^^^පියාසලන පල දරන දෙපියාපල ශාක^^^
ඔබ ශ්රි ලංකාවේ පහතරට තෙත් කලාපයේ ගම්බද වැසියෙකු නම් අමුතුම විදියෙ පියාපත් දෙකක් සවිවුනු පලයක් හටගන්නා විසල් ගසක් දැක තිබෙනු නිසැකය
රිටක් සේ කෙලින් ඉහලට වැඩෙන මෙම දැවැන්ත රුක පෙන්නුම් කරන්නෙ තේජස් විලාශයකි. හොර යන නමින් මෙම ගස දිවයිනේ සුපතල වෙයි.හොර ගසත් එහි නෑදෑ ගස් වර්ග පනහකටත් අධික ගනනක් සිය එකම නිජබිම බවට පත්කරගන ඇත්තේ ශ්රි ලංකාවය.මේ ගසි මුලු ලොවෙන්ම මෙරට තුල පමනක් ස්වාභාවිකව විසිම අසිරිමත් සිදුවිමක් නොවෙද?
හොර ගසත් එහි නෑදෑ ගස් සියල්ලත් ගොනුවි ඇත්තේ Dipterocarpaceae(දෙපියාපල) නැමැති කුලයටයි. මෙම කුලයෙ ගස් බොහොමයක පිහාටු දෙකක් හෝ කිහිපයක් දරන ඵල හටගනී. දෙ-පියා ඵලය යන අරුත ඇති Dipterocarpaceae යන වදන මෙම ශාක කුලයට ලැබි ඇත්තෙ එබැවිනි මෙම කුලයෙ ශාක වර්ග 580ක් පමන ලොවෙ දැනට හොයාගන ඇති අතර මෙම ශාක විශේෂ එකට ගොනුවූ ගණ 18ක් පමන ඇත.අප රටෙ මෙම ශාක වර්ග 58ක් දැකිය හැකි අතර ඒවා ගණ 9කට අයත්ය.මෙම විශේෂ 58 මුලු ලොවින්ම මෙරටට පමනක් සිමා වේ.
දෙපියාපල තුරු කුලය බුදුන් වහන්සෙගේ දිවියටද බෙහෙවින් සමිපය සිදුහත් කුමර උපත මෙන්ම පිරිනිවන් පෑම සිදුවු සල් උයන් යනු දිපියාපල කුලයට අයත් Shorea(යකහලු) නම් ගණයට අයත් සල් ගස් වලින් සැදුම් ලත් වනාන්තරයි.මෙවා අද පවා ඉන්දියාව සහ නෙපාලය ආශ්රිතව දක්නට ඇත.එහෙත් අප රටේ විහාරවල සිතුවම් කර ඇත්තෙත් වවා ඇත්තේත් මේ නියම සල් ගස නොව වෙනත් ගසකි.
දෙපියාපල කුලය ආසියානු ශාක කුලයකි එනම් ශ්රි ලංකාව,නෙපාලය,ඉන්දියාව,බංගලාදෙශය,මියන්මාරය,දකුනු චීනය,තායිලන්තය,ලාඕසය,කාම්බොජය,වියට්නාමය,මැලේසියාව
,ඉන්දුනිසියාව,පිලිපීනය සහ නවගිනියාව ආශ්රිතව පැතිරි ඇත.
සිරිලක ඇති වර්ග 58න් 55ක්ම පැතිරි ඇත්තේ දිවයිනේ නිරිත්දිග තෙත් කලාපයෙය විශේශ 2ක් වියලි කලාපයෙ ඌව පලාතේ සහ නැගෙනහිර පලාතේද තවත් වර්ගයක් අතරමැදි කලාපයේ කුරුනැගලට උතුරින් ද දැකිය හැක.මෙරට වඩාත්ම පැතිරුන වර්ගය හොර වේ.සිරිලක දෙපියාපල ශාක බොහොමයක් පවතින පරිසර පද්දතිය වන්නෙ තෙත් වැසි වනාන්තරයි,මෙම ගහකොල බොහෝවිට වනගොමුවල වියන් ස්තරයේ සහ
උප වියන් ස්තරයේ දැකිය හැක. සමහර පෙදෙස්වල වනානතර වල ඒවා හැසිරෙන්නෙ මුල්පෙලෙ ගසකොල ලෙසිනි. දුන් සහ මැන්දොර ගණවල තුරු මුහුදු මට්ටමේ සිටමිටර් 1700ක් පමන උසකින් පිහිටා ඇති අතර අන් දෙපියාපල ශාක වර්ග සියල්ලම මුහුදු මට්ටමේ සිට මිටර් 1000ක් පමන උසකින් පිහිටා ඇත.
වියලි කලාපයේ වාර්තාවන තුරු විශෙෂ දෙකම වැවෙන්නෙ ගගබඩ කැලෑ වලයි එනම් මහ මැන්දොර ගනයට අයත් එක් විශේෂයක් සහ දුරුල්ල
ගනයේ එක් විශේෂයකි.දුම්මල ගනයේ එක් විශෙශයක් අතරමැදි කලාපයෙ දක්නට ලැබේ.
මෙම කුලයෙ ශක මීටර් 45ක් පමන උස වන් අතර මිටර් 1.5ක් පමන දක්වා වටය සහිත ගස්වලින් සැදුම් ගනී එහෙත් මැන්දොර ගනය කුඩා ශාක වලින්
යුක්ත වෙයි එම ශාක උස මීටර් 3 සිට 25ක් අතරය. සෙ:මි 3ක් සිට 25ක් අතර වටයකින් යුක්ත වේ.
ලොවේ දෙපියාපල කුලයෙ ගසකොල රැස්ක් මිනිසාට බෙහෙවින් වැඩදායකය බොහොමයක් දැඩි දැව(hard wood) සැපයෙන්නෙ මෙම කුලයෙ ශාක වලිනි
එමෙන්ම මෙම ශාක ගනනාවක්ම දේශීය වෙදකමටද යොදාගනී.
මෙම ශාක වර්ග 58ක්ම මෙරට පමනක් දැකිය හැකි නිසා දෙශිය නම් වලට වැදගත් තැනක් ඇත මෙරට සුලබ ශාක වර්ග නම්: හොර,දොරන,හල්,දූන්,බෙරලිය,යකහලු,
මැන්දොර,හුරුල්ල,හුලනිද්ද,තීනිය,සහ දුම්මලයි.මෙම ශාක වල නම් ඇසුරෙන් දිවයිනෙ ගම් දනවී රැසක් නම් කර ඇත එවානම් හොරගොල්ල,හොරණ,හොරවල,හොරගස්මුල්ල,හොරගස්මංකඩ,හොරපෙ,දොරණාගොඩ,හල්පෙ,හල්වතුර,හල්ගම්පිටිය,යකහලුව ආදියයි.
අපේ වගකීම-ලොවෙන්ම මෙරට පමනක් දැකිය හැකි මෙම ශාක වර්ග හදුනාගැනීම සහ ඒවාගේ වටිනාකම අනාගත පරපුරට වටහා දීමෙන් මෙම වටිනා තුරු
සම්පත සුරැකීමයි.
දොරන-Dipterocarpus glandulosus
හොර-Dipterocarpus zeylanicus
උල් මැන්දොර- Stemnoporus acuminatus
අතත් රිදෙනවා ලියලා කොමෙන්ට් 1ක් කොටලම යන්න හොදෙ