සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

Apr 8, 2011
569
117
0
හෙළදිව
"ඉතින් යාළුවනේ මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට ලැබීමත් අපට මේ ජීවිතයේදී ලැබෙන්නාවූ ඉතා දුර්ලභ භාග්‍යවන්ත අවස්ථාවක් "

ඇය් ඒ?

මෙවන් අවස්ථාවක් යලිත් නොලැබෙන නිසා ;)

මචන්ලා මූ මේ ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ.. දන්නවා නම් කියලා දියන්:) නැතුව හෙණ පොර ටෝක් දෙන්න එපා!:lol:
මේක දුර්ලබ අවස්ථාවක් වෙන්නෙ කොහොමද? මට පේන විදිහට නම් උඹලා දෙන්නා දන්නෙත් නැහැ:lol::lol:

එය නොදැනීම සිනාවීමට කාරණාවක් නම් නෙමේ. අඩන්න ඕනේ දෙයක්.:yes:
එනම් එය නොදැනීම, නැත්නම් අවබෝධ නොවීම නිසා
අතටගත් වැලි අහුරක් ඇගිලි අතරින් ගිලිහීයන්නාක් මෙන් පෙර පිනකට ලැබුන මේ උතුම් අවස්ථාව අපටත් අපෙන් නොදැනීම ගිලිහී යයි.

මේ ලෝකෙ දුර්ලභම කරුණු කිහිපයක් තියෙනවා.
බුද්ධෝත්පාදය දුර්ලභයි -බුදුරජාණන් වහන්සේ කෙනෙකු ලොව පහල වන්නේ ඉතාමත් කලාතුරකින්ය .කල්ප කෝටි ගනනකින්ද ලෝකයේ බුදුවරු පහල නොවන කාලද ඇත.
මිනිසත් බල ලැබීමත් දුර්ලභයි -සංසාර චක්‍රයෙහි සතර අපාය මහගෙදර කරගෙන සැරිසරන අපි මිනිසත් බව ලැබගන්නේ කලාතු රකිනි.
ක්ෂණ සම්පත්තියත් දුර්ලභයි -පින් නොකල හැකි කල් අටෙන් මිදී (නරකයේ වැටී සිටින කාලය, තිරිසන්ව සිටින කාලය, ප්‍රේතව සිටින කාලය, අසංඥ තලයක ඉපිද සිටින කාලය, බුද්ධශ්‍රාවකයන් නොපැමිනෙන ප්‍රත්‍යන්තවල සිටින කාලය, මිත්‍යාදෘෂ්ටි ගෙන ජීවත් වනකාල, හොද නරක පිළිබද අවබොර්ධයක් නොමැති මෝඩයකු වශයෙන් උපදින කාල සහ අබුද්ධෝත්පාද කාල )යන පින් කිරීමට නොහැකි කාල වලින් මිදීම
දුර්ලභයි.
සද්ධර්මය ශ්‍රවණය දුර්ලභයි -සද්ධර්මය අසන්නට ලැබෙන්නේද ඉතාම කලාතුරකිනි. බුද්ධෝත්පාදයකාලයක මිනිසත්බව ලැබුවත් එයින් සද්ධර්මය අසන්නට තේරුම්ගන්නට ලැබෙන්නේ ඉතාම සුලු පිරිසකට පමණි.
පිට මේ සියල්ල ලැබිල තියෙනවා.ඉතින් මේ තරම් දුර්ලභම අවස්ථාවක් ලැබිලත් මේ ජිවිතෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිනම්
ඒ ජිවිතෙන් වැඩක් නැහැ.

හැම අවුරුද්දටම අනිවාරයෙන් වෙසක් දවසක් තියෙනවානෙ බන්!! මොකක්ද එතකොට අර දුර්ලභ සීන් එක? අනිත් එක ජීවිතේට එක වතාවක් සීන් එක මොකක්ද? උබ කියන්නෙ නිකම් ලබන අවුරුද්දෙ වෙසක් එකට කළින් අපි කූරියා ගහනවා වගේ නෙ බන්:lol:

මේකට උත්තරයක් දෙන්න කලින් කියන්න ඕනේ ඔබ මේ ප්‍රශ්ණය අහන්නේ වලිගය පාගාගෙන බව.:yes:
එහෙම කියන්නේ මේ හින්දයි. මේ ලිපිය මුල ඉදල හරියට කියවපු මන්දබුද්ධික නොවන ඕනේම කෙනෙකුට පේනවා මේතනදි කියල තියෙනදේ.
ඒ කියන්නේ මේ ලිපියෙන් කියල තියෙන්නේ මේපාර වෙසක් උත්සවය ජීවිතේ එක් වතාවකට පමණක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් ඒ නිසා මේ වෙසක් උත්සවය ඉහලින්ම සමරමු කියල නෙමෙයි.
හැම අවුරුද්දටම අනිවාරයෙන් වෙසක් දවසක් තියෙනවා තමයි. හැබැයි 2600 සම්බුද්ධත්ව ජයන්තිය යලිත් උදාවෙන්නේ නැහැ.
මෙතනදි කියන්නේ මේ සම්බුද්ධත්ව ජයන්තියත් සමග ප්‍රතිපත්තිපුජාවට මුල් තැන දෙමින් අළුත් වෙනසක් ඇතිකරමු කියලයි.
අපි කිසියම් අළුත් වැඩසටහනක් ආරම්භකරන්න පුළුවන් හොදම අවස්ථාව තමයි කිසියම් විශේෂිත දවසක් එහෙමත් නැතිනම් විශේෂිත සංධිස්ථානයක් මුල් කරගෙනයි. ඉතින් අපිට ඒ සදහා ලැබුන හොදම අවස්ථාව තමයි මේක. තවමත් ධර්මයට යොමුවෙලා නැත්නම් ඒ සදහා ලැබෙන හොදම අවස්ථාව තමයි මේක.

ඒ කියන්නෙ රවුම් ගනන් විතරද එළ? නියමයි උබලා ගෙ තියරිය:lol:
රවුම් ගනන් තමයි වැදගත්:yes:
හැබැයි ඒකෙ තේරුම අනිත් ඒවා වැදගත් නැහැ කියන එක නෙමෙයි.
අපි එහෙම වැදගත් කමක් දෙන්නේ ඒ සංඛයාවල තියෙන විශේෂත්වයක් නිසා නෙමෙයි. ඒක විශේෂිත සංධිස්ථානයක් වන නිසයි. අපිට යමක් වෙනස්කරන්න පුළුවන් පහසුම අවස්ථාවක් නිසයි. ඊට උචිතම අවස්ථාව නිසයි.




එහෙනම් මචන් උඹ 2600ට හුරේ දාපන්. 2601 ලබන කොට තඹ සතේකට මායිම් කරන්න එපා..
:lol::lol:
ඒකනම් මහ මෝඩ තර්කයක්. හරියට පොඩි ළමයෙකුගේ විහිලුවක් වගෙයි .:lol:
අපි ක්‍රිකට් මැච් එකක් ගහනකොට ලකුණු 100 ගැහුවොත් ශතකයක් ගැහුවා කියලා හුරේ දානවා. හැබැයි 100 වඩා 101 වටිනවා. නමුත් අපි 101 වඩා 100 විශේෂිත ලෙස සලකන්නේ 100 කඩයිම විශේෂිත සංධිස්ථානයක් විදිහට සලකන නිසා.
අනිත් එක තමයි
යමකට මුල්තැන දෙනවා කියන එකේ තේරුම අනෙක් ඒවා නොසලකා හරිනව කියන එක කියල කෙනෙකුට හිතනව නම් ඒක මහ මෝඩ සිතුවිල්ලක්.:D
මේ ලිපියෙ කියල තියෙන්නේ සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ වෙසක් දිනය මුල්කරගෙන ආකල්මය වශයෙන් වෙනසක් ඇතිකරගමු කියලයි.හැබැයි ඒක වෙසක් දිනයට පමණක්වූ සීමාවු වෙනසක් නෙමෙයි. මොකද වෙසක් දිනයට පමණක් සිමාවුනොත් ඒක හුදු ප්‍රදර්ශනාත්මක දෙයක් විතරක් වෙනවා. වෙනක් දිනය මුල්කරගෙන ආරම්භ කරන මේ වෙනස අපේ ජීවිත කාලය පුරාම රැදී තියෙනවා. සම්බුද්ධත්ව ජයන්තිය මුල්කරගෙන අපි සිදුකරන මේ ප්‍රතිපත්ති පූජාව ඊලග වෙසක් එක වෙනකොට අපි තවත් ඉහලින් සිදුකරනවා.:yes:

හැබැයි
ඔබ වගේ අයට ඒ වගේ දේවල් ඇස්වලට උල් කටුවලින් අනිනවා වගේ තියෙයි. :D

 
Last edited:
Apr 8, 2011
569
117
0
හෙළදිව
ආටානාටිය ඇහෙනකොට යක්කුන්ට ඉන්න බෑ වගේ.......
මුළු ශ්‍රී ලංකාවම සම්බුද්ධත්ව ජයන්තියෙන් බැබලිලා තියනකොට බලං ඉන්න බැරි අය කොතෙකුත් ඉන්නවා................
මේ රටේ බුදුන්ට තියෙන පිලිගැනීම දැක්හම......
ඇඟ දැවිල්ල ගන්න............
හිත කීරි ගැහෙන...............
සියොලඟම දවාලා නලියන......
පිරිසක් සිටිනවා.............
හිරකාරයන්ටත් සමාව දෙන වෙසක් පෝය දවසේ අපි මේ අසරණයන් දිහා අනුකම්පාවෙන් බලමු............
මැරෙන්න මොහොතක් තියලා හරි මේ නූතන දේවදත්තයන්ලාට ධර්මය වැටහේවා කියලා ප්‍රාර්ථනා කරමු.......
බුදු සරණයි සැමට............!!!

ඒකනම් කතාවනම් සහතික ඇත්ත යාළුවා
:yes:
 
Apr 8, 2011
569
117
0
හෙළදිව
මෙතන බලාපොරොත්තු වෙන්නෙ මේක කියෝලා... අනේ ලස්සන පෝස්ට් එක කියන එක විතරයි.. එහෙම නැතුව මුකුත් වෙනස් කරන්න ඕන නැහැ.. දැන් මේකට එකඟ සෙට් එකත් පෝය දවසේ දවසම ඔන්ලයින් ඉදීවි:lol:! එකෙක් වත් සිල් ගන්න යන්නෙ නැහැ... ඇත්ත කතා කරන්න විතරයි තහනම්!! :)

මොනව උනත් හිතේ තිබුනදේ ලස්සනට පිටවෙලා තියෙනවා. :yes:
ඒක ඔබේ සිහිනය. ඕක තමයි මෙතනදි ඔබේ යටි අරමුණවුනේ.
ඒත් ඔබේ ඔය සිහිනය, බලාපොරොත්තුව, ආශාව ඉෂ්ඨ නොවීම ගැන කණගාටුයි යාළුවා.
ඒ වෙනස අපි දැනටමත් කරල ඉවරයි. දැන් අපට තියෙන්නේ ඒදේ වර්ධනය කරගනිමින් පවත්වාගෙන යන එක විතරයි. ඔබට තියෙන්නේ ඉදල හිටල හූවක් කියල වෙන්නේ මොනවද කියල බලාගෙන ඉන්න එක විතරයි.:D
 

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මොනව උනත් හිතේ තිබුනදේ ලස්සනට පිටවෙලා තියෙනවා. :yes:
ඒක ඔබේ සිහිනය. ඕක තමයි මෙතනදි ඔබේ යටි අරමුණවුනේ.
ඒත් ඔබේ ඔය සිහිනය, බලාපොරොත්තුව, ආශාව ඉෂ්ඨ නොවීම ගැන කණගාටුයි යාළුවා.
ඒ වෙනස අපි දැනටමත් කරල ඉවරයි. දැන් අපට තියෙන්නේ ඒදේ වර්ධනය කරගනිමින් පවත්වාගෙන යන එක විතරයි. ඔබට තියෙන්නේ ඉදල හිටල හූවක් කියල වෙන්නේ මොනවද කියල බලාගෙන ඉන්න එක විතරයි.:D

මොකක්ද ඒ වෙනස?