~එළකිරි සුව අසපුව (ලස්සනට ඉන්න කැමති හැමෝට&
''~එළකිරි සුව අසපුව~''
කාන්තා පිරිමි දෙපාර්ශවයම ඉතිං ලස්සනට ඉන්න කැමනියිනෙ... වෙනසකට තියෙන්නෙ කාන්තාවන් ප්‍රසිද්ධියේ තම රුව රැකගැනීම පිලිබද වෙහෙසුනත් පිරිමි පාර්ශවය ප්‍රසිද්ධියේ මේ දේවල් සම්බන්ධව වෙහෙසීමට, උනන්දුවීමට යම් මැලිකමක් දැක්වීමයි.. හේතුව අන් අය අතරේ තමුන් විහිලුවකට ලක්වේවි කියන අහේතුක බිය/ වැරදි මතය තුල මොවුන් එලඹගෙන සිටීමයි.....

අද මං හිතුව මේ දෙපිරිස වෙනුවෙන් ඒ කිව්වෙ අපේ මේ එළකිරි සහෝදර සහෝදරියන් වන ඔයාලා වෙනුවෙන්... ඔයාලා ලග ඔය තියන ලස්සන තව තවත් වැඩිදියුනු කරගන්නත්, රැකගන්නත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන අපූරු දේශීය අත්බෙහෙත් වර්ග කහිපයක් මේ විදිහට බෙදාහදාගන්න..
මුලින්ම හිසකෙස් සම්බන්ධ ගැටලු කිහිපයකට අදාල විසදුම් ගැන කතා කලොත් ඔයාලා හැමෝම අකමැති වෙන එකක් නැහැ කියලා මං හිතනවා...කිව්වත් නොකිව්වත් නිවැරදි ලෙස පවත්වගෙන නොගියොත් නම් ඉතිං අපි හැමකෙනෙක්ටම කොන්ඩෙ කියන්නෙ හරිම අවුලක් තමයි..
හිස්හොරි තිබුනොත් සොරිම තමයි
හිසකෙස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධිකව ගැලවීයාම..සුදුපාටින් කැබලි වශයෙන් විසිරීම නිසා සමාජය ඉදිරියේ අපහසුතාවන්ට පත්වීමට සිදුවීම..නලලේ කුඩා බිබිලි ආසාදන තත්වයන් ඇතිවීම හිස්හොරි වල අතුරු ප්‍රතිපල ලෙස දැක්විය හැක.
හිස්හොරි ඇතිවිට හිස හොදින් පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්.. තුවාය, පනාව ආදිය තනි පාවිච්චියට තිබේනම් වඩාත් යෝග්‍යයි.'වැඩිපුර ජලය පානය කිරීම හා ඔබේ ආහාරවේලට එළවලු පලතුරු එක්කර ගැනීමද වැදගත්ය.
එසේම දිනපතා හිසකෙස් මුලසිට අගට බ්‍රෂ් කරන්න.මෙයින් කුඩු ඉවත් වන අතර රුධිර සංසණයද යහපත් වෙනවා.. මේ දේවල් අතරට පහත දැක්වෙන දේශීය අත්බෙහෙත් වර්ගද උපයෝගි කරගනිමින් හිස්හොරි ප්රශ්නය විසදගන්නෙ කොහොමද බලමු!
විකුණන් කන උකුණන්

- ගොඩපර තම්බා හොදින් කොටා බිත්තර කහමදය සමග මිශ්‍ර කර හිසේ ආලේප කර පැයකට පසු හිස හොදින් සෝදන්න
- බිත්තර සුදුමදය දෙහියුෂ සමග මිශ්‍රකර හිසේ ගල්වා පැයකට පසුව සෝදා හරින්න
- පොල්කිරි කෝප්ප 1/2 ගෙන එයට ජලය කෝප්ප 1/2 ක් දමා මිශ්‍රකොට හිස්කබල හොදින් පොගවා මසාජ් කරන්න.ඉන් විනාඩි 30කට පසු හිස සෝදන්න.මෙම ක්‍රමය මසකට 2වරක් පමණ කිරීම සෑහේ.
- උලුහාල් දෙහි ගැට ලිප තබා හොදින් තම්බා පොඩිකර ගෙන එම මිශ්‍රණය හොදින් හිස්කබලේ තවරා පසුව සෝදා හරින්න
- පිරිසිදු විනාකිරි ලෙමන් යුෂ සමග මිශ්‍රකර හිසේ ගල්වා පැයකට පසු සෝදාහරින්න
- උලුහාල් දෙහි ඇට කුඹල්පොතු නෙල්ලි සමව යොදා ජපයෙන් තම්බා හිස සෝදන්න
- වෙරලු කොල හොදින් කොටා (බ්ලෙන්ඩරයද උපයෝගී කරගත හැක) යුෂත් සමග හිසෙහි ගල්වන්න.සතියක් පමණ කිරීමෙන් උකුණන් වදවේ.
උදුගොව්වන් කෑමට
- ගැට කහඹිලියා කොල දෙහි ඇඹුලින් අඹරා උදුගොව්වන් කෑ තැන ගාන්න
- ඉදුණු එළබටු ගෙඩියක් උණු අලුපල්ලේ දමා තම්බා දෙහි ඇඹුලින් අඹරා ගාන්න.
- ඔලිද ඇට දෙහි ගෙඩියක ඇස්ස කපා ඒ තුලට දමා ඇස්ස වසා කෙසෙල් කොලයක ඔතා උණු අලු පල්ලේ තම්බා දෙහි ලෙල්ලත් සමග අඹරා හිමිදිරියට පෙර හිසේ ගා උදේම නාන්න.දින 07ක් පමණ කරන්න.
Last edited: