ළඳුනේ...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    lyricslandune.jpg

    ළඳුනේ... ළඳුනේ...
    ඔබේ දැස දැකගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ
    දෙනෝ දහක් අත ගත්තද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයින් නෑකම නොකියන
    වීදි සරණ ළඳුනේ..

    තෙල් මල් ගෙන දෝත පුරා
    මුනිකුටියට පියමං වන
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ..
    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකී...
    ඔබ ද කිසාගෝතමියකි...

    පිරිමින්ගෙ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    අඳුරේ පව් කරන දනා
    එළියෙ රවන ළඳුනේ
    ළැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති
    වැරදිකාර ළඳුනේ...

    හඬ: අමරසිරි පීරිස්
    පද: රංබණ්ඩා සෙනවිරත්න
    නද: ප්‍රේමසිරි කේමදාස​

     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම දැන් දැක්කේ ගොඩක් අය මේක ගැන උනන්දු වෙනවා කියල.එකයි මේ ටික ලියන්නේ
    ************************************************
    හැමෝටම ස්තූති.මේ මාතෘකාව ගැන නම් මම මීට කලිනුත් කතා කරලා තියනවා.කතා කරන්නත්
    දේ තියනවා, වෙලා නෑ ඒ හින්ද මේක ගැනපාදක උණු කතාව විතරක් කියන්නම්.
    මම කියන්න ගියපු එකට සමාන කතාවක් khewagee සහෝදරයා කියල තියනවා.අනික thilangr8කියපු
    එකත් අමූලික ඇත්ත.මොකද කව්රුත් මේක සුදනෝ නෑ බන්, එත් ඉතින් බුලත්
    පයියට හෙන ගැහුවත් හුණු ටික හරි නිකන් කන කෙනෙක් නොවී ඒ වගේ අයටත්
    දුක කියන දේ, සමාජ ගරහුම කියන දේ , ,හැමෝම හොයන් එන එත් දැක්කම හැන්ගෙන ,
    වතුර ටිකක් ඉල්ලගන්න වත් කෙනෙක් නැති මේ අය ගැන
    අහපු ගමන් out යන මේ වගේ සින්දුවක් ලියවුන එක ගැන අගය කරන්න
    ඕන .රන්බණ්ඩා මහත්මයාගේ මුනුබුරෙක් වෙන කෙනෙක් මා එක්ක ඉගෙන ගත්ත.
    එයාගේ මල ගෙදරත් මම ගියා අනුරාධපුරේ තිබ්බේ.මන් හිතන්නේ 2000 වගේ වෙන්න ඕන
    සමාවෙන්න මට මතක නෑ අවුරුද්ද දැන්..




    මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, පොඩි
    වයසෙන් කෙනෙක් එක්ක සම්බන්දයක් ගොඩ නැගිලා මුළු ජීවිතේම එයා වෙනුවෙන්
    කැප කරලා අන්තිමට ඒ මිනිහගෙන්ම ඔහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන
    නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා.
    එත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ
    මෘගයෙක් වෙලා , එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ.
    ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි.කාට කියන්නද
    කව්රු අහන්නද ? සමාජෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ.ඒ සමජෙන්ම
    ගහල බැනල , රැවටීමට ලක් වෙලා.***** ******************.**********************************
    *****************************තමන් මෙතෙක් විශ්වාස කරපු හැම දේම
    තමන් ඉස්සරහ බොරුවක්, නිකන්ම නිකම් වචනයක් වෙලා හැල්ලු වෙලා යද්දී කාත් කව්රුත්
    ඇත්තටම නැති කෙනෙකුට තව මොනවද මේ සමාජේදී රැක ගන්න කියල ඉතුරු වෙන්නේ..?
    අන්තිමට වචන විතරයි, ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නෑ.ක්‍රියාත්මක වෙන්නේ එකම සත්‍යයයි ...
    ඒ සත්‍ය එයා තේරුම් ගන්නවා.උබල හිතනවද ඒ අය නිදාගද්දී අපිට සාප කරනවා හිතින්.ඒ අය
    මේ සමාජයේ තියෙන හෙළුව හොදටම දකින අය.හැම කෙනාගේම රෙද්ද ගැලවෙන්නේ ඒ අය
    ඉස්සරහ, හැමෝගෙම හෙළුව දකිනවා.එහෙම බැලුවම අපි මොන තරම් හිස් මිනිස්සුද ...?



    යාළුවා අපි දවසක් ඕක ගැන ටිකක් වැඩි පුර කතා කරා..
    පුළුවන් නම් එකත් බලන්න...මේ වගේ තව විස්තර එතන තියෙනවා..

    ලදුනේ..
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ළැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ


    this is the powerful part
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපි බොහෝ දෙනෙක් මේ ගීතය වරදවා තේරුම් ගන්නවා කියලා මට හිතෙනවා...

    මේ ගීතයෙන් කරන්න හදන්නෙ අපි ගණිකාවෝ කියන හැමෝටම සුදු පිරුවට අන්දවන්න නෙවෙයි. මේ ගීතයෙන් අපිට කියන්න හදන්නේ අපි ගණිකාවෝ කියලා ලේබල් ගහලා තියෙන හැමෝමම එහෙම නෙවෙයි කියන කාරණයයි. ඇගේ වර්තමාන තත්ත්වය එය වෙන්න පුළුවන්.., නමුත් ඇය එම තත්ත්වයට ඇද වැටීමට යම් තරමකට හෝ සම්පූර්ණයෙන්ම හෝ ඔබ අපි ජීවත් වෙන සමාජය වග කිව යුතු යන්නයි...

    අපි කවුරුවත් ඇගේ ළය දකින්නේ නෑ... අපි දකින්නේ ඇගේ ළැම විතරයි...!