ලොව සුපතල Skype සේවාව විකුණයි
Microsoft buying Skype: All Things Digital
මෘදුකාංග නිපදවීමේ දැවැන්තයෙකු වන ඇමරිකානු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අන්තර් ජාලය ඔස්සේ දුරකතන පහසුකම් සපයන ලොව සුපතල ස්කයිප් සමාගම මිලදී ගැනීමට යනබව වාර්තා වේ.
මේ පිළිබඳව වාර්තා කරමින් ප්‍රංශ පුවත් සේවය පවසන්නේ මෙම ගනුදෙනුව පිළිබඳව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ළඟදීම හෙළිදරව් කරනු ඇති බවයි.
මෙහිදී, ස්කයිප් සමාගම වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් විසින් ඩොලර් බිලියන 8.5ක පමණ මුදලක් ගෙවීමට සූදානම් වනබව සඳහන්ය.
Skype සේවාව 2003 වසරේදී ආරම්භ කරන ලද්දක් වන අතර අඩුමිලට අන්තර් ජාලය ඔස්සේ දුරකතන පහසුකම් ලබාගැනීමට ලොව පුරා සිටින මිලියන ගණනක ජනතාවක් මෙම සේවාව භාවිතා කරති.