මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComput

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComput

    මෙහි ඡායාරූප ගණනාවක් ඇති බැවින් load වන තෙක් මදක් ඉවසන්න :P


    මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (supercomputers) ගැන දැනගමු


    Eurotech-Aurora.jpg



    හැදින්වීම


    සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි.
    අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක් ඇති සුපිරි පරිගණකවල දත්ත සකසන
    (processor)
    දහස් ගණනක්, ප්‍රධාන මතකය (RAM) සහ දත්ත ගබඩා (HDD) ධාරිතාවය ටෙරා බයිට් ගණනක්
    සහ මෙම උපකරණ එකිනෙක සම්බන්ඳ කරන අධි වේගවත් දත්ත හුවමාරුවක්ද ඇත.

    1960 ගණන් වල සුපිරි පරිගණක හදුන්වාදීමෙන් පසු ඒවායේ විකාශනය වේගයෙන් සිදුවූ අතර
    වර්තමානයේ විවිධ කටයුතු රාශියක් සදහා සුපිරි පරිගණක දහස් ගණනක් යොදාගනී.

    දැනට ලෝකයේ පවතින ප්‍රබලතම සුපිරි පරිගණකය චීනයට අයත් Tianhe-1A නම් සුපිරි පරිගණකයයි.
    2.6 petaflops වන සුපිරි ගණනය කිරීමේ බලයකින් සමන්විත මෙහි

    Intel Xeon ප්‍රොසෙසර (CPU) 14336 සහ
    Nvidia Tesla M2050 ග්‍රැෆික ප්‍රොසෙසර (GPU) 7,168 ද ඇත.

    Tianhe-1A සුපිරි පරිගණකය කැබිනට්ටු 103 පුරා පැතිරුනු ටොන් 155ක බරින් යුතු

    මෙගාවොට් 4.4 ක විදුලියක් පරිභෝජනය කරන මිහිමත ප්‍රබලතම යන්ත්‍රයයි.

    jugene.jpg


    සරල සැකැස්ම


    සුපිරි පරිගණක තෑනීමට යොදාගන්නා දත්ත සකසන (CPU) සංස්කරණය (customize) කරනළද
    ඒවා වන අතර සාමාන්‍ය පරිගණක වල මෙන් නොව දත්ත සකසන විශාල ගණනක් එක්ව සමාන්තරව (parallel computing)
    දත්ත ගණන කටයුතු ආදිය කරගැනීම සදහා විශේෂයෙන් සකසා ඇත.

    දත්ත සකසන (CPU) වලට අමතරව ග්‍රැෆික දත්ත සකසනද (GPU) අද ලොව ප්‍රබල සුපිරි පරිගණක සදහා යොදාගනී.
    මෙයට හේතු වනුයේ ඒවායේ ඇති සුපිරි ගණනය කිරීමේ හැකියාවයි.
    අද ලොව ප්‍රබලතම සුපිරි පරිගණක හතරෙන් (4) තුනක්ම(3) තම කටයුතු සදහා ග්‍රැෆික දත්ත සකසන (GPU) සහ සාමාන්‍ය දත්ත සකසන (CPU) එක්ව දෙමුහුන්ව
    (Hybrid) යොදාගනී, කෙසේවෙතත් සම්පූර්ණයෙන්ම ග්‍රැෆික දත්ත සකසන සුපිරි පරිගණක සදහා යොදාගැනීමක් සිදුනොවේ.

    20080512113033_supercomputer-3.jpg


    ප්‍රමාණය


    සුපිරි පරිගණකවල සුපිරි ගණන හැකියාව මෙන්ම ඒවා අත්කරගන්නා ඉඩ ප්‍රමාණයද දෙවෙනි නොවේ
    . වර්ග අඩි දහස් ගණනක් පුරා පැතිර ඇති ඩොලර් මිලියන, බිලියන ගණනින් වටිනා , එමෙන්ම මෙගා වොට් (MW)
    ගණනින් විදුලිය පරිභෝජනය කරන මෙම සුපිරි යන්ත්‍රවලින් පිටවන අධික තාපය සිසිල් කිරීමට සිසිලන පද්දති (cooling system)
    සදහාද විශාල විදුලි ප්‍රමාණයක් සහ මුදලක් වැයවේ.


    Super-Computer.jpg



    මිනුම්දඬු


    සුපිරි පරිගණකවල හැකියාල මනිනු ලබන්නෙ FLOPS (floating point operations per second) වලිනි.
    එනම් තප්පරයකට කළහැකි ඉපිලෙන ලක්ෂ ගණනය කිරීම් වලිනි.

    බොහෝවිට සුපිරි පරිගණක වල FLOPS ප්‍රමාණය ටෙරා සහ පෙටා (tera and peta) වලින්
    එනම් තප්පරයට ගණනය කිරීම් දහයේ 12වන බලයේ සිට 15 වන බලය දක්වා ප්‍රමාණයකින් මනිනු ලබයි.
    (teraflops and petaflops).


    මෙහෙයුම් පද්දති


    .....................
    800px-Operating_systems_used_on_top_500_supercomputers.svg.png


    සුපිරි පරිගණකවල මෙහෙයුම් පද්දති ලෙස බොහෝවිට වේගවත් Linux සහ Unix
    මෙහෙයුම් පද්දති යොදාගන්නා අතර සුළු ප්‍රමාණයක් සදහා windows හා mac වැනි මෙහෙයුම් පද්දති යොදාගනී.
    මීට අමතරව මෙම මෙහෙයුම් පද්දති සමග විශේෂිත මෘදුකාංගද යොදාගනී.

    Kraken_bc.jpg


    අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputing)

    සාමාන්‍ය සුපිරි පරිගණකයක් එකම භූගෝලීය පිහිටුමක එනම් එක් ස්ථානයකට කේන්ද්‍ර වී පවතී.
    එහෙත් විශාල භූගෝලීය ප්‍රදේශයක පැතිරුනු (distributed computing) පරිගණක හෝ server

    කැටිති (clusters)
    රාශියක් එක්ව තනි සුපිරි පරිගණකයක් ලෙස ක්‍රියාකරන අවස්ථාවන් හීදී ඒවා අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputers) ලෙස හදුන්වයි.
    ලක්ශ සංඛ්‍යාත පරිගණක , play station වැනි ක්‍රීඩා උපාංග හා වීඩියෝ කාඩ් (video/graphics card)
    වල පරිගණන බලය යොදාගන්නා මෙම කැටිතිවල (clusters) පරිගණන බලය සාමාන්‍ය තනි සුපිරි පරිගණකයකටත් වඩා කිහිප ගුණයකින් වැඩිවිය හැකිය.

    cray_xt5.jpg


    විවිධ රෝගාබාද ඇතිකරන බැක්ටීරීයා වයිරස ආදියේ ප්‍රෝටීන අණුක ව්‍යුහය තේරුම් ගැනීම සදහා පිහිටුවන ලද folding@home
    ව්‍යාපෘතිය අද ලෝකයේ පවතින විශාලතම සහ බලවත්ම අර්ධ පරිගණක ව්‍යාපෘතියයි.
    මෙහි පරිගණන බලයමේ වනවිට 10~ petaflops තරම් අති විශාල අගයක් ගනී. මෙම සුපිරි පරිගණක කැටිතියෙහි
    කොටසක් වී ඔබටත් මෙම පුන්‍ය කටයුත්ත සදහා දායකවියහැක.
    මේ ඒ සදහා එලකිරි සාමාජිකයන් ගෙනයන වැඩසටහනයි.(click
    )

    SETI@home
    , MilkyWay@home, Mersenne Prime වැනි තවත් වැඩසටහන් රාශියක් සදහා
    මෙවැනි අර්ධ පරිගණක යොදාගන්න අතර ඒවායේහිද ඉතා අධික ගණනය කිරීමේ හැකියාවන් පවතී.

    5654178854_d1f2b48e75.jpg


    තවද අප කවුරුත් දන්නා හදුනන Google සෙවුම් යන්ත්‍රයට සම්බන්දව ලොව පුරා විසිරී පවතින පරිගණක
    server යන්ත්‍ර 450,000ක් එකට සම්බන්දව තැනන Google Cluster
    අර්ධ සුපිරි පරිගණකයේ ගණන හැකියාව 20~100 petaflops තරම් විශාල අගයක ගන්නා බව අනුමාන කරයි.
    එහෙත් එහි සබෑ තතු හෙලි නොකිරීමට Google සමාගම ක්‍රියා කරයි.


    i29210_petaflops-barrier-breaking-bull-tera-100-is-fastest-european-supercomputer-2.jpg


    3591770769_53cba9d9c1.jpg



    සුපිරි පරිගණක වල අනාගතය


    1980 දශකයේ අග භාගයේ ඩොලර් මිලියන ගණනක් වටිනා වර්ග අඩි දහස් ගණන්
    වසා පැතිර තිබූ සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ අත රැදි නවීන ජංගම
    දුරකතනයේ තිබීබත්
    1990 භාගයේ තිබූ වේගවත්ම සුපිරි පරිගණකවල බලය අද ඔබේ පුද්ගලික
    පරිගණකයේ අත්විදීමට හැකිවීමත්
    2000 වර්ෂයේ තිබූ ප්‍රබලතම සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ වීඩියෝ
    කාඩ්පත්වල
    තිබීමෙනුත් කිව හැක්කේ පරිගණක තාක්ශණයේ වේගවත් දියුණුවයි.

    අද තිබෙන අක්කර ගණන් විශාල සුපිරි පරිගණකවල
    බලය ඔබේ පුද්ගලික පරිගණකටය එන දිනය වැඩි ඈතක නොවනු ඇත.


    Future_concept_electricvehicle1_thumb.jpg



    සුපිරි පරිගණකවල ගණන හැකියාව 2011 වර්ෂය අවසන් වනවිට 20 petaflops
    (පෙටාෆ්ලොප්ස්) දක්වාද
    වර්ෂ 2019 වනවිට 1000 petaflops හෙවත් 1 exaflops (එක්සෆ්ලොප්ස්) දක්වාද

    වර්ෂ 2030 පමණ වනවිට 1000 exaflops හෙවත් 1 zettaflops (සෙටාෆ්ලොප්ස්)
    දක්වාද දියුණු කිරීමට විද්‍යාඥයින් අපේක්ශා කරයි.


    jugene.jpg


    සුපිරි පරිගණකවල යෙදීම්


    කාළගුණ අනාවැකි පැවසීමට (weather forecasting)

    දේශගුණික ගවේශණ
    ක්වන්ටමීය භෞතික විද්‍යා පරීක්ශණ (quantum physics)
    අණුක ආකෘති නිර්මාණය (බහු අවයවික, ස්පටික, රසායනික සංඝටක, ජෙ‍ය්ව අණූ)(molecular modeling)
    භෞතික සමාකරණ කටයුතු( න්‍යෂ්ටික අවි, පරමාණූක බිදීම්, ගුවන්යානා වල හැසිරීම)
    (physical simulations)
    යුදමය කටයුතු වලට ආදාල ගණනයන් සදහා.


    ලොව ප්‍රබලතම සුපිරි පරිගණක 5 පිළිබද විස්තර

    ලෝකයේ ඇති සුපිරි පරිගණකවල හැකියාවන් සොයාබලා ඒවායේ ප්‍රබලතාවය
    අර්ධ වාර්ශිකව ශ්‍රේණිගත කරන top500 වැඩසටහන යටතේ දැනට ඇති වේගවත්ම සුපිරි පරිගණක 5 ගැන දැනගනිමු.


    පස්වන ස්ථානය
    (5)

    86804_resized_hopper480x329.jpg


    Hopper-Supercomputer.jpg



    Hopper
    සුපිරි පරිගණකය

    පිහිටි ස්ථානය

    DOE/SC/LBNL/NERSC

    United States

    Application area : Research Installation

    Operating System : Linux
    Processor : AMD x86_64 Opteron 12 Core 2100 MHz (8.4 GFlops per single CPU)
    Processor Cores : 153408
    Computing power : 1.054 petaflops

    සිව්වන ස්ථානය
    (4)

    001ec94a1ea10e83e3eb2d.jpg


    1.jpg



    TSUBAME 2.0
    සුපිරි පරිගණකය

    පිහිටි ස්ථානය

    GSIC Center, Tokyo Institute of Technology

    Japan

    Application area : Research

    Operating System : Linux
    Processor : Intel EM64T Xeon X56xx (Westmere-EP) 2930 MHz (11.72 GFlops)
    Processor Cores : 73278
    Computing power :1.192 petaflops

    තෙවන ස්ථානය
    (3)

    nebulae-datacenter-2.jpg


    Nebulae
    සුපිරි පරිගණකය

    පිහිටි ස්ථානය

    National Supercomputing Centre in Shenzhen (NSCS)

    China

    Application area : Research

    Operating System : Linux
    Processor : Intel EM64T Xeon X56xx (Westmere-EP) 2660 MHz (10.64 GFlops)
    GPU : 64,960 nVidia Tesla C2050 GPUs
    Processor Cores : 120640
    Computing power : 1.271petaflops


    දෙවන ස්ථානය
    (2)

    Jaguar-Supercomputer-7.jpg


    3592579200_cce5765ce1.jpg


    jaguar1.jpg


    Jaguar-Supercomputer-4.jpg

    Jaguar
    සුපිරි පරිගණකය

    පිහිටි ස්ථානය

    Oak Ridge National Laboratory

    United States

    Application area : Not Specified

    Operating System : Linux
    Processor : AMD x86_64 Opteron Six Core 2600 MHz (10.4 GFlops)
    Processor Cores : 224162
    Computing power :1.759 petaflops

    පළමු ස්ථානය
    (1)

    The-Tianhe-1A-Supercomputer_thumb.jpg


    Tianhe-1A
    සුපිරි පරිගණකය

    පිහිටි ස්ථානය

    National Supercomputing Center in Tianjin

    China

    Application area : Research

    Operating System : Linux
    Processor : Intel EM64T Xeon X56xx (Westmere-EP) 2930 MHz (11.72 GFlops)

    Main Memory : 229,376GB (229TB)
    Intel Xeon CPUs : 14,336

    Nvidia Tesla M2050 GPUs : 7,168
    Processor Cores : 186368
    Computing power : 2.566petaflops


    රටවල් අනුව සුපිරි පරිගණක විසිර ඇති ආකාරය

    78808746.jpg

    වගුව wiki ඇසුරෙනි

    Supercomputers_countries_share_pie.PNG

    වැඩිදුර කියවීම
    http://www.top500.org/
    http://en.wikipedia.org/wiki/GPGPU
    http://en.wikipedia.org/wiki/TOP500
    http://en.wikipedia.org/wiki/Folding@home
    http://en.wikipedia.org/wiki/Supercomputer
    http://en.wikipedia.org/wiki/Computer_cluster



    ©geethq
    [FONT=&quot]සියලුම [/FONT][FONT=&quot]හිමිකම් [/FONT][FONT=&quot]ඇවිරිණී[/FONT]
    [FONT=&quot]වෙනත්[/FONT][FONT=&quot] ස්ථානයක[/FONT][FONT=&quot] පල කිරීම [/FONT][FONT=&quot]සපුරා [/FONT][FONT=&quot]තහනම්[/FONT]
    [FONT=&quot]මෙහි[/FONT][FONT=&quot] පලකර [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]ඡායාරූප [/FONT][FONT=&quot]වල[/FONT]
    [FONT=&quot]අයිතිය[/FONT][FONT=&quot] ඒවායේ[/FONT][FONT=&quot] නියම [/FONT][FONT=&quot]අයිතිකරුවන් සතුය[/FONT]
    www.elakiri.com


    Nvidia%20Fermi_360.jpg



    [FONT=&quot]මාගේ[/FONT][FONT=&quot] අනෙකුත්[/FONT][FONT=&quot] thread

    [/FONT]​
    Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු ...........
    ............................
    ..................................................
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    නියමයි... ගොඩක් වටිනා පොස්ට් එකක්.. මාත් නොදන්නා දේවල් කීපයක් ඉගෙනගත්තා..
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පට්ට මචන්. මොකටද බං ඕවා යූස් කරන්නේ
    ඇයි බං ඔය දාල තියෙන්නෙ? :P
    කියෙව්වෙ නෑ නේ?............:oo:

    සුපිරි පරිගණකවල යෙදීම්

    කාළගුණ අනාවැකි පැවසීමට (weather forecasting)
    දේශගුණික ගවේශණ
    ක්වන්ටමීය භෞතික විද්‍යා පරීක්ශණ (quantum physics)
    අණුක ආකෘති නිර්මාණය (බහු අවයවික, ස්පටික, රසායනික සංඝටක, ජෙ‍ය්ව අණූ)(molecular modeling)
    භෞතික සමාකරණ කටයුතු( න්‍යෂ්ටික අවි, පරමාණූක බිදීම්, ගුවන්යානා වල හැසිරීම)
    (physical simulations)
    යුදමය කටයුතු වලට ආදාල ගණනයන් සදහා.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි බං ඔය දාල තියෙන්නෙ? :P
    කියෙව්වෙ නෑ නේ?............:oo:

    සුපිරි පරිගණකවල යෙදීම්

    කාළගුණ අනාවැකි පැවසීමට (weather forecasting)
    දේශගුණික ගවේශණ
    ක්වන්ටමීය භෞතික විද්‍යා පරීක්ශණ (quantum physics)
    අණුක ආකෘති නිර්මාණය (බහු අවයවික, ස්පටික, රසායනික සංඝටක, ජෙ‍ය්ව අණූ)(molecular modeling)
    භෞතික සමාකරණ කටයුතු( න්‍යෂ්ටික අවි, පරමාණූක බිදීම්, ගුවන්යානා වල හැසිරීම)
    (physical simulations)
    යුදමය කටයුතු වලට ආදාල ගණනයන් සදහා.
    ෆස්ට් එක කියෙව්වා:cool:
    මෙතනට වෙනකන්
    අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputing)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි මිත්‍රයා...:)
    නොදන්න කරුණු ගොඩක් දැනගත්තා...:yes:
    ස්තුතියි තොරතුරු බෙදා ගත්තාට.........
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    නියමම පෝස්ට් එක මචන්.:yes::yes:
    මේ ගොඩක් දේවල් දැනගෙන හිටියෙ නෑ...:no::no:
    පට්ට.;)
    මචන් මේ හැම එකකම os එක linux නෙ බන් :eek::eek:
    මොකක්ද හේතුව :confused: