කි‍්‍රකට්

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා එලංගන්ත කණ්ඩායම අතර අද බි‍්‍රස්ටල් ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස - 20 ක‍්‍රිකට් තරගය ක‍්‍රිකට් ආරම්භ වීමට තවත් ඇත්තේ ස්වල්ප මොහොතක් වුවද මේ තරගයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කවුරුන්ද යන්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ඞී.එස්. ද සිල්වා මහතා තවමත් නොදන්නා බව වාර්තා වේ.

    ඒ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර ගුවන් විදුලි නාලිකාවක් අමතා මේ බව පැවසීය. සිල්වා මහතා අද තරගයේදී බොහෝ විට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වනු ඇතැයි එහිදී විශ්වාසය පළ කළේය. මේ වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය බංලකොලොත් වී ඇති බව ප‍්‍රසිද්ධ රහසක් වී ඇති අතර, එහි සිදුවූ ඇතැම් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ද ඞී.එස්. සිල්වා මහතා නොදැන සිටි බව ක‍්‍රිකට් කේෂ්ත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මේ වගේ පිස්සොත් එක්ක ගිවිසුම් ගහනවාට වඩා හොදයි නිකන් ඉන්න එක කියලා සංගාට මහේලට මාලිංගට හිතෙන්න ඇති:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ලංකාවේ ක්‍රික‍ටුත් ලගදිම ඉවර වෙයි වගේ :(:(:(
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    තමා ලද අත්දැකීම සෙසු කී‍්‍රඩකයන්ට පාඩමක්

    වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමේදී තමන් ලැබු අත්දැකීම් සියලූ ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට හොඳ පාඩමක් වනු ඇතැයි, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක උපුල් තරංග පවසයි.

    ඔහු මේ බව පැවසුවේ, තහනම් උත්තේජක ලබා ගැනීමේ චෝදනාව මත තුන් මසක තරග තහනමක් ලැබීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

    තරංග සිද්ධිය සම්බන්ධයෙන් සියලූ ක‍්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටියේය.

    වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමේදී සැලකිලිමත් වීමේ වැදගත් කම තමන් මුහුණ දුන් සිදු වීමෙන් තහවුරු වන බවද ඔහු කීය.

    ඉකුත් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත ශ‍්‍රී ලංකා අවසන් පුර්ව තරගයෙන් පසුව කළ මුත‍්‍රා සාම්පල පරීක්ෂාවේදී උපුල් තරංග තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු විය.

    ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ තහනම් උත්තේජක චෝදනාවකට ලක් වී දඬුවම් ලද පළමු ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් කී‍්‍රඩකයා උපුල් තරංගයග

    මෙම වරද උපුල් හිතාමතා කළේ යැයි තමන් නොසිතන බව අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ ප‍්‍රධාන විධායක නිලධාරී හරූන් ලෙගාඞ් මහතා පසුගියදා පවසා තිබිණි.

    ඔහු පෙන්වා දෙන්නේ, අන්තර් ජාතික ක‍්‍රිකට් නීතිය අනුව උපුල් තරංග තරග තහනමක් පැනවීමට සිදු වු බවය.

    තරග තහනමට එරෙහිව අභායාචනයක් ඉදිරිපත් කිරිමට තරංගට දින 21ක කාලයක් ඇතැයි, අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබේ.:(:(:(:(:(:(:(:(:(:(:(
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    කෙහෙලියගේ පුතාට හෙට අනිද්දට කැප්ටන් කම දුන්නත් පුදුම වෙන්න දෙයක් නැතිවෙයි අපිට:frown::frown::frown: