෴සිහින_සටන෴

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ෴ සිහින සටන ෴

    hospital_floors_by_JESSERZZZ.jpg



    ඉන්දිව තියටර් එක ඇතුලට අරගෙන දැන් පැය දෙකකටත් වැඩියි...

    ඉන්දි සැරින් සැරේ බඩ රිදෙනවා කියන්න අරගෙන සති දෙකක් විතර වෙනවා. ඒ කියන හැම වෙලාවෙම බෙහෙත් ටිකක් ගන්න යන්න ලෑස්ති වෙන්න කිව්වම අනේ මහන්සියි කියලා බැහැ කියනවා. ගිය සිකුරාදා එයාටත් කියන්නෙ නැතිව ඩොක්ටර් ගාවට එක්කන් ගියාම එතන වෛරස් උණ කාරයෝ පිරිලා....

    " අනේ බලන්න මින්දික, තාම යන්නෙ 10. අපේ අංකේ 55. අද රෑම අපි දෙන්නට මෙහෙ තමයි ඉන්න වෙන්නේ...

    " ඒ වුනාට කමක් නැහැ ළමයො. ටිකක් වෙලා ඉදලා බෙහෙත් ටිකක් අරගෙන යන්. දැන් සතියක් විතර තිස්සෙනේ ඔයා කියන්නෙ බඩ රිදෙනවා කියලා. අම්මලා කවුරුහරි දැන ගත්තොත් දෙන්නටම බැනුම් අහන්න වෙනවා...."

    "එහෙම වෙන්නේ නැහැ මින්දික. අපි ගෙදර යන්. දැන් මගේ වේදනාව අඩුයි. අම්මලා මොනවහරි කිව්වොත් මම කියන්නම් මමයි බෙහෙත් ගන්න බැහැ කිව්වේ කියලා"

    " ඔයා එහෙම කිව්වට මොකක් වුනත් ලෙඩේ අඩු නැහැ කියලා ඔයාගේ මූණෙන්ම පේනවා. මහන්සි නම් යන් කාර් එකට, ටිකක් නිදා ගෙන ඉඳලා එමු..."

    ඉන්දි මොකුත් කිව්වේ නැහැ. කාර් එකට යන්න නැගිට්ටෙත් නැහැ. එයා එක ලඟ තියෙන ඔරලෝසුවයි, දැන් ඩොක්ටර් බලන අංකයයි තියෙන ඩිස්ප්ලේ එකයි දිහා බලන් ඉන්න ගත්තා. තාම 10 මයි...

    අංක 18 යද්දි, රෑ නමයට විතර ඩොක්ටර් එලියට ආවා. ඩොක්ටර් රෑ කෑමට බෙහෙත් දෙන එක ටිකකට නවත්තනවා කියලා නර්ස් කිව්වා. මම ඉන්දිගේ මූණ දිහා බැලුවා. මගේ උරහිසට හේත්තු වෙලා එහෙම්මම නින්ද ගිහින්. පව් මගේ කෙල්ල...

    " ඉන්දි... නැගිටින්න..."

    "හම්ම්..."

    "අපි යන් ඉන්දි. අපි ගිහින් හෙට එමු. හෙට උදේ වරුව විතරයි මම ඔෆිස්.."

    එදා කොහොමෙන් කොහොම හරි අපිට ඩොක්ටර්ව හම්බවෙන්න බැරි වුනා.

    ඉන්දියි මායි මුණ ගැහුනේ මම රස්සාවක් කරන්න ගත්තු අලුතමයි. ඉන්දිට නම් ඒ කාලේ ජොබ් එකක් තිබුනේ නැහැ. එයා කොල්ලුපිටියේ ක්ලාස් ආව ගියේ මම ඔෆිස් ගිය බස් එකේමයි. මුලින් මුලින් ඇස් වලින් විතරක් කතා කරපු අපි ප්‍රේමවන්තයෝ වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. අවුරුද්දක් විතර දෙන්නා ආශ්‍රය කරලා අපේ කතාව ගෙවල් වලට කිව්වේ ඉන්දිගේ පලවෙනි පඩිය ලැබුනු දවසෙමයි.

    ඉන්දිගේ අම්මා "උඹට තියෙන හදිස්සියක්" කියලා අහාවි ද දන්නෑ කියලා දෙන්න හිතාගෙන හිටියට ඉන්දිගෙ අම්මා එහෙම අහලා තිබුනේ නැහැ. සමහරවිට ඉන්දිගේ නංගියත් ඉන්න හින්දා වෙන්න ඇති. ඉන්දිගේ අම්මා කියලා තිබුනේ මම හඳහන ඉල්ලගෙන එන්න කියලා විතරයි. අපේ ගෙදරිනුත් මොකුත් ලොකුවට ඇහුවේ නැහැ. තාත්තා ඇහුවා මොකක්ද සම්පූර්ණ නම කියලා. මම ඉතින් එයාගේ සම්පූර්ණ නම කිව්වා.

    " වීරසිංහ මුදියන්සේලාගේ ඉන්දීවරි සුධර්මා වීරසිංහ..."

    " හම්.. ඒ ළමයට අම්මලා තාත්තලා එක්ක කතා කරලා අපිට එහෙට යන්න දවසක් වෙලාවක් දාගෙන අපිට දැනුම් දෙන්න කියන්නකෝ..."

    තාත්තා ඒ කතාව අම්මා දිහායි මගේ දිහායි සැරින් සැරේ බල බල. අම්මගේ මූණේ මම කවදාවත් කලින් දැකලා නොතිබිච්චි හැඟීමක් පිරිලා. මම පස්සේ දැන ගත්තේ, අම්මා ඒ වෙලාවේ හිත හිත ඉදලා තියෙන්නේ "මගේ පොඩි පුතා ගිය දුර..." කියලලු.

    හඳහන් බලපු වෙලාවේ කියලා තිබුනේ හඳහන් ඒ තරම් ගැලපෙන්නේ නැහැ කියලයි. ඒත් හොඳ වෙලාවක් බලලා කලොත් මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා. ඉතින් ඒ ඒ විදහට කරුණි යෙදිලා මීට අවුරුදු දෙකයි මාස හතරයි දින නමයකට කලින් අපි දෙන්නා අපේ වුනා....


    wedding_by_inextremo.jpg


    දැන් පැය තුනකටත් කිට්ටුයි. ඇයි මෙච්චර වෙලා යන්නේ... ඉන්දිගේ අම්මා මගේ ගාවට ඇවිත් ඉදගත්තා.

    අපි දෙන්නා එකතු වෙනකොට මට වයස විසි හතරයි මාස ගාණයි. ඉන්දිට විසි දෙකක්වත් නැහැ. ඉන්දිගේ අම්මා අහයි කියලා හිතන් හිටිය ප්‍රශ්නේ ඇහුවේ නැති උනාට අපේ යාලුවෝ නම් හැම එකාම වගේ ඒ ප්‍රශ්ණය අපෙන් ඇහුවා. ඒත් අපි දෙන්නා කවදාවත් එහෙම දෙයක් ගැන කතා කලේ නැහැ. දෙන්නට දෙන්නා ගැන ලොකු විශ්වාසයක් තිබුනා. දෙන්නගේ වර්තමානය ගැන වගේම අනාගතය ගැනත්...

    වෙඩින් එකෙන් පස්සේ දෙන්නම රස්සාවට ගිය පලවෙනි සතියේ දවසක් රෑ කෑමට නූඩ්ලස් හදන ගමන් ඉන්දි කතාවක් පටන් ගත්තා.

    "මින්දික..."

    කටහඩ ගැඹුරුයි. "ඇයි ඉන්දී.."

    "අපි කාලෙකට දරුවෙක් නොහදා ඉමු..."

    මම කර කර හිටිය ලූණු කැපිල්ල අත ඇරලා දාලා මම ඉන්දි ගාවට ගියා. ඉන්දි ආයෙත් කතා කරන්න ගත්තා.

    "අපි තාමත් ජීවිතය පටන් ගත්තා විතරයි. දෙන්නම තාම ඉගෙන ගන්නවා. දෙන්නටම රස්සා වල ගොඩක් දුර යන්නත් පුලුවන්, යන්නත් තියෙනවා. අපි තාමත් බස් එකේ යන්නේ එන්නේ. අම්මලා දීපු දෙයක් ඇරෙන්න අපේක කියලා ඉතිරියක් නැහැ. ඔයා මගේ ගාවින් ඉන්නවා. මට ඒ ඇති. අපි ටික දවසක් මෙහෙම ඉමු..."

    මම ඉන්දි දිහා ටිකක් බලන් හිටියා. වෙඩින් එකට කලින් ඔය සබ්ජෙක්ට් එක ගැන වැඩියෙන්ම කතා කලේ ඉන්දි. මම ඒ කියපු දෙයකට මොනවහරි කුණු කතාවක් කියලා හිනා වුනා මිසක් ඇත්තටම මම මේ දේවල් ගැන වැඩිය හිතලා තිබුනේ නැහැ. ඉන්දි මගේ ගාවට ඇවිත් තුරුල් වුනා.

    "මටත් ඒ ඇති පැටියෝ..."

    එදා නූඩ්ල්ස් එක වෙනදටත් වැඩිය රහට ආවා. හෙට ඉදලා අලුත් අලුත් ක්‍රම වලට නූඩ්ලස් හදන හැටිත් අපි එදා කාලා ඉවර වෙලා කතා කලා.

    "පුතේ... ඊයේ ඔෆිස් එකේ වැඩ කරන ගමන්ලුද අසනීප වෙලා තියෙන්නේ...?"

    "ඔව් අම්මේ. ඔෆිස් එකෙන්මයි හොස්පිටල් අරන් ඇවිත් තියෙන්නෙ. ඇඩ්මිට කරගන්න ඕනේ කිව්වම තමයි මට කෝල් කලේ..."

    ඇතුලට අරගෙන පැය හතරකට විතර පස්සේ ඩොක්ටර් එලියට ආවා. මාව ඩොකටර් ගාවට දිවුනේ ඉබේටමයි...

    "කොහොමද ඩොකටර් මගේ ඉන්දිට...? ගොඩක් වෙලා ගියා නේද ඔපරේශන් එකට..?"

    "හම්ම්... එන්නකෝ මගේ රූම් එකට. කතා කරන්න ටිකක්..."

    මම ඩොකටර් පිටි පස්සෙම එයාගේ රූම් එකට යන්න හැරුනා. ඒ වෙලාවේ ඉන්දිව එලියට අරන් ඇවිත් වෝඩ් එකකට අරන් ගියා. මම ටක් ගාලා දුවලා ගිහින් මගේ ඉන්දිගේ මූණ බලලා ආවා. අම්මලා ඉන්දිත් එක්ක වෝඩ් එකට ගියා. මම ඩොක්ටර්ත් එක්ක ආවා.

    "ඉදගන්නකෝ..."

    "තැන්ක් යූ ඩොකටර්.."

    " දැන් ඔයාලා බැදලා කොච්චර කල් ද..? "

    " අවුරුදු දෙක හමාරක් විතර වෙනවා. ඇයි ඩොකටර්?'

    " දරුවෝ ඉන්නවද..."

    "නැහැ ඩොක්ටර්. අපිට වුවමනාවක් තිබුනේ නැහැ..."

    "එහෙමද... මම කියන දෙයට කලබල වෙන්න එපා. මිසිස්ගේ වයසේ කෙනෙකුට හරිම කලාතුරකින් මේ වගේ දෙයක් වෙන්නේ. මිසිස්ගේ වූම්බ් එකේ ( ගර්භාශයේ) ඩිස් ඕර්ඩර් එකක්. අපිට ඒක අරන් දාන්න වුනා. ඒක තව ටික දවසක් තිබ්බනම් ජීවිතයට අනතුරක් වෙන්න තිබුනා..."

    මම නැගිට්ටේ ඇයි කියලා මම දන්නෙ නැහැ. ඒත්...

    " කමක් නැහැ ඩොක්ටර්. මගේ ඉන්දිගේ ජීවිතය බේරලා දුන්නට ඩොකටට පින්..."

    මම ඉන්දි ඉන්න වෝඩ් එක දිහාට යන්න ගත්තා. මට දැනුනේ මම ඇවිද්දට එක තැනමයි කියලා. මගේ ලෝකය නැවතිලා...

    මම ඇද ගාවට එනකොටත් ඉන්දිට හරියට සිහිය ඇවිත් නැහැ....

    "මොකද පුතේ ඩොකටර් කිව්වේ...?" අපේ අම්මා මගේ ලඟට ඇවිත්...

    "ලොකු මොකුත් නැහැ අම්මේ. දැන් ඔපරේශන් එක කලානේ. ඔක්කොම ඉක්මණට හොඳ වෙයි කිව්වා..."

    තාත්තත් මගේ ගාවට ආවා.

    "ඉන්දිගේ අම්මා දුව ගාව ඉන්නම් කිව්වා. දැන් ඔයා ගෙදර ගිහින් හවස එන්න. ඊයේ හවස හොස්පිටල් එකට ආපු ගමන්නේ..."

    මම ඉන්දි ගාවට ආවා. අනේ මගේ ඉන්දි... මට සමා වෙන්න ඉන්දි...!

    ඉන්දිගේ අම්මා විතරක් ඉතිරි කරලා අනෙක් තුන් දෙනාව දාගෙන හොස්පිටල් එකෙන් ආවා.

    ගිය අවුරුද්දේ මගේ උපන් දිනේ දවසේ උදේ එයාගේ ඔෆිස් එක ගාව හෝල්ට් එකෙන් බහින්න ලංවෙලා,

    "හවස මොකුත් වැඩ දා ගන්න එපා හරිද.. ඉක්මණට ගෙදර එන්න"

    මම කොහොමත් හවසට වැඩ දා ගන්නේ නැහැ. MBA කරන්න ගත්තට පස්සෙ වෙලාව හරිම සීමිතයි. අනෙක් එක ඔෆිස් එකේ ප්‍රෝමෝශන් දෙන්නෙ වැඩ කෝටියකුත් එක්කනේ. ඒ හින්දා හවස් වෙද්දි හොද ගනන්...

    එදා ගෙනාපු කේක් එක කපලා අපි දෙන්නගේ බර්ත්ඩේ පාටි එක ඉවර වෙලා ටීවී බල බල ඉන්න ගමන් ඉන්දි කතාවක් පටන් ගත්තා...

    "මින්දික..."

    කටහඩ ගැඹුරුයි. මීට කලින් එකම එක දවසයි ඒ හඩින් ඉන්දි කතා කරලා තිබුනේ...

    "ඔයා ආස දුවෙකුට ද... පුතෙකුට ද..?"

    අවුරුද්දකට විතර පස්සෙත් ඒ සබ්ජෙක්ට් එකට මුල පිරුවෙත් හැමදාම වගේම ඉන්දිමයි.

    "ඕනේ කෙනෙක්... අපිව ලබන්න පතපු ඕනේ කෙනෙක් අපි ගාවට ආවාවේ. ඒත් ඉන්දි..."

    ඉන්දි මූණ ඉස්සුවා.

    "තව ටික දවසක් මේ විදිහටම ඉමු නේද... මගේ MBA එක පටන් ගත්තා විතරයි. ඔයාටත් ෆයිනල් තියෙනවා. ඒ හින්දා තව අවුරුද්දක් හමාරක් විතර මේ විදිහටම ඉමු නේද..."

    විනාඩි පහක් විතර දෙන්නගෙන් එක්කෙනෙක් වත් කතා කලේ නැහැ. හරිම දිග විනාඩි පහක්...

    "කමක් නැහැ. මට ඔයා ඉන්නවනේ..."

    එදා අපි දෙන්න වෙනදට කලින් ඇදට ගියා.

    හවස එද්දි ඉන්දිට සිහිය ඇවිත්. ඉන්දිගේ අම්මා නාන කාමරයට ගිහින්.

    "මට මොකද වුනේ මින්දික..."

    මම අල්ලගෙන හිටිය ඉන්දිගේ අත තදින් මිරිකුණා....

    " අයි මින්දික ඔයා අඩන්නේ.... අඩන්න එපා ළමයෝ මාව ඉක්මණට සනීප වේවී... මේ බලන්නකෝ අම්මේ ලොකු බබෙක් අඩන හැටි..."

    "ඉන්දි... ඩොක්ටර්ස්ලා ඔයාගේ ගර්භාෂය අයින් කරලා..."

    ඉන්දිගේ හිනාව නැවතිලා මූණ අදුරු උනේ එකම මොහොතේ...

    "මොකක්ද... ගර්භා...,"

    "ඔව් ඉන්දි... මට සමාවෙන්න ඉන්දි..."

    "මට ඒ කියන්නෙ ජීවිතේට අම්මා කෙනෙක් වෙන්න බැරි ද මින්දික... ජීවිතේටම...? කියන්න මින්දික, අනේ කියන්නකො...."

    එදා අපි දෙන්නට උදව් කරන්න තිස් තුන් කෝටියෙන් එක්කෙනෙක් වත් අපේ ගාව හිටියේ නැහැ. අපි අපේ දුක කදුලු ගංගාවක දිය කරලා ඇරියා. මුලු වෝඩ් එකම අපි දෙන්නා දිහා බලන් උන්නා....


    d0265416d77376c9e37d3dd43f04093c.jpg


    ලිව්වේ මින්දද
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියමෙට ලියල තියනව බන්... පට්ටයි...

    You must spread some Reputation around before giving it to Mindada hee sara.. again
    :sorry:
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    ඉන්දි කියන නමට අකමැති නිසා මන මේ ත්‍රෙඩ් එක බලන්නේ නැ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ai bn mehema ekak liwe ubata liyanen thibeb hoda deyakin iwara wena ekak ne :( balapnkoo me wa kiyewwama ninda yanen nh :( anthimata dukak wena kathwak liyapan adaren idala kasada nodabada boot kana api wage ayata :( kasadath badal me wage daraganan bari dewal ane mnda kohoma wunath kathwa ela :) eath anthima :( sad