Colombo– Katunayake Expressway II

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Colombo– Katunayake Expressway II

    කලිනුත් මම කොළඹ-කටුනායක යාවෙමින් ඉදි වන අධිවේගී මාර්ගය පිළිබධ ලිපියක් ගෙන අවා නේ ඉතින් මේ පාරත් ඉතා ඉක්මනින් ඉදිකිරීම් නිමකරගෙන යනවා 2012 වසරේ ඉදිකිරීම් නිම කරන්න තමයි මේ වෙනකොට තීරණය කරල තියෙන්නේ(කල් යන්නත් පුලුවන් මොකද ලංකාවනේ)

    දැන් ඔගොල්ලන්ට බලන්න පුලුවන් මේ දවස් වල මොකද මෙහෙ වෙන්නෙ කියලා

    298745_239556126081118_164278523608879_599976_3145762_n.jpg


    Colombo Side

    මේ තියෙන්නේ පළමු හා දෙවන අදියරේ වැලි පිරවීම් අවසන් වෙලා තිබෙන අකාරය.මුහුදු වැලි තමයි මේ පුරවල තියෙන්නේ.කෙලවරපිටිය ප්‍රදේශයෙන් මුහුදෙන් වැලි ගොඩට අරගෙන වැලි සේදුම් කරලා තමයි විශාල කැන්ටර් වලින් ගෙනල්ලා මේ විදියට සකස් කරන්නේ,මේ විදියට සකස් කරන්න අවුරුදු 7ක් වගේ ගියා.

    299239_239558079414256_164278523608879_599999_5013200_n.jpg


    Katunayake Side

    මේ තියෙන්නේත් ඒ විදියට සකස් කරපු කටුනායක පැත්තේ මාර්ගය

    320943_239557036081027_164278523608879_599987_678318_n.jpg


    මුහුදෙන් ගොඩ ගන්න වැලි ඉදිවෙන අධිවේගී මර්ගය දක්වා ගෙන එන අකාරය

    300547_239556926081038_164278523608879_599986_8363090_n.jpg


    320228_239557476080983_164278523608879_599992_1485133_n.jpg


    කොහොමද හයි වේ එකේ උස හිතාගන්න පුලුවන් නේ සියලු වැඩ අවසන් උනාම කොහොමට තියෙයිද කියලා.

    307994_239557652747632_164278523608879_599994_5956611_n.jpg


    මේ හරියේ තාම පුරවනවා පොඩි පොඩි වැඩ කරන්නේ

    312652_239556246081106_164278523608879_599977_7146783_n.jpg


    මේ තියෙන්නේ මාර්ගය සකස් කරන්නගෙනාපු උපකරණ ආදිය.පොඩි පොඩි බැකෝ එහෙම තව විශාල උපකරණ එහෙම දකින්න පුලුවන්

    293571_239556792747718_164278523608879_599983_1507515_n.jpg


    311339_239556862747711_164278523608879_599985_989389_n.jpg


    පට්ට විදියට පාවිච්චිකරල නේද.සේරම චීනෙන් ගෙනාපුවා තමයි වැඩ අවසානයේදී මේ සියල්ල ලංකා ආණ්ඩුවට හිමි වෙනව කියලයි ඔවුන් පෙන්වා දෙන්නෙ එකක් වත් නැවත රැගෙන යාමක් සිදුවන්නේ නෑ.

    297733_239556546081076_164278523608879_599980_5054851_n.jpg


    රාත්‍රියේදී පවා ඉදිකිරීම් සිදුවන නිසා පහසුව පිණිස විදුලි ජනක යන්ත්‍ර වල උපකාරය ලබා ගන්නා අකාරය.

    313068_239556732747724_164278523608879_599982_7212914_n.jpg


    මේ දිනවල මෙහි වැඩකටයුතු කරන්නේ පොළව යට නිසා පොළව යට තියෙන ජලය ඉදිකිරීම් පරිස්‍රයෙන් ඉවත් කිරීමට භාවිතා කරන යන්ත්‍රයක්
    .

    318479_239556626081068_164278523608879_599981_298051_n.jpg


    මේ තියෙන්නේ ඒ විදියට ගොඩ ගත්ත වතුර.මේ ඉදිකිරීම් සියල්ල සිදුවන්නේ මුතුරාජ වෙල ලෙස හැදින්වුන ප්‍රදේශයෙනෙ ඉතින් අහන්න දෙයක් නෑ ජලය අධිකව ගැවසෙන ප්‍රදේශයක් නෙ

    297038_239557772747620_164278523608879_599995_4611315_n.jpg


    තාමත් ඉදිකිරීම්නොවන ප්‍රදේශ වල මුතුරාජ වෙල දැකගන්න පුලුවන්.

    295701_239556326081098_164278523608879_599978_7861686_n.jpg


    කොහොමද මේ උපකරණය හයිවේ එකටත් වඩා උසයි මේක මේකට කියන්නේ වැලි ෆයිල් එක කියලා මේකෙන් මොකද වෙන්න කියල ඉදිරියෙදි කියන්නම්.

    315684_239557116081019_164278523608879_599988_2959422_n.jpg


    පින්තූරේ පොඩ්ඩක් හෙල්ලිලා වගෙයි නේද.

    307548_239557192747678_164278523608879_599989_4951458_n.jpg


    කෝට උඩ නේ තියෙන්නේ මේක රෝද තිබ්බ නම් මේක අනිව යට යනවා වැඩි විශ්කම්බයක් දරන්න තමයි කොට තියල තියෙන්නේ ඒත් සමහර වෙලාවට මේ කොට කැඩිල යනවා

    301575_239557399414324_164278523608879_599991_4660984_n.jpg


    නැවක කුඹ ගහක් වගෙයි නේද

    293629_239557946080936_164278523608879_599997_8386050_n.jpg


    මේකෙන් කරන්නේ 3න් වන අදියරේ ඉදිකිරීම් තමයි(වැලි පුරවන එකම තමයි) කලින් කරන ලද පරියේෂන අනුව මඩ සහිත ස්ථාන හදුනාගෙන(එරෙන තැන්)ඒවාට වැලි පිරවීමයි.ඒ කියන්නේ පොළව මට්ටමෙන් යට වැලි පුරවන එක තමයි අඩි 20ක් වගේ යටත තමයි මේ වැලි පිරවීම් කරන්නේ

    ඉහත රූපයේ ඊතලයකින් පහතට පෙන්න තියෙන්නේ අර ලොකු උකඩ බම්බුව පොළව අභ්‍යන්තරයට යවලා උඩින් බැකෝ මගින් වැලි තවත් උපකරණයකට දලා එකෙන් මේ බම්බුව ඇතුලට දලා එවා තද කරගෙන පහළට අරගෙන ගිහිල්ලා පොළව අභ්‍යන්තරයේ වැලි විසුරුවන එකයි.එතකොට මඩ සහිත ප්‍රදේශ සම්පූර්ණයෙන් වැසී යනවා.කලින් වතුර අයින් කරන උපකරණයෙන් වතුර අයින් කරාම ඒක තවත් පහසුයි


    306884_239557299414334_164278523608879_599990_4650564_n.jpg


    මේකට තමයි වැලි පුරවල අර විශාල යකඩ බම්බුවට උඩදි වැලි හලන්නේ

    314697_239558006080930_164278523608879_599998_8107580_n.jpg


    මෙන්න මෙයා තමයි අපිට සියල්ල විස්තර කරල දුන්නේ.පොර තමයි අධිවේදී මාර්ගය නැවත ඉදිකිරීම් ආරම්භ කරපු කලේ ඉන්දලම මේ හා සම්බන්ධව කටයුතු කරන්නේ,වැල්ලවයේ පදිංචි කරුවෙක්ලු.සල්ලි හොයන්න දුක් විදිනවා

    307260_239557819414282_164278523608879_599996_2453787_n.jpg


    මේ තියෙන්නේ පොර ඇතුලු මෙම වැඩ ප්‍රදේශයේ කාර්යයේ නියතු අය අවුවෙන් වැස්සෙන් අරක්ෂා වෙන ස්ථානය.හරිම කටුකයි නේද.

    304497_239558239414240_164278523608879_600000_793177_n.jpg


    මේක මේ නිකන් ගත්ත පින්තූරයක් ගම් දෙකක් යා කරන පාලමක් හරිම අවධානම් පාලමක් හි හි.

    තාම අධිවේගී මර්ගය කාපට් කරන්න පටන් ගත්තේ නෑ.තාම පොලිතින් වැස්ම යොදලත් නැහැනේ,නිතර නිතර ගෝඨාභය රාජපක්ෂ වගේ අයගේ නිරික්ෂණයට ඉදිකිරීම් ලක් වෙනවා ඒවල ප්‍රමිතිය සොයා බලනවා,චීන ලංකා මිත්‍රත්වය නිසා තමයි මේ අධිවේගී මර්ගය ඉදිවෙන්නේ.ඒත් මේ වන විට NEM Constructions Company වගේ අයත් මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධව කටයුතු කරනවා.

    මීට කලින් මේ ගැන මම ඉදිරිපත් කරපු ත්‍රෙඩ් එකේ පින්තූර බලන්න පුලුවන් මෙතනට ගියොත්
    ප්‍රධාන පෙළේ වැඩ සියල්ල දැන් මෙහි අවසන් ඉතුරු අවසන් කිරීම් තමයි මේ දිනවල සිද්ද වෙන්නේ මෙම අධිවේගී මාර්ගය තුලින් ජාතික ආර්ථිකයට මෙන්න වෙනත් අංශ ගනනාවකින්ම වැදගත් කාර්ය බාර්යක් ඉටුවෙනවා,අවාසි නැතුවම නෙවෙයි

    මෙතෙක් කිසිදු මාධ්‍යකින් මේ ඉදිකිරීම් ගැන කිසිදු සටහනක් කරල නෑ මුලින්ම මම තමයි ගෙනාවේ මුල ඉන්දලම තව ඉස්සරහටත් මෙහි ඉදිකිරීම් ගැන සටහනක් තබන්න අමතක කරන්නෙ නෑ
    .
    ___________________________________________________

    ඔගොල්ලන්ගෙ සෘජු අදහස අපිට කියන්න අමතක කරන්න එපා




    ©2011/MB/EK.COM​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    elazz !! :D okkomatama issalla umbe city ekata thara tikak daganin :P nettan bottuwak ona wessa dawasata yanna :P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    KeEp It Up......

    පිස්සු හැදෙනවා මචන්...:rolleyes:
    අපේ රට දියුණු වෙනවට අපිත් කැමතියි...:cool:
    මේ වගේම අනිත් දේවල් ගැනත් හිතන්න ඕනේ...
    :yes: