Common Skin disorders & Treatments

Jun 8, 2011
199
40
0
එලකිරි එකේ තෙල් බෙහෙත් වෙලෙන්දෝ ෆාමසිකාරයෝ හමේ ලෙඩ ගැන එක එක විදියේ ගොඩ බෙහෙත් කියලා ත්‍රෙඩ් දාලා තියෙනවා දැක්කමයි මේ ත්‍රෙඩ් 1 දාන්න හිතුනේ.:no::no:
නැතුව අපේ තාත්තාවත් මමවත් මගේ පවුලේ කිසිම කෙනෙක් වත් චර්ම රෝග පොලවල් කරන්නේ නෑ:rofl::P

ඩිස්ක්ලේමරය

මුලින්ම කියන්න ඕන එක එක ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් අරගෙන හොදට තියෙන මූණ/හම නාස්ති කරගන්න එපා. එක් එක්කෙනාගේ හමේ ස්වභාවය, හමේ රෝගයේ තත්වය වෙනස්. ඒ වගේම සාමාන්‍ය පොලක් කරන වෛද්‍යවරයෙක්ට වුනත් ගොඩක් කොමන් හමේ ලෙඩ අදුරගන්න අමාරු වෙන වෙලාවල් තියෙනවා.ඒ නිසා හමේ ලෙඩකට බෙහෙත් ගන්නවා නම් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව සුදුසුකම් තියෙන චර්මරෝග කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් ම බෙහෙත් ගන්න.

ඉන්නන් ( viral warts)
th.5579f59984.jp

wart-c2.jpg


332uhs0.jpg

මේවා හැදෙන්නේ HPV (human paiploma virus )කියන වෛරසයෙන්. ස්පර්ශයෙන් බෝ වෙන්න පුලුවන්. ඒ වගේ ම එක ඉන්නෙක් ඉන්න කෙනෙක් ඒ අවට කැසුවොත් ඒ කසන පාර දිගේ අලුත් ඉන්නන් ඇති වෙනවා. (koebner phenomenon ) ඒක නිසා එක ඉන්නෙක් ඉන්නවා නම් ඒ අවට කසන්නේ නැතුව වහාම ප්‍රතිකාර ගන්න එක නුවණට හුරුයි
.
මේකට ප්‍රතිකාර විදියට cryotherapy , electrical cauterization සහ tropical applications ලබා දෙනවා.
1. cryotherapy - liquid nitrogen භාවිතයෙන් ඉන්නන් ඉවත් කරනවා.
2. chemaical cauterization - කෙරටින් ඉවත් කරන කෙමිකල් භාවිතයෙන් (keratinolytic agents) ඉන්නන් ඉවත් කරනවා.
3. tropical applications - ඉන්නන් මත කෙරටිනොලිටික් ක්‍රීම් ආලේප කිරීම ( මේවා සැලිසිලික් අම්ලයේ ව්‍යුත්පන්න )

ඉහත 1,2 කියන ප්‍රතිකාර ක්‍රම දෙක නොමිලේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වලින් ලබා දෙනවා. පැයගණන් යන්නෙත් නෑ. විනාඩි 15කින් විතර ඉවර වෙනවා
ඒක නිසා ඉන්නන් ඉන්නවා නම්, ලගම තියෙන ඉස්පිරිතාලේ චර්ම රෝග සායනයට යන්න.

DPN- Dermatosis Papulosa Nigra

DPNs_BEFORE.jpg

dermatosis_papulosa_nigra.jpg

මේක නම් විශේෂයෙන්ම ගෑනු ලමයින්ට තියෙන ප්‍රශ්නයක්. ගොඩක් ගෑනු ලමයි මුහුනේ එන කලු පාටට හුරු අල්පෙනෙත්ති තුඩක් වැනි පොඩි ඩොට් කණ්ණාඩියෙන් දැකලා ඉන්නෝ ඇවිත් කියලා බය වෙනවා. බය වෙන්න දෙයක් නෑ. මේවා ඉන්නෝ හෝ වෙනත් රෝගයක් නෙවෙයි. හමෙන්ම එන overgrowths. මේවයින් අපිට හානියක් නොවුනත් බියුටි කචල් ගැන සැලකිලිමත් වෙන අයට නම් හිතට කරදරයක්. මේකත් ඉතාම පහසුවෙන් ඉවත් කරන්න පුලුවන්. electric cauterization කියන ක්‍රමය තමයි යොදා ගන්නේ. විද්‍යුතය භාවිතයෙන් අදාල skin tag එක ඉවත් කරනවා ( කරන්ට් එකෙන් පුච්චනවා කියන්නේ මේකට තමයි :P )

 
Jun 8, 2011
199
40
0

acni vulgaris (කුරුලෑ )
මේක නම් හැමෝම දන්න, හැමෝම කතා බහ කරන, තෙල් බෙහෙත් කාරයෝ ගොඩ බෙහෙත් කරන හමේ රෝග තත්වයක්. මුලින්ම කුරුලෑ ඇති වෙන විදිය දැන ගන්න එක හැමෝටම හොදයි.
ඒකට මෙන්න මේ හමේ හරස්කඩ දිහා පොඩ්ඩක් බලන්න.

crosssection.GIF



හමේ තියෙන මේ රෝම කූපය හා සීබම් හදන ග්‍රන්ථිය (pylosebaceous unit) තමයි මෙහිදී වැදගත් වෙන්නේ. ග්‍රන්ථියෙන් හදන සීබම් හම මතුපිටට ඇවිත් හමට තෙල් සහිත ආවරණයක් සපයනවා. සමේ මතුපිට පෘශ්ඨය තෙත් කරනවා. සහජීවී බැක්ටීරියාවන්ගේ වාසයට සුදුසු තත්වයක්
ඇති කරනවා. හම වියලීමෙන් ආරක්ශා කරනවා. ඇතැම් අයගේ මේ සීබම් ග්‍රන්ථි අධික්‍රියාකාරී වෙලා වැඩිපුර සීබම් ශ්‍රාවය කරන්න පුලුවන්. එතකොට සමේ වාසය කරන Propiyonobacterium acni කියන සහ ජීවී බැක්ටීරියාව සීබම් හදන ග්‍රන්ථි (sebacceous glands) තුලට ඇතුලු වෙලා සීබම් පරිවෘතිය ක්‍රියාවලට භාජනය කරලා interferons, leukotriens යනාදී inflamattory mediators හදනවා. ඒවා මගින් අදාල ස්ථානයේ acute inflammatory response 1ක් ඇති කරනවා. එතකොට තමයි ඒ ප්‍රදේශය ඉදිමිලා ඉලිප්පිලා රතුවෙලා එන්නේ. ඔන්න ඔහොමයි කුරුලෑ හැදෙන්නේ.
කුරුලෑවලට ප්‍රතිකාර කරන්න නම් කුරුලෑ ඇති වෙන හේතුව නැති කරන්න ඕන.

1310423230-99.jpg


කුරුලෑ වලට ප්‍රතිකාර -
මෙන්න මේක තමයි වැදගත්ම දේ. මම තරයේ අවවාද කරනවා එක එක හර්බල් ප්‍රොඩක්ට්ස්, තෙල් බෙහෙත් කාරයෝ, ෆාමසි කාරයෝ මාකට් කරන
දේවල් මූනේ උලන්න කලින් dermatology specialist කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න කියලා. ෆාමසිකාරයෝ කියන්නේ බෙහෙත් තුණ්ඩුව බලලා බෙහෙත් දෙන අය මිසක් බෙහෙත් නියම කරන අය නෙවෙයි. නිවැරදිව කුරුලෑ ගැන තක්සේරු නොකර හරියට බෙහෙත් නියම කරන්න බෑ

කුරුලෑ වලට බෙහෙත් දෙනකොට කුරුලෑ mild , moderate, severe කියලා වර්ගීකරනය කරනවා. අලුත්ම විදියට නම්
grade 1- 5 කියලා severity එක වැඩි වන ආකාරයට වර්ගීකරනය කරනවා.
මේ එක එක grade 1ට දෙන බෙහෙත් එකිනෙකට වෙනස්
1. Benzoyl peroxide - මේක හමේ ගාන එකක් (tropical application ) side effects අඩු නිසා මේක තමයි ජනප්‍රියම ප්‍රතිකාර ක්‍රමය. මේක P.acnes බැක්‍ටීරියාවට එරෙහිව කටයුතු කරනවා.ඒත් හිතු මනාපේ මේක උලන්න යන්න එපා. මේක අඩුම සාන්ද්‍රණයෙන් පටන් ගන්න ඕන. වෛද්‍ය උපදෙස් හරියට පිලිපදින්න ඕන. නැත්නම් හමට හානි වෙන්න පුලුවන්. ( irritant dermatitis, photodermatitis ) වගේ රෝග තත්ව ඇති වෙලා ෆ්‍රෑන්කන්ස්ටයින් වගේ වෙයි

2. antibiotics - මේකත් P.acnes බැක්ටීරියා ගහණය පාලනය කරන්නයි යොදා ගන්නේ. ආලේපන සහ බොන බෙහෙත් විදියට ලබා ගන්න පුලුවන්. ඒත් අදාල බැක්ටීරියාව ප්‍රතිරෝධීතාවයක් ඇති කරගන්න නිසා ඇන්ටිබයොටික්ස් දරුණු කේස් වලදි තමයි වැඩිපුර භාවිතා කරන්නේ

3.retinoids - මේවා විටමින් ඒ වල ව්‍යුත්පන්න. මේවා සීබම් නිපදවීම අඩු කරනවා. සීබම් පිටතට නිකුත් කරන නාලිකා අවහිර වීම වලක්වනවා.
ආලේපන හා බොන බෙහෙත් විදියට මේවා ලබා ගන්න ඕන. ( මේවා හිරු එලියට විනාශ වෙන නිසා ආලේප කරන්න ඕන රෑට )

4. Hormones - හෝමෝන කුරුලෑ ඇති වීමට බලපාන ප්‍රධානම හේතුව නිසා, හෝමෝන ප්‍රතිකාර මගිනුත් සුව කරන්න පුලුවන්.

5. anti inflammatories- නිකොටිනික් ඇසිඩ් (vitamin B3) , ibuprofen වගේ ඇන්ටි ඉන්ෆ්ලැමේටරි රසායනික වලින් mild & moderate කුරුලෑ වලට ප්‍රතිකාර කරන්න පුලුවන් ඔන්න ඕවා තමයි ලංකාවේ තියෙන ප්‍රතිකාර ක්‍රම.


gem_01_img0010.jpg

acneVulgaris_51164_lg_0.jpg


 
Last edited:
Jun 8, 2011
199
40
0
Comedones

si55551664.jpg



මේකත් කුරුලෑ වර්ගයක්. මේකෙදි වෙන්නේ හමේ තියෙන කෙරටිනෝසයිට්ස් වැඩිපුර හැදිලා සීබම් පිටතට නිකුත් වන නාලිකා අවහිර කරනවා.මේවා පේන්නේ කලුපාට ඩොට් වගේ. සීබම්, ඔක්සිකරනය වෙලා හැදෙන නව සංයෝග කෙරටිනෝසයිට් කැප් එකත් එක්ක එකතු වෙලා කලු පාට ආවරණයක් (plug) හදනවා. මේකටත් ඉහත retinoids/keratinolytic agents වලින් ප්‍රතිකාර කරන්න පුලුවන්.

comed1-s.jpg

comedos3-s.jpg

කොණ්ඩේ යන්නේ ඇයි, රිං වර්ම් (ring worm infections ), ඉස් හොරි, අලුහම් වගේ අනිත් සුලභ හමේ ලෙඩ/ප්‍රතිකාර ගැනත් ජානවලින් එන psoriasis, lichen planus වගේ සුලබ ලෙඩ/ප්‍රතිකාර ගැනත් වෙලාවක් තිබුනොත් සහ මට බැනලා රිප්ලයි නොතිබුනොත් දාන්නම් :P

 
  • Like
Reactions: ♥-Aurora-♥
Jun 8, 2011
199
40
0
අලුහම් සහ තවත් දේ..

pityriasis vesicolor (අලුහම්)

pityriasis-versicolor1-thumb.jpg


haole+rot.jpg


PityriasusVersicolour_SPL.jpg_e_80e120e8d9501686f40a51477471da69.jpg


අලුහම් ඉතාම සුලබ චර්ම රෝගයක්. මේවා පපුවේ, මූනේ, පිටේ , කිහිලි ආශ්‍රිතව ආදී ඕනෑම ස්ථානයක ඇති වෙන්න පුලුවන්. ඉස්සර කාලේ ගෝමර කිව්වෙත් අලුහම් වලට වෙන්න ඕන. මේ ලෙඩේ හැටි ලබාදීලා තියෙන ලතින් නමෙන්ම විස්තර කෙරෙනවා. pityriasis vesicolor කියන්නේ ( fine scaling lesions with various colours ). ඒ කියන විදියටම අලුහම් විවිධ පාටින් තියෙනවා.වඩාත්ම සුලබ වර්ගය තමයි සමේ වර්ණයට වඩා ලා පැහැති, වියලි, යන්තම් පොතු ගැලවෙන ආකාරයේ අලුහම්. මේවා මුලින්ම කුඩා රවුම් lesions විදියට පටන් ගෙන ටික ටික ප්‍රමාණයෙන් වැඩි වෙනවා. අලුහම් හදන්න වගකියන්න ඕන අපේ සිරුරේ වාසය කරන සහජීවී දිලීර/යීස්ට් විශේෂ. Malassezia globosa සහ Malassezia furfur තමයි ප්‍රධානම වග උත්තරකාරයෝ දෙන්නා.

සමේ වර්ණයට වඩා ලා පාට අලුහම් වලට අමතරව, තද පාට , රෝස පාට අලුහමුත් තියෙනවා.
සමේ වර්ණය තද පාට නම්( black, brown, tanned), ඒ පුද්ගලයාට එන අලුහම් බොහෝවිට ලා පැහැතියි.ඒත් සමේ වර්ණය ලා පැහැති නම් ( සුසුදු සමක් තියෙන අය :P ) එයාලට එන අලුහම් හිරු එලියට/ උෂ්ණත්වය වැඩි පරිසර වලට නිරාවරණය වෙනකොට කලු පාට වෙනවා. කලු අලුහම් කියෙන්නේ ඒවට.
අලුහම් වලින් තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි උෂ්‍ණත්වය වැඩි පරිසර වලදී අධිකව කැසීම.

ලංකාවේ නම් අලුහම් වලට දෙන බෙහෙත් තමයි selenium sulfide සහ ketoconazole ආලේපන සහ ශැම්පූ.මේක දිලීර රෝගයක් නිසා අදාල වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිලිපදින්න අවශ්‍යයි සම්පූර්ණයෙන් සුව කරගන්න ඕන නම්. බොහෝ දෙනා කරන්නේ යන්තම් අලුහම් නැති වුන ගමන් ප්‍රතිකාර නවත්තන එක, එතකොට නැවත නැවතත් අලුහම් මතු වෙන්න පුලුවන්. ඒ නිසා ඉංගිරීසි බෙහෙත් හරි නෑ කියලා බැන බැන ඉන්නේ නැතුව හරියට නියමිත කාල පරාසයම බෙහෙත් ගන්න.

pityriasis rosea

pit-rosea3-s.jpg


මේකත් අලුහම් වගේ සමේ රෝගයක්. මේ ලෙඩේට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නෑ. නමුත් දැනට චර්මරෝග වෛද්‍යවරු සැක කරන්නේ human herpes virus 6,7 වෙන්න පුලුවන් කියලා. මේක ආමි කෑම්ප්, අනාථ නිවාස, හොස්ටල් වල ඉන්න අයගේ සුලබව දකින්න ලැබෙනවා
රෝස පාට/රතුපාට වියලි රවුම් පැල්ලමක් විදියට තමයි ලෙඩේ මතු වෙන්නේ. බොහෝ අවස්ථාවල මේක තියෙන්නේ බෙල්ලෙන් පහල සහ දනහිසට උඩින් අතර ප්‍රදේශයේ. දනහිසට පහලිනුත් මතුවන අවස්ථා තියෙනවා. මේ ලෙඩේ උග්‍ර අවස්ථාව නම් අදුරගන්න හරිම ලේසියි. කමිසය ගලවලා පිට දිහා බැලුවම අදාල පැල්ලම් නත්තල් ගහක ආකාරයට සමේ විසිරිලා තියෙනවා.

pityri_r.jpg


මේකෙන් අපිට එච්චරම කරදරයක් නැතිවුනත් ඇගේ ලප තියෙන එක බියුටිකචල් ගැන හිතන අයට ප්‍රශ්ණයක් නිසා බෙහෙත් දෙන්න ඕන.
වැඩිපුරම ලබාදෙන ප්‍රතිකාරය තමයි 1% menthol aqueous cream.
ඒ ඇරුනම steroid( hydrocortisone ) ලෝශන්/ක්‍රීම් සහ antihistamines ( cetrizine dihydrochloride ) ලබාදෙන්න පුලුවන්.
ඒ වගේම මොරිස්චරයිසර් එකක් භාවිතා කරන්න, අදාල ස්ථානයේ සබන් ගාන්න එපා, හිරු එලියට අදාල ස්ථාන නිරාවරණය කරන්න වගේ උපදෙසුත් ලබා දෙනවා.

ඊලග දවසේ හිස් හොරි සහ රිං වර්ම් ගැන කතා කරමු:)
 
  • Like
Reactions: gtkisaru