සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සෙනෙහසකට අරුතක් පුරවන්නට - අසංක ප්‍රියමන&#3530

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා...
    වෙරළේ රල මැන්නා...
    සීමාවක් මායිමක් නැතයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනි වී...

    කැකුලක් සිඳුනෙන් හදවත පිපුනූ
    කඳුලෙන් කටු මත විෂ තිබුණා...
    බිඳුනොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැලළක් මතු වී පෙනෙනා...

    පවකින් පෙර අත් භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා...
    මගෙ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ

    අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ
    අනාගතය ලියා තබමි ඈත සොදුරු ආකාසේ
    .......................................

    චන්දන සුවදින් නැහැවී හිමකත වන අරන තුලින්....//
    ඔබ් මෙහි එන සිහින වලා ඉහට උඩින් ඇත ඉහලා
    .......................................

    සතුටු සුවය තුරුලු කරන් නිදානයක රුවන් දොරින්...//
    හෙට උදයම මගෙ කුටියට එනු මැන තනිකම පිසදා

    ශ්‍රීමතී තිලකරත්න
    :)
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    saman de silva
    පුංචි කුරුලු කූඩුවේ


    පුංචි කුරුලු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ
    එපා මුගුරු විසි කරන්න නිකන් ඉදින් යාළුවේ

    පුංචි කුරුලු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ
    එපා මුගුරු විසි කරන්න නිකන් ඉදින් යාළුවේ

    ගසේ හොදම තැනක් බලා උන් කූඩුව හැදුවේ
    දරු පැටවුන් රෑක ගන්නයි මේ ලෙස දුක් වින්දේ
    කිචි බිචි ගා පුංචි පැටව් ගීයක් රස කෙරුවේ
    මොකො යාළු අනේ උන්ට ගල් කැට විසි කෙරුවේ

    පුංචි කුරුලු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ
    එපා මුගුරු විසි කරන්න නිකන් ඉදින් යාළුවේ

    පුංචි කුරුලු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ
    එපා මුගුරු විසි කරන්න නිකන් ඉදින් යාළුවේ

    නුබේ ගලක් වැදුන සැනින් කූඩුව යයි කැඩිලා
    පුංචි පැටව් බිම වැටුනොත් අත් තටු යයි කැඩිලා
    මැරි ගියොත් පැටවුන් ටික කුරුලු මව්න් දැකලා
    ඇගේ පපුව පැලී හැලෙයි ලේ ගංගා ගලලා

    පුංචි කුරුලු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ
    එපා මුගුරු විසි කරන්න නිකන් ඉදින් යාළුවේ

    පුංචි කුරුලු කූඩුවේ උන් ඉන්නවා පාඩුවේ
    එපා මුගුරු විසි කරන්න නිකන් ඉදින් යාළුවේ
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා...
    වෙරළේ රල මැන්නා...
    සීමාවක් මායිමක් නැතයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනි වී...

    කැකුලක් සිඳුනෙන් හදවත පිපුනූ
    කඳුලෙන් කටු මත විෂ තිබුණා...
    බිඳුනොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැලළක් මතු වී පෙනෙනා...

    පවකින් පෙර අත් භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා...
    මගෙ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා...

    andena song ekak .. !!!
    maxa ..
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    රන් මලක් ලෙස දෙව් බබුන් දෝතින් පිදූ මේ පින් බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
    නෙත් පුරා එක හීනයෙ මුළු ලෝකයා නිදනා රෑයේ
    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ

    ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දාර වැද රණ මතින්
    පෑ විකුම් දැක දෑ බැතින් මිස අත් මුදුන් දෙති පිය වරුන්
    මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
    තුන් හෙළෙ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්

    රන් මලක් ලෙස දෙව් බබුන් දෝතින් පිදූ මේ පින් බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
    නෙත් පුරා එක හීනයෙ මුළු ලෝකයා නිදනා රෑයේ
    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ

    මව් කුසින් නොව මිහි කුසින් සිරි ලක උපන් විරු දරුවනේ
    අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ
    නෑසියන් සොයුරන් ඔබෙ අද දූ පුතුන් හැම මේ බිමේ
    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ

    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ

    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
     

    SLSUN

    Member
    නියමයි මහේෂ් අයියා
    000204AE.gif
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ නාවොත් හෙට උදෑසන අරන්
    මට රැය විතරයි අයිති නොරිකො සං

    රැය හරිම දිගයි දෙවෙන්දොරා සං
    මට එන්න හිතයි ඔබ සොයා ඉතින්


    මගේ කඳුළු බිඳු පෙමට පෙරළමින්
    ඔබ උන්නු දවස් මතකයි ද කියන්

    ඒ අතීතයම හදවතේ ඉඳන්
    මට රිදවූ හැටි ඇවිත් කියන්නම්


    සිහිනයක් නැති අන්දකාරයෙන්
    නෙතු පියාගන්න අවසරයි ඉතින්

    හෙට උදේ ඇවිත් හැම කඳුලම මං
    යළි ආදරයට පෙරළා දෙන්නම්//

    සහේලි ගමගේ/කසුන් කල්හාර

    Saheli Rochana Gamage,Kasun Kalhara-Norikosan(Oba Nawoth Heta).mp3


    :dull: මං ආසම ගියක්.

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දෙමග දෙතැනක බව සැබැයි
    අප වෙන්වෙලා දිගුකල් තමයි
    වෙන් නොවී හිත යටට වී සැඟවී
    තාම ඔබ ඇවිදින හැඩයි

    වසත් සඳ දැල්වී මැදුරු දොර
    එකම සැණකෙළියයි
    නොපෑයූ තරුවේ එලිය ඔබ
    එයම හිත කලඹයි
    හිතට හරි පුදුමයි

    වසන්තය පලදා උයන් තෙර
    කුසුම් වැසි සමයයි
    වියෝවූ කුසුමේ සුවඳ ඔබ
    එයම හිත කලඹයි
    හිතට හරි පුදුමයි

    සමන් ප්‍රියන්කර
    ගී පද - රවී සිරිවර්ධන


    Saman Priyankara-Demaga Dethanaka.mp3

     

    SLSUN

    Member
    ඇද රැදුන රැදුන තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතකනැති වුනා.....

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැඩි තැවි තැවි මුලු රැය පහන්කලේ...........

    රෑ කවුද හෙමින් එලැඹී මගේ කනට මුවතියා
    මින්දදගෙ දුන්නෙ මලිහී අහකැයි කියා ගියා ...........

    වැසු විමන් පියන් පියවා සගවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි......

    J A මිල්ටන් පෙරේරා

    image.php

     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    උකුලට නාවත්


    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ

    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ

    කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ
    රෑ දහවල් මට සෙවනැල්ලක් වේ සුවද ඔබේ අම්මේ
    මා ඔබ ලග අම්මේ

    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ

    අත පය දැඩිවී වැඩිහිටි වූ මා ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙනි දිය රෑසි දහරේ මතු මතු දා අම්මේ
    මා ඔබ ලග අම්මේ

    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ

    මා ඔබ ලග අම්මේ
    මා පොඩි පුතු අම්මේ
    මා ඔබ ලග අම්මේ
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සමනලියා මනලොලියා

    සමනලියා මනලොලියා
    සුකුමලියා පා මුදු දා
    පායාලා පාට සලු පලදලා
    සද නැගෙනා වේලාවේ කොහෙද ගියේ

    සුරූපී කුමාරී
    සිනාසි පාන ඔබරි ලතාවේ
    රෑයාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා
    යහනාවේ පාලු මගහරවාලා
    ................

    විදාලූ සරාගී හිනාවේ
    හීය සිත බැදුනාදෝ
    රෑයාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා
    යහනාවේ පාලු මගහරවාලා

    ආත්මා ලියනගේ
    :):):):)
     
    Last edited:
    • Like
    Reactions: fox

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ

    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක කෝවිල පුරුදු ඇති මට
    සුසුම් සුවද දැනුනා.........
    දැනුනා.........මට සුසුම් සුවද දැනුනා
    ........................

    පෙර කිසි දා ඔබ හමුවී නැති බව
    ඉදුරා කියත හැකි
    හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
    යුගයක වෙන්න ඇති
    .....................
    යුගයක් වෙන්න ඇති

    භවයෙන් භවයට පැතුම් පතාගන
    ඔබ මා ආවාදෝ
    ඉසුරුමුනියෙහි පෙම් දැහැන රකින්නට
    අප මෙහි හමුවීදො
    ................
    අප මෙහි හමුවීදො

    අසංග ප්‍රියමන්ත:)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    විහගක වී ඔබ මා වෙත අවුදින්

    විහගක වී ඔබ මා වෙත අවුදින්
    අත්තටු සිද ගත්තා....
    එනමුදු අද දින නව අත්තටු ලැබ
    රිසි සේ පියබනවා ....මට උනුසුම දෙනවා
    .................................

    සිටු සැප බුදිමින් පාවී ගිය ඔබ
    වැටුනේ අහසින් මේ මහ පොලවට
    දුක මිහිරියී කියලා සිනාසුනේ ඔබ
    ගන නිල් අදුරේ රන් එලි වැට විලා
    ...............................

    කනමැදිරින් එලි ගෙන එහෙමෙහෙ යන
    රෑ ගොම්මන ඉදි කඩුල්ල පැන එන
    මගෙ දාහය නිවලා පුරුදු හිනාවෙන්
    එනු මැන සසරේ තනිකම මගහැරලා

    අබේවර්දන බාලසුරිය:rolleyes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා

    ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා
    හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා
    ...................

    පුරුදු ලෙස මා ඔබ දකින්නට
    පැමින මංගල සිරියකි දුටුවේ
    සබෙ කිසිවෙකු ඉබේවත් නැත
    ඇසක් මා දෙස යොමා බැලුවේ
    කිමද මෙ අරුමේ ................
    මට නොහැගෙයි ප්‍රිය ලදුනේ
    ...............

    සොදුර හෙට අප අලුත් ලොවකට
    පා නගන්නට සැරසෙන අතරේ
    කෙසේ මා දුටු එවන් සිහිනය
    මෙසේ අද මා සිතට වද දේ
    කිමද මෙ අරුමේ .................
    මට නොහැගෙයි ප්‍රිය ලදුනෙ

    හෙන්රි කල්දේරා