ඉල්ලීමක් තිබුණා Tandoori Chicken හදන්න කියලා. ඔන්න ඒ නිසා අද Tandoori Chicken විතරක් නෙවේ ඒකට හරියන්න Garlic Naan & Dhal Makhani Curry එකකුත් හදනවා!
Tandoori Chicken හදන හැටි මෙතන.
http://www.elakiri.com/forum/showthread.php?t=1162789
Garlic Naan හදන හැටි මෙතන.
http://www.elakiri.com/forum/showthread.php?p=10658363#post10658363
Dhal Makhani හදමු!!
රෙඩ් කිඩ්නි බීන්ස්, රතු හෝ සුදු කව්පි, කඩල, ග්රීන් පීස් හෝ මුං ඇට වැනි ඇට වර්ග කීපයක් කෝප්ප 1/2 බැගින් ගෙන පැය 4-6ක් වතුරේ පොගවා ගෙන හොදින් තම්බා ගන්න.
රතු මිරිස් කුඩු, අමු හා බැදපු තුන පහ කුඩු, ලුණු තේ හැන්ද බැගින්.
කහ කුඩු, ගම්මිරිස් කුඩු, සුවද කුඩු තේහැදි 1/2 බැගින්.
තක්කාලි බ්ලෙන්ඩ් කර ගන්න.
ලූනු, සුදු ලූනු, ඉගුරු හා කොත්තමල්ලි කොළ කුඩාවට කපා ගන්න.
තෙල් මේස හැදි 2ක් ලිප තබා ලූනු, සුදු ලූනු, ඉගුරු බැද ගන්න.
ලුණු හා කුලුබඩු එක්කර විනාඩියක් බැද ගන්න.
බ්ලෙන්ඩ් කරගත් තක්කාලි එක්කර විනාඩියක් පිසින්න.
තම්බාගත් ඇට වර්ග එක්කරන්න. ඇට තම්බාගත් වතුර කොප්පයක් පමණ එක් කර විනාඩි 5ක් පිස ගන්න.
ෆ්රෙෂ් ක්රීම් හො ගසාගත් මීකිරි කොප්ප 1/2ක් පමණ එක් කරන්න. නැතිනම් උකු පොල් කිරිද එක් කල හැකිය!!
ඇඹුල් රස වැඩි නම් සීනි තේහැදි 1/2ක් එක් කරන්න.
ලිප නිවා කපාගත් කොත්තමල්ලි කොළ එක්කරන්න.
Last edited:








