හුචක්කුවා
Source :-
Code:
http://lankacnews.com/sinhala/main-news/%E0%B7%84%E0%B7%94%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%8F
කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සරත් විජේසූරිය නම් මහත්මයෙකු පසුගිය දා එක්තරා වැඩසටහනකට සහභාගී වෙමින් එක්තරා කථාවක් කලේය….ඔහු කිසියම් පන්ති ව්‍යුහයක් තුළ හමුවන “ගෘහණිය, රැකියාවේ නියුතු බිරිඳ, මව” යන මේ සමාජ සෙග්මෙන්ටයන් “අධි සාමාන්‍යකරණයට” ලක් කරමින්, ඔවුන්ගේ පිරිසිදු කම ගැන කරන දෙසුමකදී, ඔවුන් අතර ජනප්‍රිය “රාත්‍රි ගවුම” අපූරු නමකින්, එහි පැවැත්ම අනුසාරයෙන් හඳුන්වා දුන්නේය…ඔහු ඒ සඳහා යොදාගත් නම “හුචක්කුව” යන්නයි…
මෙය, “පිරිසිදුව” ඉඳීම සඳහා දෙන පණිවිඩයක් වුවද, උවමනාවෙන් හෝ නොදැනුවත්ව, එය ලිංගිකත්වය ඉස්මතු වන “සෙක්ස්” උපදේශණයක් දක්වා ගොස් ඇත…එම ප්‍රකාශයෙන් පසුව, එකී ආචාර්ය වරයා පොතක් අතට ගෙන කියන “හිනා වීම්, හැපීම්, තුරුල් කර ගැනීම්” ආදී දේත් සළකා බලන කල, ලිංගිකත්වය සඳහා සබාවේ ඉන්නා අයට මීළඟට බෙහෙවින්ම උපදෙස් ලැබෙන්නට ඇතැයි සිතිය හැක…
මේ කථාව හරි ආතල්ය…විශේෂයෙන්ම, පිරිමි අපිට පට්ටම ආතල්ය…මගේ මිතුරෙකු විසින් මේ වීඩියෝ පටය මට සපයා දුන් විට මම එයට “මේක පට්ට” කියා කමෙන්ට් කළෙමි…එහෙම කලේත්, “පුරුෂෝත්තම වාදී” සමාජයක උස් මහත් කරවූ පිරිමි දරුවෙකු වන මට, ඒ කථාවේ වාසි පැත්ත ඇති හෙයින්, ආතල් වැඩි කමටය….ලිංගිකත්වය පදනම් කරගෙන කරන ප්‍රකාශයන් වල, හෝ ඊනියා ලිංගික උපදේශනයන් වල වැඩි වාසිය කොහොමත් අත් වන්නේ පිරිමින්ටය…මක් නිසාද යත්, ශුක්‍ර වේගය සමඟ පිරිමියාට දැනෙන ලිංගික සංසර්ගයක අවශ්‍යතාවය, ගැහැණියට දැනෙන එම අවශ්‍යතාවය මෙන් 8 ගුණයක් වන නිසාය…( Sexual Impulse and Urge of A Human Male is 8 times of, that of a female counterpart)…මේ නිසා, ලෝකයේ ඕනෑම රටක, ඕනෑම තැනක “සෙක්ස්” ගැන උපදෙස් දෙනවා නම්, එහි වාසිය පිරිමියාට නිතැනින්ම හිමිවේ…ඒ නිසා අපිටත්, කාන්තා පාර්ශ්වයේ අයට මෙවැනි උපදෙස් “පිරිසිදු” කම මුවාවෙන් දෙන විට මාරම ආතල්ය…
නමුත් වතාවක් බලා, මේ ගැන තරමක් ගැඹුරින් කල්පනා කොට, දෙවනි සහ තෙවනි වතාවටත් කථාව ඇසීමේදී, අර මුලින්ම එය අසන විට මා කුල්මත් කරවූ “කොලු කමේ ආතල් එක” ටික, ටික අඩුව ගොස්, එම කථාව මොන තරම් පිළිකුල් සහගත එකක්ද යන්න හැඟෙන්නට වූයෙන්, ඒ ගැන තව දුරටත් වෙනත් මානයක් ඔස්සේ කල්පනා කළෙමි…දින කිහිපයක් තිස්සේ, මේ වීඩියෝව අන්තර්ජාලය තුළින් සහ සමාජ වෙබ් අඩවි ඔස්සේ අපට මුණ ගැසෙන වාර ගණන වැඩි වෙන්නට පටන් ගති…ඒ, මට මෙන්ම මේ කථාවේ “පට්ට” භාවය හා “ආතල්” රසය දැනුණ තවත් ඇත්තන් ඒ වීඩියෝව වැඩි වශයෙන් සමාජ ගත කරන්නටම වෙර දරා තිබුණු නිසාය…මෙන්න මේ ගැන සිතන විට, ඒ ගැන යමක් නොලියා බැරි බව කල්පනා විය…
මේ කථාව එතුමා බෞද්ධ සමාජයක් හමුවේ කිව්වාදැයි නොදනිමි..ඉහ වහා ගිය අපිරිසිදු කමකින් යුතුව ජීවත් වෙන ඇතැම් පිරිස් අප රට තුල සිටිතත්, බොදු ජනතාවට පිරිසිදු කම ගැන අමුතුවෙන් කියා දිය යුතු නැත්තේ, බුදු රජාණන් වහන්සේම “ගිහි විනය” තුළ එය මනාව විග්රහ කොට ඇති නිසාය…නමුත්, බුදු පියාණන් වහන්සේ, බෞද්ධ කාන්තාවට “මේවා අඳිව්!” කියා වස්ත්‍ර නියම කොට, ඔවුන් “වස්ත්‍ර-දණ්ඩනයකට” යටත් කරන්නට ගියේ නැත…එනිසා පිරිසිදුවට, අවශ්‍යය නම් නව විලාසිතාවකට, හොඳින් විලි වැහෙන ඕනෑම වස්ත්‍රයක් ඇඳ සිටීමේ අයිතිය, බොදු සමාජය විසින් එහි කාන්තා පාර්ශවයට ප්‍රධානය කොට ඇත….
පිරිසිදු කමට සිටීම නම් අනිවාර්ය සාධකයකි…එය නොමැති නම් පවුල් අවුල් වන එක පමණක් නොව, ජීවිතය පවා අකල් මරණයකින් කෙළවර විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත…මෙහි ඇති දෝෂය එය නොවේ…පිරිසිදුව සිටින්න යැයි කීම “මෙතරම් සාහසික හාස්‍ය ජනනයකින්” කීවේ ඇයි? එය කෙතරම් පහත් ද යන්න මෙම සමස්ථ ප්‍රකාශයේ දෝෂය වන්නේය…
උන්මත්තකයෙකු හෝ උපන් ගෙයි කම්මැලියෙකු හැර, වෙන කිසිම කෙනෙකු අපිරිසිදුව ඉන්නට කැමති නැතැයි සිතමි…ඒ නිසා “සිය කැමැත්තෙන් අපිරිසිදුව ඉන්නෝ” ඉතාම අඩුය…කාන්තාවගේ, ගෘහණියගේ, ඒ කථා ප්රස්තුතයෙන් පහර වදින මවගේ, බිරිඳගේ “නයිටියේ” කිළුටු තැවරී තිබීම ගැන ඒ තරම් සාහසික ලෙස, ඇයව සමාජ හාස්‍යයට ලක් කරන මොහු, ඒ “නයිටියේ” කුණු තැවරෙන්නේ ඇයිද? යන්න මොහොතකට වත් හිතා බැලුවාදැයි නොදනිමි..එහෙම හිතා බැලුවා නම් මෙහෙම අපහාස මුඛයෙන් කථා නොකරනු ඇත….
අප ඉහත දී කී පරිදිම, ඔළුවේ අමාරුවක් නැති මෙලොව කිසිදු ගැහැණියක්, වුවමනාවෙන් අපිරිසිදුව ඉන්නේ නැත…ඇයගේ නයිටියේ කිලුටු තැවරෙන්නේ, ඇය උදෑසන යාන්තම් හිරු කෙඳි සමඟ අවදි වී, රාත්‍රියේ මධ්‍යමයත් පසු වන තෙක්, නොනවත්වාම කර ගසාගෙන යන “යාන්ත්‍රික සමාජයේ මාතෘ වගකීම්” නිසා නොවේද? ඇය උදෑසන ඉවුම්, පිහුම් කරන්නට නැඟිටින්නේ කීයටද? දරුවන්, සැමියා නිවසින් පිටව ගිය පසුත් ඇයට නිදහසක්, නිවනක් තිබේද? තම වස්ත්‍රය අපිරිසිදු බව ඇය නොදන්නවාද? නැත්නම් ඒ ගැන ඇයට වැටහීමක් නොමැති වෙන තරම්ම වේගයෙන් ඇය සමාජයට යුතුකම් ඉටු කරමින් දුවනවාද?…
Last edited by a moderator:
rep added ++ thwa parak kiyawanwa
nice post
මේක මම සයිට් එකක් දැකලා අපේ අය එක්ක බෙදා ගන්න දැම්මේ......
අපේ ටින් ටින් ගොයියා පොඩි එඩිට් පාරකුත් දාලා තියෙන්නේ....
nikamate ahanne....
කනට ඊයම් දානවා වගේ ඈති...