"අනේ මට කරන්න..!"

udithshan

Active member
  • Jul 1, 2011
    425
    205
    43
    අපි මාතර..!
    "අනේ මට කරන්න..!"

    එළකිරි එකේ ඉතින් කැම්පස් ගිහිපු කස්ට්යත් ඇති නේ. කැම්පස් වල බිත්ති වල මේස වල මහා දාර්ශනික,sexy,සංව්දී,කලාත්මක වැකි තියනවා.

    මට මේ ලගදි ඕව තියන පොතක් හම්බ උනා. මරු ආතල් ඒවා තමා තියෙන්නේ.
    එයින් ටිකක් මන් පහලින් දානම්. කැම්පස් ගියපු අය ඉන්නවනම් තව තව add කරන්න.
    ===============================================================

    අනේ මට පාරේ බැහැල යන්න බැරි කරන්න..
    අනේ මට සමාජයට මුණ දෙන්න බැරි කරන්න..
    මගේ මුනේ දැලි ගාන්න..
    මගේ අම්මටයි තාත්තටයි දෙල් කොලෙන් මුණ වහගෙන යන්න කරන්න...
    අනේ මට කරන්න.. කරන්න.. කරන්නකෝ...!!!


    <--- කැලණිය විශ්වවිද්‍යාලයේ කියවීම් ශාලාවේ..

    ප්‍රේෂා කාලේ ඇය ගියේ බිම බලා ගෙන
    දෙවැනි සෙමෙස්ටරේ කොක්කක් දමා ගෙන
    දෙක තුන වසර වල හොද හැටි *** ගෙන
    ඩිග්රියටත් කලින් පැටියෙක් හදා ගෙන


    <--- කැලණිය විශ්වවිද්‍යාලයේ 'සරුංගලය' කියවීම් ශාලාවේ..

    කැම්පස් කැන්ටිමේ තොරතුරු රසබර ය
    සැමදා කන්නේ පලාව සහ පරිප්පු ය
    කුසගිනි නිවෙන්නේ මලකඩ වතුරෙන් ය
    මෙහෙමයි ගෙවෙන්නේ සරසවි ජීවිත ය


    <--- රුහුණු විශ්වවිද්‍යාලයේ කැටපත් පවුර..

    අසීමිත නිදිමතයි
    අසංවර ලිගුවයි
    නැත්නම් අපිත්
    ලෙචාලය ප්‍රෝපාලය ..


    <--- රුහුණු විශ්වවිද්‍යාලයේ කැටපත් පවුර..

    ආලයට මම බියයි
    ඇස් රතු වන නිසයි
    නිදිමතට මට හිතයි
    සිහින ලස්සන නිසයි
    සෙමෙස්ටර් නම් හොදයි
    හුදෙකලා වන නිසයි


    <---- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය..

    විවාහයත් හරියට
    අමු සියබලා කරලක් වැනිය
    කන අයට හිරිවැටෙයි
    බලා සිටිනා අයට කෙල උනයි


    <--- සබරගමුව විශ්වවිද්‍යාලයේ x-දේශන ශාලාව


    රුව කත ගුණ නැත
    ගුණ කත රුව නැත
    රුව ඇති ගුණ කත ලග
    පතිවත නැත


    <--- සබරගමුව විශ්වවිද්‍යාලයේ කියවීම් ශාලාව

    තට්ටු හතක් උඩ පිට වැඩ හිදිනා
    බොග මරුවන් උදේ හවස වදිනා
    ඉහල මහලේ කපල් කපල් ඉබිනා
    සාදු සාදු පොත් ගුල් හිමි වදිනා


    <---- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය..

    හොදයි නම් අඩුම ගානේ comment එකක් වත දාගෙන යන්න rep එහෙම වැඩිපුර තියනවා නම් දීගෙනම යන්න ;)
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Elakiri​

    11.gif