උසස්_පෙළින්_පසු

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
උසස්_පෙළින්_පසු

උසස් පෙළින් පසූ අධ්‍යාපනය

Degree.jpg


උසස් පෙළ මෙවර ලියපු ගොඩක් දෙනෙක් අපේ එළකිරියේ ඉන්නවා එයාලාට දැන් මොනද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ ගොඩක් කට්ටියට.

උස්ස පෙළ ලියපු අය කොටස් 3 කට මේ විදිහට බෙදන්න පූළුවන්. (සාපේක්ෂව)

1. උසස් පෙළ ඉහලින්ම සමත් නියත වශයෙන්ම විශ්ව විද්‍යෘල වරම් සහිත අය (3As - 3Bs)
2. උසස් පෙළ සාමාන්‍යයෙන් සමත් අය(3Cs - 3Ss)
3. උසස් පෙළ අසමත් අය.(2Ss1F - 3Fs)


සමහර අය තමාට මොකද වෙලා තියෙන්නෙ කියලා දන්නවා ඒත් සමහර අය ඉන්නවා ඒ ගැන හරියටම විශ්වාස නැති අය.

මේ හැමොටම කල හැකි වෙනත් අධ්‍යාපන ආකාර තියෙනවා. එක එක්කෙනාට ඒක වෙනස් වෙන්න පුළුවන්.

ඒවා ගැන දන්න අයියාලා අක්කලා, නොදන්න මල්ලිලා නංගිලාට උදව් කරන්න.

මම මේ අධ්‍යාපන ආයතන ගැන විස්තර හෙව්වා. සමහර ඒවා ගැන හොයනවා.

1. SLIT
2. NIBM
3. UCSC
4. E-SOFT
5. ICBT
6. APIIT
7. IJTS
8. INFORTEC INTERNATIONAL


මෙතන නැති හොද තැන් තියෙනවා නම් කියන්න. ඒවා ගැනත් කථා කරලා බලමු. හැමොටම හොද අර්ථික මට්ටම ඇත්තේ නෑ ඒත් ඒ ආර්ථ්ක මට්ටමට ගැනපෙන අධ්‍යාපන ආකාර තියෙන්න පුළුවන් අපි ඒ ගැනත් කථා කරමු.

ඒ වගේම මේ සමහර ආයතන වල ලියාපදිංචි උනොත් ආයෙත් රජයේ විශ්ව විද්‍යාලයක ලියාපදිංචි වීමට නොහැකි අවස්ථාත් තියෙනවා. ඒවා ගැනත් සැලකිය යුතුයි.

මේ මම කියපු සමහර ආයතන ඔයාලා ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන් ඒහෙම නම් ඒකට සාධාරණ හේතුවක් සමග මෙතන කියන්න.

එහෙනම් ඔයාලාට මේ ත්‍රෙඩ් එක විවෘතයි ඔයාලාගේ අදහස් මෙතන බෙදා ගමු.
1246422_f496.jpg


දන්නෙ නෑති අය උදව්වක් හැටියට Bump කරලාවත් යන්නකෝ.

THANK YOU
 
  • Like
Reactions: GAC and actinide

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Bachelor of Information Technology (BIT)

    External Degree offered by University of Colombo School of Computing - UCSC, Sri Lanka.

    Duration
    3 Years (3-4 months per semester)
    Levels / Semesters
    3 levels/ 6 semesters
    Entry Requirements
    G.C.E. (A/L) 3 passes in any
    subject stream (in one sitting)*
    OR
    6 passes in G.C.E (O/L) with 3 credits
    AND Pass in FIT–UCSC (also offered @ aurora).
    (*Note: Students with pending A/L results may also register on condition that their results are submitted after release of A/L results)
    Course fees (per semester)
    Rs.20,000/=
    (8,000/= + 6,000/= + 6,000/= in installments)
    Check Current course schedule
    bitstructure.gif

    Why BIT ?


    • Earn an internationally recognised degree level academic qualification from reputed local university.
    • You may study part time while working.
    • Upto date and versetile syllabus.
    • Flexible semester based study options.
    • Affordable course fees.

    Syllabus:
    Year 1:
    Semester 1:
    IT1104 – Information Systems & Technology
    IT1204 – Computer Systems I
    IT1304 – PC (Personal Computer) Applications
    IT1404 – Internet & World Wide Web

    Semester 2:
    IT2104 - Mathematics for Computing I
    IT2204 - Programming I
    IT2304 - Database Systems I
    IT2404 - Systems Analysis & Design
    Year 2:
    Semester 3:
    Compulsory:
    IT3104 - Object Oriented Analysis & Design
    IT3204 - Software Engineering I

    Optional:
    IT3304 - Mathematics for Computing II
    IT3404 - Business Management
    IT3504 - Web Development Techniques

    Semester 4:
    Compulsory:
    IT4104 - Programming II
    IT4204 - IT Project Management

    Optional:
    IT4304 - Rapid Software Development
    IT4404 - Fundamentals of Multimedia
    IT4504 - Data Communications & Networks
    Year 3:
    Semester 5:
    Compulsory:
    IT5103 - Professional Issues in IT
    IT5203 - Information Systems Security
    IT6103 - Final Year Project*

    Optional:
    IT5303 - Intelligent Systems
    IT5403 - Internet Application Development
    IT5503 - Computer Graphics & Image Processing

    Semester 6:
    Compulsory:
    IT6103 - Final Year Project*

    Optional:

    IT6203 - Systems & Network Administration
    IT6303 - e-Business Application
    IT6403 - Database Systems II
    IT6503 - Computer Systems II

    more
    www.bit.lk
    http://www.bit.lk/information/handbook/2011-handbook.pdf

    mewwa thama thiyenne hoda class ekak set karaganna ugannana widiha hoyala good luck meeke bit karapu karana aya ona tharam innawa :D:yes:
     
    • Like
    Reactions: GAC

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේකයි මගේ අදහස.
    මේ ලෝකේ ඉන්න අනෙක් හැමෝටම වැඩ ඔයාල ගැන දන්නා ඔයාල
    එක නිසා නංගී මල්ලී තමුන්ගේ හැකියාව හරියටම අඳුර ගන්න.
    කවුරු මොනවා කිවුවත් අපේ රටේ විශ්ව විද්‍යාලයකට යන්න වාසනාව තියෙන්නේ ඕන.
    එහෙම යන්න බැරි උන් තමයි එක පහත කරලා කතා කරන්නේ.
    හරි අපි එතනින් පටන්ගමු.
    ඔයාල පලවෙනි වතාවට උසස් පෙළ කරපු අයනම් විභාගේ ලිවුවට පස්සේ තේරෙන්න ඇතිනේ තමුන් කරපුවට ලැබෙන ප්‍රතිපල.
    එහනම් උපරිම සති දෙකක් නැත්නම් තුනක් විවේක අරන් තමුන්ගේ මුළු ශක්තියම දාල දෙවෙනි පාර ලියන්න ලෑස්ති වෙන්න.
    නිකන් බොරුවට කියන්න ඕන නැහැ එදා දෙන වැඩේ එදාම කරන්න කියල.
    මොකද එහෙම කරන්නේ නැහැනේ.
    කරන්න පුලුවන්නම් හොඳයි.
    වැඩ වැඩියෙන් කරන්න.
    පිස්සු කෙලින එක අඩු කරන්න.
    කෙල්ලන්ට try කරන එක අඩු කරොත් හොඳයි.


    දැන් ඊළඟ පිරිස.
    කොහොමටවත් කැම්පස් යන්න බැහැ කියල හිතන කට්ටියකුත් ඉන්නවනේ.
    මුලින්ම තමුන්ගේ දක්ෂකම මොනවටද තියෙන්නේ කියල අඳුරගන්න.
    ඊට පස්සේ එකට අදාල වෙන මොකක් හරි course එකක් කරන්න.
    මේ අතරේදී පුලුවන්නම් අනිවර්යයෙන්ම JOB එකකටත් සෙට් වෙන්න.
    මොකද දන්නවද
    ඔයලත් එක්ක එකට ඉගෙන ගත්ත පිරිසක් කැම්පස් ගිහින් අවුරුදු 3/4 කින් එලියට එනවා.
    එතකොට එයාලත් එක්ක තරඟ කරන්න එයාල ළඟ නැති දෙයක් ඔයාලට තියෙන්න ඕන.
    ඒ තමයි මොකක් හරි වෘත්තියක අත්දැකීම් කියන එක.
    එතැනදී ඔයාල අනෙක් අය‍ට වැඩ ඉස්සරහින් ඉන්න ඕන.


    විශේෂම දෙය තමයි ඔය හැමෝම කොච්චර පරිගණක ගැන දන්නවා උනත් වැඩක් නැහැ
    සහතිකයක් නැත්නම්.
    එක නිසා නමට හරි NIBM වගේ තැනකින් Computer Course එකක් කරලා තියෙගන්න
    අනෙක් දේ තමයි කඩ්ඩ.
    වැඩිය සල්ලි පුච්චන්න ඕන නැහැ.
    කොළඹ විශ්ව විද්‍යාලයේ තියනවා සති අන්ත පාඨමාලා
    ඒවා එකක් කරගන්න


    මම මේ ටික කිවුවේ ගොඩක්ම මගේ අත්දැකීම් වලින්.
    ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා.
     
    Last edited: