Tata takes Nano car abroad, with Sri Lanka first

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Tata_Nano_14.jpg




ලෝකයේ මිල අඩුම මෝටර් රථය ලෙසින් සැලකෙන ඉන්දියානු ටාටා නැනෝ මෝටර් රථය ඉන්දියාවෙන් පිට පළමු වතාවට ලංකාවේ අලෙවි කිරීම ඇරඹි බව වාර්තා වේ.

මේ පිළිබඳව වාර්තා කරමින් ප්‍රංශ පුවත් සේවය පවසන්නේ මෙම මෝටර් රථයේ මිල ලංකාවේදී ඉන්දියාවේ මිලට වඩා තුන් ගුණයකින් පමණ වැඩිවනු ඇති බවත් ලංකාවේ මුදලින් එය රුපියල් 9,25,000 ක් පමණ මිලක් ගෙන තිබෙන බවයි.
මේ අනුව, ඉන්දීය වෙළඳපොළේ ඩොලර් 3000 කට විකුණුනු මෙම මෝටර් රථය ලංකාවේ විකිණෙන්නේ ඩොලර් 8,486 කටයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම මෝටර් රථය මෙරට අලෙවි කරන ඒජන්තකරුවන් ලෙස ක්‍රියා කරන ඩිමෝ මෝටර් රථ සමාගම පවසන්නේ පළමු තොගය ලෙස නැනෝ කාර් 500 ක් ලංකාවට ගෙන්වා තිබෙන බවයි.
මෙම මෝටර් රථයේ මිල ලංකාවේ වැඩිවීමට හේතුව වී තිබෙන්නේ ආනයන බදු හා දේශීය විකුණුම් බදු විකුණුම් මිලට එකතු කිරීමයි.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක low budget වාහනයක් උනාට ලංකාවෙදි ඒ තත්වේ ඇවිත් නෑනේ බං..ලංකාවේ මේක තවත් එක වාහනයක් විතරක් වෙලා..එක හින්ද ඕක ගන්න එකේ ලොකු වාසියක් මටනම් පෙන්නේ නැහැ. අඩු ගානේ ලක්ෂ 5-6 කට වත් මිල ආවනම් වටිනව
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ape minisuntath market karala dunnama ona labbak gannawa....hoda naraka balanne na....meeta wada 100% hodai 1992-90 hadapu japan car .........