Dhal Makhani හදමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    NN10.jpg


    ඉල්ලීමක් තිබුණා Tandoori Chicken හදන්න කියලා. ඔන්න ඒ නිසා අද Tandoori Chicken විතරක් නෙවේ ඒකට හරියන්න Garlic Naan & Dhal Makhani Curry එකකුත් හදනවා!

    Tandoori Chicken හදන හැටි මෙතන.
    http://www.elakiri.com/forum/showthread.php?t=1162789

    Garlic Naan හදන හැටි මෙතන.
    http://www.elakiri.com/forum/showthread.php?p=10658363#post10658363

    Dhal Makhani හදමු!!
    DM2.jpg

    රෙඩ් කිඩ්නි බීන්ස්, රතු හෝ සුදු කව්පි, කඩල, ග්‍රීන් පීස් හෝ මුං ඇට වැනි ඇට වර්ග කීපයක් කෝප්ප 1/2 බැගින් ගෙන පැය 4-6ක් වතුරේ පොගවා ගෙන හොදින් තම්බා ගන්න.

    DM3.jpg

    රතු මිරිස් කුඩු, අමු හා බැදපු තුන පහ කුඩු, ලුණු තේ හැන්ද බැගින්.
    කහ කුඩු, ගම්මිරිස් කුඩු, සුවද කුඩු තේහැදි 1/2 බැගින්.

    DM4.jpg

    තක්කාලි බ්ලෙන්ඩ් කර ගන්න.
    ලූනු, සුදු ලූනු, ඉගුරු හා කොත්තමල්ලි කොළ කුඩාවට කපා ගන්න.

    DM5.jpg

    තෙල් මේස හැදි 2ක් ලිප තබා
    ලූනු, සුදු ලූනු, ඉගුරු බැද ගන්න.
    DM6.jpg

    ලුණු හා කුලුබඩු එක්කර විනාඩියක් බැද ගන්න.

    DM7.jpg

    බ්ලෙන්ඩ් කරගත් තක්කාලි එක්කර විනාඩියක් පිසින්න.
    DM8.jpg

    තම්බාගත් ඇට වර්ග එක්කරන්න. ඇට තම්බාගත් වතුර කොප්පයක් පමණ එක් කර විනාඩි 5ක් පිස ගන්න.

    DM9.jpg

    ෆ්‍රෙෂ් ක්‍රීම් හො ගසාගත් මීකිරි කොප්ප 1/2ක් පමණ එක් කරන්න. නැතිනම් උකු පොල් කිරිද එක් කල හැකිය!!
    ඇඹුල් රස වැඩි නම් සීනි තේහැදි 1/2ක් එක් කරන්න.
    DM10.jpg


    ලිප නිවා කපාගත් කොත්තමල්ලි කොළ එක්කරන්න.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ෆට්ට බන් රෙප් දෙන්න විදියක් නැහැ 24 පැයක් යනකම් පස්සෙ දෙන්නම් ඔන්න ත්‍රෙඩ් 3 ටම කොමන්ට් කරා