සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    SUlanKedelNM.gif
    නියමයි නියමයි යාලුවා මේ ත්‍රෙඩ් එකට කවුරුත් පෝස්ට් දාන්නේ නැතුව මම මාර කම්මැලි කමේ හිටියේ තැන්ක්ස් ඔයාට:rolleyes::rolleyes::rolleyes:
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    නියමයි නියමයි යාලුවා මේ ත්‍රෙඩ් එකට කවුරුත් පෝස්ට් දාන්නේ නැතුව මම මාර කම්මැලි කමේ හිටියේ තැන්ක්ස් ඔයාට:rolleyes::rolleyes::rolleyes:
    ado mama puluwan hama welema daanawa harida? :frown:
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    නියමයි නියමයි යාලුවා මේ ත්‍රෙඩ් එකට කවුරුත් පෝස්ට් දාන්නේ නැතුව මම මාර කම්මැලි කමේ හිටියේ තැන්ක්ස් ඔයාට:rolleyes::rolleyes::rolleyes:

    :rofl::rofl::rofl:
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    පියවරුන්
    සුනිල් එදිරිසිංහ මහතා....

    වන්නී වන පෙතේ... ගම් දරව් පුරා

    නිවහන වන්ක ගිරි වගෙ
    වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්

    වන්නී වන පෙතේ... ගම් දරව් පුරා

    නිවහන වන්ක ගිරි වගෙ
    වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්

    කන්ට බෑ කියා තනිවම, එන්ට යෑයි කියා

    ගමටම බත් මුලක් නිතරම දන් දුන් පියවරුන් වෙතින්
    ජාතවී ඇතත් පූරුවෙ කරපු කරන ලද පවක් පලදී
    බින්න බැස ඇත නගරය අසල දූ පුතුන්

    වන්නී වන පෙතේ... ගම් දරව් පුරා

    නිවහන වන්ක ගිරි වගෙ
    වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්

    කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් සිත තුල

    මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත් පත කව්රුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්

    වන්නී වන පෙතේ... ගම් දරව් පුරා

    නිවහන වන්ක ගිරි වගෙ
    වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ
    සනත් නන්දසිරි මහතා

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...
    දුක සිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
    මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ...
    මා ගෙල වැලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ...

    අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...

    ගෙල වැලලූවොත් මගෙ මළ කද අම්මට පෙන්නන්න එපා...
    ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
    නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...

    දුක සිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ

    නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා

    මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
    කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
    මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙ පින් බර ස්වාමිනේ...

    දුක සිතිලයි මා හිර ගෙදට ආවේ පුතුගෙ මරණ දිනේ
    දුදනන් ඇසුරින් පර පන නැසුවත් නුබ මගෙ පුතුය අනේ...
    මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ....
     
    mara sindune machan uba dannd pisu hadenwa elakiri hode digatama danna
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    නියමයි නියමයි යාලුවා මේ ත්‍රෙඩ් එකට කවුරුත් පෝස්ට් දාන්නේ නැතුව මම මාර කම්මැලි කමේ හිටියේ තැන්ක්ස් ඔයාට:rolleyes::rolleyes::rolleyes:

    අඩේ, මමත් පුළුවන් වුන හැම වෙලේම පෝස්ට් එකක් දැම්මනෙ බන්, :frown::frown::frown:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    දිය කිඳුරිය සේ සාගරේ - එච්. ආර්. ජෝතිපාල

    දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ
    ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිවමැන ඔබ කවුදෝ ලඳේ

    දේහ ලතාවේ රූසිරු වරුණේ
    නොදැනී මේ නෙත යාවෙලා
    දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
    සැඟවේවා අද පාවෙලා
    ගිනි දැල් පරදා හසකැන් නැගුනා
    පෙම් ඇරයුම් ගෙන ආ නියා
    මනසේ ඇදුනා දෙනෙතින් රැඳුනා
    සිහිනය සේ නොපෙනී ගියා
    මේ දිවි ගමනේ, රන්ටැඹ ඔබ වේ
    උපදින සසරේ වසනා

    දෙදෙනා හමුවේ පෙරදා සසරේ
    උන්නා සේ මට ලංවෙලා
    සුපුරුදු සුවඳයි ඔබ ලඟ දැනුනේ
    කවුරුන්දෝ මේ රූපිකා
    හිරු දැක බිඳෙනා පිනි මල වාගෙ
    ඔබ ඇසුරෙන් වෙන්වී නොයා
    රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
    දෙදෙනා යමු පෙම් චරිකා
    තනිවෙමු ඔබ මා මේ සැනකෙළියේ
    ඔබටයි මේ පෙම් ගීතිකා​
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    කදුකරේ පෙම් කතන්දරේ
    Darmarathne brothers

    කදුකරේ... කදුකරේ
    කදුකරේ පෙම් කතන්දරේ
    කදකරේ... කදුකරේ
    කදුකරේ පෙම් කතන්දරේ

    තරුණයෙක් සිටි සිදාදියේ
    කදුකරේ වෙත පිටව ගියේ

    සද කැන් වැගිරෙන රාත්‍රියේ
    ඇවිදින්නට ආශාව ප්‍රියේ
    සද කැන් වැගිරෙන රාත්‍රියේ
    ඇවිදින්නට ආශාව ප්‍රියේ

    කදුකරේ.., පරිසරේ
    බෙදනවා සුව නිරන්තරේ
    කදුකරේ... පරිසරේ
    බෙදනවා සුව නිරන්තරේ

    කදුකරයේ පාළුව බිංදා
    කදු වැටි ඇගේ ගී රස වින්දා

    මිහිරක් කදුකරයට කැන්දා
    ගෙන එන ඇයගෙ නම නන්දා
    මිහිරක් කදුකරයට කැන්දා
    ගෙන එන ඇයගෙ නම නන්දා

    මිහිරියේ... ගැමි ලියේ
    කදුකරේ මන රාණියේ
    මිහිරියේ... ගැමි ලියේ
    කදුකරේ මන රාණියේ

    ලස්සන මල් ගොමු වැල් අස්සේ
    යයි කදුකර මාවත් ඔස්සේ

    අත් අල්ල කදු වැටි බැස්සේ
    ප්‍රේමෙන් උමතුව හැම තිස්සේ
    අත් අල්ල කදු වැටි බැස්සේ
    ප්‍රේමෙන් උමතුව හැම තිස්සේ

    කදුකරේ... කදුකරේ
    කදුකරේ රසයක් ඉතිරේ
    කදුකරේ... කදුකරේ
    කදුකරේ රසයක් ඉතිරේ
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලන්ද දිගේ හැංගි හොරා සැදෑ කාලයේ

    ලන්ද දිගේ හැංගි හොරා සැදෑ කාලයේ
    රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ
    ..................

    දෑත දරා පෙරදා කීව කතාවේ
    දෑස රැදෙයි තාම බැදීලා
    සීත රැයෙ හඩනා දැස ගියාවේ
    ඈත ඔබෙ ලෝකෙ සොයාලා
    ...............

    පාලු පැයේ මුමුනා ගීත ගැයේවා
    පාලු සිතේ ශෝක නිවාලා
    ජීවිතයේ තනිවී දෑත රැදේවා
    ආයේ ඔබේ දෑතේ බැදීලා
    ...............

    නන්දා පතිරන:)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පාලු අහස් කුස කොනකින්

    පාලු අහස් කුස කොනකින්
    මම තනි තරුවක් වෙන්නම්
    තරුව හඩන කදුලු බින්දු එපා පිසින්න
    ඒ කදුල නුබට පිලිකුල් වේවී
    .............

    සෙනෙහෙ නිමාවූ පසු.......
    තව කුමටද ඉකි බිද හඩා
    මියයන්නම් පැරදුම දෝත දරා
    අඩ සද බැසයන රැයකදී මා සමරනවද සැමදා
    ...........//

    සොහොන් කොතේ සුසානයේ
    ලා සද රැසි දිලිසේ
    හෙට මට හිමි ඒ බිම් කඩ වැලපේ
    සමු ගන්නනට සමු දෙනවද ඔයා
    සෙනෙහේ විමන් හැරදා
    ...........//

    ප්‍රියංක රණ්මන්ඩල
    :(:(:(:(