Trip to HaputalA - හපුතලේ

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    ඔන්න අපි ගිය හපුතලේ ගමනේ විස්තරත් අරගෙන මම ආවා.

    මුලින්ම කියන්නම් හපුතලේ නගරය ගැන විස්තර ටිකක්. කොලොබ සිට හපුතලේ නගරයට ඇති සම්පූර්ණ දුර 188KM යි. ඒ A4 කොලබ බදුල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ.ඌව පළාතේ දකුනුකොටසට වෙන්න මධ්‍යම කදුකරයේ දකුණු පස බෑවුම ලෙස තමයි හපුතලේ නගරය සලකන්නේ.ඒ වගේම මෙම බෑවුමට ලංකාවේ දකුණු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හම්බන්තොට දක්වාම දර්ශනය වීම විශේෂත්වයක් විදිහට සලකන්න පුළුවන්. හපුතලේ නගරයේ ඇති අනික් විශේෂත්වයනම් මොහොතින් මොහොත වෙනස්වන කාලගුණ තත්වයයි.මෙසේ ලොව කාලගුණය තප්පරෙන් තප්පරේ වෙනස්වන නගර තියෙන්නේ 2කක් විතරයි. Switzerland Geneva නුවරට පසුව හපුතලේ කියන්නේ අනික් නගරය.Genevanu නුවර කාලගුණය එසේ වීමට හේතුව ලෙස භූවිද්යචයින් පවසන්නේ Genevanu නගරය පිහිටා ඇත්තේ ගිනිකන්දක් මත බවයි.එහි ප්‍රතිපලයක් විදිහට තමයි කාලගුණය මොහොතින් මොහොත වෙනස් වන්නේ.නමුත් ලංකාවේ හපුතලේ නගරයේ කාලගුණය වෙනස්වීමට හේතුව අද වනතෙක් කිසිම නිගමනයකට පැමිණ නැහැ.ඒ කියන්නේ මේක ස්ව්භාවදර්මයේ අපූර්වතම නිර්මාණයක්.අනික් කරුණ තමයි ලංකාවේ වෙන කිසම තැනකදී දක්නට නොලැබෙන ඇති සුන්දර වටපිටාව.පහල තියෙන්නේ අපේ ප්‍රධාන ගමන්මාර්ගය

    Capture072.jpg


    අපේ පලවෙනි දවසේ නවතන පිහිටලා තියෙන්නේ හපුතලේ නගරයේ ඉදන් 3KM පහලින් හපුතලේ කදු බෑවුමේ පිහිටලා තියන මිත්‍රයෙකුගේ නිවසක්.උදේ 10-11 විතර වෙනකොට මෙතනට එන්න පුළුවන්.ඒ කියන්නේ කොලබ ඉදන් වාහනෙකින් අවොත් පැය 5ක විතර ගමනක්.මේ ගමනේදී අපට දකින්න හම්බවෙන පළමු විශේෂ ස්ථානය තමයි හපුතලේ කන්ද. පැරණි බ්‍රිතාන්‍ය අදිරාජ්‍ය සමයේ ලංකාවේ පවතී ඇති දුෂ්කරම මාර්ගයක් විදිහට තමයි හපුතලේ කන්ද සලකන්නේ.බෙරගල සිට හපුතලේ නගරය දක්වා තියන 6.5KM දුර තමයි හපුතලේ කන්ද වශයෙන් සලකන්නේ.මේ 6.5KM දුර ඇතුලෙදි තමයි මම අර කලින් කිව්ව හම්බන්තොට දක්වා පැතිරුණ ලංකාවේ දකුණු ප්‍රදේශය දර්ශනය වන්නේ.පැහැදිලි කාලගුණයක් තියන දවසකට ඔයාලට පුළුවන් මුහුද උනත් දැකගන්න.අති සුන්දර වටපිටාවක්.මම ලංකාවේදී දැකපු ලස්සනම දර්ශනය තමයි ඒක.ඔය පහල තියෙන්නේ බෙරගල ඉදන් හපුතලේ දක්වා මාර්ගය දෙපස දර්ශනය වන ආකාරයයි.
    ඇත්තටම ඔබ රියදුරෙක්නම් මතක තියාගන්න ඕන වැදගත්ම කාරණය තමයි මේ මාර්ගය අති බිහිසුණු මාර්ගයක්.මොකද මම එහෙම කියන්නේ මේ මාර්ගයේ වසරකට සිදුවන රිය අනතුරුවලින් 80% ම ජීවිත හානි.මම කියන එකේ බරපතල කම ඔයාලට තේරෙනවා අති කියල මම හිතනවා.මේ මාර්ගයේ නැරබුම් ස්ථාන කිහිපයක්ම පිහිටලා තියනවා.ඒ නිසා මාර්ගය දෙපස හැමතැනකම වාහන නතර නොකර අදාළ ස්ථාන පමණක් භාවිතාකරනවානම් ඒක අපිට වගේම අනික් අයගේ ආරක්ෂාවටත් ලොකු රුකුලක් වේවි.

    Capture073.jpg

    මේ තියෙන්නේ හපුතලේ කන්ද තමයි.


    24522_1351657925476_1652222337_833985_7448026_n.jpg
    24522_1351657965477_1652222337_833986_5662653_n.jpg


    24522_1351658005478_1652222337_833987_4273009_n.jpg
    24522_1351658045479_1652222337_833988_7568536_n.jpg


    24522_1351658205483_1652222337_833992_4529899_n.jpg
    24522_1351658245484_1652222337_833993_8377457_n.jpg


    24522_1351659165507_1652222337_834015_4807405_n-2.jpg


    හිත ගන්න පුළුවන් නේද ඔය කන්දේ තියන අපේ නවාතැනේ ලස්සන.අති සුන්දර වටපිටාවක් අති සුන්දර ආගන්තුක සත්කාර.දවල්ට කෑම එහෙම කාලා අපි අපේ සංචාරයේ ඊලග තැනට යන්නයි හදන්නේ. නාන්න යන්න :P . අපි මේ නාන්න යන මාර්ගයේම තමයි දියළුම ඇල්ල පිහිටලා තියෙන්නේ.හරිම ලස්සන ස්ථානයක්.නමුත් හපුතලේ නගරයේ ඉදන් අපහු බෙරගල හන්දියට (6.5KM) පහලට ඒ කියන්නේ හපුතලේ කන්ද අරම්බවන තැනට අපි එන්න ඕන.මතක තියාගන්න ඔයාල මේ ගමන යනවනම් හපුතලේ නගරයට යන්න කලින් තමයි දියළුමට යන මාර්ගය හම්බ වෙන්නේ.බෙරගල හන්දියේ ඉදන් 23KM තියනවා දියළුම දියඇල්ල ගාවට

    Capture074.jpg


    මම දියළුම ඇල්ල ගැනත් විස්තර ටිකක් කියන්නම්.
    සම්පූර්ණ උස 220M වුන දියළුම ඇල්ල ලංකාවේ තෙවනියට උසම දිය ඇල්ලයි. ලෝකයේ උසම දියඇලි අතරින් දියළුම අල්ලට හිමිවන්නේ 361 වන ස්ථානයයි.බදුල්ල දිස්ත්‍රිකයේ තමයි දියළුම ඇල්ල පිහිටලා තියෙන්නේ. තනි බෑවුමක්(drops) තමයි දියළුම අල්ලට පිහිටලා තියෙන්නේ.ප්‍රධාන මාර්ගය අයිනේම පිහිටලා තියන නිසා වාහනේක යන කෙනෙකුට උනත් හොදින් දර්ශනය වෙනවා.කුඩාඔය ගංගාවේ අතුගන්ගාවක් වෙන පුනාගල ඔය මගින් තමයි දියළුම ඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ.
    අපිට මේ දිය ඇල්ල පමුලටම ගමන් කරන්න පුළුවන්.හැබැයි ඒක දෙයක් කියන්න ඕන.දියඇල්ල පාමුලට ලගවෙනවානම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.මොකද එතනට යන්න තියන මාර්ගය ගල්මතින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.ඒ වගේම ලිස්සන සුළුයි.අනික් දේ තමයි ඇල්ල පාමුල පිහිටලා තියනවා ජාල තටාකයක් වගේ එකක්.මේකේ නාන්න යනවනම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.මොකද ගොඩක් කාලයක් තිස්සේ මෙතනට ජලය උදිදන් කඩාවැටිලා ගැබුරු වැලක් නිර්මාණය වෙලා තියනවා.ඒ වගේම ඉහල ප්‍රදේශයේ වර්ෂාව තිබුනොතින් ඇල්ලේ ජාල සීරාව හිටිහැටියේම වැඩි වෙන්න පුළුවන්.ඒ නිසා මම නම් කියන්නේ එතන නාන්න යන්න එපා කියලයි.ඔය තියෙන්නේ දියළුම ඇල්ලේ ෆොටෝස් ටිකක්.

    24522_1351658325486_1652222337_833995_5419445_n.jpg
    24522_1351658365487_1652222337_833996_3548975_n.jpg


    24522_1351658405488_1652222337_833997_7404009_n.jpg
    24522_1351658445489_1652222337_833998_5878958_n.jpg


    24522_1351658525491_1652222337_834000_7893399_n-1.jpg


    ඔන්න අපේ කස්ටිය ආතල් ගන්නවා :P

    24522_1351658645494_1652222337_834003_3904642_n.jpg
    163415_10150099818508921_616413920_6030377_3973591_n.jpg


    අපි පලවෙනි දවසේ වෙන කොහෙවත්ම ගියේ නෑ.හවස 3 - 4 වෙනකොට නවාතැනට ඇවිල්ල රාත්‍රියේ කරන්න තියන වැඩ ටිකට ready උනා.



    .
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    දෙවනිදවසේ අපේ පළමු සංචාරක ස්ථානය වෙන්නේ හපුතලේ නගරයේ ඉදන් 3.5KM දුරින් තන්ගමලේ අභය භූමියට* මායිම්ව පිහිටි Adisham Bungalow නමැති බංගලාවයි.

    Capture079.jpg


    මුලින්ම මම Adisham බංගලාව ගැන විස්තර ටිකක් කියල ඉන්නම්.බ්‍රිතාන්‍ය අදිරාජ්‍යවාදී සමයේ තමයි මේ බංගලාව ඉදිකරලා තියෙන්නේ. මුලින්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ බංගලාවක් විදිහට පැවතුනත් පසුව එංගලන්ත මිෂනාරි සභාවට බර දීල තියනවා fathers ලව පුහුණුකිරීමේ මද්‍යස්ථානයක් වශයෙන්. අද වෙනතුරු මේ බංගලාවේ ඒ කටයුත්ත සිදුවෙනවා.අදත් මේක පලනයකරන්නේ එංගලන්තයේ මිෂනාරි සභාව විසින්මයි.
    කළුගල් කුට්ටි බිත්තිවලට යොදාගෙන තියෙනවා ඇතුලත උනුහුමත් සීතලත් ආරක්ෂාවෙන විදිහට තමයි මේක නිර්මාණයකරලා තියෙන්නේ.මේ බිත්ති සදහා අවශ්‍ය කළුගල් එංගලන්තයේ ඉදල තමයි ගෙනත් තියෙන්නේ.ඒ වගේම වහලයට යොදාගෙන තියන්නත් පැතලි ගල් විශේෂයක්මයි.මේවත් එංගලන්තයෙන් ගේනවා කියල තමයි සදහන් වෙන්නේ.
    මේ බංගලාව තුල අපිට යන්න පුළුවන් ගොඩක් සීමිත ප්‍රදේශයකට විතරයි.ඇත්තම කියනවනම් ආලින්දය සහ ඉස්තෝප්පුවට විතරයි.මොකද අද වෙනකොටත් මෙම ස්ථානය පූජකයන් පුහුණු කිරීමේ ස්ථානයක් වශයෙන් පවත්වාගෙන යනවා.
    මේ බංගලාවේ තවත් විශේෂතා ගණනාවක්ම තියනවා.
    පලවෙනි ඒක තමයි මේ ඉස්තෝප්පුවේ එල්ලලා තියන ජායාරූපය.ආණ්ඩු කරවරයාගේ යයි සැලකෙන එහි අති විශේෂත්වය තමයි අපි ආලින්දයේ කොහේ සිට ඒ ජායාරූපය දිහා බැලුවත් ජායාරූපයේ හිස සහ ඇස් අපි දිහාට හැරවිල තියන ඒක.
    දෙවැනි ඒක තමයි ආලින්දයේ තියල තියන පුටු සෙටි ඒක සහ ගිනි පැරණි AC system ඒක.වහලයේ තියන කවුළු කිහිපයකින් එන වාතය ආලින්දය පුරාම පැතිරෙන ආකාරයෙන් බිත්ති මතින් නිමවෙලා තියන කුහර අති විශිෂ්ට නිර්මාණයක්.
    තුවෙනි ඒක තමයි පැරණි බොයිලේරු කාමරය.එදා පැවති බොයිලේරුවක හැටි අපිට හොදින්ම බලාගන්න පුළුවන්.

    24522_1351659325511_1652222337_834019_2966128_n.jpg
    24522_1351659365512_1652222337_834020_6757349_n.jpg


    24522_1351659405513_1652222337_834021_3426075_n.jpg
    24522_1351659445514_1652222337_834022_6284473_n.jpg


    24522_1351659485515_1652222337_834023_438307_n.jpg
    24522_1351659565517_1652222337_834025_2357637_n.jpg


    24522_1351669805773_1652222337_834040_6821685_n.jpg
    24822_1352575348411_1652222337_836781_868147_n.jpg


    Image57.jpg
    Image70.jpg


    Image60.jpg
    168119_10150099822398921_616413920_6030530_8159022_n.jpg


    ඒ වගේම මෙතනට යන යට කියන්න ඕන විශේෂ දෙයක් තියනවා.මෙතනට ගියහම ගොඩක් නිශබ්ධව හැසිරෙන්න.මොකද අනික් පැත්තේ කොටසේ අදවෙනකොටත් පූජකවරු පුහුණුවලබන නිසා.
    ඔයාලට ඕනෙමනම් මෙතන පිහිටලා තියනව පොඩි අලෙවි කුටි දෙකක්.ඒවගෙන් මේ බංගලාවට අයත් ගොවිපලවල වැවෙන පලතුරු වලින් හැදුව jam codial වගේ ඒවා මිලට ගන්නත් පුළුවන්.ඇත්තටම මමත් ගෙනත් බැලුව jam එකක්.උපරිමයි.මොකද කිසිම රසායන ද්‍රවයක් දාල නැති original පලතුරු.අරන් බලන්නකෝ.

    මෙතනි පස්සේ අපි අපහු හපුතලේ නගරයට ආවා.අපේ ඊලග ගමන්මග වෙන්නේ lipton seat නමැති ස්ථානයයි.

    Capture075.jpg


    මෙතන අති විශේෂත්වය තමයි ලංකාවේ පළාත් 5ක් මෙතනට දර්ශනයවීම.හරිම ලස්සන තැනක්.හැබැයි මම ගමන යන්න කලින් පොඩි අවවාදයක් දෙන්නම්.හොදරියදුරෙක් නැත්නම් මේ මාර්ගයේ වාහනයක් එලවන්න එපා.මොකද මාර්ගය ගොඩක් පටුයි.හපුතලේ නගරයේ ඉදන් 15KM දුරින් තමයි මේ තැන පිහිටලා තියෙන්නේ.නායබැද්ද වතුයායට අයිති ඉඩමක තමයි මේ තැන පිහිටලා තියෙන්නේ.මෙතනට යන මගදෙපස තියන සුන්දරත්වය වචනවලින් විස්තර කරන්න බැහැ.

    24822_1352575388412_1652222337_836782_3617177_n.jpg
    24822_1352575428413_1652222337_836783_5295846_n.jpg


    24822_1352575468414_1652222337_836784_2480781_n.jpg
    24822_1352575588417_1652222337_836787_4617917_n.jpg


    24822_1352575628418_1652222337_836788_3355675_n.jpg
    24822_1352575668419_1652222337_836789_449165_n.jpg


    24822_1352575708420_1652222337_836790_5031324_n.jpg
    24822_1352575748421_1652222337_836791_3086359_n.jpg


    24822_1352575788422_1652222337_836792_7776644_n.jpg
    24822_1352575948426_1652222337_836794_2775497_n.jpg


    24822_1352575988427_1652222337_836795_1489426_n.jpg
    24822_1352576028428_1652222337_836796_2632847_n.jpg


    24822_1352576068429_1652222337_836797_7982547_n.jpg
    24822_1352576108430_1652222337_836798_1293526_n.jpg


    24822_1352576148431_1652222337_836799_8316064_n.jpg
    24822_1352576188432_1652222337_836800_5303258_n.jpg


    24822_1352576228433_1652222337_836801_7529730_n.jpg



    ඔය තියෙන්නේ lipton seat ඒක (විහිළුවක් හොදේ)

    24822_1352575908425_1652222337_836793_8276034_n.jpg


    ඔය ගමන ඉවර කරලා දියතලාව හරහා බණ්ඩාරවෙල නගරයේ අපේ මිතුරෙකුගේ නිවසේ තමයි එදා දවස ගතකරන්න තිබුනේ.බණ්ඩාර වෙලා නගරයට හරියටම කොලබ ඉදන් 200KM.දෙවැනි දවසත් ඔහොම නිමා උනා.
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH


    තුන්වෙනි දවස අපේ ගමනේ තවත් අතිසුන්දර ස්ථානයකට යන්න තමයි ලෑස්ති වෙන්නේ.බණ්ඩාර වෙලා නගරයේ ඉදන් බදුල්ල මාර්ගයේ 10KM ගියතැන හම්බවෙන ඇල්ල වැල්ලවාය මාර්ගයේ තවත් 9KM ගියතැන හම්බවෙන රාවනා ඇල්ල තමයි අපේ ගමන් මග වෙන්නේ.ඒ කියන්නේ බණ්ඩාරවෙල නගරයේ ඉදන් සම්පුර්ණ දුර 19KM.ආයිත් කියන්න ඕන රියදුරු මහතුන්ට ලංකාවේ දෙවනියට වැඩිම මාරක අනතුරු සිදුවන අති බිහිසුණු මාර්ගයක් තමයි ඇල්ල වැල්ලවාය මේ මාර්ගය.මේ දිනවල මාර්ගයේ බැවුම පැත්තට වෙන්න පාර ගිලාබැහල තියෙන්නේ.ඒ නිසා මාර්ගය මැදින් වාහනය ධාවනය කරන්න කියල හැමතැනම අනතුරු හගවල තියනවා.නාය යාමේ අවදානමක් තියන නිසා ගොඩක් පරිස්සමෙන් drive කරනවානම් ගොඩක් හොදයි.

    Capture080252.jpg


    රාවන ඇල්ල ගැන විස්තර ටිකක් කියන්නම්කො මුලින්ම.මේ දිය ඇල්ල සම්බන්ධයෙන් පුරාන කතන්දරයක් තියනවා. රාවනා රජු ඉන්දියාවෙන් සීතා කුමරිය පහරගේනවිත් සගවාතබා ඇත්තේ මේ රාවනා ඇල්ලේ අති ගල්ගුහවකයි.රාම රජුගේ මුළු සේනාවම ලංකාවේ හැමතැනකම සෙවුවත් කුමරිය සොයාගන්නට බැරිවෙලා තියනවා.එත් දවසක් මෙතනින් රාම කුමරු යනකොට දියඇල්ල පාමුල තටාකයේ සීතාකුමරිය දිය නාමින් සිටිනකොට තමයි ය ඉන්න තැන සොයාගෙන තිබෙන්නේ.
    ඇල්ල නගරයේ ඉදන් 5KM දුරින් තමයි රාවනා ඇල්ල පිහිටලතියෙන්නේ.1050M උස ලංකාවේ උසම දියඇලි අතරට මේක අයත් වෙනවා.කිරිදි ඔය මගින් තමයි දියඇල්ල ඇතිවෙලා තියෙන්නේ.හරිම ලස්සන තැනක්. ඒ වගේම කොච්චර බලාහිටියත් එපා වෙන්නේ නැති දර්ශනයක්.අපේ සෙට් ඒක ගොඩක් වෙලා ඒක දිහා බලාගෙන හිටියේ කෙල්ලෙක් දිහා බලන් ඉන්නවා වගේ :P
    මෙතන දිය ඇල්ල පාමුල තටාකය නානවානම් කියාපු තැන.හැබැයි ටිකක් ගබුරුයි.ඒ වගේම එතනින් පහල ප්‍රදේශය අති බිහිසුණුයි.මොකද එතනින් පහලත් තියෙන්නේ විශාල ගල්සහිත තරමක බෑවුමක්.ඒ නිසා මෙතැනදී ගොඩක් පරිස්සමින් හැසිරෙන්න කියල කියන්න ඕන.තවත් දෙයක් මෙතන තියන bar එකෙන් අරක්කු අරගෙන ගොඩක් කට්ටිය මෙතන බොනවා.බිව්වට කමක් නෑ අනතුරු අති කරගන්නේ නැතුව.ඒ වගේම පරිසරය විනාස කරන නැතුව.ඔයාල බලන්න මේ වගේ තැන දකින්න අපි මේ රටේ ඉපදුන ඒක වාසනාවක්.ඇ නිසා ඒක අනාගතේටත් සුරකින්න හිතට ගන්න.


    24568_1269883302626_1096152253_30618932_1498694_n.jpg
    164777_10150099818353921_616413920_6030374_5689302_n.jpg


    168201_10150099814968921_616413920_6030259_3992744_n.jpg
    168903_10150099818078921_616413920_6030367_4347494_n.jpg


    46638102.jpg
    Capture069.jpg
    rtw_trip-20061164011460p1010939.jpg


    අපේ තුවෙනි දවස ඔච්චරයි.

    අපේ කට්ටියගේම ෂණික තීරණයක් නිසා අපි ට්‍රිප් ඒක කතරගම දක්වා දීර්ග කලා. ඒ කියන්නේ තවත් දවස් තුනක්.ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ කතරගම යන්න තමයි අපේ අරමුණ. නමුත් ඊට කලින් අපි බබර කන්ද දිය ඇල්ල බලන්න යන්න තීරණය කළා.ඇත්තටම මේක අපේ කට්ටියගේ මෝඩ තීරණයක්.මොකද බණ්ඩාරවෙල නගරයේ ඉදන් කොලබ මාර්ගයේ (හපුතලේ හරහා) 24KM දුර ගෙවන්න ඕන. ඒ කියන්නේ ඔයාල බණ්ඩාරවෙල නගරයට කොලබ ඉදන් යනවනම් මුලින්ම යන්න පුළුවන් තැන තමයි බබර කන්ද දිය ඇල්ල.ප්‍රධාන මාර්ගයෙන් (කළුපහන හන්දියෙන්) 2KM පමණ ගොඩක් අබලන් මාර්ගයක යන්න ඕන.මේ දිය ඇල්ල පාමුලටනම් ඔයාලට යන්න බැහැ.මොකද එතනට යන්න තරමක් දුර මඩවගුරක් තරණය කරන්න ඕන.ඒ නිසා අපි නැරබුම් ස්ථානයට වෙලා දිය ඇල්ල නැරබුව.


    මේ දිය ඇල්ල ගැනත් විස්තර ටිකක් නොකිව්වොත් අඩු පාඩුවක් නේ.
    1100M උස මේ දිය ඇල්ල තමයි ලංකාවේ උසම දිය ඇල්ල වශයෙන් සැලකෙන්නේ.කුඩා ඔය මගින් ඇතිවන දියදහරක් ඒකාකාර බවුමකින් පහලට කඩා වැටිලා තමයි මේ දිය ඇල්ල ඇතිවෙලා තියෙන්නේ.ලෝකයේ උසම දියඅලි අතරින් 299 ස්ථානයේ මේ දිය ඇල්ල රැදෙනවා බදුල්ල දිස්ත්‍රිකයට තමයි අයිති වෙන්නේ.හරිම සුන්දර දිය ඇල්ලක්.

    Capture078.jpg



    Image46.jpg


    Image47.jpg
    Image48.jpg


    Image49.jpg
    Image50.jpg



    ඔතනින් පස්සේ අපි අපහු බණ්ඩාරවෙල නගරයට ආවා.ඒ එතන ඉදන් අපේ අලුත් ගමන කතරගම දක්වා අරබන්න.ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගියපු ඒ ගමන හරිම විනෝද ජනකයි.එකේ විස්තරත් අරගෙන ලගදීම එන්නම්. කට්ටියම දැන් දාමු බලන්න comment ටිකක්
     
    • Like
    Reactions: thilan_perera

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....ela...ela..ela....elazzzzzzzzzzzzzzzzzzzzzzzzz...niyamai...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං උපරිමයි.... :):)
    හැම දේම විස්තර එක්ක නියමෙට දාලා තියෙනවා... මටත් මෙතනට යන්න ආස හිතුනා.... මාරම ලස්සනයිනේ .. ලංකාව නෙමෙයි වගේ... :):)

    රෙප්+

    24822_1352575588417_1652222337_836787_4617917_n.jpg



    මේ ඒක න්එමෙයි.. උඹ ම්ඔකෝ නිකං සසර කලකිරිලා වගේ ඉන්නේ.. :P
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    මචං උපරිමයි.... :):)
    හැම දේම විස්තර එක්ක නියමෙට දාලා තියෙනවා... මටත් මෙතනට යන්න ආස හිතුනා.... මාරම ලස්සනයිනේ .. ලංකාව නෙමෙයි වගේ... :):)

    රෙප්+

    24822_1352575588417_1652222337_836787_4617917_n.jpg



    මේ ඒක න්එමෙයි.. උඹ ම්ඔකෝ නිකං සසර කලකිරිලා වගේ ඉන්නේ.. :P

    :confused::confused::confused: oya lankawa thamai ban :P

    anyway ko kawda kalakirila wagae innae?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    අපේ කට්ටියගේම ෂණික තීරණයක් නිසා අපි ට්‍රිප් ඒක කතරගම දක්වා දීර්ග කලා. ඒ කියන්නේ තවත් දවස් තුනක්.ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ කතරගම යන්න තමයි අපේ අරමුණ. නමුත් ඊට කලින් අපි බබර කන්ද දිය ඇල්ල බලන්න යන්න තීරණය කළා.ඇත්තටම මේක අපේ කට්ටියගේ මෝඩ තීරණයක්.මොකද බණ්ඩාරවෙල නගරයේ ඉදන් කොලබ මාර්ගයේ (හපුතලේ හරහා) 24KM දුර ගෙවන්න ඕන. ඒ කියන්නේ ඔයාල බණ්ඩාරවෙල නගරයට කොලබ ඉදන් යනවනම් මුලින්ම යන්න පුළුවන් තැන තමයි බබර කන්ද දිය ඇල්ල.ප්‍රධාන මාර්ගයෙන් (කළුපහන හන්දියෙන්) 2KM පමණ ගොඩක් අබලන් මාර්ගයක යන්න ඕන.මේ දිය ඇල්ල පාමුලටනම් ඔයාලට යන්න බැහැ.මොකද එතනට යන්න තරමක් දුර මඩවගුරක් තරණය කරන්න ඕන.ඒ නිසා අපි නැරබුම් ස්ථානයට වෙලා දිය ඇල්ල නැරබුව.


    මේ දිය ඇල්ල ගැනත් විස්තර ටිකක් නොකිව්වොත් අඩු පාඩුවක් නේ.
    1100M උස මේ දිය ඇල්ල තමයි ලංකාවේ උසම දිය ඇල්ල වශයෙන් සැලකෙන්නේ.කුඩා ඔය මගින් ඇතිවන දියදහරක් ඒකාකාර බවුමකින් පහලට කඩා වැටිලා තමයි මේ දිය ඇල්ල ඇතිවෙලා තියෙන්නේ.ලෝකයේ උසම දියඅලි අතරින් 299 ස්ථානයේ මේ දිය ඇල්ල රැදෙනවා බදුල්ල දිස්ත්‍රිකයට තමයි අයිති වෙන්නේ.හරිම සුන්දර දිය ඇල්ලක්.

    Image50.jpg



    ඔතනින් පස්සේ අපි අපහු බණ්ඩාරවෙල නගරයට ආවා.ඒ එතන ඉදන් අපේ අලුත් ගමන කතරගම දක්වා අරබන්න.ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගියපු ඒ ගමන හරිම විනෝද ජනකයි.එකේ විස්තරත් අරගෙන ලගදීම එන්නම්. කට්ටියම දැන් දාමු බලන්න comment ටිකක්
    ඔය පාරේ දිගටම ගියානං ඇල්ලෙ මුදුන බලන්න පුලුවං. මොකද පාර යනවා ඇල්ලට වඩා උසට. ඒහරියට ගියාම පේනවා කානුදෙකක දිගේ වතුර පාර ඇවිල්ල වැටෙන හැටි.
    ඔය පාරෙ දිගටම ගියොත් හෝටන් තැන්න/ලෝකාන්තෙට යන්න පුලුවං
    තව එකක්, ඔය පාරේ යන්න ඕනෙ, ඉහල කඳු වලට වහින්නෙ නැති වෙලාවක. මොකද ඔය ඇල්ලෙන් එන වතුර පාර එකතැනක ගලන්නෙ පාර උඩින්. උඩ කඳු වලට වැස්ස ගමන් එකපාර ලොකු වතුර පාරක් එනවා, ඒ වෙලාව වාහනයක් සෙට් උනොත් වතුර පාරට ගහගෙන යනවා. පොඩි වාහන, වෑන් වල යනන් හොඳ පාරක් නං නෙම්යි ඕක.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය පාරේ දිගටම ගියානං ඇල්ලෙ මුදුන බලන්න පුලුවං. මොකද පාර යනවා ඇල්ලට වඩා උසට. ඒහරියට ගියාම පේනවා කානුදෙකක දිගේ වතුර පාර ඇවිල්ල වැටෙන හැටි.
    ඔය පාරෙ දිගටම ගියොත් හෝටන් තැන්න/ලෝකාන්තෙට යන්න පුලුවං
    තව එකක්, ඔය පාරේ යන්න ඕනෙ, ඉහල කඳු වලට වහින්නෙ නැති වෙලාවක. මොකද ඔය ඇල්ලෙන් එන වතුර පාර එකතැනක ගලන්නෙ පාර උඩින්. උඩ කඳු වලට වැස්ස ගමන් එකපාර ලොකු වතුර පාරක් එනවා, ඒ වෙලාව වාහනයක් සෙට් උනොත් වතුර පාරට ගහගෙන යනවා. පොඩි වාහන, වෑන් වල යනන් හොඳ පාරක් නං නෙම්යි ඕක.
    උඹ දන්න දේවල්... :D
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මම ආසම photo එක මේක.......
    24522_1351659565517_1652222337_834025_2357637_n.jpg


    මම කලින් ඉස්කෝලෙන් මේ place එකට ගිහිල්ල තියෙනවා.......ඇත්තටම ලස්සනය්..........