විභාගයට පෙර මේ ගැනත් සිතන්න

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
විභාගයට පෙර මේ ගැනත් සිතන්න

මේ පාර උසස් පෙළ විභාගයට මුහුන දෙන එලකිරි එකේ නංගිලාට සහ මල්ලිලාට මේ ලිපිය වැදගත් වෙයි කියල සිතනවා.
…එහෙනම් හොඳට විභාගයට මුහුන දීලා ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා සුබ පතනවා...!!!


~~~DO YOUR BEST TO BE THE BEST~~~
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif



විභාගයට පෙර මේ ගැනත් සිතන්න

ජීවිතයේ තීරණාත්මක කඩඉමක්‌ වන උසස්‌ පෙළ විභාගයට ඇත්තේ තව දින කිහිපයක්‌ පමණි. වසර දෙකක්‌ තිස්‌සේ දිවා - රාත්‍රි වෙහෙසෙමින් ගොනු කරගත් දැනුම් සම්භාරයක්‌ දින කිහිපයක පැය ගණනකින් මුදාහරිමින් තීරණාත්මක ඉලක්‌කය පසුකර යැම මෙම විභාගයේ ස්‌වභාවයයි. පළමු වරට උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින අපේක්‍ෂකයන් මෙන්ම දෙවැනි - තෙවැනි වරට ද උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින අපේක්‍ෂකයන් ද සිටින අතර එම පිරිස ලක්‍ෂ 3 කට ආසන්නය.

පෙර සූදානම

එකම අරමුණකින්, පිරිසිදු මනසකින් යුක්‌තව විභාගයට මුහුණදීම අත්‍යවශ්‍ය කාරණාවකි. අයාලේ දුවන සිත තත්ත්පර දසම ගණනින් හෝ වෙනත් අරමුණකට දිව ගියහොත් විභාගයට මුහුණදෙන ඉතාම සීමිත කාලයෙන් විශාල ඉඩකඩක්‌ අපේක්‍ෂකයාට අහිමි වනු ඇත. සිත වෙන තැනකට දිව යන්නට මෙන්ම නැවත විභාග ප්‍රශ්න පත්‍රයට ඒ සිත ඇද බැඳ තබා රඳවා ගැනීම මහත් දුෂ්කර කාර්යයක්‌ වනු ඇත. එබැවින් ප්‍රශ්න පත්‍රයෙන් තොර වූ කිසිවකට මනස යොමු කරවීම විශාල පාඩුවකි. මනස එක තැන තබාගැනීමට ද පුහුණුවක්‌ තිබිය යුතුය. බොහෝ අවස්‌ථාවල විභාගයකට සූදානම් වන පිරිස ආගමික කටයුතුවල නිරත විය යුත්තේ එබැවිනි. පැරණි වැඩිහිටි උදවිය තම දරුවා එවැනි කාලවලදී බෝධි පූජා ආදියට යොමු කරවනුයේ එබැවිනි. මනස නිරවුල් කර ගැනීමට එය යම් අස්‌වැසිල්ලක්‌ වනු ඇත. එහෙත් තමා හොඳින් පාඩම් කර නොතිබුණහොත් බෝධි පූජාව කළ පමණින් විභාග සමත් වන්නේ නැත. ඇතැම් තරුණ පිරිස්‌ ආගමික කටයුතු කිරීම බොරු වැඩක්‌ යෑයි කියා ප්‍රතික්‍ෂේප කරද්දී ඇතැම් පිරිස්‌ ඕනෑවටත් වඩා ඒ කෙරෙහි ඇලී ගැලී සිටිනු ඇත. මධ්‍යස්‌ථව ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමත් තමා පිළිබඳ ආත්ම විශ්වාසය විභාගයට සූදානම් වීම මගින්ම ගොඩනඟා ගැනීමත් සාර්ථක ක්‍රමවේදයකි. පිළිතුරු ලිවීමට පෙර ප්‍රශ්න පත්‍රයේ සඳහන් වන ප්‍රශ්නයක්‌ දුටු සැණින් පෑනෙන් ලියන වේගයටත් වඩා වැඩි වේගයකින් එම ප්‍රශ්නයට අදාළ පිළිතුර මනසින් නැගී ලේ නහර දිගේ විත් අතේ ඇඟිලි අග රැඳි පෑන් තුඩින් ප්‍රශ්න පත්‍රයේ වේගවත්ව, නිවැරැදිව, පැහැදිලිව සටහන් වන්නේ නම් එම ක්‍රියාදාමයට පරිබාහිරව සිතට දිව යන්නට වෙනත් ඉඩක්‌ ඉතිරි නොවනු ඇත. අතට දැනෙන වේදනාවකට මිස ලිවීම නතර නොවන්නේ නම් එය සාර්ථක පිළිතුරු ලිවීමකි. එහෙත් ලියන්නේ නිවැරැදි දේ වීම අනිවාර්ය වේ. අතේ වේදනාවට ද පෙර සූදානම තිබුණේ නම් ගැටලුවක්‌ නොවනු ඇත. එනම් පුනරීක්‍ෂණ පාඩම්වලදී පසුගිය ප්‍රශ්න පත්‍රවල නියමිත වේලාවට අනුව විභාගයට පිළිතුරු ලියන ආකාරයටම පිළිතුරු ලියා හුරු වූයේ නම් අතේ වේදනාව බොහෝ වේලා යනතුරු නොදැනෙනු ඇත.

පිළිතුරු ලිවීම

ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමට තිබෙන කාලය ප්‍රශ්න ගණනින් බෙදා එක ප්‍රශ්නයක්‌ වෙනුවෙන් අදාළ කාලය පමණක්‌ යෙදවීමෙන් අවසානයේදී යම් කනස්‌සල්ලක්‌ ඉතිරි නොවනු ඇත. ඒ සඳහා ප්‍රශ්න පත්‍රය ලද සැණින් එය ඉතා සාවධානව කියවා ගැනීම පහසුවකි. එහිදී ඉතා ඉක්‌මනින් අදාළ ප්‍රශ්න කිහිපය තෝරාගෙන එම අංක ඉදිරියෙන් සටහන් කරගත හැකිය. එම කාර්යයන් සඳහා විනාඩි පහකට අඩු කාලයක්‌ ගැනීම ප්‍රමාණවත් වේ. ප්‍රශ්නයක්‌ දුටු සැණින් එය පහසු යෑයි තීරණය නොකර එම ප්‍රශ්නයේ අවසානය දක්‌වා කියවා අවබෝධ කරගත යුතුය. මන්ද මුල් පේළිය පහසු යෑයි පෙනී ගියත් අවසානයේ කිරීමට ඇති දේ අපහසු විය හැකි බැවිනි. එබැවින් මුළු ප්‍රශ්න පත්‍රයම කියවා බැලීම මූලික තෝරා ගැනීමට ඉඩ හසුරුවනු ඇත.

එසේ තෝරා ගැනීමෙන් පසුව ඉතිරි කාලයෙන් විනාඩි පහක්‌ පමණ වැඩිපුර ඉතිරි වන්නට තබා වෙන් කර ගනිමින් පිළිතුරු ලිවීම ආරම්භ කළ හැකිය. මෙම කාලය බෙදාගැනීම විභාග ශාලාවට ගොස්‌ ප්‍රශ්න පත්‍රය අතට ලැබීමෙන් පසු සිදුකළහොත් ඒ සඳහා මුළු කාලයම ගතවෙනවා මිස පිළිතුරු ලිවීමට කාලයක්‌ ඉතිරි වන්නේ නැත. එබැවින් පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමේදී එම සූදානම පෙර සිටම ඇති කර ගැනීම පහසුවකි.

පිළිතුරු ලිවීම ඉතා පහසු ප්‍රශ්නයේ සිට ආරම්භ කළ යුතුය. තමාට ඉතාම විශ්වසනීය ප්‍රශ්න තෝරා ගනිමින් පිළිතුරු ලියන අතර නියමිත කාලය නිම වූ වහාම ලියමින් සිටි පිළිතුර අගින් ඉතිරි කර එනම් තව පිටුවක්‌, දෙකක්‌ එකතු කර ගැනීමට ඉඩ තබමින් ඊළඟ පිළිතුර අලුත් කොළයක අලුතින්ම ආරම්භ කළ යුතුය. එසේ සිදුකර වහාම ඊළඟ පිළිතුර ලිවීම වේගවත්ව, පැහැදිලිව, නිවැරැදිව සිදුකරමින් එහි ද වේලාව අවසන් වූ සැණින් පෙර සේම අලුත් පිsටුවක ඊළඟ පිළිතුර ලිවීම අදාළ කාලයේදී කිරීම අනිවාර්ය වේ. තෝරා ගත් ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලියා අවසානයේදී ඉතිරි වන කාලය අනුව තව වැඩිපුර කරුණු එකතු කළ හැක්‌කේ කුමන පිළිතුරටදැයි සොයා ඒවා අමතර කොළ යොදමින් ලිවිය හැකිය. විභාග ශාලාව භාර නිලධාරියා පිළිතුරු පත්‍ර අමුණන ලෙස සංඥ කළ වහාම එම නිලධාරීන් විසින් ලබාදෙන නූලක්‌ හෝ වෙනත් ඇමුණුම් ආධාරකයක්‌ යොදාගනිමින් පිළිතුරුපත් වහාම ඇමිණීම කළ යුතුය. ඉඩ ඉතිරි කරගත් පිළිතුරු අගට තව තවත් කරුණු එකතු කිරීම හෝ අඩුපාඩු සැකසීම තවදුරටත් කිරීමට පිළිතුරු ලියන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්‌ථාව ලැබෙනුයේ පිළිතුරු පත් එකතු කරගන්නාතුරුය.

‍එම තත්ත්පර කිහිපය ද තීරණාත්මක වන අවස්‌ථා ඕනෑ තරම් තිබේ.

උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සෑම අපේක්‍ෂකයකුටම සුදුසුකම් තිබිය යුතුය. ඉන් පළමු සුදුසුකම වන්නේ විභාගයට ඇති සූදානමය. එය පමණක්‌ ප්‍රමාණවත් නොවේ. විභාග දෙපාර්තමේන්තුව මගින් පනවා ඇති නීති රීති කිහිපයකට ද ඔවුන් යටත් වනු ඇත.ප්‍රවේශ පත්‍රය

සෑම විභාග අපේක්‍ෂකයකු සතුවම ප්‍රවේශ පත්‍රයක්‌ තිබිය යුතුය. විභාගයට සති දෙකකට පමණ පෙර එම ප්‍රවේශ පත්‍ර විභාග අපේක්‍ෂකයන් වෙත ලැබෙන්නට සලස්‌වනුයේ විභාග දෙපාර්තමේන්තුව මගිනි. පාසල් අපේක්‍ෂකයන්ට පාසලේ විදුහල්පති මගින් ද පෞද්ගලික අපේක්‍ෂකයන්ට තැපැල් මගින් ද එම ප්‍රවේශපත් හිමිවේ. යම් හේතුවකින් ප්‍රවේශ පත්‍ර නොලැබී ඇත්නම් හෝ එහි විෂය, විෂය අංකය හා මාධ්‍ය වෙනසක්‌ ඇත්නම් ඒ බව 0112784208, 0112784537 දුරකථන අංකවලට දැනුම් දිය හැකිය. ඊට අමතරව අයෑදුම්පත් යෑවීමේදී තැපැල් මගින් නිකුත් කළ කුවිතාන්සි හා අයෑදුම්පත් ඡායා පිටපත් 0112784422 අංකයට පැක්‌ස්‌ කිරීමෙන් ද තොරතුරු විමසිය හැකිය. කොළඹ අවට සිටින අපේක්‍ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුවට ගොස්‌ එම නිවැරැදි කිරීම කරගත හැකි වේ. ප්‍රවේශ පත්‍රයේ නම, අත්සන සහතික කරවා ගැනීම ද අත්‍යවශ්‍ය කාරණාවකි. පාසල් අපේක්‍ෂකයන්ට විදුහල්පති මගින් ද ප්‍රවේශ පත්‍රයේ සඳහන් පරිදි පෞද්ගලික අපේක්‍ෂකයන්ට එම අත්සන සහතික කරවාගත හැකිය.

අනන්‍යතාව තහවුරු කිරීම

සෑම විභාග අපේක්‍ෂකයෙක්‌ම විභාගයට පෙනී සිටින සෑම අවස්‌ථාවකදීම තම අනන්‍යතාව තහවුරු කළ යුතුය. ඒ සඳහා පිළිගන්නා සහතිකය වන්නේ ජාතික හැඳුනුම්පතය. වලංගු විදේශ ගමන් බලපත්‍රය ද පිළිගනු ඇත. වෙනත් කිසිදු සහතිකයක්‌ භාර නොගන්නා ලෙසට විභාග දෙපාර්තමේන්තුව විභාග ශාලාධිපතිවරුන්ට දැනුම් දී තිබේ.

රැගෙන යා යුතු දෑ

ප්‍රවේශ පත්‍රය, හැඳුනුම්පත, පෑන්, පැන්සල්, මකන, විනිවිද පෙනෙන වතුර බෝතලයක්‌, සාමාන්‍ය අත් ඔරලෝසුවක්‌ හැර වෙනත් කිසිම දෙයක්‌ විභාග ශාලාවට රැගෙන යා නොහැක.

විශේෂයෙන්ම මකන දියර (ටිපෙස්‌ට්‌) සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. ජංගම දුරකථන, විවිධ ඉලෙක්‌ට්‍රොනික උපාංග, කැල්කියුලේටර් හා කැල්කියුලේටර් සහිත අත් ඔරලෝසු සපුරා තහනම්ය. ඒවා පාවිච්චි කළත් නොකළත් විභාග ශාලාව ඇතුළතදී ඒවා ළඟ තබාගැනීම ද විභාග තහනමට ගොදුරු විය හැකි බරපතළ වරදක්‌ වනු ඇත. අමතක වීමකින්වත් සටහන් ළඟ තබාගෙන සිටීම ද වරදකි.

බාධා නොකිරීම

කුමන ආකාරයකින් හෝ අනෙකුත් අපේක්‍ෂකයන්ට විභාග ශාලාවේදී බාධා නොකළ යුතුය. විභාග මධ්‍යස්‌ථානවලට හානි කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනීම සඳහා අදාළ නිලධාරීන්ට බලතල පැවරී තිබේ. එවැනි හානි කිරීම් විභාග ප්‍රතිඵල තහනම් කිරීමට තරම් ප්‍රබල වරදක්‌ වනු ඇත.

විවේකය

විභාගයට හොඳින් මුහුණදීමෙන් පසුව සම්පූර්ණයෙන්ම විභාගය අවසන් වනතුරු පෙර ලියූ ප්‍රශ්න පත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සුදුසු නොවේ. සියලු ප්‍රශ්න පත්‍ර නිම කිරීමෙන් පසුව විශ්වසනීය ගුරුවරයකු වැනි කෙනකු සමඟ සාකච්ඡා කොට මනස සැහැල්ලු කර ගැනීම ගැටලුවක්‌ නොවේ. උසස්‌ පෙළ විභාගයෙන් පසු ටික දිනක්‌ ඥති මිතුරු ඇසුරට යමින් විනෝදවීම හා එමගින් ලැබෙන මානසික විවේකය වැදගත් වේ. එහෙත් අසාමාන්‍ය ලෙස විනෝද චාරිකා යැමෙන් අනතුරට පත් වූ අය අවසානයේදී ප්‍රතිඵල දැනගන්නට තරම්වත් වාසනාවන්ත නොවූ අවස්‌ථා අප අසා දැක ඇත. එබැවින් ඉතා කෙටි විවේක කාලයකින් පසුව අත්‍යවශ්‍ය අමතර විෂය දැනුමක්‌ ලබාගැනීම උදෙසා යොමුවීම වැදගත් වේ. එනම් ප්‍රතිඵල ලැබෙනතුරු ඉංග්‍රීසි, පරිගණක වැනි පාඨමාලාවකට නැත්නම් කාන්තාවන් විශේෂයෙන් ඉවුම්, පිහුම්, මැහුම්, ගෙතුම් වැනි පාඨමාලාවකට යොමුවීම වැදගත් වේ. ප්‍රතිඵල ලැබීමෙන් පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුවන්නේ ද රැකියා අවස්‌ථාවකට යොමුවන්නේ ද ආදී වශයෙන් තීරණ ගැනීමට හැකිවනු ඇත. ගන්නා සෑම තීරණයක්‌ම නිරවුල්, නිවැරැදි එකක්‌ වීම ඔබේ අනාගතය ගොඩනැංවීමට හේතු වනු නිසැකය.

Code:
http://www.divaina.com/images/Advansd%20level/therteen03.html
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
Last edited: