~එළකිරි සුව අසපුව (ලස්සනට ඉන්න කැමති හැමෝට&amp

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
~එළකිරි සුව අසපුව (ලස්සනට ඉන්න කැමති හැමෝට&amp

''~කිරි සු පුව~''

කාන්තා පිරිමි දෙපාර්ශවයම ඉතිං ලස්සනට ඉන්න කැමනියිනෙ... වෙනසකට තියෙන්නෙ කාන්තාවන් ප්‍රසිද්ධියේ තම රුව රැකගැනීම පිලිබද වෙහෙසුනත් පිරිමි පාර්ශවය ප්‍රසිද්ධියේ මේ දේවල් සම්බන්ධව වෙහෙසීමට, උනන්දුවීමට යම් මැලිකමක් දැක්වීමයි.. හේතුව අන් අය අතරේ තමුන් විහිලුවකට ලක්වේවි කියන අහේතුක බිය/ වැරදි මතය තුල මොවුන් එලඹගෙන සිටීමයි.....


lnghr.jpg

අද මං හිතුව මේ දෙපිරිස වෙනුවෙන් ඒ කිව්වෙ අපේ මේ එළකිරි සහෝදර සහෝදරියන් වන ඔයාලා වෙනුවෙන්... ඔයාලා ලග ඔය තියන ලස්සන තව තවත් වැඩිදියුනු කරගන්නත්, රැකගන්නත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන අපූරු දේශීය අත්බෙහෙත් වර්‍ග කහිපයක් මේ විදිහට බෙදාහදාගන්න..

gntz.jpg


මුලින්ම හිසකෙස් සම්බන්ධ ගැටලු කිහිපයකට අදාල විසදුම් ගැන කතා කලොත් ඔයාලා හැමෝම අකමැති වෙන එකක් නැහැ කියලා මං හිතනවා...කිව්වත් නොකිව්වත් නිවැරදි ලෙස පවත්වගෙන නොගියොත් නම් ඉතිං අපි හැමකෙනෙක්ටම කොන්ඩෙ කියන්නෙ හරිම අවුලක් තමයි..


හිස්හොරි තිබුනොත් සොරිම තමයි


dndrf.jpg


හිසකෙස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධිකව ගැලවීයාම..සුදුපාටින් කැබලි වශයෙන් විසිරීම නිසා සමාජය ඉදිරියේ අපහසුතාවන්ට පත්වීමට සිදුවීම..නලලේ කුඩා බිබිලි ආසාදන තත්වයන් ඇතිවීම හිස්හොරි වල අතුරු ප්‍රතිපල ලෙස දැක්විය හැක.

හිස්හොරි ඇතිවිට හිස හොදින් පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්.. තුවාය, පනාව ආදිය තනි පාවිච්චියට තිබේනම් වඩාත් යෝග්‍යයි.'වැඩිපුර ජලය පානය කිරීම හා ඔබේ ආහාරවේලට එළවලු පලතුරු එක්කර ගැනීමද වැදගත්ය.

cmbgn.jpg


එසේම දිනපතා හිසකෙස් මුලසිට අගට බ්‍රෂ් කරන්න.මෙයින් කුඩු ඉවත් වන අතර රුධිර සංසණයද යහපත් වෙනවා.. මේ දේවල් අතරට පහත දැක්වෙන දේශීය අත්බෙහෙත් වර්ගද උපයෝගි කරගනිමින් හිස්හොරි ප්‍රශ්නය විසදගන්නෙ කොහොමද බලමු!

31159322.jpg



  • ගොඩපර තම්බා හොදින් කොටා බිත්තර කහමදය සමග මිශ්‍ර කර හිසේ ආලේප කර පැයකට පසු හිස හොදින් සෝදන්න
  • බිත්තර සුදුමදය දෙහියුෂ සමග මිශ්‍රකර හිසේ ගල්වා පැයකට පසුව සෝදා හරින්න
  • පොල්කිරි කෝප්ප 1/2 ගෙන එයට ජලය කෝප්ප 1/2 ක් දමා මිශ්‍ර‍කොට හිස්කබල හොදින් පොගවා මසාජ් කරන්න.ඉන් විනාඩි 30කට පසු හිස සෝදන්න.මෙම ක්‍රමය මසකට 2වරක් පමණ කිරීම සෑහේ.
  • උලුහාල් දෙහි ගැට ලිප තබා හොදින් තම්බා පොඩිකර ගෙන එම මිශ්‍රණය හොදින් හිස්කබලේ තවරා පසුව සෝදා හරින්න
  • පිරිසිදු විනාකිරි ලෙමන් යුෂ සමග මිශ්‍රකර හිසේ ගල්වා පැයකට පසු සෝදාහරින්න
  • උලුහාල් දෙහි ඇට කුඹල්පොතු නෙල්ලි සමව යොදා ජපයෙන් තම්බා හිස සෝදන්න
විකුණන් කන උකුණන්

itchn.jpg



  • වෙරලු කොල හොදින් කොටා (බ්ලෙන්ඩරයද උපයෝගී කරගත හැක) යුෂත් සමග හිසෙහි ගල්වන්න.සතියක් පමණ කිරීමෙන් උකුණන් වදවේ.
උදුගොව්වන් කෑමට

boldd.jpg



  • ගැට කහඹිලියා කොල දෙහි ඇඹුලින් අඹරා උදුගොව්වන් කෑ තැන ගාන්න
  • ඉදුණු එළබටු ගෙඩියක් උණු අලුපල්ලේ දමා තම්බා දෙහි ඇඹුලින් අඹරා ගාන්න.
  • ඔලිද ඇට දෙහි ගෙඩියක ඇස්ස කපා ඒ තුලට දමා ඇස්ස වසා කෙසෙල් කොලයක ඔතා උණු අලු පල්ලේ තම්බා දෙහි ලෙල්ලත් සමග අඹරා හිමිදිරියට පෙර හිසේ ගා උදේම නාන්න.දින 07ක් පමණ කරන්න.


 
Last edited:

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
හිසකෙස් කලුවීමට



cmbd.jpg



  • වදමල් අඹරා දින 03කට වරක් හිස ගැල්වීමෙන් හිසකෙස් කලුවී දිලිසෙන ස්වභාවයක් ගනු ඇත.

හිසකෙස් දීප්තිමත් හා ශක්තිමත් වීමට


lnghr2.jpg



  • ෂැම්පු කිරීමෙන් පසු ඉදුණු අලිපේර මදය මේස හැදි 2ක් හා වතුර මේස හැදි 4ක් පමණ දමා බ්ලෙන්ඩරයක අඹරා හිස ගල්වා මද වේලාවක් තබා සෝදා හරින්න.


අකලට හිසකෙස් පැසීම වලක්වා ගැනීමට


whts.jpg



  1. ගොටු කොල ස්වල්පයක්
  2. මුකුණුවැන්න ස්වල්පයක්
  3. නැටිත් සමග කරපිංචා ස්වල්පයක්
  4. හිසට දමන තැඹිලි තෙල් පොල් හෝ ඔලිව් තෙල් අවශ්‍ය පමණ
ගොටුකොල මුකුණු වැන්න කරපිංචා සමාන ප්‍රමාණවලින් ගෙන ඉතා සිහින්ව අඹරා ගන්න.ඔබ හිසට දැමීම සදහා ගන්නා තෙල් වර්ගයක් සමග අඹරාගත් මිශ්‍රණය රත් කරගන්න.මෙම මිශ්‍රණය මදක් නිවුනු පසු ඔබේ හිසකෙස් අතර තවරන්න.දිනක් පමණ තිබෙන්නට හැර සබන් පාවිච්චි නොකර හෝදා හරින්න.අඩුම තරමින් සතියකට එක් දිනක්වත් නොකඩවා මාස 03ක් මෙම පුතිකාරය කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගත හැක. මේ අතරතුර ඩයි පාවිච්චි කිරීමෙන් වලකින්න.නිවැරදිව අනුගමනය කිරීමෙන් දිගුකාලීන කලුපැහැයක් හිසකෙස්වලට ලබාගත හැකි බවද සදහන් වේ.


මේ තොරතුරු ටික මට ලැබුනේ අපේ ආච්චි අම්මලගෙ ගෙදර තිබුණ පරණ පොතකින්..මං හිතන්නෙ සීයාගෙ බෙහෙත් අත්පොතක්..සීයානම් දැන්නැහැ..මගේ වචනවලින් තොරතුරු ටික ත්‍රෙඩ් එකට ගලපගත්තෙ කාටවුනත් දේශීය දෙයින් හානියක් නැති නිසයි..මොකද සියරට දේ-සිරි සැප දේ කියනවනේ..


බලලා යන ගමන් තව කෙනෙකුටත් ප්‍රෙයෝජනයක් ගන්න බම්ප් එකක් දැම්මට කමක් නැහැ..ත්‍රෙඩ්එක හොදයි නම්...
තව තොරතුරු ගොඩක් තියනවා..හිමීට ලියන්නම්..................
සැමට නිරෝගි සුව!!!:):):):)
 
Last edited:

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
අඩේ පෙට්ස්හා නඟා ඕකේ කොල්ලොන්ට වැඩියෙන් දාපං . හා හා එල එල :love::love::yes::yes:

++ රෙප්

:yes::yes: අනිවාර්යෙන්ම අපේ එළකිරි යාහලු යෙහෙලියො දෙගොල්ලන්ම ලස්සනට ඉන්න ඕනි...අපි දිගටම සහයෝගය දෙනවා ඔයාලට පුලුවන් විදිහට..
උනන්දුව තමයි වැදගත් වෙන්නෙ....
11.gif
 
  • Like
Reactions: prageeth119lk

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කහඹිලියා ගාන්න:eek: මේක නම් පරන තරකට කිව්ව එකක්ද කොහෙද:baffled::P
එල වැඩක් දිගටම කරගෙන යන්න :cool:
ජයවේවා
11.gif