"Chicken Burger" හදමු!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    "Chicken Burger" හදමු!!!!
    2yjvns6.jpg

    මුලින්ම බන් එක හදමු!!

    අවශ්‍ය ද්‍රව්‍ය-

    පාන් පිටි ග්‍රෑම් 350 + 50(ඉස ගැනීමට)
    සීනි තේ හැදි 4ක්
    මාජරින් මේස හැදි 2ක්
    ක්ෂණික යීස්ට් තේ හැදි 2ක්
    බිත්තර සුදුමද එකක්
    ලුණු තේ හැදි 1/2ක්
    කිරිපිටි මේස හැන්දක්
    වතුර මි.ලි.200ක් පමණ

    eur3mr.jpg

    451967968_06202011_1.jpg
    1487081185_06202011_1.jpg
    ලුණු හැර ඉතිරි වියළි ද්‍රව්‍ය මුලින් මිශ්‍ර කරන්න.
    ඉන් පසු බිත්තර සුදුමදය හා මාජරින් මිශ්‍රරන්න.
    දැන් ජලය ටිකින් ටික මිශ්‍ර කරමින් ඝණ පිටි මෝලිය සාදා ගන්න.
    fxw9d4.jpg

    විනාඩි 5ක් පමණ හොදින් අනන්න.
    414159952_06202011_4.jpg
    ලුණු මිශ්‍ර කර නැවත විනාඩි 5ක් පමණ අනන්න.

    11ue2hh.jpg

    පිටි ඉසින ලද ලෑල්ලක් මත දමා ගන්න.
    1991700056_06202011_6.jpg

    2a7evqo.jpg

    933070546_06202011_6.jpg
    දෙපසට අදිමින්.....
    නැවත එක්කරමින් මෙලෙස විනාඩි 10ක් පමණ අනන්න.
    1459370808_06202011_8.jpg
    2aexok3.jpg

    1282978522_06202011_8.jpg
    dough hook සහිත Beater එක තිබේනම් ලෑල්ල මත අනන පියවර නොකර විනාඩි 10ක්
    Beat කරන්න.
    166017435_06202011_9.jpg

    1856257748_06202011_9.jpg
    දැන් ගැඹුරු භාජනයකට දමා තෙත රෙදි කඩකින් වසා විනාඩි 10ක් පිපෙන්න තබන්න.

    2w22e6e.jpg

    200092013_06202011_11.jpg
    ඉන්පසු පිටි තැවරූ ලෑල්ල මත දමා අගලක පමණ උසට තුනී කර ගන්න.
    රූපයේ ආකාරයට සමාන කොටස් වලට කපා බෝල සාදා ගන්න.
    2dmcgid.jpg

    1610081929_06202011_1.jpg
    1384537524_06202011_2.jpg
    මාජරින් තැවරූ තැටියක තබා, තෙත රෙදි කඩකින් වසා විනාඩි 20ක් පමණ පිපෙන්න හරින්න.

    අවන් එක 180C / Gas mark 4 දමා Pre-heat විනාඩි 5ක් කරන්න.
    1162518052_06202011_3.jpg
    998713851_06202011_4.jpg
    2s6triu.jpg

    657687826_06202011_3.jpg
    1711438263_06202011_4.jpg

    දැන් බිත්තර කහ මදයකට වතුර මේස හැන්දක් පමණ දමා මිශ්‍ර කර බන් එක මත ආලේප කරන්න.
    1130478031_06202011_5.jpg

    අවන් එකට දමා විනාඩි 25 -30ක් පුලුස්සා ගන්න.
    272294172_06202011_7.jpg
    2m2gbqa.jpg

    දැන් බනිස් ලෑස්තියි!! Dinner Bun සදහා භාවිතා කරන්න පුලුවන්!!

    මීලගට Burger එක හදමු!!

    අවශ්‍ය ද්‍රව්‍ය-
    16i1jm.jpg

    කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 350 -400ක්
    බී ලූණූ ගෙඩියක්
    සුදු ලූණූ බික් 2ක්
    ඉගුරු කැබැල්ලක්
    පාස්ලි කොළ මිටක්
    ලුනු තේ හැන්දක්
    ගම්මිරිස් කුඩු තේ හැන්දක්
    පාන් කුඩු මේස හැදි 2ක්
    2cosbjr.jpg

    කුකුල් මස් කුඩාවට කපා ගන්න.
    ලූණූ, ඉගුරු, සුදු ලූණූ, පාස්ලි කුඩාවට කපාගන්න.
    qo7gvo.jpg

    587087192_06202011_2.jpg
    587087192_06202011_2.jpg
    ග්‍රයින්ඩරයට දමා ලුනු ගම්මිරිස් එක් කර හොදින් අඹරා ගන්න.
    168u894.jpg

    දැන් භාජනයකට දමා පාන් කුඩු එක්කර අනා ගන්න.
    ojh4qe.jpg

    ලොකු දෙහි ගෙඩි තරමේ බෝල සාදන්න.
    8vxgs4.jpg

    අත්ලේ තබා රොටියක් මෙන් 1cm ඝණකමට තුනීකර, තෙල් ගාන ලද තැටියක ලිපේ තබා පුලුස්සා ගන්න.
    2yjvns6.jpg

    රූපයේ ආකාරයට බන් එක කපා බර්ගර් එක දමා තක්කාලි හා පාස්ලී වලින් සරසා ගන්න!!

    එකක් රු.100 යි හොදේ!!

    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: එළ එළ, :yes: මචන් උඹත් කොල්ලෙක් නේද? :cool: අඩෝ සිරාවටම ආඩම්බරයි කොල්ලො උයන එක ගැන ත්‍රේඩ් දාල තිබ්බ එලකිරි එකේ. :sorry: සමහර උන් හිතන්නෙ කොල්ලන්ට උයන්න බෑ කියල, :( තව සමහර උන් හිතන්නෙ කොල්ලෙක් ඉව්වොත් ඌ ගෑණියෙක් වගේ වෙනව කියල. :angry: කොල්ලෙක් වෙලා උයන්න දන්නෙ නැති නම් තරයි ලැජ්ජාවට කාරණය. :cool: ලෝකෙ හොඳටම උයන්නෙ පිරිමි අය තමා. :D ලංකාවෙත් එම! :yes: උදාහරණ ඕනතරම්. :) එළ මචන්, රෙප් දෙන්නම් පුළුවන් උන ගමන්..
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    :cool: එළ එළ, :yes: මචන් උඹත් කොල්ලෙක් නේද? :cool: අඩෝ සිරාවටම ආඩම්බරයි කොල්ලො උයන එක ගැන ත්‍රේඩ් දාල තිබ්බ එලකිරි එකේ. :sorry: සමහර උන් හිතන්නෙ කොල්ලන්ට උයන්න බෑ කියල, :( තව සමහර උන් හිතන්නෙ කොල්ලෙක් ඉව්වොත් ඌ ගෑණියෙක් වගේ වෙනව කියල. :angry: කොල්ලෙක් වෙලා උයන්න දන්නෙ නැති නම් තරයි ලැජ්ජාවට කාරණය. :cool: ලෝකෙ හොඳටම උයන්නෙ පිරිමි අය තමා. :D ලංකාවෙත් එම! :yes: උදාහරණ ඕනතරම්. :) එළ මචන්, රෙප් දෙන්නම් පුළුවන් උන ගමන්..
    ඒක නම් ඇත්ත මචන්..සමහර ගොන් හරක් හිතන් ඉන්නෙ උයන එක ගෑනු වැඩක් කියලා.:baffled::baffled:ඒ කතාව මගේ මූනටම කියල තියෙනවා එකෙක් දෙන්නෙක්..:eek::eek: ඒ කොහොම උනත් මම නම් වැඩේ අතාරින්නෙ නැහැ.එතකොට ගෑනි දාලා ගියත් බඩගින්නෙ මැරෙන්න ඕනි නෑනෙ....:yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒක නම් ඇත්ත මචන්..සමහර ගොන් හරක් හිතන් ඉන්නෙ උයන එක ගෑනු වැඩක් කියලා.:baffled::baffled:ඒ කතාව මගේ මූනටම කියල තියෙනවා එකෙක් දෙන්නෙක්..:eek::eek: ඒ කොහොම උනත් මම නම් වැඩේ අතාරින්නෙ නැහැ.එතකොට ගෑනි දාලා ගියත් බඩගින්නෙ මැරෙන්න ඕනි නෑනෙ....:yes::yes:

    :yes: සිරාවටම මචන්.. :) පොඩි කාලෙ අම්ම කන්න උයල දෙන එක විතරයි, :cool: පස්සෙ කෑම ගැන අපි අපි ගැනම බලාගන්න කොල්ලෙක් වුනාම දැනගන්න ඕන. :sorry: සදාකාලිකවම ගෑණු මත යැපෙන්නෙ ගෑණුන්ටත් අන්ත පිරිමි. :shocked: එහෙම උන්ගෙ ගෑණි නැත්තම් කොල්ල අනාථයි.. :yes: කොච්චර හොඳයිද කොල්ලෙක්ට උයන්න පුළුවන් නම්. :D අනිවා මේ වගේ කෑමක් හරි හදාගන්න දන්නව නම් වේලක් ෂේප් නෙ. :) එළ ත්‍රේඩ් එක, :yes: අද රෙප් දෙන්න පුළුවන්.
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං...සිරාවට ම වැඩේ නැගල යනවා නේද?????? ඇත්තටම මචං විශිෂ්ඨයි........තව දිගටම දාමු......මමත් හදන්න පුළුවන් වෙච්ච ගමන් හදලා ත්‍රෙඩ්ස් දාන්නම්.......!!!!!

    :cool: එළ එළ, :yes: මචන් උඹත් කොල්ලෙක් නේද? :cool: අඩෝ සිරාවටම ආඩම්බරයි කොල්ලො උයන එක ගැන ත්‍රේඩ් දාල තිබ්බ එලකිරි එකේ. :sorry: සමහර උන් හිතන්නෙ කොල්ලන්ට උයන්න බෑ කියල, :( තව සමහර උන් හිතන්නෙ කොල්ලෙක් ඉව්වොත් ඌ ගෑණියෙක් වගේ වෙනව කියල. :angry: කොල්ලෙක් වෙලා උයන්න දන්නෙ නැති නම් තරයි ලැජ්ජාවට කාරණය. :cool: ලෝකෙ හොඳටම උයන්නෙ පිරිමි අය තමා. :D ලංකාවෙත් එම! :yes: උදාහරණ ඕනතරම්. :) එළ මචන්, රෙප් දෙන්නම් පුළුවන් උන ගමන්..

    ඒක නම් ඇත්ත මචන්..සමහර ගොන් හරක් හිතන් ඉන්නෙ උයන එක ගෑනු වැඩක් කියලා.:baffled::baffled:ඒ කතාව මගේ මූනටම කියල තියෙනවා එකෙක් දෙන්නෙක්..:eek::eek: ඒ කොහොම උනත් මම නම් වැඩේ අතාරින්නෙ නැහැ.එතකොට ගෑනි දාලා ගියත් බඩගින්නෙ මැරෙන්න ඕනි නෑනෙ....:yes::yes:
    මචං මටත් sriboyslටත් ඕන මෙන්න මේ "උයන එක ගෑණු වැඩක්" සහ "ගෑණුන්ට විතරයි උයන්න පුළුවන්" කියන මතවාදය බොරු කරන්න......ඒ වගේම දරුවෙක්/ස්වාමි පුරුෂයෙක් යමක් උයල දෙන එක පවුලක් බැදීම වැඩි කරන්නක්...ලෝකේ ඉන්න ඉහලම සුප වේදියෝ පිරිමි.........සහ මම හැමදාම කියන දේ.......

    උයන්න දන්න පිරිමියා ගැහැණියක් මත පරායත්ත නොවේ......!!!
    මල ඉලව්වයි....රෙප් දෙන්න බෑයි කියන්නේ.....$@$%&^*$$@@!
     
    Last edited: