Idly & Dosa හදමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉඩ්ලි සහ තෝසේ කියන්නෙ දකුණු ඉන්දියානු ආහාර දෙකක්.
    හදාගන්න ලේසි වගේම පාන් පිටි කෑම කනවට වඩා පෝෂණයෙන් ඉහලයි.
    විශේෂයෙන් උදු බාවිතා කරන නිසා ප්‍රෝටීන වලිනුත් සරුයි.
    Dosa, අපේ බසින් කිව්වොත් තෝසේ නම් බොහෝ දෙනෙක් හදනවා ඇති.
    Idly & Dosa දෙකම එකම ආකරයට මූලික මිශ්‍රණය හදන නිසා දෙකම හදමු!!
    උදෑසන ආහාරය සදහා ඉතා උචිතය. කොකනට් චට්නි සහ සාම්බාර් සමග ආහාරයට ගත හැකිය.
    මස් කරියක් වුනත් ගැලපෙනවා!!

    id5.jpg


    ඉඩ්ලි සදහා තම්බපු සම්බා සහල්ද තෝසේ සදහා සුදු කැකුලු සහල්ද බාවිතා කරනවා.
    id1.jpg

    සහල් කෝප්ප 2ක්
    පොතු ඉවත් කල උදු ඇට කෝප්ප 1ක්
    වෙන වෙනම පැය 4-6ක් වතුරේ පොගවා ගන්න.

    id2.jpg


    වතුර සුලු වශයෙන් දමා පෙගුණු සහල් සහ උදු වෙන වෙනම ඝණ පාප්පයක් මෙන් අඹරා ගන්න.

    id3.jpg


    අඹරාගත් සහල් සහ උදු එක්කර යීස්ට් තේ හැදි 1/2ක් මිශ්‍රකර පැය 4-6ක් වත් පිපෙන්න තබන්න.

    හොදින් පිපුණු මිශ්‍රණයට ලුණු තේ හැදි 1/2ක් එක්කර වතුර (පොල් කිරිද එක්කල හැකිය) එක්කර ඝණ බැටරයක් සාදා ගන්න.

    id4.jpg

    මේ උපකරණය නම් ඉඩ්ලි හදන්න අවශ්‍යමයි. ඉඩ්ලි කුකර් එකක් නැත්නම් ස්ටීමරය. stainless steel බඩු කඩවල ගන්න තියෙනවා!!
    මාජරින් ස්වල්පයක් තැවරූ ඉඩ්ලි තැටි වලව මිශ්‍රණය වත්කර ස්ටීමරය තුල තබා විනාඩි 10ක් පමණ තම්බා ගන්න.



    DSC01106.jpg


    ඉඩ්ලි නම් ලෑස්තියි!!

    sb8.jpg

    මේක කන්න සාම්බාර් එකත් වෙනම හදනවා!!
     
    Last edited:
    • Like
    Reactions: Macdady

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    :angry: සිරාවට මේක නම් හරියන්නේ නෑ...... ලංකාවේ නෙවේද ඉන්නේ.....?? :rolleyes: දැන් කී දවසක් කිව්වද මේ වගේ බඩගිනි වෙලාවට මේ වගේ ත්‍රෙඩ් දාන්න එපා කියලා...... :angry: අද දවල්ට කෑම ගෙනාවෙත් නෑ :no:...... ගෙදර ගිහින්ම කන්න බලාගෙන.....:frown: දැන්ම ඉතින් බඩගිනි......!! :P:rofl::P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Dosa !!

    තෝසේ සදහා ඉඩ්ලි සාදන ආකාරයටම එම මිශ්‍රණය සුදු කැකුලු සහල් භාවිතා කර සාදා ගන්න.
    හොදින් පිපුණු මිශ්‍රණය ලුණු තේහැදි 1/2ක් සහ වතුර (හෝ පොල්කිරි) එක්කර තරමක් උකු දියරයක් සේ සාදා ගන්න.

    ds1.jpg


    තෙල් මේස හැන්දක් ලිප තබා අබ, කැබලි වලට කඩාගත් වියළි මිරිස් කරල්, කරපිංචා, සහ සිහින්ව ලියාගත් ලූනු ස්වල්පයක් හොදින් බැද තෝසේ මිශ්‍රණයට එක් කරන්න.

    ds2.jpg


    රත් වූ තැටියක තෙල් ස්වල්පයක් ආලේප කර හැන්දකින් මිශ්‍රණය වත් කර තුනී කරන්න.

    ds3.jpg


    අනෙක් පැත්ත දමා පිස ගන්න.

    ms7.jpg

    තෝසේ කන්න අල මසාලා එකකුත් වෙනම හදමු!!

    ms8.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    බලන්නේ නෑ කිව්වට මගේ හිත මටම වාවන්නේ නෑ
    අහක බලාගෙන යන්න
    දිගටම දාපන්
    කාලා මැරුනත් සැපයි.
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මචං මේකේ පින්තූර පේන්නේ නෑ නේ.... කවුරැ හරි කියනවාද ඇයි ඒ කියලා........??????​
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අම්මෝ ඉඩිලි නම් කන්නේ නෑ. යාපනයේ හෝටලයකින් කාල එනකන්ම බඩ ගියා.. :no: :no:
    මොනව උනත් පට්ට රහ මචන්.. :P :P
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඇයි බන් මේවා photobucket දැම්මේ?imageshack දාපන්කෝ,උඹ Bandwidth එක ඉක්මවලා.පේන්නේ නෑ photos
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    කවුරැ හරි කියපල්ලාකෝ ඇයි ඒ කියලා.........මෙහෙමයි එන්නේ.......​


    View attachment 31872

    Photobucket එකේ limited bandwidth එකක් මචං දෙන්නේ,sriboysl අයියා ඒක ඉක්මවලා,ඒකයි අපිට photo පේන්නේ නැත්තේ
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    Photobucket එකේ limited bandwidth එකක් මචං දෙන්නේ,sriboysl අයියා ඒක ඉක්මවලා,ඒකයි අපිට photo පේන්නේ නැත්තේ

    මොනාද ඒකට කරන්න ඔනා, මචං Sri Boy අයියේ මොනා හරි කරහන්කෝ........