරුවන් විෂාදයෙහි රෝගී ලක්ෂණ පෙන්වනුයේ කායික රෝගයක් ලෙසටය. බඩ රිදීම, හිසරදය හේතුවක් නොමැතිව ප්‍රකාශ කිරීම.

    👉 මව සමග හෝ තම ආදරණීයන් සමග සිනා නොවීම.

    👉 නිතර දුක්මුසු ස්වරූපයෙන් සිටීම.

    👉 නිතර මුත්‍රා පිටකිරීම. ( රෝගය උත්සන්න වීමෙන් රාත්‍රියේදී ඇඳ මතම )

    👉 නින්ද නොයෑම.

    👉 කෑම බීම ගැනීම ප්‍රතික්ෂේප කිරීම.

    👉 පාසල් යෑමට, බාහිර පන්තිවලට යෑමට මැළිකමක් දැක්වීම.

    👉 අලස බව.

    👉 වැඩිහිටි සහෝදරයන් සමග, සම වයසේ යහළුවන් සමග පවා කතා බහ කිරීම, සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කිරීම.




    .:: තරුණ වියේදී විෂාදය ඇති වීමට හේතූන් ::.

    young-man-sad-800-440-c1.png


    👉 ලගා විය නොහැකි ඉලක්කයන්ට ලගාවීමට උත්සාහ දැරීම.

    👉 ශරීරය ඉක්මනින් වැඩීම, ලිංගික උත්තේජනය, හැඟීම් වෙනස්වීම ආදී යෞවනයේදී ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වයන්හිදී ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියට බාධාවක් ඇතිවීම.

    👉 ආදර සම්බන්ධතා බිඳ වැටීම.

    👉 අධ්‍යාපන කටයුතු අඩාළ වීම.

    👉 විවිධ ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම.

    👉 මව්පිය සෙනෙහස අහිමි වීම.

    👉 පාසලේදී මුහුණ දෙන අමිහිරි අත්දැකීම්.

    👉 සුදුසුකම්වලට සරිලන රැකියාවක් නොලැබීම.

    👉 පෞරුෂත්ව දුර්වලතා ( සුභවාදීව නොසිතීම ) ආදී කරුණු විෂාදය රෝගය ඇතිවීමට බලපා හැකිය.




    .:: තරුණ කාලයේදී ඇති වන රෝග ලක්ෂණ ::.

    alone-boy-child-256658-800x445.jpg


    👉 තමා ප්‍රශ්නයකින් සිටිනා බව අන් පාර්ශවයන්ට ප්‍රකාශ කරයි.

    👉 කෑම ගැනීමට මැළිවීම.

    👉 නින්ද නොයෑම.

    👉 ආශාවෙන් කළ කිසිම ක්‍රියාවක් උනන්දුවෙන් නොකරයි.

    👉 මට කිසිම වැඩක් කරන්න බැහැ කියා අශුභවාදීව සිතීම.

    👉 දුක්මුසුව සිතයි.

    👉 මටමයි ප්‍රශ්න මේ ප්‍රශ්න කවදාවත් ඉවරවෙන්නෑ යනුවෙන් නිතර සිතයි.

    👉 අධික ලෙස තරහා යෑම.

    👉 නොසන්සුන් බව.

    👉 කලහකාරී හැසිරීම.

    👉 හේතු රහිතව බාහිර පාර්ශවයන් සැක කිරීම.

    👉 ජීවිතය හානිකර ගන්නා බවට ප්‍රකාශ කිරීම හෝ ජීවිතය හානිකර ගැනීමට උත්සාහ දැරීම.




    .:: මැදිවිය, වැඩිහිටි වියේදී විෂාදය ඇතිවීමට හේතූන් ::.

    depressed-middle-age-anti-aging-miami.png


    👉 වයසට යෑමක් සමග බොහෝ පුද්ගලයන්ගේ මනසට ඇතිවන්නේ තමා දැන් සමාජයට අවශ්‍ය නොවන පුද්ගලයෙකු බවය. දරුවන්ට තමා කරදරයක් බවය. වගකීම් අන් අයට පැවරීම, හුදෙකලා බව, දරුවන් යටතේ යැපීම, ආර්ථික අපහසුතා, වයසත් සමග රෝගයන්ට ගොදුරු වීම, අන් අයගේ නොසලකා හැරීම ආදී කරුණුද පිළිකා, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමෙන් ඇති වන මානසික පීඩනයද විෂාදයට බලපෑ හැකිය.



    .:: වැඩිහිටි කාලයේදී ඇති වන රෝග ලක්ෂණ ::.

    young-business-man-crying-abandoned-lost-in-depression-sitting-on-ground-street-concrete-40908-26.jpg


    👉 ශරීරයේ තැනින් තැන දැවිල්ලක් ඇති වීම.

    👉 හේතුවක් නොමැතිව කායිකව ඇතිවෙන රෝග පීඩාවන් ගැන ප්‍රකාශ කිරීම.

    👉 උදාසීන බව.

    👉 ශාරීරික ශක්තිය හීන වීම.

    👉 නිතර අසුභවාදීව සිතීම.

    👉 බාහිර පාර්ශව සැක කිරීම.




    .:: ප්‍රතිකාර ::.

    therapy.jpg


    විෂාදය රෝගය මානසික රෝගයක් බැවින්, කායික රෝගයක් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවන තරම් ඉක්මනින් මෙම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු නොවේ.

    👉 මොළයේ රසායන සමතුලිතතාව රඳවා ගැනීමට ඖෂධ ලබාදීම.

    👉 මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම.

    👉 මනෝචර්යාත්මක ප්‍රතිකාර.

    👉 පෞරුෂය වැඩිදියුණු කර ගැනීමට උපකාරී වීම.

    👉 විශ්ලේෂණාත්මක චින්තනය.

    👉 ස්වයං අවබෝධයට හුරුවීම.

    👉 ප්‍රශ්න ඇතිවීම ජීවිතයට අභියෝගයක් විනා පසුබෑමට හේතුවක් නොවනා බව රෝගීන්ට පහදා දීමට උත්සහ දැරිය යුතුය.




    .:: විෂාදය රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් රෝගයෙන් මුදවා ගැනීමට පහත කරුණු අනුගමනය කළ හැකිය ::.

    altanaka.jpg


    👉 ආදරයෙන්, සෙනෙහසින්, කරුණාවෙන් දරුවන් හදාවඩා ගැනීම.

    👉 දරුවන්ට නිතර සවන් දීම.

    👉 මුරණ්ඩු ලෙස හැසිරෙන දරුවන්ගේ ක්‍රියාවන් උපේක්‍ෂාවෙන් විඳදරා ගැනීම.

    👉 දරුවා ආතතියෙන් මුදවා ගැනීමට ආසා දෙයකට යෙදවීම.

    👉 චිත්‍ර ඇඳීම, සංගීතයට සවන්දීම, නර්තනයේ යෙදීම, සම වයසේ දරුවන් සමග විනෝදවීම ආදී ක්‍රියාවන්ට යොමු කිරීම.




    ලෝකයේ බහුලව වාර්තාවෙන විෂාදය රෝගය පුරුෂ පාර්ශවයට වඩා දෙගුණයකින් කාන්තාවන්ට වැලඳෙන බව ඔප්පු වී තිබේ.
    ඊට හේතූන් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දී ඇත්තේ කාන්තාවන් මසකට වරක් හෝමෝන වෙනස් වීම්වලට ලක්වීමය.




    NqmMlNx.gif


    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
    රමණි රත්නවීර


    NqmMlNx.gif
     
    Last edited:

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    මේ වගේ මානසික ලෙඩ වලට සිංහල බෙහෙත් නැද්ද මචන්ලා?

    Thiyenawa.. aryurveda hospital wala mental clinic tiyenawalu.. poddak balahan. Sinhala beheth walin nittawata suwa karanna puluwanlu
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    කරාපිටියේ ඩොක්
    . රූමි රූබන් නම් හොඳයි. සිංහල බෙහෙත් නම් නීලමහර කරනවා. මගේ කෙනෙක්ට ඔය වගේ ගොඩක් තැන් වලින් බේත් කලා. අඩු වැඩි වෙනවා එක එක කාලෙට. නිට්ටාවට සුවයක් නම් නෑ.මහන්සිවෙලා වැඩ කරන්න බෑ ,බෙහෙත් බොද්දී.තමන්ම හිතලා , තමන්ට යහපතක් කරගත්තොත් විතරයි, ලෙඩේ ගොඩ දාගන්න පුලුවන්. Thank you for sharr
     
    • Like
    Reactions: HKavinda