මාළු_ලෑල්ලක්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

    animated%20line%20green.gif
    animated%20line%20green.gif


    ලංකාවේ එක එක ටැලන්ට් තියෙන පොරවල් ඉන්නවනේ, ඔන්න එක පොරක් ඉන්නවලු ඕනෑම ලී ජාතියක් අතින් අල්ලන්නෙවත් නැතුව සුවඳ විතරක් බලලා හරියටම ලී ජාතියේ නම කියන.

    දවසක් කොල්ලො සෙට් එකක් පොරට වැඩක් දෙන්න සෙට් වෙලා පොරවත් එක්කගෙන ඇවිත් ඇස් දෙකත් බැදලා එක එක ලී ජාති පොරට දෙනවලු. පොරත් ඒ ලී අතින්වත් අල්ලනෙ නැතුව එහෙට මෙහෙට හරවන්න කිය කිය සුවඳ බලලා මේක කොස්, මේක පොල්, මේක දෙල් කියලා හරියට නම් කියනවලු, දැන් කොල්ලන්ට මාර කෙස් එකලු, මොන ලී ජාතිය ගෙනාවත් මේ යකා හරියටම නම කියනවලු,

    ඔන්න ඉතින් කොල්ලො සෙට් එක ටිකක් එහාට ගිහින් කුටු කුටු ගාලා මොනවද කතා වෙලා එක කොල්ලෙක් යන්න ගියාලු. ටික වෙලාවකින් අර කොල්ල ලස්සන කෑල්ලක් (ඒ කියන්නෙ ගැහැණු පරානයක්) අරගෙන ඇවිත් අර පොරට කිව්වලු ඔට්ටුයි මේ ලී ජාතියෙන් නම නම් කියන්න බැහැයි කියලා.

    පොරත් ඉතින් නොන්ඩි හිනාවක් දාලා මම නොදන්න ලී ජාතියක් මේ ලොකේ තියෙන්න කොහොමද කියලා ටිකක් කිට්ටු වෙලා සුවඳ බැලුවලු, ටිකක් අප්සෙට් වගේ නිසා අනිත් පැත්ත හරවන්න කිව්වලු, එත් ටිකක් අවුල් වගේ නිසා අපහු කලින් පැත්තම හරවන්න බලලා, මේකනම් ලීයක් වෙන්න බැහැ කියලා කිව්වලු, එත් කොල්ලො සෙට් එකම කිව්වලු නැහැ නැහැ ඔක ලීයක්ම තමයි කියලා, ඊට පස්සෙ අපහු අර පොර එහෙට මෙහෙට හරවන්න කිය කිය සුවඳ බලලා පස්සෙ ටිකක් කල්පනා කරලා කිව්වලු, මට ලී ජාතියනම් හරියටම කියන්න අමාරුයි එත් මාළු ලෑල්ලක් ලැට් දොරකට ගහලා තියෙනවා, අන්න ඒ ලැට් දොර තමයි මේ ගෙනත් තියෙන්නෙ කිව්වලු
    :lol::lol::lol:

    animated%20line%20green.gif
    animated%20line%20green.gif


    සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     
    Last edited: