.
.
.
.
ඔන්න එකමත් එක රටක....
.
.
නෑ නෑ..
ලංකාවේ ලංකාවේ..
ඔන්න ලංකාවේ කොහේහරි පැත්තක මදුරු පැටියෙක් ඉපදුනාලු..
දවසක් මදුරු දෙමව්පියන් කිව්වලු මේ මදුරු පැටියට ගිහින් පියාඹලා, අවට පරිසරය බලාගෙන එන්න කියලා..
ඉතිං මේ මදුරු පැටියා තමන්ගේ ජීවිතේ පළවෙනි වතාවට පියාඹලා ගිහින් අවට පරිසරය බලාගෙන ආවලු..
එතකොට මදුරු තාත්තා ඇහුවලු "කොහොමද පුතා ගමන..?" කියලා..
"හරිම සන්තෝසයි තාත්තේ..
ගමන නම් නියමයි..
මම යන යන තැන මිනිස්සු හැමෝම, මම පියාඹනවා දැකලා අත්පොලසන් දීලා මාව පිලිගත්තා.." කියලා මදුරු පුතා කිව්වලු..
තේරුනේ නැති අය ඉන්නවනම් ආයෙත් කියවන්න.. 
ඒත් තේරුනේ නැතිනම් මගෙන් අහන්න..
