අම්මලා වෙනුවෙන් සිංදු ටිකක්.
අද මව්වරුන්ගේ දිනේ නිසා අම්මලා ගැන කියවුන සිංදු ටිකක් බේදාගන්න හිතිනා,
අද කියලා විෂෙශයක් නෑ මේවා ඉතින් ඕන වෙලාවක අහන්න පුලුවන් හොඳ සිංදු

මැණියනි - ක්ලැරන්ස් විජේවර්ධන.
උකුලට නාවත් - රුකාන්ත ගුණතිලක.
අම්මා සඳකි - ටි එම් ජයරත්න.
අම්මාවරුනේ - නන්දා මාලනි.
බිළිදුනේ දරුවනේ මගේ - ග්රේශාන් අනන්ද.
ගමට කලින් හිරු - කරුණාරත්න දිවුල්ගනේ.
ඉපදුනදා පටන්ම - සන්ෆලවර්ස්.
දවසක් පැල නැති හේනේ - ගුණදාස කපුගේ.
මේ ජිවනයේ - එච් අර් ජොතිපාල.
අම්මා - බීලි ප්රනාන්දු.
බාගන්න සිංදුව උඩ ක්ලික් කරන්න.
අද කියලා විෂෙශයක් නෑ මේවා ඉතින් ඕන වෙලාවක අහන්න පුලුවන් හොඳ සිංදු


මැණියනි - ක්ලැරන්ස් විජේවර්ධන.
උකුලට නාවත් - රුකාන්ත ගුණතිලක.
අම්මා සඳකි - ටි එම් ජයරත්න.
අම්මාවරුනේ - නන්දා මාලනි.
බිළිදුනේ දරුවනේ මගේ - ග්රේශාන් අනන්ද.
ගමට කලින් හිරු - කරුණාරත්න දිවුල්ගනේ.
ඉපදුනදා පටන්ම - සන්ෆලවර්ස්.
දවසක් පැල නැති හේනේ - ගුණදාස කපුගේ.
මේ ජිවනයේ - එච් අර් ජොතිපාල.
අම්මා - බීලි ප්රනාන්දු.
බාගන්න සිංදුව උඩ ක්ලික් කරන්න.

chathu_ac විසින් පොස්ට් එකක් ලෙස දැමු හොද සිංදු ටිකක්
![]()
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ
අම්මා… අම්මා....
දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ලඟ නැත
අම්මා… අම්මා....
ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ලඟ නැත
අම්මා… අම්මා....
Sunil Edirisinghe Devani Budun Lesa(Amma)
මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්ඳෑවේ
මා අසලින් රැඳි උණුහුම ඔබ විය
නුඹයි මගෙ අම්මා...
සඳ හාවුන් හඬනා කළුවර රාත්රියේ
ආලෝකය දුන් සඳකැන් කුමරිය
නුඹයි මගෙ අම්මා....
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩූ මාගේ අම්මා....
දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජීවිතෙන් මා....
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සන්සාරයේ මා නුඹ ළඟයි
කුණාටු සාගරයේ
රුවල් බිඳුන නෞකාවේ
හබල ඔබයි පිළිසරන ඔබයි
නුඹයි මගෙ අම්මා
දාහය වෑහෙනා ගිනියම් මද්දහනේ
සෙවණ ඔබයි මද පවන ඔබයි
නුඹයි මගේ අම්මා
6th Lane Mandaram Wahi Amma
ලේ කිරි කරලා මට පෙව් අම්මා
දහ දුක් විඳලා මා හැදු අම්මා
ලෙඩ වූ විටදී ළඟ රැඳි අම්මා
වඳිමි වඳිමි මගෙ ආදර අම්මා
බඩ ගිනි වූ විට බත් කැවු අම්මා
අඬනා විට දී නැළ වූ අම්මා
දණ ගා යන විට අත දුන් අම්මා
වඳිමි වඳිමි මගෙ ආදර අම්මා
මා නළවන්නට කවි කිවූ අම්මා
කතා කිය කියා හිනැහුණු අම්මා
නිතරම මා ගැන වෙහෙසෙන අම්මා
වඳිමි වඳිමි මගෙ ආදර අම්මා
Chamara Weerasinghe - Ma Adara Amma
අම්මා.. ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
සඳවතුරින් ලොව රුහිරෙන් දියකොට
අමිලවු සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිලිහී වියැලුණු පුතු ලොව
මවුණි ඔබේ කිරි දියෙන් තෙමණු මැන
කඳූලින් ඉපදී කඳුලෙන්ම මියැදෙන
රණමඬලේ මිණි පහනක් වෙනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුළට ගෙන නිඹඳ සරනු මැන
Chandrasena Hettiarachchi Amma Jeewana Uyan There
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ...
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...
සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා...
Victor Rathnayaka Adaraye Ulpatha Amma
සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මඟට යන දා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා...
පියෙකුගෙ සෙනෙහස උදුරාගෙන ගිය පියා නොමැති ලොව හිරු සදිසි
මගෙ දිවි අරණට සඳ හිරු ඔබ විය හෙලූ කඳුළු කැට දිරිය වුනී...
අම්මා සදාදර ඔබයි මගේ අම්මා...
මෙත් මුදිතා හද සවනක් රැස් මැද මගේ පුංචි ලොව ඔබ සුරකී
හදේ තෙතක් නැති පියා නොමැති ලොව දිරිය මවුනි ඔබ බුදුවන්නී...
අම්මා සදාදර ඔබයි මගේ අම්මා...
සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මඟට යන දා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා..
Samitha Mudunkotuwa Sansare Pathu Pathum(Amma)
අම්මේ.. මතකයි නම්....
මං පොඩි කාලේදී, ඔබ මට ගී කිවුවා...
අම්මේ..මතකයි නම්...
මං පොඩි කාලේදී, මා ලග නිදි වැරුවා.....
මට හින ගෙනාවා...
ඒ හීන පිබිදුවා...
මට අකුරු කියෙවුවා..
මගෙ දෑස පෑදුවා...
ඉර හදද පෙන්නුවා...
හොද නරක පෑදුවා...
පාසලට හැරලුවා...
මගෙ කදුළු පිසලුවා...
නිම් නෑ මගෙ අම්මේ...
ඔබෙ සිහිලස සසරේ...
ඔබගේ කරුණාබර ආදරේ... සදා...
මිය යනතුරු මෙලොවේ...
ඔබෙ බුදුගුණ ගැයවේ...
ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා...
මට කිරුල හිමිකරා...
මා ලොවට පැලදුවා...
මට ජයම අත්කලා...
ඔබෙ කදුළු සැගවුවා...
ඔබෙ අහසේ මා තබා...
ඔබ පොලොවෙම සිටියා...
මා මිනිසෙකු වු දා...
ඔබ මවකම වු වා...
නිම් නෑ මගෙ අම්මේ...
ඔබෙ සිහිලස සසරේ...
ඔබගේ කරුණාබර ආදරේ... සදා...
මිය යනතුරු මෙලොවේ...
ඔබෙ බුදුගුණ ගැයවේ...
ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා...
Ranidu - Amma
ඔබේ උකුල මත හිස තබලා... ඔබ හට මං සැම දුක කිව්වා....
මා හඬනා විට සිත සදලා... අම්මේ ඔබ ඔවදන් දුන්නා...
නැළවිලි ගීයක් වූවා සැමදා....
සුළඟිල්ලේ ඔබේ එල්ලීලා.... පාසැල වෙත පිය මන්නා...
මා දිවියට නිසි මග පෙන්වා... අම්මේ ඔබ මට දිවි දුන්නා
සසර පුරා ඔබ මගේ මව වේවා.....
ලේ කිරි වූයේ ඔබේ සෙනෙහෙ නිසා... කරුණාවේ අරුතත් ඔබම තමා....
මා නලවූයේ ඔබේ තුරුලේ හොවා.... පින් කෙරුව නිසා ඔබේ පුතකු වෙලා.....
ගුරුහරුකම් මා හට දුන් දා... ඔය දෙනෙතින් ලොව දුටුවා....
මා මුවඟේ හසරැල් කැදවා.... අම්මේ ඔබ කඳුළැල් සැලුවා....
සෙවනැල්ලක් වී මා ළඟ සිටියා....
දස මාසේ මා කුසේ දරා.... ඔබ ඉසුලූ බර නැත නිම්මා....
මා ජීවයේ පන නල වූවා.... අම්මේ ඔබ මතු බුදු වේවා....
අම්මා සැම මුවකම මිමිනේවා....
ලේ කිරි වූයේ ඔබේ සෙනෙහෙ නිසා... කරුණාවේ අරුතත් ඔබම තමා....
මා නලවූයේ ඔබේ තුරුලේ හොවා... පින් කෙරුව නිසා ඔබේ පුතකු වෙලා.....
Givantha n Chamin - Ley Kiri Wuye (Amma)
Last edited:
sangeeth ta wada hodata aru kiyanawane

