සනත් ජයසූරියගේ ක්‍රිකට් දිවියේ සමුගැනීම වෙනුවෙනි.
මාස්ටර් බ්ලාස්ටර් නමින් විරුදාවලිය ලැබූ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කථාව තුළ නොමැකෙන සටහනක් තැබූ ක්‍රීඩකයෙකි. 41වැනි වියේ පසුවෙන සනත් ටෙරාන් ජයසූරිය 1969 ජුනි මස 30 වැනිදා මාතරදී මෙලොව එළිය දුටුවේය.
මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු හැදැරූ සනත් පාසල් සමයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දැක්වීය.
ඒ අනුව ඔහු ශාන්ත සර්වේසස් විදුහලේදි ක්‍රිකට් ක්‍රීඩාවට අත් පොත් තැබුවේය.
තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන සනත් වමත් පිතිකරුවෙකු ලෙසත්, වමත් පන්දුයවන්නෙක් ලෙස හා දක්ෂ පනදු රකින්නෙකුද වේ.
ක්‍රීකට් ක්‍රීඩාවේදි දැක්වූ දක්ෂතා හේතුවෙන් 1989 දෙසැම්බර් 26වැනි දින මෙල්බෝර්න්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සනත් සමත් විය.
ඒ අනුව මේ වනවිට සනත් එක්දින ජාත්‍යන්තර තරග 444ක් ක්‍රීඩා කර ඇති අතර ඉණිම 432 කදී රුස්කර ඇති ලකුණු සංඛ්‍යාව 13,428කි.
ඊට අර්ධ ශතක 68ක් හා ශතක 28ක් ඇතුළත් අතර ඉණිමකදී රැස් කළ වැඩිම ලකුණු 189කි

එක්දින පිටිය තුළ පෙරළිකාර පන්දුයවන්නකුවන සනත් එක්දින තරග 444කදී ඉණිම 367ක් තුළ පන්දු යවා තිබේ.
එහිදී කඩුලු 322ක් බිඳ හෙළා ඇති අතර ලකුණු 29ට කඩුලු 6ක් බිඳ දැමීම සනත්ගේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වේ.
ඔහුගේ කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 4.78ක් වන අතර එක් ඉණිමකදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 4ක් සටහන් වී තිබේ.
ජයසූරියගේ එක්දින තරග රටාව තුළ විශිෂ්ටතම අවධිය ලෙස 1995 – 96 හැඳින්විය හැකිය.
එනම් ශ්‍රී ලංකාවට 96 වසරේදි ලෝක කුසලානය ලබා ගැනීමට විශාල මෙහෙවරක් කළ ක්‍රීඩකයෙකු වශයෙනි.
ක්‍රිකට් ලොව උඩු යටිකුරු කරමින් 96 වසරේදි මුල් පන්දුවාර 15 තුළ ප්රහාරාත්මකව පන්දුවට පහරදීමේ කලාව ලොවට හඳුන්වා දුන් ක්‍රීඩකයා වන්නේ ජයසූරියයි.
96 ලෝක කුසලානයේ, තරගාවලියේ වීරයා සම්මානයෙන්ද ජයසූරිය පිදුම් ලැබීය.
1999 සිට 2003 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසද සනත් කටයුතු කළේය.
එහිදී ඔහුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම 2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය දක්වා රැගෙන යාමටද සනත් සමත් විය.
සනත් ටෙස්ට් පිටිය තුළද විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයෙකි.
1991 පෙබරවාරි 22වැනිදා නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හිදී ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.
ටෙස්ට් තරග 110ක් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලකුණු 6,973ක් ලබා ගැනීමට සමත් විය.
ඔහු ඉණිමකදී රැස් කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 340කි.
ඒ ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.
ටෙස්ට් පිටිය තුළද පන්දුවෙන් දස්කම් පෑ සනත් තරග 110කදී කඩුලු 98ක් බිඳහෙළිමට සමත් විය.
වසර 16ක් පුරාවට ටෙස්ට් පිටියේ රැදී සිටි සනත් 2007 දෙසැම්බර් 05වැනිදා එංගලන්තයට එරෙහිව මහනුවරදී පැවති තරගයේදි ටෙස්ට් පිටියෙන් සමුගත්තේය.
වසර 22ක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් සේවයක් කළ සනත් තවත් තරග 2කින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නවා ඇත.
ඒ අනුව තමන් සහභාගීවන අවසන් තරග 2දී සුපුරුදු දස්කම් එක්දින පිටිය තුළ යළි එළිදැක්වීමට මාස්ටර් බ්ලාස්ටර් ලෙස විරුදාවලිය ලත් සනත් ජයසූරියට අවස්ථාව උදාවේවි යැයි අපි විශ්වාස කරන්නෙමු.

උපුටා ගැනීමකි
http://lankaupdates.info/?p=1252
http://lankaupdates.info/?p=1252
Last edited: