වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?

Prothean

Member
Apr 25, 2011
866
93
0
වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?

දුක් විඳින සත්ත්වයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සීල, සමාධි, ප්‍රඥා කියන අංග දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි ලොව තිබෙන දුර්ලභම දේ. ඊට උපමාවක් සංයුක්ත නිකායේ නගර සූත්‍රයේ තිබෙනවා. විශාල ඝන කැලෑවක් මැදින් මිනිසෙක් ගමන් කරන විට මේ මනුස්සයාට දකින්න ලැබෙනවා නටඹුන් සහිත පැරැණි නගරයක්. එය දැක මේ තැනැත්තා රටේ රජතුමාගේ අවසර අරගෙන ඒ නගර සැලසුම
සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා පැරැණි නගරය තිබූ ලෙස ඒ ආකාරයෙන්ම ගොඩ නැගුවා. චතුරාර්ය සත්‍ය ධර්මය බුදුවරයෙක් විසින් සොයා ගැනීමත් එවැන්නක්.
කාලයක් යනවිට ශ්‍රාවකයන්ට මේ ධර්මය ඕන නැති වෙනවා. එය එපා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයට ගරහන්න පටන් ගන්නවා. එවිට මේ ධර්මය ඉගෙනීමට කැමැති පිරිස ලෝකයේ නැතිවෙලා යනවා. පිරිසුදු ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කිරීමට කැමැති පිරිස අඩු වෙනවා. ඒ වනවිට බුදුරජාණන් වහන්සේගේ් ධර්මය සහ ශාසනය අතුරුදන් වී යනවා. මේ දුක් විඳින සත්ත්වයාට සංසාරයෙන් එතෙර වීමට තිබෙන අවස්ථාව

උපුටා ගැනිමේ අඩවිය.
'බුදුසරණ' පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2...sp?ID=vision02

දැන් වේගෙන යන්නේ මේක නෙවෙයිද? අද වර්තමානයේදි භික්ෂුන් වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනොගෙන ගිහියන් මෙන් ජිවත් වෙනවා. විවිද ආකාරයේ පන්ති වලට සහභාගිවෙලා ගිහියෙකු මෙන් අධ්‍යාපනයේ නිරතවෙනවා ,පන්සල් වල වාහන, විදුලි උපකරණ ආශ්සිතව ජිවත් වෙන පුද්ගලයන් කෙසේද ධර්මය අවබෝදකරගන්නේ තමන් ළග තිබෙන තෘෂ්ණාව වත් හරියාකාරව නැති කරගන්නේ නැතිව. ඉතින් සසර කළ කිරිමට කියා සසානයට අතුළත් වුනාට අද භික්ෂුන් වහන්සේලා නොකරන්නේ විවාහ වෙන එක ඉතරයි ගිහියන් කරන අනෙක් හැම දේම මොවුන් කරනවා,දේශපාලනය පවා.
දැන් වෙන්නේ හුදෙක්ම නාමික වශයෙන් බුද්ධාගම අදහන පිරිස්ක් බිහිවිම පමණයි කියලා මට හිතන්නේ. කිසිම කෙනෙකු එය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරනවද. එසේ නම් ඇයි අද රහතන් වහන්සේලා කියා කොටසක් නැත්තේ?
නිදර්ශනයක් ලෙස කිව්වොත් හැමොම කියන්නේ නිවන් දකිත්ව කියලයි නමුත් තමන්ට ළබන භවයේදි දිව්‍ය ලෝකයේ සුර සැප මත ජීවත් වෙන්න හම්බෙනවා නම් නිවන පැත්තකට දාල හෝ ඒක බරගන්නවා නේද? අද කි දෙනෙක් පන්සිල් පහ කඩනවද හරියට.
ඉතින් බෞද්ධයන් කියාගන්නා අය කොහොමද බෞද්ධයන් වන්නේ. මොකද යම් කිසි කෙනෙකු බෞද්ධයෙකු වන්නේ ක්‍රියාවෙන් මිසක් නමට ඒ පවුලක ඉපදුනු නිසා නෙවෙයි. පංච ශිලය වත් රකින්න බැරි අය කොහොමද ඉතිරි ශිල් රකින්නේ. චතුරාර්ය සත්‍ය අවබෝදයට වැදගත් විදර්ශනා භාවනව නමුත් සමථ ය නොමැතිව විදර්ශනාව කරන්නේ කෙසේද ඊට ප්‍රධාන වශයෙන් ශිලය උවමනායි නමුත්
අද කාලේ හික්මිම හෙවත් ශිලයක් තිබෙන්නේ කි දෙනා ළගද?

අද පන්සල් වල දේවාලා කොපමන තිබෙනවාද, අද බෞද්ධ අය විභාගයට කලින් පන්සල් වල දේවල වලට ඇදෙන හැටි දැකලා තිබෙනවද? පළතුරු වට්ටි උස්සගෙන බෝධි වටේ ගියාම විභාග පාස් වෙනවද, බෞද්ධාගම තියෙන්නේ බුද්ධිමත් අයට මිසක් අනුවණ අයට නෙවෙයි. එම නිසා තමයි අයින්ස්ටයින් වැනි බුද්ධිමතුන් පවා බෞද්ධාගම අගයා තිබෙන්නේ නමුත් නාමික ලෙස බෞද්ධාගම දරන මිනිසුන් අද විශාල වශයෙන් සොරකම් කරන්නෙත්, යම් කිසි කෙනෙකු තමන්ගේ අඩුපාඩු පෙන්වා දෙන විට ගරහන්නෙත්, විවිධ ජාතින් හට විවිධ හේතු කියා ගරහන්නෙත්, දැන් මට පවා මේ ත්‍රෙඅඩ් එකේදි කට්ටිය විසින් බනියි, ගරහයි නමුත් තමන්ගේ සිතට ආම්න්තර්ණය කර බලන්න. තමන් සෑබෑ බෞද්ධයෙකුද කියා.
මේ තොරතුරු වලට අනුව අද හෙට දිගටම පවතින්නේ නාමික වශයෙන් බෞද්ධාගකම් පමණයි කියා මම සිතන්නේ.

Last edited:
  • Like
Reactions: silentsahan

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අද රහතන් වහන්සේලා නැත්තෙ නෑ..ඉන්නවා.. සෝවාන්,සකෘදාගාමි,අනාගාමි උත්තමයොත් ඉන්නවා..ඒත් ඉස්සර වගේ සුලබ නෑ.බුද්ධ සාසනේට අවුරුදු 5000ක් යනකන් ආර්ය පුද්ගලයෝ බිහි වෙනවා. ප්‍රශ්නේ මේකයි ඒ අයව කිසිම බාහිර ලකුණකින් හඳුනා ගන්න බෑ.

    අනික නියම ආර්ය පුද්ගලයෝ මම රහත්,මම සෝවාන් කියලා ලෝකෙට අණබෙර ගහල කියන අය නෙමේ..

    මොකද සෝවාන් වෙච්ච ගමන් "මමත්වය" නැති වෙනවා. ඒ නිසා මම සෝවාන් කියලා කෑ ගහන්න තරම් මාන්නයක් නෑ.
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    අද පන්සල් වල දේවාලා කොපමන තිබෙනවාද, අද බෞද්ධ අය විභාගයට කලින් පන්සල් වල දේවල වලට ඇදෙන හැටි දැකලා තිබෙනවද? පළතුරු වට්ටි උස්සගෙන බෝධි වටේ ගියාම විභාග පාස් වෙනවද, බෞද්ධාගම තියෙන්නේ බුද්ධිමත් අයට මිසක් අනුවණ අයට නෙවෙයි. එම නිසා තමයි අයින්ස්ටයින් වැනි බුද්ධිමතුන් පවා බෞද්ධාගම අගයා තිබෙන්නේ නමුත් නාමික ලෙස බෞද්ධාගම දරන මිනිසුන් අද විශාල වශයෙන් සොරකම් කරන්නෙත්, යම් කිසි කෙනෙකු තමන්ගේ අඩුපාඩු පෙන්වා දෙන විට ගරහන්නෙත්, විවිධ ජාතින් හට විවිධ හේතු කියා ගරහන්නෙත්, දැන් මට පවා මේ ත්‍රෙඅඩ් එකේදි කට්ටිය විසින් බනියි, ගරහයි නමුත් තමන්ගේ සිතට ආම්න්තර්ණය කර බලන්න. තමන් සෑබෑ බෞද්ධයෙකුද කියා.
    මේ තොරතුරු වලට අනුව අද හෙට දිගටම පවතින්නේ නාමික වශයෙන් බෞද්ධාගකම් පමණයි කියා මම සිතන්නේ.

    මේ කතාවට නම් එකඟයි.. අද ගොඩක් ඉන්නේ අන්ධ භක්තිකයෝ..අනික් ආගම් වල විතරක් නෙමේ,බුද්ධාගමෙත් ගොඩක් අය එහෙමයි..

    තමන්ට දුකක්,කරදරයක්, විභාගයක්, බූට් එකක් කෑවම තමා පන්සල්,බෝධි මතක් වෙන්නේ..ඉතින් දුවනවා පූජ වට්ටි කරේ තියාගෙන..

    මේකට මූලිකම හේතුව නියම දහම් දනුමක් නොලැබීම..දහම් පාසල්,පිරිවෙන් වලින් පවා අද නියම ධර්මය ලැබෙනවා අඩුයි..
    අම්ම තාත්ත බෞද්ධ නම් මමත් බෞද්ධ කියල ලොකුවට කියනවා..

    නියම බෞද්ධයා කියන්නේ අඩුම තරමේ පන්සිල් පද පහ වත් රකින කෙනාට.

    මගේ පෞද්ගලික මතය නම් හැම බෞද්ධයෙක්ටම සංසාර දුක්ඛය තේරුම් කරන්න ඕනෙ..එහෙම නැතුව බෑ..
    අනික මචං දැන් ධර්මය කොටලා පෙව්වත් එපා කියන එවුන් ඉන්න සමාජයක්.. දුරාචාරය රජ කරනවා..
    ඉතින් අපි උනත් මේ Anonymous විදියට Internet ඇවිත් post කරනව ධර්මය ටික ටික..
    ප්‍රසිද්ධියේ කෑ ගහල ධර්මය ප්‍රචාරය කලොත් මූ පිස්සෙක්,මොලේ හොඳ නෑ කියල කියන මෝඩ හැත්තක් ඉන්නේ.. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉන්නව උනන්දු වෙන...
    මෙන්න මේකයි තත්වය..

    හමෝම එක්කගෙන ගිහින් නිවන් දකින්න බෑනෙ බන්,,අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ..

    Last edited:

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    මේ ඉන්නේ...
    You have forgotten this one. පව් බං...
    S.K.Lokuge%20%28Maitreya%20Buddha%29.jpg

    වැඩි ඈතක නෙවෙයි ඉන්නේ. මේ ගාල්ල පැත්තේ.

    His Websites මේවලු:-
    http://www.satyagaveshi.org/
    http://www.maitreyabuddhasasana.com/
    http://www.satyagaveshi.blogspot.com/
    http://www.universalfact.org/index.html

    :lol::lol::lol:

    :dull: This can be the real true Maitreya Buddha :dull:
    ප්‍රශ්නේ මේකයි ඒ අයව කිසිම බාහිර ලකුණකින් හඳුනා ගන්න බෑ.

    :lol::lol::lol:
    :sorry::sorry:
    :cool:
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මේ ඉන්නේ...
    වැඩි ඈතක නෙවෙයි ඉන්නේ. මේ ගාල්ල පැත්තේ.

    :lol::lol::lol:

    :dull: This can be the real true Maitreya Buddha :dull:

    :lol::lol::lol:
    :sorry::sorry:
    :cool:

    කියපු ටික මෙයාටත් අදාලයි...

    ""නියම ආර්ය පුද්ගලයෝ මම රහත්,මම සෝවාන් කියලා ලෝකෙට අණබෙර ගහල කියන අය නෙමේ..

    මොකද සෝවාන් වෙච්ච ගමන් "මමත්වය" නැති වෙනවා. ඒ නිසා මම සෝවාන් කියලා කෑ ගහන්න තරම් මාන්නයක් නෑ""
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    කියපු ටික මෙයාටත් අදාලයි...

    ""නියම ආර්ය පුද්ගලයෝ මම රහත්,මම සෝවාන් කියලා ලෝකෙට අණබෙර ගහල කියන අය නෙමේ..

    මොකද සෝවාන් වෙච්ච ගමන් "මමත්වය" නැති වෙනවා. ඒ නිසා මම සෝවාන් කියලා කෑ ගහන්න තරම් මාන්නයක් නෑ""

    හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා යාළුවා. කිසියම් මග ඵලයක් ලබා ගත් කෙනෙක්ව අඳුන ගන්න පුළුවන් බලන කෙනා ධර්මය දන්නවා නම්. ඒ වගේම මගඵල ලැබූ උතුමෙකුට කිසිම ප්‍රශ්නයක් නැතිව මරණයට පත් වෙන මොහොතෙදි ඒ ගැන අනිත් අයට කියන්න පුළුවන් බව බුදුහාමුදුරුවොම දේශනා කරලා තියෙනවා. ඔය රහතුන් තමන් රහත් බව කියන්නෙ නෑ කියන එක හුඟක්ම පදනම් වෙලා තියෙන්නේ සද්ධාතිස්ස රජ්ජුරුවොන්ගේ වැඩ සටහනක් නිසා. අපේ මිනිස්සුන්ට ඒවා තේරෙන්නේ නෑ. ඔයා ටිකක් හොයලා බලන්න හරිම ලස්සන කථාවක් බැඳිලා තියෙනවා මේ එක්ක. අද රහතුන් ඉන්නවා කියන කථාවට මමත් එකඟයි. විශේෂයෙන්ම බුරුමයේ අපිට වඩා ඉහල මට්ටමෙන් ධර්මය පවතිනවා අපි මහා බෞද්ධ රටක් කියලා කෑ ගැහුවට. අපේ වගේ ‍පොතේ දැනුම නෙමෙයි එහෙ හාමුදුරුවන්ට තියෙන්නේ. තායිලන්තයේත් ටිකක් මේ වගේ. බුරුමයේ රහතන් වහන්සේලා මෑත කාලයේදීත් වැඩ සිටි බවට කිසිම තර්කයක් නෑ. ලංකාවෙත් ඉන්නවා. හැබැයි ඒ කිසි කෙනෙක් ගිහියො විදියටනම් ඉන්නෙ නෑ මේ ඇත්තා ඉන්නවා වගේ.
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මට එහෙම රහතන් වහන්සේලා ඉන්න තැනක් කියන්න පුලුවන්ද?
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මට එහෙම රහතන් වහන්සේලා ඉන්න තැනක් කියන්න පුලුවන්ද?

    මට හිතෙන විදියට ආරණ්‍ය වාසි හාමුදුරුවරුන් අතරේ රහතන් වහන්සේ ලා ඉන්න පුලුවන්..ලංකාවෙ ගොඩක් ආරණ්‍ය තියෙනවනේ.(කලුගල,නා උයන, මීතිරිගල නිස්සරණ වනය,දොඹ ගස් කන්ද )
    ඒත් මම practically බලන්නේ මෙහෙමයි.

    ගොඩාක් සිල්වත් හාමුදුරුවරු ඉන්න ආරණ්‍යයකට දානයක් දෙනවා.මම මේක බදුරලියේ කළුගල ආරණ්‍යට දුන්නේ.

    දානෙ දීල සතියක් දෙකක් යනකන් මම හිතන පතන හොඳ දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා,,ඒක මාර ප්‍රාතිහාර්ය‍යක්..හිතේ පුදුම සැහල්ලුවක් ආලෝකයක් ඇති වෙනවා..
    ඉතින් ඒ හාමුදුරුවරු අතරේ ආර්යයන් ඉන්න පුලුවන් කියල හිතෙනවා.:yes:

    ඔයා ඇයි රහතන් වහන්සේලා හොයන්නේ? කොච්චර හෙව්වත් පිටින් බලපු ගමන් අඳුරගන්න අමාරුයි.

    ඔය දානයක් දෙනවා නම් සංඝරත්නයට දෙනවා කියල හිතාගෙන ඕනෙම පංසලකට දෙන්න..මොකද සංඝරත්නයට දෙනවා කියල හිතා ගත්තම ඒක එදා මෙදා තුර පහල වූ සැරියුත්,මුගලන් ආදි සියලුම රහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයට දුන්නා හා සමානයි..
    ඒ දානය මහත්පල මහානිසංසයි.

    එහෙම දීලා මේ පිනෙන් මට හැකිතාක් ඉක්මනින් නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න.. භව බෝග සම්පත් ප්‍රාර්ථනා කරන්නේ නැතිව..මොකද පවක් කලාම ඒකෙ විපාකය ඉබේ ලැබෙනවා වගේ ඉබේම මේ පිනෙන් දාන ධනය,සම්පත් ලැබෙනවා ඊලඟ ආත්ම වල.
    භව බෝග සම්පත් පැතුවාම වෙන්නේ ඒ නිසා ඒව අත ඇරලා යන්න ලෝභ හිතෙනවා බුදු කෙනෙක් පහල වුනත්.

    හරියට මේ කියපු විදියට එක දානයක් දුන්නොත් කල්ප ගානක් දිව්‍ය සම්පත් විඳින්න පුලුවන් ඔයාට :)
    හැබැයි ඒ එකක් වත් නිවන් සුවය වගේ සුවයක් නෙමේ..
     
    Last edited:

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    50
    Kottawa
    කියපු ටික මෙයාටත් අදාලයි...

    ""නියම ආර්ය පුද්ගලයෝ මම රහත්,මම සෝවාන් කියලා ලෝකෙට අණබෙර ගහල කියන අය නෙමේ..

    මොකද සෝවාන් වෙච්ච ගමන් "මමත්වය" නැති වෙනවා. ඒ නිසා මම සෝවාන් කියලා කෑ ගහන්න තරම් මාන්නයක් නෑ""

    එහෙම එකපාර කියන්න බැහැ.. තමන් කැමති නම් හේතු සහිතව ප්‍රකාශකල හැකයි. අනෙක් එක සෝවන් වුණාම නැති වෙන්නේ මමත්වය නෙමෙයි.. මමත්වය නැතිවෙන්නේ .. අරිහත් ඵලයේදි ඒකට කියන්නේ අස්මීමානය කියලා..
     
    May 2, 2011
    2
    0
    0
    ආර්‍යයන් වහන්සේලා වැඩසිටින බවට කිසිදු සැකයක් නැහැ . මෙය වැරදීමකින් ඇසූ පැණයක් ලෙසයි පෙනෙන්නේ.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ආර්‍යයන් වහන්සේලා වැඩසිටින බවට කිසිදු සැකයක් නැහැ . මෙය වැරදීමකින් ඇසූ පැණයක් ලෙසයි පෙනෙන්නේ.
    :yes::yes::yes:

    මග(ධර්මය ) හොඳට තිබේ නම්.. උත්සාහයෙන් පිළිවෙත් පුරයි නම් ලෝකය කවදාවත් රහතුන් ගෙන් හිස් නොවේ..
     
    sethbopath

    Member
    Jun 29, 2010
    17
    2
    0
    මේ කතාවට නම් එකඟයි.. අද ගොඩක් ඉන්නේ අන්ධ භක්තිකයෝ..අනික් ආගම් වල විතරක් නෙමේ,බුද්ධාගමෙත් ගොඩක් අය එහෙමයි..

    තමන්ට දුකක්,කරදරයක්, විභාගයක්, බූට් එකක් කෑවම තමා පන්සල්,බෝධි මතක් වෙන්නේ..ඉතින් දුවනවා පූජ වට්ටි කරේ තියාගෙන..

    මේකට මූලිකම හේතුව නියම දහම් දනුමක් නොලැබීම..දහම් පාසල්,පිරිවෙන් වලින් පවා අද නියම ධර්මය ලැබෙනවා අඩුයි..
    අම්ම තාත්ත බෞද්ධ නම් මමත් බෞද්ධ කියල ලොකුවට කියනවා..

    නියම බෞද්ධයා කියන්නේ අඩුම තරමේ පන්සිල් පද පහ වත් රකින කෙනාට.

    මගේ පෞද්ගලික මතය නම් හැම බෞද්ධයෙක්ටම සංසාර දුක්ඛය තේරුම් කරන්න ඕනෙ..එහෙම නැතුව බෑ..
    අනික මචං දැන් ධර්මය කොටලා පෙව්වත් එපා කියන එවුන් ඉන්න සමාජයක්.. දුරාචාරය රජ කරනවා..
    ඉතින් අපි උනත් මේ Anonymous විදියට Internet ඇවිත් post කරනව ධර්මය ටික ටික..
    ප්‍රසිද්ධියේ කෑ ගහල ධර්මය ප්‍රචාරය කලොත් මූ පිස්සෙක්,මොලේ හොඳ නෑ කියල කියන මෝඩ හැත්තක් ඉන්නේ.. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉන්නව උනන්දු වෙන...
    මෙන්න මේකයි තත්වය..

    හමෝම එක්කගෙන ගිහින් නිවන් දකින්න බෑනෙ බන්,,අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ..

    [/QUOT
    Yes.... no one can teach "Relativity" to a grade 1 student likewise everybody cannot understnd this dhamma since they develop their minds. But they all under this dhamma. We all under the equation "" CHETHANAHAN bHIKKAWE KAMMAN WADAMI"". This is the teaching of all budu rajanan wahanse.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mata hitha giye menna mekata witharayi :) 'හැබැයි ඒ කිසි කෙනෙක් ගිහියො විදියටනම් ඉන්නෙ නෑ...' meken kiyawenne Arahathwaya kiyanne mokadda kiyala e kiyapu kena thaama danne naa kiyana eka witharayi!!!
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    හ්ම්ම් වටිනා ත්‍රෙඩ් එකක්., ගොඩක් දේවල් දැනගත්ත.
    මේ එක්කම තවත් ප්‍රශ්නයක් අහන්නම්.
    මේ ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් වුන දවසට ජය ශ්‍රී මහා බෝධිය පිරිනිවන් පානව කියන කතාව ඇත්තක්ද ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ශ්‍රී මහා බෝධීන් වහන්සේත් සකස් වෙච්ච, හැදිච්ච දෙයක් හන්ද, යම් දවසක නැසී වැනසී යනවාමයි!! ඒත් ඒ සිදුවීමයි රහතුන්වහන්සේලා නැතිවීමයි අතරේ සම්බන්ධයක් නැහැ!!

    ගෞතම බුද්ධ සාසනය පවතින තාක් කල්, සංසාර දුක කෙලවර කිරීමේ වැඩපිළිවෙල අනුගමනය කරන පිරිස සිටිනා තාක් කල්, ලෝකේ ඕනෙම අස්සක මුල්ලක රහතුන්වහන්සේලා බිහිවෙන්න පුළුවන්!! කාලයක් කිසිම කෙනෙක් බිහි නොවී ඉඳලා, ආයෙත් කාලෙක නැවතත් රහතුන්වහන්සේලා බිහිවෙන්න පුළුවන්!! මේ... අන්න ඒවගේ කාලෙකට පස්සේ නැවතත් රහතුන්වහන්සේලා බිහිවෙන වාසනාවන්ත යුගයක්!!! ලෝකයාට ඒ වාසනාව උදාකළ උත්තමයා තමයි මගෙත් ගුරුහාමුදුරුවෝ!!! ඒ ගෞරවය උන්වහන්සේට නිරායාසයෙන්ම ලැබෙනවා!!!

    දැන් පවතින තත්වයට අනුවත්, බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකළ විදියටත් මෙයින් ඉදිරියට නම්, ගෞතම බුද්ධ සාසනය ලෝකයේ පවතීද කියලා විශ්වාසයක් නැහැ!!! ඒකයි හැමෝටම තම තමන්ගේ යහපත වෙනුවෙන් බොහොම හදිස්සි වෙලා වැඩකටයුතු කරගන්න කියන්නේ. කවුරු කොහොම අහල තිබුනත්, හිතාගෙන හිටියත් ගෞතම බුද්ධ රාජ්‍යය පරිහානියට පත්වෙලා තිබුනේ!!! බුදුරජාණන්වහන්සේ සාසන පරිහානිය අර්ථ දක්වලා තියනවා!!! ඊට අනුව සාසන පරිහානිය සිද්ධ වෙලා, මිනිස්සු මයිත්‍රී බුදුන් දකින්නයි බලාගෙන උන්නේ!!!

    ඔය විකාර කතා වෙනස් කරලා, නැවතත් වරක් ගෞතම බුද්ධ රාජ්‍යය පිහිටුවලා, මිනිස්සුන්ට දුකින් නිදහස් වෙන්න මාර්ගය විවෘත කලේ අපේ හාමුදුරුවෝ තමයි!!! මේ 2600 සම්බුද්ධත්ව ජයන්තියත් උන්වහන්සේගේ හිතේ ඇතිවූ, කල්‍යාණ මිත්‍රයින්ගේත් උපකාරයෙන් ක්‍රියාවට නැංවූ අදහසක්!!! උන්වහන්සේ අදහස් කරන්න ඇත්තේ මේ භක්තිගීත හද හදා ගායනා කරන, කූඩු පත්තුකරන, තොරන් බඳින 'ජයන්තියක්' නම් නෙවෙයි කියල මට හොඳටම විශ්වාසයි!!! ඒත් බලන්න වැඩ සිද්ධවෙන විදිය... ඕක සාසනය බැබලීමක් නෙවෙයි!!! බුද්ධ රාජ්‍යය බබළන්නේ බුදුරජාණන්වහන්සේ වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරමින්, චතුරාර්ය සත්‍ය අවබෝධය ඇතිකර ගැනීමට වෙහෙසෙන අනුගාමිකයින් ඉන්නකොට!! කීයෙන් කීයද ඒ කියපු දේ කියපු විදියට කරන්නේ? නේද?? ඔන්න ඕකයි සැබෑ තත්වය!!!
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :yes::yes::yes:

    මග(ධර්මය ) හොඳට තිබේ නම්.. උත්සාහයෙන් පිළිවෙත් පුරයි නම් ලෝකය කවදාවත් රහතුන් ගෙන් හිස් නොවේ..
    ඔබේ අදහස් වටිනවා.
    මචන් අවතාරෙට බුද්ධ රූපයක් දාලා තියෙන එක හරි නෑ නේද

    :confused::confused:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ශ්‍රී මහා බෝධීන් වහන්සේත් සකස් වෙච්ච, හැදිච්ච දෙයක් හන්ද, යම් දවසක නැසී වැනසී යනවාමයි!! ඒත් ඒ සිදුවීමයි රහතුන්වහන්සේලා නැතිවීමයි අතරේ සම්බන්ධයක් නැහැ!!

    ගෞතම බුද්ධ සාසනය පවතින තාක් කල්, සංසාර දුක කෙලවර කිරීමේ වැඩපිළිවෙල අනුගමනය කරන පිරිස සිටිනා තාක් කල්, ලෝකේ ඕනෙම අස්සක මුල්ලක රහතුන්වහන්සේලා බිහිවෙන්න පුළුවන්!! කාලයක් කිසිම කෙනෙක් බිහි නොවී ඉඳලා, ආයෙත් කාලෙක නැවතත් රහතුන්වහන්සේලා බිහිවෙන්න පුළුවන්!! මේ... අන්න ඒවගේ කාලෙකට පස්සේ නැවතත් රහතුන්වහන්සේලා බිහිවෙන වාසනාවන්ත යුගයක්!!! ලෝකයාට ඒ වාසනාව උදාකළ උත්තමයා තමයි මගෙත් ගුරුහාමුදුරුවෝ!!! ඒ ගෞරවය උන්වහන්සේට නිරායාසයෙන්ම ලැබෙනවා!!!

    දැන් පවතින තත්වයට අනුවත්, බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකළ විදියටත් මෙයින් ඉදිරියට නම්, ගෞතම බුද්ධ සාසනය ලෝකයේ පවතීද කියලා විශ්වාසයක් නැහැ!!! ඒකයි හැමෝටම තම තමන්ගේ යහපත වෙනුවෙන් බොහොම හදිස්සි වෙලා වැඩකටයුතු කරගන්න කියන්නේ. කවුරු කොහොම අහල තිබුනත්, හිතාගෙන හිටියත් ගෞතම බුද්ධ රාජ්‍යය පරිහානියට පත්වෙලා තිබුනේ!!! බුදුරජාණන්වහන්සේ සාසන පරිහානිය අර්ථ දක්වලා තියනවා!!! ඊට අනුව සාසන පරිහානිය සිද්ධ වෙලා, මිනිස්සු මයිත්‍රී බුදුන් දකින්නයි බලාගෙන උන්නේ!!!

    ඔය විකාර කතා වෙනස් කරලා, නැවතත් වරක් ගෞතම බුද්ධ රාජ්‍යය පිහිටුවලා, මිනිස්සුන්ට දුකින් නිදහස් වෙන්න මාර්ගය විවෘත කලේ අපේ හාමුදුරුවෝ තමයි!!! මේ 2600 සම්බුද්ධත්ව ජයන්තියත් උන්වහන්සේගේ හිතේ ඇතිවූ, කල්‍යාණ මිත්‍රයින්ගේත් උපකාරයෙන් ක්‍රියාවට නැංවූ අදහසක්!!! උන්වහන්සේ අදහස් කරන්න ඇත්තේ මේ භක්තිගීත හද හදා ගායනා කරන, කූඩු පත්තුකරන, තොරන් බඳින 'ජයන්තියක්' නම් නෙවෙයි කියල මට හොඳටම විශ්වාසයි!!! ඒත් බලන්න වැඩ සිද්ධවෙන විදිය... ඕක සාසනය බැබලීමක් නෙවෙයි!!! බුද්ධ රාජ්‍යය බබළන්නේ බුදුරජාණන්වහන්සේ වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරමින්, චතුරාර්ය සත්‍ය අවබෝධය ඇතිකර ගැනීමට වෙහෙසෙන අනුගාමිකයින් ඉන්නකොට!! කීයෙන් කීයද ඒ කියපු දේ කියපු විදියට කරන්නේ? නේද?? ඔන්න ඕකයි සැබෑ තත්වය!!!

    :D බොහොම පිං මේක කියා දුන්නට :D :D :D :D
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    රහතන් වහන්සේලා අද නැත්තේ බෞද්ධයන් අද වැඩියෙන්ම පාවිච්චි කරන්නේ හදවත මිසක් මොළය නෙවෙයි.
    හැගීම බරවෙලා, අන්තවාදීන් වෙලා, මන් දැක්කා මුස්ලිම් ලන්කන් බොහෝම වටිනා කොමෙට් එකක් දාලා තියෙනවා.
    ඒක කිව්වම කට්ටියම කලේ බැනපු එකයි. දැන් බුද්ධාගම මේ අන්තවාදින් හුදෙක්ම තමන්ගේ දේපළක් කරගෙන වගේ.
    අඩුම ගානේ ඔය කියන බෞද්ධයන්ගෙන් කවුද සෝවාන් වෙලා වත් තියෙන්නේ.? කවුරුත් නැහැ. බැන බැන ඉන්න විතරයි දන්නේ.
    ඒක ලොකු මිනිසාගේ සිට පොඩි කෙනා දක්වා තියෙනවා. හාමුදුරුලාගේ සිට ගිහියා දක්වා. පවතිනවා, මේවා තමයි ඇත්ත. තමන්ගේ හදවත තට්ටු කරලා
    බලන්න ,විවෘත මනසකින් හිතන්න එතකොට තේරෙයි මම කියන්නේ ඇත්ත කියලා. Destiny Found කියන එකේ යම් අරුථක් තියෙනවා
    ධර්මපාල වගේ මිනිසුන් කරේ ජනතාවගේ මනස අන්තවාදයෙන් විකෘත කරපු එකයි. අපි හැම කෙනාම මිනිසුන්. දැන් හිතන්න මේ හොද බෞද්ධයෙක් ළබන
    භවයේදි ඉපදෙනවා මුස්ලිම් කෙනෙකු වෙලා. දැන් එතකොට ආයි දිගටම බෞද්ධාගම අදහනවද? නෑ නේ. එතකොට කුරාණේ තමයි. කලින් බැන්නත් කුරාණේ අදහයි.
    ඕකයි ජීවිතේ. කෙටියෙන් අද පවතින ධර්මය හොදයි නමුත් බෞද්ධයන් sux.