කටට රහට උයමු.....කිඹුළා බනිස් - EK cookery class(6)
ගෙදරදීම කිඹුළා බනිස් හදමු......!!!
හුග දෙනෙක් පී එම් කරලා අහනවා "මොනව හරි හැදුවේ නැද්ද බං?" කියලා........මේ සති අන්තයේ අපේ පොඩි එකාට කිඹුළා බනිස් කන්න හිතිලා නාහෙන් ඇඩුව නිසා කිඹුළා, කිඹුළ බනිස් හැදුවා....
අවශ්‍ය ද්‍රව්‍ය.
අවශ්‍ය ද්‍රව්‍ය තිරිගු පිටි කි. 1ක් සදහාය. අඩුවෙන් ගන්නා විට අනෙකුත් කළමණා ද ඒ පරිමානයෙන් ම අඩු කැර ගන්න. මා මෙහි දී භාවිතා කොට ඇත්තේ පිටි ග්‍රෑම්ස් 300කි. එයින් කිඹුළන් 8 දෙනෙකු සැදිය හැකිය.
1. තිරිගු පිටි කි.1
2. යීස්ට් ග්‍රෑම්ස් 8
3. සීනි ග්‍රෑම්ස් 200
4. මාගරීන් ග්‍රෑම්ස් 100
5. කිරි පිටි ග්‍රෑම්ස් 50
6. ලුණු ග්‍රෑම්ස් 12
7. බිත්තර 1ක්
සාදන ක්‍රමය
පිටි, යීස්ට්, සීනි ග්‍රෑම්ස් 100ක් සමග හොදින් මිශ්‍රකැර ගන්න.
A. මෙයට ජලය මදක් එක්කර අතේ නොඇලෙන ප්‍රමාණයට ආපසු විනාඩි 5ක් පමණ අනාගන්න.
B. මෙයට මාගරීන් එක් කර විනාඩි 10ක් අනා ගන්න.
C. මෙයට ලුණු එක්කර තවත් විනාඩි 10ක් අනා ගන්න.
D. අනාගත් පිටි මෝලිය පිපෙන්නට විනාඩි 20ක් පමණ තබන්න.
E. මෙයට කිරිපිටි, ඉතිරි සීනි ග්‍රෑම් 50ක් පමණ සමග ගසා ගත් බිත්තරය එක්කර, දියාරු ගතිය වැඩි නම් තව පිටි ටිකක් ද මිශ්‍රකර විනාඩි 10ක් අනා ගන්න.
F. මෙය නැවත විනාඩි 20ක් පමණ පිපෙන්නට තබන්න.
G. මෙම මිශ්‍රණය ග්‍රෑම් 50ක කැබලි වලට කඩා ගෙන රෝලින් පින් එකකින් එක් පැත්තක් ටිකක් දිගට සිටින සේ තුන් හුලස් ආකාරයට තුනී කර ගන්න.
H. කොට පැත්තේ සිට මෙම තුන් හුලස් පිටි කොටස රෝල් කරන්න. "එතූ" කිඹුළා මෙලෙස දිස්වේ. (මචංලා මම මේ කිඹුළෙක් එතුවේ අවුරුදු 15කට විතර පස්සේ........දැන් නම් අර නියම හැඩයට එතීමේ හැකියාව බැහැල තියෙන්නේ, සොරි වෙන්න ඕන ඒකට නම්....!!!)
මෙම "එතූ" කිඹුළන් අතර ඉඩ සිටින පරිදි මාගරීන් ගෑ තැටි වල තබා, පැය 1 1/2 - 2ක් පමණ පිපෙන්නට හරින්න.
පිපුණු, බේක් කිරීමට සුදුසු කිඹුළන් මෙලෙස දිස්වේ............
සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයක විනාඩි 20ක් පුළුස්සා "කිඹුළන්" එලියට ගන්න.
ඉතිරි සීනි ග්‍රෑම්ස් 50ට වතුර ඉතාම ස්වල්පයක් එක්කර, එම සීනි මිශ්‍රණය කිඹුළන් මතුපිට ට වක්කරන්න.
නැවත සීනි ආලේප කළ කිඹුළන් විනාඩි 10ක් පමණ පුළුස්සා ගන්න.
නියම පදමට පැමිණි කිඹුළන් මෙලෙස දිස්වේ........
මෙයට පසුව කළයුතු දේ කිව යුතු නැතැයි සිතමි........!!!!!!!

හදල බලනකං බම්ප් දාන්න....හදලා පින්තූරයක් දැමීම මට කරන ගෞරවයක් සේ සළකමි.