සහෝදරී.. එයාල කියන්න හදන්නෙ මේකයි. කුලය නිසා කෙනෙක් වෙනස් වෙනව කියන එක නෙවෙයි. නමුත් සමහර වෙලාවට ඉන්න පරිසරය, හිතන විදිය ඒ නිසා වෙනස් වෙනව කියලා. මම කොලඹයි මාතරයි දෙකේම හැදුන කෙනෙක්. කොලඹ ඉන්නකොට කවුරුවත් කාගෙවත් කුලය දන්නෙ නෑ. ඒක හොයන්නත් බෑ. ඒකෙන් කාටවත් ඇති වැඩකුත් නෑ. කිසිම කෙනෙකුගෙ කිසිම දෙයක් ඒකෙන් වෙනස් වෙන්නෙත් නෑ. ඒත් මාතර ඉන්නකොට මම දැක්ක දේවල් වෙනස්. එතනදි ගොඩක් ගම්වල මිනිස්සු හිතන විදිය, හැසිරෙන විදිය ඒකෙන් වෙනස් වෙනව. ඒ කාගෙවත් කුලේ අඩු නිසා නෙවෙයි. සාමාන්‍යයෙන් එක තැන, එක ගමක ඉන්නෙ එක කුලයක කට්ටිය. එතකොට එයාලට ආවේණික හැසිරීම් රටාවක්, ජීවන ක්‍රමයක් තියෙනවා. ඒකට සමහරවිට වෙන කෙනෙකුට හැඩ ගැහෙන්න අමාරු වෙන්න පුලුවන්. (උදාහරණයක් හැටියට වෙරලබඩ සමහර ගම් වල ඉන්නෙ යම් කුලයක කට්ටිය. එයාල කතා කරන, හිතන විදිය ටිකක් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම ඒ විදියට වෙන කෙනෙකුට එතනට ගිහින් හැඩගැහෙන්න, ජීවත් වෙන්න අමාරු වෙන්න පුලුවන්.) ගමක වගේ සංවෘත පරිසරයක හැමෝම හැමෝවම අඳුරනවා. එතකොට පුරුදු පරිසරයෙන්ම කෙනෙක් කසාද බැඳල ඉන්න එක ලේසියි, පිට ගම් කාරයෙක්ට, වෙනස් විදියට හැදුන කෙනෙක්ට ඒ ගමේ මිනිස්සු එක්ක මුහු වෙන්න අමාරුයි. සමහර පලාත් වල ජීවත් වෙනකොට ඒවත් වැදගත් සාධක.
හැබැයි මේක බලපාන්න්නෙ තමන් ඉන්න තැනේ හැටියට. මම කලින් කිව්ව වගේ කොලඹ වගේ තැනක ඉන්න කෙනෙකුට ඕක මතක් වෙන්නෙවත් නෑ. මාත් personally කුලේ ගැන හිතන්නවත් කැමති නෑ. නමුත් සමහරුන්ට තමන්ගෙ පසුබිමේ හැටියට ඕක අවශ්‍ය දෙයක් වෙන්න පුලුවන්. (මම කැමති කොලඹ කෙනෙක් බඳින්න. ඒකෙන් කියවෙන්නෙ නෑ නෙ මම පිට පලාත් වල අයව පහත් කරල සලකනවා කියලා. මම ජීවත් වෙන්න කැමති කොලඹ. අනික මම හිතන විදියට, හැදුන විදියට මට වැඩියෙන් ගැලපෙන්නෙ කොලඹ කෙනෙක්. නැතුව අනික් පලාත් වල මිනිස්සුන්ගෙ අඩුවක් නෙවෙයි.)