පූසිගේ අදෝනාව 18 + Please

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූසිගේ අදෝනාව 18 + Please

    එළකිරි ටොක්ස් යටතේ 05-15-2011, දින ප.ව 08:23 ට පළ කරන ලද

    පූසා ගැන... 18 + only Please

    යන ලිපිය (ලි‍පියෙන් උපුටා ගත් කොටස ) ඉතා පූසානුකම්පාවෙන් යුක්තව කියවා බලා දවස් 2ක් 3ක් තදබල ලෙස කල්පනා කර හටගත්
    ඥාව්..... ඥා.....ව්......... සිතුවිල්ලෙන් මෙම ලිපිය ලියමි...

    http://www.elakiri.com/forum/showthread.php?t=1126366


    ඥාව්..... ඥා.....ව්......... ඥාව්..... ඥා.....ව්......... කිය කියා මා ගේ ඇගේ ඇතිල්ලෙමින් ඔයාව මට කුප්පමේනියා ගහකටත් වඩා වටිනවා මගෙ සුදු පූසී කියූ මගේ ආදර බර ඥාව්වා ව ඔබ සැවොම අදුනන බව මම දනිමි.. ( මට වෙලාවකට මාර ඉරිසියයි මෙයා )

    අදුරන්නේ නැත්තං ඔන්න බලාගන්න...
    image.php


    ඔව් .. ඔබ හිතුවා හරි.. ඥාව්..... ඥා.....ව්......... මු තමයි ඒ (හොර ) පූසා.... මා මෙහි පූසිගේ අදෝනාව යනුවෙන් මාතෘකාව යෙදීමට මුල් වූයේ මන්දැයි පළමුව ඔබට කීමට කැමැත්තෙමි.. :yes:

    මා තරුණ වියේ.. ( දැනුත් තරුණයි තමයි ඉතිං ) ඒ කියන්නේ අපේ අම්මිගෙං කුක්කු බොන කාලේ පටන්ම වැලි කෙලියේ , කුප්පමේනියා කෙලියේ , හූරන කෙලියේ , ගස් නගින කෙලියේ , ආදී වූ සෑම කෙලියකදීම සුදු පූසා නැමැති නිවට වසල ඥාව්වා මා කෙරෙහි ඉතා ආදර බර පුරු පුරුවක් දක්වනු මම දුටිමි. වෙනත් ඥාව්වන් ඇසුරෙහි මා යොමුවන විට උට ඉතා ඩෝං යයි. උගේ මයිල් කෙලිං වෙයි.. නැට්ට ඉස්සෙයි , පිම්බෙයි , මු‍ගේ කුරිරු ස්වභාවය දුටු කෙනෙහිම අනික් ඥාව්වන් පැදුරටත් නොකියා පළා යයි.. එවන් ආදරයකින් හුන් නිසා පූසා මට ගෙනා විවාහ යෝජනාවටත් මා එක පයින් ඥාව්..... ඥා.....ව්....... ගා කුමැත්ත ප්රකාස කලෙමි.. ඒ හටගත් ප්රීතිය නිසා මූ දවස් 7ක් 8ක් ම මිත්ර පූසන් සමග වල් වැදී සිටිය බවට මා සාක්ෂි දරමි.. එහෙත් මූට හටගත්තා වූ ප්රීතිය නිසාත් ආයෙත් මූට එවන් ෆන් ගන්ට මා ඉඩ නොතබන නිසාත් මම එය ඉවසා දරාගත්තෙමි. :eek:

    පූසා සහ මා පව්ල් කා අදට පූස් දින 1000 ක් සපිරේ. ඒත් දින 1000ක් ම මා උත් එක්ක හිටියා දැයි මට හරියටම මතක නැත.. උටත් ඒක මතක නැතැයි මා සිතමි. කෙසේ වෙතත් ඉතා සාර්ථක පූස් පව්ල් ජීවිතයක් අපි ගත කලෙමු... අර පෙර ලිපියේ සදහන් පරිදි බබාලා ලැබුනාම පූසා මා හැර යන බව මා ප්රතික්ශේප කරන්නේ වංකවයි. උ ඒ ගියේ පූස් පැටව්න්ගේ නම් රෙජිස්ටර් කිරීමටත්.. මට කෑමට යමක් ගෙන ඒමටත් ය... අපේ ලොකු එකා පූසියෙක් සමග ඊයේ රෑ පැනලා ගිය අතර.. එදා නම් දාන්ට කියා ගිය පූසා තවමත් නොපැමිනීම ගැන මා ඉතා ශෝකයෙන් මුසපත්වී සිටිමි. මාගේ සුදු පූසානෙනි.. ඔබ නැති දා පටන් මට කිසිම බඩගින්නක් නැති වූවත් දෙයියනේ කියා තුන් වේලම හොදට කා නිදාගැනීමට තරම් මා ශක්තිමත් ය. ඔබ නැති දා පටන් මා හැඩූ කදුලින් පසු නොවෙමි. මාගේ සුදු පූසා සොයා දෙන අයෙකුට
    පූස් රු 10 0000000000000 ක් දීමට ඇත්නම් කොච්චර හොදදැයි කියා මට සිතුනත් මුදල් නොමැති නිසා මම සද්ද නැතුව ඉදිමි...
    පෙර ලිපියේ සදහන් පරිදි තෝ ඉතා අවලං පූසෙක් බව මමත් දනිමි.. එහෙත් තනිව විසීම නිසා අපේ ගෘහය වෙනත් පූසන්ගේ පොට් එකක් වීමට යන නිසා වහා පැමින ඔබගේ රාජකාරිය නැවත භාරගන්නා මෙන්
    කරුණාවෙන් ඉල්ලා සිටිමි. කුප්පමේනියා ගහ මා උදුරා දැම්මේ රෑට රෑට ඔබ මා හැර ගොස් එහි ඇතිල්ලෙන නිසා නොව මාගේ පුද්ගලික පරිභෝජනයට එය සුදුසු බව හැගුනු නිසා යයි මම ස්ථිරවම පවසමි.. "පූසා වනාහි සුවභාව ධර්මයට පොඩ්ඩක් විතර වැරදී තැනුනු නිර්මාණයක්...
    මන්ද බල්ලෙක්ගෙන් මෙන් පූසෙක් ට බුරලා වත් තමාගේ පෙෘර්ශත්වය පෙන්විය නොහැකි නිසාය....
    "යන කරුණට මම එකග නොවෙමි. පූසාට මනා පෙෘර්ශත්වයක් තිබේ. ( අනේ මගෙ කට ) එය පෙන්වීමට ඔබ අපොහොසත් වූයේ මාගේ පෙෘර්ශත්වය උඹට වඩා වැඩි නිසා බව ලැජ්ජාවෙන් ප්රකාශ කරමි
    . ඇත්ත පිළි ගැනීමට තෝ මැලි වන බව මම දනිමි. මට කමක් නෑ මොන ඉලව්වෙ හරි ගිහිං ඉක්මනට ගෙදර වර. :growl:

    "ස්ත්රීන්ගේ ( කාන්තාවන්ගේ ) පශ්චාත් ප්රදේශ වලට මාගේ නම යොදා ගැනීම ගැන.... "
    පූස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමේ පණත යටතේ මා නඩු පවරා ඇති බැවින්ද නඩුව තවමත් කල් දමමින් දුවන බැවින්ද මේ අවස්ථාවේදී ඒ පිළිඹදව කිසිවක් ප්රකාශ නොකරමි. ( මට කියනවා නං කියන්ට තිබුනා !$$%$^$*&^%$&^)&$)_& ) :growl::growl::growl:
    අවසාන වශයෙන් මාගේ සුදු පූසානෙනි.. ඔබ අර ගාර්ෆීල්ඩ් ‍වගේ මහත වෙලා හරි කමක් නෑ ඉක්මනට ගෙදර වරෙං...
    index_img.jpg



    මාගේ අතපය දිග ඇරගන්ට එකෙක් නැතුව තවමත් ලතැවෙමි...
    මීට
    MISS ( mrs ) පූසි

     
    Last edited:
    • Like
    Reactions: L KNG

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගෙදර දෙන්නගෙ රණ්ඩු බත් හැළිය ඉදෙනකං විතරයි පූසෝ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොත්ති මාටිං;10175499 said:
    අපේ පුස්ට මොකුත් කියන්න එපා ! එහෙම උනොත් ගොඩාාාාාක් රිදෙයි!:growl:

    මන් දන්නවා ඔයාට බෑ.. :P :P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සීවරන් දෙයි හාමුදුරුවනේ ඕකා තියන්න වටින්නේ නෑ යන යන තැන පවුල්.:growl: