සැබැ මොඩකම යනු කුමක්ද?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
සැබැ මොඩකම යනු කුමක්ද?

නැවත ඉපදිම ගැන කියන්න කලින් ආයෙමත් පොඩි උදාහරණයක් කියන්නයි යන්නේ. හැබැයි මෙතනින් එහාව විස්තර කරල තියෙන කිසිමදෙයක් මම දැන් කියන්න යන උදාහරණය තෙරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නමි කියවන්න එපා. මොකද එහෙම කෙනෙක් මෙ වගේ ලිපියක් කියවන එකේ කිසිම තේරැමක් නැති නිසා, දැන් අපි හිතමු, එක මනුස්සයෙක් ඉන්නවා කියල. මෙ මනුස්සයා ඉපදුන මොහොතෙම බිත්ති 04 කින් වටවුන පොඩි කාමරයක් ඇතුලට දැමිමා කියල හිතමු.

front01.jpg

මෙ කාමරයේ එක බිත්තියක පොඩි හිලක් තියෙනවා මෙ හිලෙන් විතරයි මෙ මනුස්සයාට භාහිර ලොකේ කියන්නේ මොකක්ද කියල පෙන්නේ. මෙ කාමරයේ වටපිටාවෙ මිනිස්සු කථාබහ කරණවා මෙ මනුස්සයාට ඇහෙනවා. ඒතකොට මෙ මනුස්සයා දන්නේ අර වටෙ පිටෙ මිනිස්සු කථා කරණ දේවල් විතරයි. මෙ කාමරේ ඇතුලට වෙලා ඉන්නකොට මෙ මනුස්සයාට විවිධ ගද සුවද දැනෙනවා. හැබැයි මෙ මනුස්සයා දන්නේ අර පොඩි ප්‍රදේශයක විතරක් තියෙන ගද සුවද විතරයි. මෙ මනුස්සයාගේ ජිවිතේ හරිම එකාකාරියි. ඒ මනුස්සයා ජිවිතේ කියල දන්නේ අර කාමරේ ඇතුලෙ තියෙන සැප දුක විතරයි. ඔහොම කාලයක් යනකොට මෙ ලොකේ බොහෝමයක් දේවල් දන්න, එක්තරා බහුස්‍රැත අයෙක් ඇවිල්ල මෙ මනුස්සයාට කියනවා. ජිවිතේ කියන්නේ ඔය කාමරේ ඇතුලේ තියෙන දේ විතරක් නෙමෙයි. මෙ ලොකේ මෙ විදියේ දේවල් තියෙනවා. මෙ විදියේ සත්ත්වයෝ ඉන්නවා ඒ සත්ත්වයින්ට මෙන්න මෙ විදියේ සැප දුක තියෙනවා. මෙ ස්ත්ත්වයින් මෙන්න මෙ වගේ‍. ඒ සත්තු ආහාරයට ගන්නේ මෙන්න මෙ වගේ දේවල්. කියල ඔය විදියට භාහිර ලොකේ ගැන අර ජිවිත කාලෙම කුටිය ඇතුලට වෙලා හිටපු මන්සුසයට තේරැමි කරල දෙනවා. ඊට පස්සේ ආයෙමත් කියනවා."ඔබ ඔය කාමරේට වෙලා විදින්නේ දුකක්, ඔබට ඔක සැපක් විදියට පෙනුනට, ඔකෙ නියම සැපක් නෑ. කැමති නැද්ද ඔය කාමරෙන් පිටට ඇවිල්ල මොකද්ද නියම සැප කියල අත්දකින්න? මම ඒකට මාර්ගය පෙන්නන්නමි" කියලත් කියනවා.
මෙ මනුස්සයා මුලු ජිවිත කාලයක්ම අර කාමරේ ඇතුලේ කොටුවෙලා හිටපු නිසා, මෙ දේවල් විස්වාස කරන්න ටිකක් මැලි වෙනවා. මොකද ඒ? ඒක තමයි වැදගත්ම ප්‍රශ්ණය ඒ මනුස්සයා ඒ දේවල් විශ්වාස කරන්න මැලි වෙන්නේ, ඒ මුනුස්සයාගේ ළාමක බව නිසා ඒහෙමත් නැත්නමි,මොඩ කම නිසා, එහෙමත් නැත්නමි, අවිද්‍යාව නිසා. කොහොම හරි මෙ විදියේ කාමරක ඉන්න මෙ දේවල් ඇත්තය කියල පිලිගත්ත කෙනෙක්ට අඩුම වශයෙන් ජිවිතය ගැන සුභදායි බලාපොරොත්තුවක් හරි තියා ගන්න පුලුවන්.අපේ මොඩ කම වැඩි වෙන තරමට අපි තර්ක කරණවාත් වැඩියි.

buddha.jpg
 
  • Like
Reactions: askNalinda

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
දැං කෙනෙක්ට කියන්න පුලුවන් අපි කොහොමද දන්නේ අර භාහිර ලොකය ගැන විස්තර කරපු පුද්ගලයා ඇත්තමද බොරැද කියන්නේ කියල.? ඔවි එක අතකට එහෙම හිතෙන එකේ අසාධාරණ බවක් නැ. එත් අපි ලෙඩවෙලා දොස්තර කෙනෙක් ගාවට බෙහෙත් ගන්න ගියාම මෙ දොස්තර අපිට බෙහෙත් ලියල දෙනවා. අපි කරන්නේ මෙ බෙහතේ ගැන වග විභාගයක් කරන්නේ නැතිව ෆාමසියෙන් අරගෙන බොන එක නෙමෙයිද? හැබැයි තව මනුස්සයෙක්ට එහෙම නොකර වෙන විදියකුත් කරන්න පුලුවන්. දොස්තර බෙහෙත් කිවිවහම එක බොන්නේ නැතිව, මෙක හොදද දන්නේ නෑ, මෙක බිල ලෙඩෙ හොදවෙයිද නැති වෙයිද දන්නේ නෑ. මෙ බෙහෙත කොහොමද හදල තියෙන්නේ? මෙකෙ අතුරැ ආභාධ තියයෙනවද දන්නේ නෑ කියකිය හිති හිත බෙහෙත් නොබි ඉන්නත් පුලුවන්. එතකොට ඉතිං වෙන්නේ ලෙඩෙ වැඩිවෙලා දුක්විදින්න වෙන එක හරි මැරෙන්න හරි වෙන එකනේ. මම හිතන්නේ මම කියපු දේ තෙරැණා වෙන්න ඔන.

අපි මෙ ලොකය ගැන දැන ගන්නේ අපේ මෙ ඇස, කන, නාසය, දිව, ශරිරය කියන ඉන්ද්‍රියන්ගෙන් මිට අමතරව මනසින් ෂඩායතන කියන්නේ මෙවයි. අපේ ඇස මොනතරමි මායාකාරි වස්තුවක්ද කියල එක මොහොතකට හරි කෙනෙක් කල්පනා කරනවා නමි මම ඇහින් දැකල මිසක් විස්වාස කරන්නේ නැ කියන කථාව කවදාවත් කියන්නේ නෑ. ඇයි ඇස මායාකාරියි කියන්නේ?
අපේ මෙ ඇහින් පෙන්නේ බොහෝම කුඩා පරාසයක් විතරයි. මිලිමිටර 1 කට වඩා කුඩා වස්තු දකින්න මෙ ඇහැට අමාරැයි. අපේ ඇහැට අන්වික්ෂයකින් පෙනෙන කුඩා ක්ෂුද ජිවින් පෙනෙන්නේ නැ කියල කවුරැ හරි කෙනෙක් කියනවා නමි ඒහෙම ක්ෂුද්‍රජිවින් කියල ජාතියක් නැ කියල. ඒක ඒ මුනුස්සයාගේ මොඩකම මිස වෙන මොකද්ද? අපේ අනිත් ඉද්‍රියනුත් ඒ වගේ. හරිම සිමාසහිතයි.

bacteria.jpg
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
හැම දේම එකින් එක තොර තොර නොකිවිවත් මම අදහස් කරණ දේ තේරැණයි කියල හිතනවා. අපේ තථාගත බුදුපියානන් වහන්සේත් හරියට මෙ ෂඩායතන කියන කාමරයේ හිරවෙලා. ඒලියට ඒගන්න බැරිව දුක්විදින සත්වයින්ට මාර්ගය දක්වන ඒ බහුස්‍රැත පුද්ගලයා වගේ. උන්වහන්සේ අපිට මාර්ගය පෙන්නලා දෙනවා. දෙවනියට කියපු උදාහරණයේ වගේ උන්වහන්සේ පෙන්වලා දෙන මාර්ගය, පිළි අරගෙන ඒ මාර්ගයේ ක්‍රියා කරල භවය කියන මෙ ලෙඩෙ හොද කර ගන්න එක අපේ වැඩක්. අර දොස්තරගේ බෙහෙත් සැක කරකර හිටියා වගේ බුදුපියානන් වහන්සේ පෙන්වා දෙන මාර්ගයත් කෙනෙක්ට සැක කර කර ඉන්න පුලුවන්. බුදු දහම තුල එය පුද්ගලානු බද්ධ දෙයක්. එහි බලකිරිමි නැහැ.

අද පුනරැප්පතිත්තියට ප්‍රවෙශයක් වශයෙන් කරැණු දක්වන්නේ සම්‍යග් දෘෂ්ඨිය ගැන. සම්‍යග් දෘෂ්ඨිය කොටස් දෙකකින් යුක්තයි.
01)දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය
02)චතුසත්‍ය සම්‍යග් දෘෂ්ටිය.

මෙයින් දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය සලකා බලමු.

"සමිමා දිටිඨිකෝ හෝති අවිපරිත දස්සනෝ, අත්ථි දින්නං, අත්ථියිටිඨං, අත්ථිහුතං,අත්ථි සුකටදුක්කටානං,කමිමානං ඵලං විපාකෝ, අත්ථි අයං ලොකෝ, අත්ථි පරලෝකෝ, අත්ථි මාතා, අත්ථි පිථා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොතක් සමණ භාහ්මණා සමග්ගතා සමිමා පිටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤිච ලෝකං යසං අභිඤ්ඤා සචිඡිකත්වා පවෙදෙන්ති තී."

01)අත්ථි දින්නං
ශ්‍රමණ බ්‍රාහ්මණ, දුගි මගි යාචකයන් ආදින්ට පින්සලකා හෝ පුජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරණු ලබන පරිත්‍යාග නිසා එසේ කරන්නාවු තැනැත්තන්ට අනාගතයේ බොහෝ සැප සමිපත් ලැබෙන බව, ස්වශක්තියෙන්ම හෝ අන්‍යන්ගේ ඇසිමෙන් දැනගෙන එය විශ්වාස කිරිම වෙ.

02)අත්ථියිටිඨං
"යිටිඨ" යනු මහා දානයන්ට හා පුජාවන්ට කියනු ලබන නමකි. එසේ මහා දානයන් දිම නිසා මහත් විපාකයන් ලැබෙන බව විශ්වාස කිරිම අත්ථියිටිඨං වෙ. මහා විශාල ධනයක් වියදමි කරමින් ප්‍රතිග්‍රාහකයින් විශාල පිරිසක් උදෙසා දෙනු ලබන දානයන්, මහා පහන් පිකමි ආදිය දෙස බලමින් සමහරක් කියණුයේ, එක පහනක් පුජාකලත් එක පිනයි. පහන් සියක් පුජකලත් ඒ පිණමයි. මෙහෙම පහන් පත්තුකළාම වෙන්නේ නිකං තෙල් නාස්ති වෙන එක විතරයි යනුවෙනි. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මහා දානයක්ගෙන් ඵලක් නැතැයි සිතිම මිත්‍යාදෘශ්ඨියක් බවය.

03)අත්ථිහුතං
පින් සලකා ගුණවතුන් වෙත අහාර පාන වස්තු පඩුරැකාට යැවිම මරනින් මතු ඉශ්ඨවිපාක ගෙනදෙන්නක් බව විශ්වාස කිරිම වෙ. එසේ නොකිරිම මිත්‍යාදෘශ්ඨියක් වෙ.

04)අත්ථි සුකටදුක්කටානං කමිමානං ඵලං විපාකෝ
මෙයින් කියවෙන්නේ යහපත් ක්‍රියාවන් ගැනයි. පන්සල්, රෝහල්, විහාරගෙවල්, පාරවල් පිලිසකර කිරීම, ලිං පොකුණු කරවිම, අන් අයගේ ප්‍රයෝජනය සදහා ඵල හටගන්නා ගස් වැල් රෝපණය, ගිලනුන්ට, මහල්ලන්ට, දුබලයන්ට උපකාර කිරිම ආදි සත්ක්‍රියාවන් කිරීමෙන් එයින් ඉශ්ඨ විපාක ලැබෙන බව පිළිගැනිම මෙයයි. මෙලොව කුමක් කලත් පරලොවට ඉන් වැඩක් නැතැයි සිතිම මිත්‍යාදෘශ්ඨියයි.

05)අත්ථි අයං ලොකෝ
අප වාසය කරණ මෙ ලොකය හැර අපේ ලෝකයට සමාණ වු සැප දුක් ඇත්තාවු , අපේ ලොකයට බොහෝ වෙනස් වු සැප දුක් ඇත්තාවු තවත් බොහෝ ලොක ඇත. මෙ ලොක වල සිටින සත්වයෝ සැම කලෙකම එකම ලොවක වාසය කරන්නේ නැත.ඔවුන් විටින් විට තමන් වාසය කරණ ලොක වලින් චුතවී ඉතා දුර පිහිටි ලොකයන්ට පැමිනේ. එසේම ඒ ලොකවල සතත්වයෝ එයින් චුතව අපේ ලොවට පැමිනේ. මෙසේ විශ්වාස කිරිම අත්ථි අයං ලොකෝ නමි වෙ. අපේ ලොවට පිටත ලොක වල සත්ත්වයින් ඒ ලොවෙහිම වාසය කරනු මිස මෙ ලොවට පැමිනෙන්නේ නැතැයි සිතිම මිත්‍යාදෘශ්ඨියකි.

06)අත්ථි පරලෝකෝ
සමහරෙක් නරකාදිය ඇත්තේත් මෙ ලොකේය, දිව්‍යලොව ඇත්තෙත් මෙ ලොකෙය. යනුවෙන් සිතාගෙන සිටිති. මෙය මිත්‍යා දෘශ්ඨියකි. මෙ ලොව සත්ත්වයින් මෙලොවින් චුතවි නරකය, දිව්‍ය ලොව ආදි අන් ලොකයන්හි උපදින්නේය. මෙලෙස මරනින් මතු ඒකාන්ත වශයෙන් ඉපදිමට පරලොවක් ඇති බව විශ්වාස කිරිම අත්ථි පරලෝකෝ නමිවෙ.

07)අත්ථි මාතා
මවට සැලකිම නිසා ඒකාන්ත වශයෙන් අනාගතයේ ඉශ්ඨ පල ලැබෙන බව විශ්වාස කිරිම.

08)අත්ථි පිථා
පියාට සැලකිම නිසා ඒකාන්ත වශයෙන් අනාගතයේ ඉශ්ඨ පල ලැබෙන බව විශ්වාස කිරිම.

09)අත්ථි සත්තා ඔපපාතිකා
ඔපපාතික සත්ත්වයින් යනු මවකු හෝ පියෙකු නොමැතිව කර්ම ශක්තියෙන් සර්වාංග සමිපුර්ණව එකවරම පහලවිමි වශයෙන් උපදින සත්ත්වයින්ය. නරකයන්හි, දිව්‍ය ලොකයන්හි හා බ්‍රහ්ම ලොකයන්හි ඇත්තේ එම සත්ත්වයින්ය. එබදු ඔපපාතික සත්ත්වයින් ඇති බව පිළිගැනිම සම්‍යක් දෘශ්ඨියයි. එය එසේ නොවන බව හෝ මිනිසුන් හිතින් මවාගත් දේවල් යැයි පිළිගැනිම මිත්‍යාදෘශ්ඨියයි.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
03buddha-head.jpg

10)අත්ථි ලෝකේ සමණ භාහ්මණා සමග්ගතා සමිමා පිටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤිච ලෝකං යසං අභිඤ්ඤා සචිඡිකත්වා පවෙදෙන්ති.
සාමාණ්‍ය මනුෂ්‍යයන්ගේ සිහිනුවනට වඩා විශිෂ්ඨ වු සිහිනුවනක් හා අධික නොපසුබස්නා වීර්‍යක්, අධික ඉවසිමක් උප්පත්තියෙන්ම පිහිටි පුද්ගලයින් ලොකයේ කලාතුරකින් උපදියි. එයින් සමහරෙක් පැවදි වී ධ්‍යාන වඩා මිනිසුන් විසින් ඇසින් දැකිය නොහැකි දේවල්, කණින් නැසිය හැකි දේවල්, දැකිය හැකි හා ඇසිය හැකි වුද පෙර ජාතින්හි සිද්ධින් පවා සිහිකල හැකි අභිඥාව නමි ඥානයක් උපදවයි. මෙස් අභිඥා ඥානයෙන් මිනිස් ඇසට නොපෙනෙන ඉතා ශුක්ෂ්ම ශරිර ඇති දිව්‍ය භ්‍රහ්ම ආදින්ද, අපාය ලොකයන්ද, ඒ ඒ ස්ථාන වලට පැමිණ බලන්නකු ලෙසම දකියි. ලොව ඉතා දීර්ඝ කාලයකින් පහල වන සමහර උත්තමයෝ ඒ අභිඥා ඥානය අරහත් ඥානයත් සමග උපදවා ගනිති. ඔවුන්ට බුදුවරයෝ යැයි කියනු ලබයි. ඒ බුදුවරයෝ මිනිසුන්ට විශය නොවු ඇත පිහිටි ඒ ලොකයන් ගැනත් චතුරාර්‍ය සත්‍යත්, නිර්වාන මාර්ගයත් සමග විශිෂ්ඨ වු ධර්මයක් දේශණා කරයි. ඒ බදු උතුමන් විසින් දේශනා කරණ සතර මාර්ගය සතර ඵලය හා නිර්වාණය යන නවලෝකෝත්තර ධර්මය ඇති බව පිලිගැනිම හා ඒ ප්‍රතිපත්තියෙන් නිවනට පැමිණිය හැකි බව පිළිගැනිම අත්ථි ලොතක් සමණ භාහ්මණා... යන සම්‍යග්දෘශ්ඨිය වෙ.

චතුසත්‍ය සම්‍යග් දෘෂ්ටිය. යනු චතුරාර්‍ය සත්‍යය ඇති බව දැනිම හා එය පිලිගැනිම වෙ. කලින් ලිපියේ පටිචිචි සමුත්පාදය පිලිබදව සදහන් කරණ විට පවසු අවිද්‍යාව වන්නේ දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය හා චතුසත්‍ය සම්‍යග් දෘෂ්ටිය නොමැති විමයි.

බුද්ධ රශ්මි
"සබිබදානං ධමිමදානං ජිනාති"
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
දැං කෙනෙක්ට කියන්න පුලුවන් අපි කොහොමද දන්නේ අර භාහිර ලොකය ගැන විස්තර කරපු පුද්ගලයා ඇත්තමද බොරැද කියන්නේ කියල.? ඔවි එක අතකට එහෙම හිතෙන එකේ අසාධාරණ බවක් නැ. එත් අපි ලෙඩවෙලා දොස්තර කෙනෙක් ගාවට බෙහෙත් ගන්න ගියාම මෙ දොස්තර අපිට බෙහෙත් ලියල දෙනවා. අපි කරන්නේ මෙ බෙහතේ ගැන වග විභාගයක් කරන්නේ නැතිව ෆාමසියෙන් අරගෙන බොන එක නෙමෙයිද? හැබැයි තව මනුස්සයෙක්ට එහෙම නොකර වෙන විදියකුත් කරන්න පුලුවන්. දොස්තර බෙහෙත් කිවිවහම එක බොන්නේ නැතිව, මෙක හොදද දන්නේ නෑ, මෙක බිල ලෙඩෙ හොදවෙයිද නැති වෙයිද දන්නේ නෑ. මෙ බෙහෙත කොහොමද හදල තියෙන්නේ? මෙකෙ අතුරැ ආභාධ තියයෙනවද දන්නේ නෑ කියකිය හිති හිත බෙහෙත් නොබි ඉන්නත් පුලුවන්. එතකොට ඉතිං වෙන්නේ ලෙඩෙ වැඩිවෙලා දුක්විදින්න වෙන එක හරි මැරෙන්න හරි වෙන එකනේ. මම හිතන්නේ මම කියපු දේ තෙරැණා වෙන්න ඔන.

අපි මෙ ලොකය ගැන දැන ගන්නේ අපේ මෙ ඇස, කන, නාසය, දිව, ශරිරය කියන ඉන්ද්‍රියන්ගෙන් මිට අමතරව මනසින් ෂඩායතන කියන්නේ මෙවයි. අපේ ඇස මොනතරමි මායාකාරි වස්තුවක්ද කියල එක මොහොතකට හරි කෙනෙක් කල්පනා කරනවා නමි මම ඇහින් දැකල මිසක් විස්වාස කරන්නේ නැ කියන කථාව කවදාවත් කියන්නේ නෑ. ඇයි ඇස මායාකාරියි කියන්නේ?
අපේ මෙ ඇහින් පෙන්නේ බොහෝම කුඩා පරාසයක් විතරයි. මිලිමිටර 1 කට වඩා කුඩා වස්තු දකින්න මෙ ඇහැට අමාරැයි. අපේ ඇහැට අන්වික්ෂයකින් පෙනෙන කුඩා ක්ෂුද ජිවින් පෙනෙන්නේ නැ කියල කවුරැ හරි කෙනෙක් කියනවා නමි ඒහෙම ක්ෂුද්‍රජිවින් කියල ජාතියක් නැ කියල. ඒක ඒ මුනුස්සයාගේ මොඩකම මිස වෙන මොකද්ද? අපේ අනිත් ඉද්‍රියනුත් ඒ වගේ. හරිම සිමාසහිතයි.

bacteria.jpg

ඔබේ විග්‍රහය හොදයි , නමුත් පොඩි එක්තු කිරිමක් කරන්න කැමති ඔබ අර කිව්වා වගේ කලුරේ තමයි මිනිසුන් ජිවත් වන්නේ එතකොට අර සිදුරෙන් ලොකය බලා මෙතනින් එහා දෙයක් තියෙනවා කියලා මේ මනුශ්සයා දැන ගන්නවා, නමුත් අර එලියට එන්න මග පෙන්වන්න එක පුදගලයෙක් විතරක් නෙමෙයි එන්නෙ කිහිප දෙනෙක් ඔබ වෙත එන්න පුලුවන් අර ඔබ ප්‍රශ්න කලා වගේ අපි කොහොමද? එ කෙනා කියන දේ විශ්වාස කරන්නේ? එම පුද්ගලයගෙ ස්වභාවය මත එම පුද්ගලයා කියන ආකාරය මත එම පුද්ගලයා අවදාරනයෙන් කියනවානම් ඕබ ගොඩාක් දුරට දෙපාරක් හිතයි හැබැයි ඕබ තීරණයක් ගත යුතුයි මොන පුද්ගලයාවද විශ්වාස කරන්නෙ කියලා

දෙවැනුව ම්ම හිතන විදිහට බුදුදහමෙ එකාන්ත අරමුණ තවකාලීක සැපතක් නොව එතනින් එහාට ගිය නිවන් සැප අවබොධයයි එ අනුව සැප ගන්න අර පුද්ගලයාව එලියට ගන්න එක නෙමෙයි බුදුදහමෙන් කරන්න ඕනැ නිවනට යොමු කිරිමයි. නැතිනම් අර පුද්ගලයාට අර කියන ලොකයත් එපා වෙයි සියල්ල අනිතයයි නෙ මෙ ලොකේ (හැබැයි කබලෙන් ලිපට යන යාලුවකුගෙ මග පෙන් විමට වඩා එක හොදයි පොඩ්ඩක් හරි)

හැබයි එක දෙයක් පැහැදිලියි අපිට අර මග පෙන්වන්න අපු පුද්ගලයන්ගෙන් කෙනෙක් අපිට තොරගන්න වෙනවා, එ පුද්ගලයා ගැන අපිට විශ්වාස කරන්න වෙනවා (හොද Article එකක්)
:yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
සැබැ මොඩකමක් නැ මෙතන මේ මනුශ්සයා වෙන කෙනෙකුගෙ උපදෙස්වල පිහිට පතා ගොඩ එන්න උත්සහයක් තාම්යි දරන්නෙ .... හැබයි එ දැක දැකත් එලියට එන්න කිසිම උස්සහයක් දරන් නැති පුද්ගලයින් ගැන තමයි අපිට පුදුම

Christians-and-Jesus-Christ.jpeg
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හැම දේම එකින් එක තොර තොර නොකිවිවත් මම අදහස් කරණ දේ තේරැණයි කියල හිතනවා. අපේ තථාගත බුදුපියානන් වහන්සේත් හරියට මෙ ෂඩායතන කියන කාමරයේ හිරවෙලා. ඒලියට ඒගන්න බැරිව දුක්විදින සත්වයින්ට මාර්ගය දක්වන ඒ බහුස්‍රැත පුද්ගලයා වගේ. උන්වහන්සේ අපිට මාර්ගය පෙන්නලා දෙනවා. දෙවනියට කියපු උදාහරණයේ වගේ උන්වහන්සේ පෙන්වලා දෙන මාර්ගය, පිළි අරගෙන ඒ මාර්ගයේ ක්‍රියා කරල භවය කියන මෙ ලෙඩෙ හොද කර ගන්න එක අපේ වැඩක්. අර දොස්තරගේ බෙහෙත් සැක කරකර හිටියා වගේ බුදුපියානන් වහන්සේ පෙන්වා දෙන මාර්ගයත් කෙනෙක්ට සැක කර කර ඉන්න පුලුවන්. බුදු දහම තුල එය පුද්ගලානු බද්ධ දෙයක්. එහි බලකිරිමි නැහැ.

අද පුනරැප්පතිත්තියට ප්‍රවෙශයක් වශයෙන් කරැණු දක්වන්නේ සම්‍යග් දෘෂ්ඨිය ගැන. සම්‍යග් දෘෂ්ඨිය කොටස් දෙකකින් යුක්තයි.
01)දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය
02)චතුසත්‍ය සම්‍යග් දෘෂ්ටිය.

මෙයින් දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය සලකා බලමු.

"සමිමා දිටිඨිකෝ හෝති අවිපරිත දස්සනෝ, අත්ථි දින්නං, අත්ථියිටිඨං, අත්ථිහුතං,අත්ථි සුකටදුක්කටානං,කමිමානං ඵලං විපාකෝ, අත්ථි අයං ලොකෝ, අත්ථි පරලෝකෝ, අත්ථි මාතා, අත්ථි පිථා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොතක් සමණ භාහ්මණා සමග්ගතා සමිමා පිටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤිච ලෝකං යසං අභිඤ්ඤා සචිඡිකත්වා පවෙදෙන්ති තී."

01)අත්ථි දින්නං
ශ්‍රමණ බ්‍රාහ්මණ, දුගි මගි යාචකයන් ආදින්ට පින්සලකා හෝ පුජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරණු ලබන පරිත්‍යාග නිසා එසේ කරන්නාවු තැනැත්තන්ට අනාගතයේ බොහෝ සැප සමිපත් ලැබෙන බව, ස්වශක්තියෙන්ම හෝ අන්‍යන්ගේ ඇසිමෙන් දැනගෙන එය විශ්වාස කිරිම වෙ.
Ultimate goal should be Nirvana right?

02)අත්ථියිටිඨං
"යිටිඨ" යනු මහා දානයන්ට හා පුජාවන්ට කියනු ලබන නමකි. එසේ මහා දානයන් දිම නිසා මහත් විපාකයන් ලැබෙන බව විශ්වාස කිරිම අත්ථියිටිඨං වෙ. මහා විශාල ධනයක් වියදමි කරමින් ප්‍රතිග්‍රාහකයින් විශාල පිරිසක් උදෙසා දෙනු ලබන දානයන්, මහා පහන් පිකමි ආදිය දෙස බලමින් සමහරක් කියණුයේ, එක පහනක් පුජාකලත් එක පිනයි. පහන් සියක් පුජකලත් ඒ පිණමයි. මෙහෙම පහන් පත්තුකළාම වෙන්නේ නිකං තෙල් නාස්ති වෙන එක විතරයි යනුවෙනි. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මහා දානයක්ගෙන් ඵලක් නැතැයි සිතිම මිත්‍යාදෘශ්ඨියක් බවය.

කිසියම් දෙයක් ලබා ගැනිමෙ බලාපොරොත්තුවෙන් දිමද? වඩාත් උතුම් වන්නෙ? එහෙම නැතිනම් කිසිවක් බලා පොරොත්තු නොවි දිමද වඩාත් උතුම් වන්නෙ?

03)අත්ථිහුතං
පින් සලකා ගුණවතුන් වෙත අහාර පාන වස්තු පඩුරැකාට යැවිම මරනින් මතු ඉශ්ඨවිපාක ගෙනදෙන්නක් බව විශ්වාස කිරිම වෙ. එසේ නොකිරිම මිත්‍යාදෘශ්ඨියක් වෙ.

මිත්‍යාදෘශ්ඨියක කියන එක නිර්වචනය කරන්නෙ කෙසෙද?

04)අත්ථි සුකටදුක්කටානං කමිමානං ඵලං විපාකෝ
මෙයින් කියවෙන්නේ යහපත් ක්‍රියාවන් ගැනයි. පන්සල්, රෝහල්, විහාරගෙවල්, පාරවල් පිලිසකර කිරීම, ලිං පොකුණු කරවිම, අන් අයගේ ප්‍රයෝජනය සදහා ඵල හටගන්නා ගස් වැල් රෝපණය, ගිලනුන්ට, මහල්ලන්ට, දුබලයන්ට උපකාර කිරිම ආදි සත්ක්‍රියාවන් කිරීමෙන් එයින් ඉශ්ඨ විපාක ලැබෙන බව පිළිගැනිම මෙයයි. මෙලොව කුමක් කලත් පරලොවට ඉන් වැඩක් නැතැයි සිතිම මිත්‍යාදෘශ්ඨියයි.

05)අත්ථි අයං ලොකෝ
අප වාසය කරණ මෙ ලොකය හැර අපේ ලෝකයට සමාණ වු සැප දුක් ඇත්තාවු , අපේ ලොකයට බොහෝ වෙනස් වු සැප දුක් ඇත්තාවු තවත් බොහෝ ලොක ඇත. මෙ ලොක වල සිටින සත්වයෝ සැම කලෙකම එකම ලොවක වාසය කරන්නේ නැත.ඔවුන් විටින් විට තමන් වාසය කරණ ලොක වලින් චුතවී ඉතා දුර පිහිටි ලොකයන්ට පැමිනේ. එසේම ඒ ලොකවල සතත්වයෝ එයින් චුතව අපේ ලොවට පැමිනේ. මෙසේ විශ්වාස කිරිම අත්ථි අයං ලොකෝ නමි වෙ. අපේ ලොවට පිටත ලොක වල සත්ත්වයින් ඒ ලොවෙහිම වාසය කරනු මිස මෙ ලොවට පැමිනෙන්නේ නැතැයි සිතිම මිත්‍යාදෘශ්ඨියකි.

06)අත්ථි පරලෝකෝ
සමහරෙක් නරකාදිය ඇත්තේත් මෙ ලොකේය, දිව්‍යලොව ඇත්තෙත් මෙ ලොකෙය. යනුවෙන් සිතාගෙන සිටිති. මෙය මිත්‍යා දෘශ්ඨියකි. මෙ ලොව සත්ත්වයින් මෙලොවින් චුතවි නරකය, දිව්‍ය ලොව ආදි අන් ලොකයන්හි උපදින්නේය. මෙලෙස මරනින් මතු ඒකාන්ත වශයෙන් ඉපදිමට පරලොවක් ඇති බව විශ්වාස කිරිම අත්ථි පරලෝකෝ නමිවෙ.

07)අත්ථි මාතා
මවට සැලකිම නිසා ඒකාන්ත වශයෙන් අනාගතයේ ඉශ්ඨ පල ලැබෙන බව විශ්වාස කිරිම.

08)අත්ථි පිථා
පියාට සැලකිම නිසා ඒකාන්ත වශයෙන් අනාගතයේ ඉශ්ඨ පල ලැබෙන බව විශ්වාස කිරිම.

කර්ම විපාක නැත කියන එකනම් හරිම භායානික දෙයක් ..... අපි එහෙම කියන්නෙ නැ ..... නමුත් මේ මිනිස්සු විවිද හෙතු මත පින් දහම් කරනවා

බෞද්දයකු වශ්යෙන් ඕබ පින් දහම් කරන්නෙ මන්ද?

09)අත්ථි සත්තා ඔපපාතිකා
ඔපපාතික සත්ත්වයින් යනු මවකු හෝ පියෙකු නොමැතිව කර්ම ශක්තියෙන් සර්වාංග සමිපුර්ණව එකවරම පහලවිමි වශයෙන් උපදින සත්ත්වයින්ය. නරකයන්හි, දිව්‍ය ලොකයන්හි හා බ්‍රහ්ම ලොකයන්හි ඇත්තේ එම සත්ත්වයින්ය. එබදු ඔපපාතික සත්ත්වයින් ඇති බව පිළිගැනිම සම්‍යක් දෘශ්ඨියයි. එය එසේ නොවන බව හෝ මිනිසුන් හිතින් මවාගත් දේවල් යැයි පිළිගැනිම මිත්‍යාදෘශ්ඨියයි.

මෙන්න තීයරි එක..... ඕබ දන්නවා ජෙසුස්වහන්සෙත් ඉපදුනේ මනුශ්ස සම්බන්දයකින් තොරව ශුද්ධාත්ම අනුභාවයෙන්

දැන් ඕබ කියන්නෙ එහෙනම් එකවර පහල වෙන්න පුලුවන් ඕබ කියන බ්‍රක්මයනට ....ම්...ම්....ම් හැබැයි ඕය කියන බ්‍රහ්ක්මයන්ට එහෙම බලයක් තියෙනවා නම් සර්වබාලදාරි දෙවියන්ට කිහොම බලයක් ඇත්ද? :yes: ver interesting isn't it ?
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
සර්වබාලදාරි දෙවියන්ට කිහොම බලයක් ඇත්ද? :yes: ver interesting isn't it ?

මේ බලයන් අපිට ඇති සෙත කුමක්ද ?
අඩු තරමේ ඇසට පෙනෙන ඉරෙන් හදෙන් ලැබෙන බලයවත් ඔය කියන සර්ව බලදරියගෙන් ලැබෙනවද ? එහෙව් එකේ ඒ බලයෙන් ඇති වැඩේ කීම ?
බුදුදහම තමන්ගේම බලයෙන් උත්සාහයෙන් ගොඩයන්න තිබෙන මාර්ගය පෙන්වීමක් පමණයි . එහි බලදාරියෝ , වැඩකාරයෝ , මව්ම්කරුවෝ කිසිවෙක් නැහැ . එහෙව් කෙනෙක් හිටියත් බුදු මගේ ගමන් ගන්න අපිට අයින් වැඩකුත් නැහැ .
 
Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මෙන්න තීයරි එක..... ඕබ දන්නවා ජෙසුස්වහන්සෙත් ඉපදුනේ මනුශ්ස සම්බන්දයකින් තොරව ශුද්ධාත්ම අනුභාවයෙන්

    දැන් ඕබ කියන්නෙ එහෙනම් එකවර පහල වෙන්න පුලුවන් ඕබ කියන බ්‍රක්මයනට ....ම්...ම්....ම් හැබැයි ඕය කියන බ්‍රහ්ක්මයන්ට එහෙම බලයක් තියෙනවා නම් සර්වබාලදාරි දෙවියන්ට කිහොම බලයක් ඇත්ද? :yes: ver interesting isn't it ?

    හා..මේව අහල ඇඬෙනව මචන්..මිත්‍යා දෘශ්ටියක මහත...
    මනුස්ස සම්බන්දයෙන් තොරව කොහොමද බන් මිනිස් ලොවේ උපදින්නෙ..ටිකක් හිතල බලපන්කෝ...

    එකවර පහළ වීම කියන්නේ ඕපපාතික ප්‍රතිසන්ධියකට,, ඒ කියන්නේ මවක් පියෙක් නැතිව තමන් කළ කර්මයන්ට අනුව විපාක ලබන්න සුදුසු තැනක ඉපදීම..

    ප්‍රේත ලෝකය, අපාය යන දෙක අකුසල කර්ම විපාක විදියට ඉපදෙනවා.

    දිව්‍ය ලෝක,බ්‍රහ්ම ලෝක වල කුසල කර්ම විපාක විදියට ඉබේ
    ඉපදෙනවා.ඕපපාතික ප්‍රතිසන්ධිය..

    මචන්,,, කවුරු හරි කිව්ව පළියට නැත්නම් පොතක තිබ්බ පළියට යම් දෙයක් පිළිගන්න එපා,,නුවණින් විමසලා බලපන්... සර්ව බලදාරි දෙවි කෙනෙක් කියල කෙනෙක් නෑ. හැම සත්වයන්ටම කර්මය-විපාකය කියන දෙක පොදුයි...
    :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ බලයන් අපිට ඇති සෙත කුමක්ද ?We can inherit the kindom He is our Lord All mighty he loves you , but you do not want to accept the salvation as a free gift from his grace how terrible ne?
    අඩු තරමේ ඇසට පෙනෙන ඉරෙන් හදෙන් ලැබෙන බලයවත් ඔය කියන සර්ව බලදරියගෙන් ලැබෙනවද ? Yes he is the creator of heaven & earth එහෙව් එකේ ඒ බලයෙන් ඇති වැඩේ කීම ? That is up to you my son

    බුදුදහම තමන්ගේම බලයෙන් උත්සාහයෙන් ගොඩයන්න තිබෙන මාර්ගය පෙන්වීමක් පමණයි . එහි බලදාරියෝ , වැඩකාරයෝ , මව්ම්කරුවෝ කිසිවෙක් නැහැ . එහෙව් කෙනෙක් හිටියත් බුදු මගේ ගමන් ගන්න අපිට අයින් වැඩකුත් නැහැ .

    ඔබ තුමා කල බල වෙන්න එපා එක පුද්ගලයෙකු විතරක් නෙමෙයි අර ඕයා කියපු උදාහරනයට අනුව මග පෙන්වන්න අවේ, ඉතින් එක පුද්ගලයෙකුගෙ කියමන පමණක් පිලිගෙන්න එකත් තර්කනුකුල නැ නේ, මෙක නිකන් හරියට එක් පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා "මම විතරයි හරි, එක නිසා උඔබ ඔතැනින් ගොඩ වරෙන් මම කියපු විදිහට , තව කෙනෙක් අවිල්ලා ඔබව උස්සගෙන එලියට ගන්න උත්සහ කරයි එයගෙ ජිවිතයද බලන්නෙ නැතුව නමුත් රුවටෙන්න එපා මම කියන විදිහට වගල කඩගෙන උඩට වරෙන්" කිව්වා වගෙ කතාවක් නේ

    එක නිසා ඔබට බැ අනික් අය උදව් කරන්න එන එක වලක්වන්න සමහර විට කෙනෙකු ඉන්න පුලුවන් තම ජිවිතය ගැන නොබලා ඕබව ගොඩගන්න උත්සහ කරන එක නිසා ඕබ කලබල වෙන්න එපා අන්තගාමී වෙලා උබම ගොඩවරෙන් වෙන කාටත් උබව ගොඩගන්න බැ කියලා කියන එක හරි මදි නෙ මම නම් තවකෙනෙකු එහෙම ජිවිතයද නොබලා එ කෙනාව බෙරාගනන් අවොත් එයාට ඉඩ දෙනවා මෙන්න මෙහෙම කියලා "යලුවා ඕබව ගොඩගන්න මට බැ, නමුත් මම තනියම වහල කාඩාගෙන මාර කට්ටක් කාලා ගොඩ ආවා, මම දන්න විදිහට ඕබටම තමයි ගොඩ එන්න පුලුවන් වෙන ක්‍රිමයක් මම නොදනි නමුත් වෙන කෙනෙකුට පුලුවන් නම් දිවිහිමියෙන් ඕබව ගොඩ ගන්න එකත් කරාලා බලන්න ඉතින්"

    මොකද මට කරන්න බැ උනාට තව කෙනෙකුට කරන්න පුලුවන් වෙන්න පුලුවන්නෙ එක නිසා අපි ඕහුට මර්ග සියල්ල කියා දෙමු ඔහු කැමති දෙයක් තොරගනිවි නේ.
    නිකන් අන්තගාමී වෙන්නෙ නැතුව.
    :yes:

    බලන කොට අන්තගාමී අය හැමතැනම ඉන්නවා නේ :sorry:
     
    යාලුවා...ලේසියෙන් කාටවත් මාර්ගය කියාදෙන්න බෑ..
    හැම බුදුවරයෙකුම කල්ප ගාණක් පෙරුම් පුරලා තමා නිවන් මාර්ගය තමන් විසින්ම අවබෝධ කරගන්නෙ..
    පෙරුම් පුරනවා කිව්වට ඒකත් ලේසි නෑ.. බුදු කෙනෙක් සාගරය පරදවා "ලේ" ද,අහසේ තරු ගානට වඩා ඔටුනු පලන් හිස්ද දන් දෙනවා..ඉතින් ඇයි මේ මෙහෙම දුක් ගන්නේ?
    සියළු ලෝක වාසි සත්වයන්ගේ ගැලවීම වෙනුවෙන්..ඒ වගේ උත්තමයන් අනන්ත වාරයක් දිවි පුදා පෙරුම් පුරා ලොවට හෙලි කළ චතුරාර්ය සත්‍යයෙන් තොර වෙනත් සත්‍යයක් වෙනත් ගැලවීමෙ මාර්ගයක් තවත් නෑ.

    ගොඩ එන්න මාර්ග කීපයක් නෑ.තියෙන්නේ එකම මාර්ගය වූ ඉපදීම නැති කිරීමේ මගයි..නිවන් මගයි..

    ගොඩ එන්න මාර්ගය දේශනා කළේ බුදු වරු...ඒක ප්‍රත්‍යක්ෂ මාර්ගයක්.. ඉතාම ඈත අතීතයේ පටන් මේ දක්වා පහළ වූ බුදුවරු දේශනා කළ නිවන් මාර්ගයෙන් දුකෙන් මිදුන සත්වයන් අප්‍රමානයි...

    කිතුනු ආගමේ/ඉස්ලාම් ආගමේ වගේ අන්තගාමියෝ බුද්ධාගමේ නෑ..හරිද? නියම බෞද්ධයා නිවන් මාර්ගයේ යන්නෙක්..සත්‍යය අවබෝධ කරගනිමින් අන්‍ය්යන්ටද ඒ මාර්ගයේ යාමට උත්සාහ කරවන්නෙක්..

    ප්‍රත්‍යක්ෂ වූ ඒ දහමට නිගා කරල නිකන් අපාගාමි වෙන්නෙපා.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    [FONT=&quot]ආගම් බොහෝය.දුකින් මිදෙන්නට මග යැයි එකක පැවසුන දෑ අනෙකක පැවසුනු දෙයට වෙනස්ය. ඇත්ත දක්නා කැමත්තන් විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැනීමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අන් ආගම් සේ දුක් විඳින්නාට වට පිට ඒ මේ අත ඇද ගෙන නොගොස් එක එල්ලේම ඒ සඳහා අවබෝධ කළ යුතු දෑ පැහදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාවයි![/FONT]
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ඔබ තුමා කල බල වෙන්න එපා එක පුද්ගලයෙකු විතරක් නෙමෙයි අර ඕයා කියපු උදාහරනයට අනුව මග පෙන්වන්න අවේ, ඉතින් එක පුද්ගලයෙකුගෙ කියමන පමණක් පිලිගෙන්න එකත් තර්කනුකුල නැ නේ, මෙක නිකන් හරියට එක් පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා "මම විතරයි හරි, එක නිසා උඔබ ඔතැනින් ගොඩ වරෙන් මම කියපු විදිහට , තව කෙනෙක් අවිල්ලා ඔබව උස්සගෙන එලියට ගන්න උත්සහ කරයි එයගෙ ජිවිතයද බලන්නෙ නැතුව නමුත් රුවටෙන්න එපා මම කියන විදිහට වගල කඩගෙන උඩට වරෙන්" කිව්වා වගෙ කතාවක් නේ

    එක නිසා ඔබට බැ අනික් අය උදව් කරන්න එන එක වලක්වන්න සමහර විට කෙනෙකු ඉන්න පුලුවන් තම ජිවිතය ගැන නොබලා ඕබව ගොඩගන්න උත්සහ කරන එක නිසා ඕබ කලබල වෙන්න එපා අන්තගාමී වෙලා උබම ගොඩවරෙන් වෙන කාටත් උබව ගොඩගන්න බැ කියලා කියන එක හරි මදි නෙ මම නම් තවකෙනෙකු එහෙම ජිවිතයද නොබලා එ කෙනාව බෙරාගනන් අවොත් එයාට ඉඩ දෙනවා මෙන්න මෙහෙම කියලා "යලුවා ඕබව ගොඩගන්න මට බැ, නමුත් මම තනියම වහල කාඩාගෙන මාර කට්ටක් කාලා ගොඩ ආවා, මම දන්න විදිහට ඕබටම තමයි ගොඩ එන්න පුලුවන් වෙන ක්‍රිමයක් මම නොදනි නමුත් වෙන කෙනෙකුට පුලුවන් නම් දිවිහිමියෙන් ඕබව ගොඩ ගන්න එකත් කරාලා බලන්න ඉතින්"

    මොකද මට කරන්න බැ උනාට තව කෙනෙකුට කරන්න පුලුවන් වෙන්න පුලුවන්නෙ එක නිසා අපි ඕහුට මර්ග සියල්ල කියා දෙමු ඔහු කැමති දෙයක් තොරගනිවි නේ.
    නිකන් අන්තගාමී වෙන්නෙ නැතුව.
    :yes:

    බලන කොට අන්තගාමී අය හැමතැනම ඉන්නවා නේ :sorry:

    “Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”
    Gautama Buddha

    මෙවන් දෙසුමක් අන්තවාදීද ? මේ නිදහස ඔබේ ස්ර්වබලදරියගෙන් ඔබට තිබේද ?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    [FONT=&quot]ආගම් බොහෝය.දුකින් මිදෙන්නට මග යැයි එකක පැවසුන දෑ අනෙකක පැවසුනු දෙයට වෙනස්ය. ඇත්ත දක්නා කැමත්තන් විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැනීමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අන් ආගම් සේ දුක් විඳින්නාට වට පිට ඒ මේ අත ඇද ගෙන නොගොස් එක එල්ලේම ඒ සඳහා අවබෝධ කළ යුතු දෑ පැහදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාවයි![/FONT]

    ප්‍රශ්නය කියන්නෙ මටත් කියන්න තියෙන්නෙ එකමයි නෙ යාලුවා නමුත් මම නම් කියන්නෙ සියලුම මාර්ග ගැන නිරික්ශනයක් කරලා වඩාත් හොදයි කියන එක තොරගන්න :D;)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හා..මේව අහල ඇඬෙනව මචන්..මිත්‍යා දෘශ්ටියක මහත...
    මනුස්ස සම්බන්දයෙන් තොරව කොහොමද බන් මිනිස් ලොවේ උපදින්නෙ..ටිකක් හිතල බලපන්කෝ...

    ඕය ඔපපාතික කතා ඔප්පු කරන්න මට අවශ්ශ නැ අනික දෙවියන්වහන්සෙට අවශ්ස නම් ඕනැම විදහකට මේ ලොකයට එන්න පුලුවන් අනික ඔබ ඕය කියන දෙවිවරු ගැන නෙමෙයි මම කතා කරන්නෙ පටලවගන්න එපා

    එකවර පහළ වීම කියන්නේ ඕපපාතික ප්‍රතිසන්ධියකට,, ඒ කියන්නේ මවක් පියෙක් නැතිව තමන් කළ කර්මයන්ට අනුව විපාක ලබන්න සුදුසු තැනක ඉපදීම..

    එක මම දන්නවා කියවලා තියෙනවා ඔප්පු කරන්න විදිහක් නැ

    ප්‍රේත ලෝකය, අපාය යන දෙක අකුසල කර්ම විපාක විදියට ඉපදෙනවා.

    දිව්‍ය ලෝක,බ්‍රහ්ම ලෝක වල කුසල කර්ම විපාක විදියට ඉබේ
    ඉපදෙනවා.ඕපපාතික ප්‍රතිසන්ධිය..

    ඉබේ ලොකය පහල වන්නත් පුලුවන්ද? :confused:

    මචන්,,, කවුරු හරි කිව්ව පළියට නැත්නම් පොතක තිබ්බ පළියට යම් දෙයක් පිළිගන්න එපා yeah sure 100% agreed,,නුවණින් විමසලා බලපන් 100% agreed... සර්ව බලදාරි දෙවි කෙනෙක් කියල කෙනෙක් නෑ. හැම සත්වයන්ටම කර්මය-විපාකය කියන දෙක පොදුයි...
    :yes:

    ඇයි බෞද්ධා ගැන විතරක්? ඕබ කියන එක හරි කවරෙකුවත් කියන පලියට කෛසිවක් පිලිගන්න එපා .... බුදුහාමුදුරුවන් තියා ජෙසුස් වහන්සෙ කියන පලියටවත් කිසිවක් පිලිගන්න එපා මම හිත්න්නෙ මේ දෙදෙනාම කිසිම විටක් බලකරලා කියන්නෙ නැ සතය අමු අමුවේ පවසනවා (නමුත් දෙදෙනම හරි වෙන්න බැ)

    ඔබ කියන විදිහට අපි විතරමයි මිතයාදුස්ටික නේ? බෞද්දයන් හොද බුද්දිමතුන් එනික් ආගම වල ගරුකරන මෛතිය පමනක් කරන කට්ටියක් නෙද? සැබැ අන්තගාමිත්වය කියන්නෙ කුමක්ද?

    කිසිවකුටවත් බලෙන් ගෙන්න ගන්න අදන්නත් එපා, බලෙන් ඉද්දගනන් හදන්නත් එපා සතය දැකපු කෙනා බල කරාට එන්නෙත් නැ , රුදිසිටින්නෙත් නැ
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    යාලුවා..
    මෙතන නිකන් බොරුවට දිගින් දිගට කෑ ගහල වැඩක් නෑ..ලියනවනම් පිටු ගණන් ලියන්න පුලුවන්...නමුත් දේව වදයෙන් අන්ධ වෙලා ඉන්න ඔබලට සත්‍යය කවදා තේරුම් ගන්න පුලුවන්ද කියන්න බෑ..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Every person should learn Buddhism , Christianity & Islam

    not only Buddhism , Not only Christianity not only Islam

    Do a comperitive study & chose what is most suitable for you
    then only you have a choice

    becuase how do you know that your religion is only the way? ha

    කව්ද නියම අන්තගමින් කියන එක දැන් අපිට පැහැදිලි නෙ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    “Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”
    Gautama Buddha

    මෙවන් දෙසුමක් අන්තවාදීද ? No not this statement but some of your fellow people's statements are pure extreme statement මේ නිදහස ඔබේ ස්ර්වබලදරියගෙන් ඔබට තිබේද ?
    Yes Jesus said come & see

    So if you accept this marvelous statement of lord buddha you have respect other teachings too

    no one on earth can say "hey folks you have only my way but do not fellow any other's "

    Love one another :love: