සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීම

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීම

    මමත් සිංහලයාගේ අරම්භය පිළිබඳ නොයකුත් මැත කාලින ආ ප්‍රවාද ඔලුවේ දරා ගෙන සිටියාට මෙය වැදගත් යැයි හැඟුණු නිසා එළකිරියෙ දමන්න සිතුනා


    picture.php


    LTTE හිතවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ, කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීමටයි

    සිංහලයාගේ ඉතිහාසය සහ සිංහලයා ජාතියක් වශයෙන් කෙසේ පරිනාමය වූවේදැයි පිළිඹඳව දැන් අන්තර්ජාලය හරහා නොයෙකුත් අර්‍තකථනයන් ඉදිරිපත් වෙමින් පවතී. මෙසේ ඉදිරිපත් කරන බොහෝ දෙනෙකු තම තමන්ගේ හිතේ මුල්බැසගෙන ඇති කරුණු තහවුරු කරගැනීමට තවත් නොයෙකුත් මතවාදයන් ගලපවා ගනිමින් සිටිනබව පෙනීයයි. මෙහිදී සමහර පුද්ගලයන් සිංහලයාගේ සම්භවය පිළිඹඳව ශ්‍රී ලාංකිකයන් තුල හා විදේශිකයන් තුලද දැනට ස්ථාවරව පවත්නා පිළිගත් ජනප්‍රවාදය වන සිංහබාහු කථා ප්‍රවෘතිය අසත්‍යක් බවට විවේචනය කරමින් තමන්ගේ මතය ස්ථාවර කිරීමට වෙරදරති. මෙමගින් මොවුන් බලාපොරොත්තුවන කාරනා දෙකක සේයාවන් පිටින් සිට බලන අයෙකුට පැහැදිලිව පෙනීයයි. ඉන් එකක් වන්නේ, තමන්ගේ සිතේ ඇතිවී ඇති උතුරා හැලෙනා ශ්‍රී ලාංකික හැඟීම සහ ශ්‍රී ලංකාවේ මුල්ම අයිති කරුවන් සිංහලයන් නැතිනම් හෙලයන් බව ලොවට කියාපෑමට සිංහබාහු කථා ප්‍රවෘතිය ප්‍රමානවත් නොවේ යැයි ඔවුන් සිතා සිටීම හෝ, තමන් විශාල දැණුම් සම්භාරයක් ඇති පන්ඩිතයන් ලෙස අනෙකුත් අන්තර්ජාල මිතුරන්හට හුවාදැක්වීමට උත්සාහ දැරීම, යන කාරනා දෙකය.

    මේ කුමක් හෝ වේවා ඒ හරහා ශ්‍රී ලංකා ඉතිහාසයටත්, සිංහල ජාතිකත්වයටත් සිදුවන මාරාන්තික ප්‍රහාරය මොවුනට නොවැටහෙන්නේ ඔවුන්ගේ ඇති මන්ද බුද්ධික භාවය නිසා බවනම් පැහැදිලිය. මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ සිංහබාහු කථා ප්‍රවෘතිය පිළිඹඳ ලිපියෙහි අන්තර්ගතය කෙතරම් වටින්නේ දැයි සමහරුන්ට වටහාගැනීමට තරම් ශක්තියක් නැතිවීම ඇත්තටම කනගාටුවට කරුනකි. මම මෙසේ කියන්නේ මාගේ කට කසනවාට නොව, එසේත් නැතිනම් අනුන්ට කඩේ යෑමක් වශයෙන්ද නොව, ප්‍රායෝගිකව මා ලද අමිහිරි අත්දැකීමක් හේතු කොටගෙනය.

    ඔබ සියළුදෙනාගේ දැනගැනීම පිනිස මම එය මෙහි සැකෙවින් සටහන් කරමි. මෙය නිරවුල් බුද්ධියෙන් යුතුව වටහාගන්න. මේ මෑත දිනකදී මාහට දැනට සිටින රටේදී දෙමළ ජාතිකයන් කිහිපදෙනෙකු සමග සංවාදයක පැටලෙන්නට සිදුවිය. ඔවුන් L.T.T.E ත්‍රස්ත හිතවාදීන් බව මා හොඳින්ම දැනසිටියෙමි. කෙසේ උවද මුලින්ම ඔවුන් මා සමග ජනවාර්ගික අර්බුදය ගැන වාදයට ආවේය. පසුව එම වාදය ශ්‍රී ලංකා ඉතිහාසයට පෙරලුනේය. එහිදී ඔවුන් එකවරම කියාසිටියේ “සිංහලයාගේ ඉතිහාසය පිළිඹඳව දැන් සිංහලයා තුලම අර්බුද ඇත්වී ඇති බවත්, මහාවංශය බොරුවක් කියා දැන් සිංහලයා විසින්ම තේරුම්ගෙන ඇති බවත්” ය. “එමනිසා ඔවුන් පෙර කී පරිදි මහාවංශය පුළුස්සා දැමිය යුතු බවත්, ශ්‍රී ලංකා ජාතික කොඩියේ ඇති සිංහලයාගේ සම්භවය කියා පාන සිංහ රූපය, ජාතික කොඩියෙන් ඉවත් කල යුතු බවත්” ඔවුන් තරයේ කියා සිටියේය. මේ නීචයින් එසේ කියන විට මා වික්ෂිප්ත භාවයට පත්වූ අතර, “මහාවංශය පිළිඹඳව එවැනි ප්‍රශ්නයක් සිංහලයන් තුල ඇතිවී නැතිබවත්, උඹලා කියන්නේ බොරුවක්” යැයි කියා මම උන් සමග තදින්ම තර්ක කළෙමි.මේ අවස්ථාවේදී මගේ පැත්තට සිටියේ මා පමනකි. පස් හය දෙනෙකුම සිටියේ දෙමළ කොටින්ය. (සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකාවේ සිංහලයන් තුල එවැනි අභූත මත වාදයන් ගොඩනැගෙමින් ඇතිබව සිංහලයෙක් වන මමවත් ඒ වනවිට දැන සිටියේ නැත. නමුත් යුරෝපයේ සිටින දෙමළුන් ඒබව ඉතා හොඳින් දන්නේය.) පසුව මෙම වාද-විවාදය අවසන්වූවේ දැඩි උණුසුම් ස්වභාවයකිනි.

    7653ac43bf614e9313106af9dda5d7411.jpg

    මොවුන් ජාතික කොඩියේ සිංහයාව විතරක් ගිණි තියන්නේ ඇයි කියා දන්නවාද?

    උක්ත සත්‍ය සිදුවීම මා මෙම ලිපියෙහි ලා සඳහන් කලේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ ලිපියට අර්ථ පූර්‍ණ්යක් එක්කිරීම සඳහාය. වසර ගනනාවක අත්දැකීම් ඇති මහාචාර්ය වරයකු වශයෙන් එතුමාගේ ලිපියෙහි අන්තර්ගතය කෙතරම් ප්‍රායෝගිකදැයි එම ලිපිය කියවීමේදී මාගේ අත්දැකීම හා සංසංදනය කිරීමෙන් මට පසක් විය. නමුත් ජාත්‍යන්තරයෙහි සිටින කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපයත්, ඔවුන්ට අවශ්‍යකරන්නේ කුමක්ද යන්න පිළිඹඳවත් කිසිදු අවබෝදයක් නැති සමහර සිංහල බක පන්ඩිතයන්, සිංහලයාගේ සම්භවය පිළිඹඳව ඇති අගනා මූලාශ්‍රය වන සිංහබාහු කථා ප්‍රවෘත්තිය මහාවංශයෙන් ඉවත්කල යුතුයැයි කියා තප්පුලන්නේ ඔවුනට කිසිදු ප්‍රායෝගික දැනුමක් නොමැති කම නිසා යැයි මම සිතමි. ශ්‍රී ලංකාවෙන් පිටත වෙනම ඊලාම් රාජ්‍යයක් පිළිඹඳව සිහින මවන ජාත්‍යන්තරයෙහි සිටින කොටි හිතවාදී දෙමළුන්ටත්, ශ්‍රී ලංකාව තවත් මුස්ලිම් රාජ්‍යයක් කිරීමට දතකන ලංකාවේම සිටින මරක්කලයින්ටත්, ශ්‍රී ලංකාවේ ඒකීය භාවය විනාශකිරීමට වෙහෙසෙන විජාතික බලවේගයන්ටත්, ඕනෑකරන්නේ කුමක්ද ? උන්ට ප්‍රධාන වශයෙන් උවමනා කරන්නේ, සිංහලයා බේද බින්න කිරීමත්, බෞද්ධ දර්ශනය විනාශකිරීමත්, සිංහලයාගේ අනාදිමත් අනගිභවණීය ලිඛිත ඉතිහාසය සහ වංශකථාව විනාශකිරීමත් ය. මේ අතරින් සිංහලයාගේ මහාවංශය යනු දෙමළුන්ට, මරක්කලයින්ට, පරංගින්ට, සුද්දන්ට හෝ ලොව වෙනත් කිසිදු ජනවර්‍ගයකට නැති සිංහලයාට පමනක් උරුම වූ අගනා ලිඛිත ඉතිහාස ග්‍රන්ථයකි. මෙය අප හොඳින් වටහාගතයුතුය.

    මේ අතර මම තවත් දෙයක් මේ බක පන්ඩිතයන්ට මතක් කරදීමට කැමැත්තෙමි. මීට වසර දෙකකට පෙරාතුව අපගේ උදාර සිංහ හමුදාව අතින් මැරුම්කෑ, නීච ප්‍රභාකරන් නැමති වසලයා වරක් කියූදෙයක් ඔබ දන්නෙහිද ? එය මෙසේයි. නොදන්නා පඬියන් මෙය දැනගනිත් වා! “අපට ඕනෑකරන දේවල් අපවිසින් කරන්නට පෙර දකුනේ සිංහලයා විසින් කර, රත්තරං බන්දේසියක තබා අප අතට බාරදෙති.අපට ඇත්තේ ඉතුරුටික කරගෙන යෑමටය.” යන්නයි.

    f349b6a6a74bfaa5ffa42335bf44e4ea1.jpg

    මොවුන් ජාතික කොඩියේ සිංහයා සිටින පෙදෙස විතරක් බිම දමන්නේ ඇයි කියා දන්නවාද?

    ජාතියේ වාසනාවට දැන් ඒ නීචයා පරලොව ගොස් අවසන්ය. නමුත් දැන් අපගේ සමහර පඬියන් නැවත දතකන්නේ ජාත්‍යයන්තරයේ සිටින ඒ නීචයාගේ සහචරයින්ට අවශදෙය බන්දේසියක තබා දීමට නොවන්නේද ? ජාත්‍යයන්තරයේ සිටින ඒ නීචයාගේ සහචරයින්හට යම් කොනක් අල්ලා ගත්තොත් හොඳටම ප්‍රමානවත්ය. ඒ බව මම ඉහතින් සඳහන්කල මාගේ අත්දැකීමෙන්ම ඔබට නොවැටහෙන්නේද? සිංහලයාගේ වංශකථාවේ දොස් නගමින් කෑගසනා මේ බක පන්ඩිතයන්ට තරු පෙනෙන්නේ ඔවුනුත් මා වැනි අත්දැකීමකට මුහුනදුන් දවසටය. නමුත් ඒවන විට ඔවුන් ප්‍රමාද වී වැඩියයි ඔවුන්ටම වැටහෙනු ඇත .

    මම, ඉදිරියේදී මේ පිළිඹඳව තවත් පුළුල්ව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි

    ස්තූතියි

    ~ සුජීව තෙබුවන ආරච්චි~

    Source-http://sinhalabuddhist.com/2011/07/ltte/

    මෙයත් කියවන්න
    විජයාවතරණය සහ සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම

    විජයාවතරණය සහ සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම





     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සිංහබාහු කතාව බොරුවක්. සිංහයෙක්ගෙන් මිනිහෙක් උපදින එක විද්‍යාත්මක දෙයක් නොවෙයි.ලංකාවේ නියම අයිති කරුවන් අරාබි ජාතිකයන්. විජය මෙහෙ එනකොට අරාබි ජාතිකයන් සුලු ජනගහනයක් හිටියා.කුවේනි කියන්නේ අරාබි නමක්.කුවේනි අරාබි කාන්තාවක්.විජය මුස්ලිම් ජාතිකයන් එලවලා මේක අල්ල ගත්තා.නාග අරාබි ගෝත්‍රිකයක්.අපි දකුනේ හිටියා.යක්ක කියන්නේ දකුනු ඉන්දියානු කන්නඩ අය.ඒ අය උතුරේ හිටියා.සිංහලයෝ අවේ පස්සේ.අපි තමා කලින් උන්නේ


    සිංහලයො හැටියට අපිත් දන්නවා අපි පැවතගෙන එන්නෙ,කකුල් හතරෙ සිංහයෙක් ගෙන් නොවෙන විත්තිය,ඔය වගෙ ගොන් කතාවක් ඇදබයි කියල හිතලම තමා මම
    විජයාවතරණය සහ සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම
    (විජයාවතරණය සහ සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම) කියන ලිපියෙ ලින්ක් එකත් දුන්නෙ
    එකත් කියවලා දාන කමෙන්ට් එකක් දාන්න

    ඔයා කියල තියන අනික් එවා නන් අමුම අමු බොරු බෙගල් කියල කවුරුත් දන්නවා නෙ




     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    වැදගත් ත්‍රෙඩ් එකක්
    ස්තූතියි අපිත් එකක් බෙදාගත්තට
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    "ශ්‍රී ලංකාවෙන් පිටත වෙනම ඊලාම් රාජ්‍යයක් පිළිඹඳව සිහින මවන ජාත්‍යන්තරයෙහි සිටින කොටි හිතවාදී දෙමළුන්ටත්, ශ්‍රී ලංකාව තවත් මුස්ලිම් රාජ්‍යයක් කිරීමට දතකන ලංකාවේම සිටින මරක්කලයින්ටත්, ශ්‍රී ලංකාවේ ඒකීය භාවය විනාශකිරීමට වෙහෙසෙන විජාතික බලවේගයන්ටත්, ඕනෑකරන්නේ කුමක්ද ? උන්ට ප්‍රධාන වශයෙන් උවමනා කරන්නේ, සිංහලයා බේද බින්න කිරීමත්, බෞද්ධ දර්ශනය විනාශකිරීමත්, සිංහලයාගේ අනාදිමත් අනගිභවණීය ලිඛිත ඉතිහාසය සහ වංශකථාව විනාශකිරීමත් ය. මේ අතරින් සිංහලයාගේ මහාවංශය යනු දෙමළුන්ට, මරක්කලයින්ට, පරංගින්ට, සුද්දන්ට හෝ ලොව වෙනත් කිසිදු ජනවර්‍ගයකට නැති සිංහලයාට පමනක් උරුම වූ අගනා ලිඛිත ඉතිහාස ග්‍රන්ථයකි. මෙය අප හොඳින් වටහාගතයුතුය."

    මේ කතාවනම් සහතික ඇත්ත යාලු..
    මේ තත්වෙට හේතුව නිවැරදි අධ්‍යාපන ක්‍රමවේදයක් නැති වීම..වෙන රට වල කුඩා කලාම පොඩි ළමයින්ට කියල දෙන්නේ තමුන්ගේ රට ගැන..රට ගැන ඇඟේ ලේ වලට කවද්දනවා..
    "තමන්ගේ රට තමයි උතුම්",රට සේවය කරන්න ඕනි කියල ස්ව්භාවෙන්මයි ඔවුන්ගේ හිත වලට එන්නේ...
    අපේ වෙන්නේ එක නෙමෙයි..අපිට හොඳ ආදර්ශමත් ඉතිහාස කතා තියෙනවා..ඒවා පොඩි කලේ කියල දෙන්නේ නෑ..ඊට පස්සේ ඔහු හෝ ය ලොකු වුනාම දකින විකාර ලෝකේ තමයි හරි කියල පිට රටට ආවඩනව..හේතුව අපේ මිනිස්සු දැන් ගත යුත්ත ගන්නේ නෑ...එකට සමහර මෝඩයෝ කියන්නේ.."උඹල පිට රටට බැන බැන උන්ගේ ඒවම පාවිච්චි කරනවා කියල.."එහෙම කියන එවුන්ගේ මොලේ කොහේ තියෙනවද කියල මොලයක් තියෙන මිනිස්සු දන්නවා..මොකද උන් කියන විදිහට සුද්ද හෙළුවෙන් ගියොත් අපිත් හෙළුවෙන් යන්න ඕනි කියල..
    ජපානය දෙවෙනි ලෝක යුද්දෙන් කඩා වැටුනට පස්සේ නැගිට්ට හැටි දන්නවනම් ඔය කියන ගොන් කතා කියන එකක් නෑ.අපි කාගේත් ගත යුතු හොඳ දේ අරන් රට ප්‍රතිපත්තියකට අපේකම අගයල වැඩ කරනවානම් හරි..අපි කන බත් පතත් පිට රටින් ගෙන එක නෙමෙයි.ජාතිකත්වයෙන් හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕනි.
    මේ ඉතිහාස විකුර්ති කිරීමත් ඒ වගේ තමයි..තමුන් ප්‍රසිද්ද වෙන්න හිතු මතේ එක එක ඒවා කියනවා..මහාවංශයේ ගැටළු සහිත තැන තිබුනත් මේ වෙලේ ඒවා හැර ඇවිස්සීම එතරම් නුවනට හුරු නෑ කියලයි මගේ මතය.ඒ ඔස්සේ බොහෝ කරුණු කරන වටහා ගන්න පුළුවන්..
    උක්ත කි වැකිය ඊට කදිම නිදසුනකි..බුද්ධියෙන් වැඩ කල යුතු කාලයක්...
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    සිංහබාහු කතාව බොරුවක්. සිංහයෙක්ගෙන් මිනිහෙක් උපදින එක විද්‍යාත්මක දෙයක් නොවෙයි.ලංකාවේ නියම අයිති කරුවන් අරාබි ජාතිකයන්. විජය මෙහෙ එනකොට අරාබි ජාතිකයන් සුලු ජනගහනයක් හිටියා.කුවේනි කියන්නේ අරාබි නමක්.කුවේනි අරාබි කාන්තාවක්.විජය මුස්ලිම් ජාතිකයන් එලවලා මේක අල්ල ගත්තා.නාග අරාබි ගෝත්‍රිකයක්.අපි දකුනේ හිටියා.යක්ක කියන්නේ දකුනු ඉන්දියානු කන්නඩ අය.ඒ අය උතුරේ හිටියා.සිංහලයෝ අවේ පස්සේ.අපි තමා කලින් උන්නේ

    අනේ කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා.මොකද මේ වැදගත් ලිපිය අපතේ යනවා..මේකෙන් මාතෘකාවෙන් පිට පයිනවා..එක නිසා ඔහොම විහිලු කරන්න එපා..නිස්කාරන ගැටුමක් ඇති වෙනවා..මෝඩයෙක් වුනාට මෝඩකම පෙනන්න එපා..
    හිතවත් මිතුරනි මෙම ගොන් පාර්ට් එකට පිළිතුරු සපයන්න එපා...මේක ගොන් කතාවක් කියල හැමෝම දන්නවා..මොකද මුස්ලිම් කියල ජාතියක් බිහිවෙලා තම අවුරුදු 2000 ක් වත් නෑ..
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    රත්න දීප ජන්ම භුමි
    ලංකා දීප විජය භුමි..
    මේ අපේ උදාර වූ
    මාතෘ භූමියයි..//


     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    707
    113
    38
    AREA 51
    සිංහබාහු කතාව බොරුවක්. සිංහයෙක්ගෙන් මිනිහෙක් උපදින එක විද්‍යාත්මක දෙයක් නොවෙයි.ලංකාවේ නියම අයිති කරුවන් අරාබි ජාතිකයන්. විජය මෙහෙ එනකොට අරාබි ජාතිකයන් සුලු ජනගහනයක් හිටියා.කුවේනි කියන්නේ අරාබි නමක්.කුවේනි අරාබි කාන්තාවක්.විජය මුස්ලිම් ජාතිකයන් එලවලා මේක අල්ල ගත්තා.නාග අරාබි ගෝත්‍රිකයක්.අපි දකුනේ හිටියා.යක්ක කියන්නේ දකුනු ඉන්දියානු කන්නඩ අය.ඒ අය උතුරේ හිටියා.සිංහලයෝ අවේ පස්සේ.අපි තමා කලින් උන්නේ


    මේ කතාවත් අර එලාර වෙස්ට් ඉන්ඩිස් වලින් ආව කිව්ව වගේ... පට්ට ජෝක් එක... රෙප් දෙන්නත් හිතෙනව.....:lol::lol::lol:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මේ කතාවත් අර එලාර වෙස්ට් ඉන්ඩිස් වලින් ආව කිව්ව වගේ... පට්ට ජෝක් එක... රෙප් දෙන්නත් හිතෙනව.....:lol::lol::lol:

    :lol::lol: :yes: :yes:
    එකනම් ඇත්ත යාලු...ගජබින්න අලංකාරයේ අලුත් කොටස කියවල..:lol:
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    සිංහබාහු කතාව බොරුවක්. සිංහයෙක්ගෙන් මිනිහෙක් උපදින එක විද්‍යාත්මක දෙයක් නොවෙයි.ලංකාවේ නියම අයිති කරුවන් අරාබි ජාතිකයන්. විජය මෙහෙ එනකොට අරාබි ජාතිකයන් සුලු ජනගහනයක් හිටියා.කුවේනි කියන්නේ අරාබි නමක්.කුවේනි අරාබි කාන්තාවක්.විජය මුස්ලිම් ජාතිකයන් එලවලා මේක අල්ල ගත්තා.නාග අරාබි ගෝත්‍රිකයක්.අපි දකුනේ හිටියා.යක්ක කියන්නේ දකුනු ඉන්දියානු කන්නඩ අය.ඒ අය උතුරේ හිටියා.සිංහලයෝ අවේ පස්සේ.අපි තමා කලින් උන්නේ

    ඒක බොරුයි කියමු.එතකොට දෙවියන් කියන කෙනා මිනිසුන් මැවූ බව ඇත්තක්ද?:rolleyes:.කොයි රටෙ උනත් ඉතිහාසේ මල ජන්ජාලයක් තමයි(හොර ගෑනු seens,වලි,සොමි).ලන්කාවෙත් බලපන්.එකෙක් කියනවා රාවනෙක් ගැන අනෙකා කියනව විජයෙක් ගැන.උඹ කියනවා වෙනමම එකක්.දැන් මේකෙන් මොකක් විශ්වාස කරන්නද?උඹල එකෙක් ලඟවත් තියද ඇසින් දුටු සාක්ශි?මේකයි මචන් ඇස් දෙකට නොදැකපු රෙද්දවල් දැක්කා වගේ කියවන්නෙ නැතුව වැඩක් බලා ගනින්.ඒක උඹටත් හොඳයි රටටත් හොඳයි.:rolleyes:
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    දිගටම කරලෙන යන්ඩ ගොඩක් වටිනව අපේ දේවල් අපි ආරක්ෂා කරනනෙ නැතුව කවුරැ රකින්නචද? rep+
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    අනේ බං අපි සිංහලයො තමයි.. එහෙමයි කියලා අපි මොකාගෙන් පැවතගෙන ආවම මොකද.. සිංහයෙක්ගෙන් බැරිනං අස්පයෙක්ගෙන්... කට්ටියක් කියනවා මහාවංසෙ බොරුයි කියලා කට්ටියක් ඇත්තෙයි කියනවා, රාවණා පිස්සො ඉන්නවා.. මොකටද මේවා මෙච්චර හාර අවුස්සන්නෙ.. අපි පැවත් එන්නෙ අහවලාගෙන් කියලා මහ ලොකුවට කියන්නද...? මම හිතන විදියට අපේ රටට(ජාතියට) තියන ලොකුම හෙණේ තමයි ඔය කියන මහලොකු ඉතිහාසය.. අපි සිංහයෝ කිය කිය එක එකාට දත නියව නියව ඉන්නවා.. තා සමහරු බටහිරෙන්ම දැනුම අරගෙන උන්ගෙන්ම උපාධි පිට උපාධි ගහලා දැන් උන්ට වඩා හොඳ එකක් තමං හොයා ගත්ත බව කිය කිය ලොකු කම පෙන්නන්න හදනවා. උන්ගේ දැනුම අපි භාවිතා කරන එකට අපි ලැජ්ජ වෙන්න ඕනෙද..? වෙන ලැජ්ජ නැති වැඩ ඕනෙ තරම් අපි රටක් විදියට කරන්නෙ...? අතීතය යකාට ගියාවෙ රට හදන්න නං ඉදිරිය ගැන හිතන්න වෙනවා.. අපි මොකාගෙන් පැවත ආවත් ඒක එහෙමයි.. අනික මේ රටේ සිංහල කියන ජාතිය තවත් එක් කොටසක් විතරයි.. දෙමළ, මුස්ලිම් , බර්ගර් කියන අයටත් මේ රට සම සමව අයිතියි.. මේ සිංහල අපගෙ රටයි කියනකොට ඔය කියන සංකල්ප උපංගෙයිම මිය යනව.. දැන්වත් තේරුම් ගන්න ජාතිවාදය කල් පැනපු සංකල්පයක්.. ඉස්සර මිනිස්සු තමයි ජාතිය වෙනුවෙන් යුධ වැදීම ලෝකෙ උතුම්ම දෙය විදියට සැළකුවේ.. එන්න සමානාත්මතාවය කියන සංකල්පයට....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාලෙකට පස්සේ වැදගත් ත්‍රෙඩ් එකක් සෙට් වුනා.. එලකිරි.. අපි අපේ ජාතිය ගැන සැලකිලිමත් වෙනව මදි වගේ මේ කාලේ.. ඒක නිසා ගොඩක් කට්ටිය අපිට කෙළවන්න හදනව.. ලංකාව සිංහලයන්ට අයිති නැහැ කියන මෝඩ හැත්තත් ඉන්න මේ රටේ මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට ගොඩක් පින්.

    ලෝකෙන් උතුම් රට ලංකාවයි..
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    ඒක බොරුයි කියමු.එතකොට දෙවියන් කියන කෙනා මිනිසුන් මැවූ බව ඇත්තක්ද?:rolleyes:.කොයි රටෙ උනත් ඉතිහාසේ මල ජන්ජාලයක් තමයි(හොර ගෑනු seens,වලි,සොමි).ලන්කාවෙත් බලපන්.එකෙක් කියනවා රාවනෙක් ගැන අනෙකා කියනව විජයෙක් ගැන.උඹ කියනවා වෙනමම එකක්.දැන් මේකෙන් මොකක් විශ්වාස කරන්නද?උඹල එකෙක් ලඟවත් තියද ඇසින් දුටු සාක්ශි?මේකයි මචන් ඇස් දෙකට නොදැකපු රෙද්දවල් දැක්කා වගේ කියවන්නෙ නැතුව වැඩක් බලා ගනින්.ඒක උඹටත් හොඳයි රටටත් හොඳයි.:rolleyes:

    :love: එල මචන්,............