Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~1
ඔන්න මචන්ලා මම ජෝතිෂ්‍යය පන්තියේ පලවෙනි පාඩම තමයි අද කියල දෙන්න හදන්නේ...
මුලින්ම මචන් හඳහනක් හදා ගන්න හැටි මම උබලට විස්තර කරන්නේ යන්නේ නෑ...
මොකද ඒක පලවෙනි පාඩම විදියට කියල දුන්නොත් මේක උඹලට බෝරිං වෙයි...
තව රාශි ( ලග්න ) 12 ගැන විස්තර පැහැදිලි කරන්නත් බලාපොරොත්තු වෙන්නේ නෑ... මොකද එව්වා උඹල ඕන තරම් අහල දැකල ඇති...
ඒත් පන්තියේ මැද හරියේදී මම මේ දෙකම උඹලට කියල දෙනවා...
ඒ කියන්නේ මේ වැඩේ පොඩ්ඩක් උඹලට අල්ලලා ගියහම...
හොඳයි දැන් අපි කෙලින්ම පාඩමට බහිමු...
හොඳයි උඹල අහාල ඇති නේද මචන්ලා ඔය ටීවී එකාට එන හඳහන් අංකල්ලා කියනවා මෙන්න මේ වගේ දේවල්...
" මේ කේන්දරයේ රවී මේෂ රාශියේ උච්ච බලයෙන් ඉන්නවා... "
" මේ කේන්ද්‍ර සටහනේ හැටියට ගුරු නීච බලයෙන් තමයි ඉන්නේ "
" ඔබතුමාගේ කේන්ද්‍ර සටහනේ දෙවන්නාධිපතියා 7 වෙනි භාවයේ ඉන්න නිසා... "
" ඔබේ ලග්නාධිපතිය ඉන්නේ 3 වෙනි භාවයේ.."
ඔන්න වගේ දේවල් ඇහුවහම අපිට නිකන් ග්‍රීක් වගේ තමයි තේරෙන්නේ...
එව්වා හෙන සිම්පල් වැඩක් මචන්...
මම කියල දෙන්නම් ලස්සනට...
මචන්ලා අපි දන්නවා ජෝතිෂ්‍යය රාශි 12 ක් තියෙනවා... ඒ කියන්නේ අපි දන්නා විදියට කිව්වොත් ලග්න 12 ක් තියෙනවා...
මෙව්වට කියන්නේ රාශි කියල...
අපි හැමෝටම ලග්නයක් තියෙනවා නේ... ( ලග්නේ එන හැටි මම පස්සේ පාඩමක ලස්සනට පැහැදිලි කරාල දෙන්නම් )
මචන් මේ රාශි ( ලග්න ) 12 පිලිවෙලින් කටපාඩම් තියෙන්න නම් ඕනේ...
1. මේෂ
2. වෘෂභ
3. මිථුන
4. කටක
5. සිංහ
6. කන්‍යා
7. තුලා
8. වෘශ්චික
9. ධනු
10. මකර
11. කුම්භ
12. මීන
ඔන්න මචන්ලා මේ 12 පිළිවෙලට කටපාඩම් නැත්තන් මේ ගමන යන්න බෑ ඉස්සරහට...
ඊට අමතරව නවග්රහයන්වත් මත තියාගන්න ඕනේ අපි...
1. රවි
2. චන්ද්‍ර
3. කුජ
4. බුධ
5. ගුරු
6. ශුක්‍ර (සිකුරු)
7. ශනි
8. රාහු
9. කේතු
මේ නවග්‍රහයන් ගැන පැහැදිලි කිරීමක් පස්සේ දෙන්නම්...
දැන් අපි මෙන්න මේ වගුවත් මතක තියා ගන්න ඕනේ...
දැනට සේව් කරගමුකෝ..
මේකේ මචන් පෙන්නන්නේ එක් එක් රාශිය තුල අදාළ ග්‍රහයන් ඉන්නකොට ඒ ඒ ග්‍රහයන්ගේ බල දුබලකම්..
උදාහරණයක් විදියට ඔයගොල්ලෝ වගුවෙන් බලන්න ශනි තුලා රාශියේ ඉන්නකොට එයා ඉන්නේ " උච්ච " බලයෙන්...
මේකෙන් කියන්නේ තුලා ලග්නේ අයට ශනි උච්චයි කියලද?????
නෑ ඒක වැරදියි... ඒක එහෙම නෙමෙයි...
ඒක මම ආදර්ශ කෙන්දරයකින්ම කියල දෙන්නම්..
තව එකක් බලමු...
කුජ කටක රාශියේ ඉන්නකොට එයා ඉන්නේ නීච බලයෙන්...
මේ වගේ ග්‍රහයෝ ඉන්න බල දුබලකම් මෙන්න මෙව්වා තමයි...
උච්ච, ස්වක්ෂේත්ර , මූලත්රිකෝණ, නීච, සතුරු, මිත්‍ර, සම...
මේවයේ තේරුම වලින්ම ඔයාලට හිතා ගන්න පුළුවන් නේද මොනවද හොඳ කියල...
මම ඔයගොල්ලන්ට තේරෙන භාසාවෙන් මේක කියල දෙන්නම්...
උච්ච නම් ලොවෙත් නෑ නියමයි..
ස්වක්ෂේත්ර සහ මූලත්රිකෝණ කියන දෙකම සිරා.. හැබැයි ඒ දෙකම උච්ච තරම් සිරා නෑ...
මෙහිදී ඇතැම්හු මූලත්රිකෝණ වලට ස්වක්ෂේත්ර වලට වඩා බලයක් තියෙනවා කියල කියනවා..
මේ ස්වක්ෂේත්ර කියන එක හෙන වැදගත්..
ඇයි ඒ???
ස්වක්ෂේත්ර ග්‍රහය තමයි ඒකට අදාළ රාශියේ අධිපතිය වෙන්නේ...
ඒක හොදට මතක තියාගන්න ඕන කාරනයක්...
එහෙනම් යම් ග්‍රහයෙක් ස්වක්ෂේත්‍රයි කියන්නේ එයා තමාගේම රාශියේ ඉන්නවා කියන එක..
ඊට පස්සේ හොද මිත්‍ර කියන කියන ඒක... ඒ කියන්නේ මිත්‍ර රාශියක එයා ඉන්නවා කියන ඒක...
සම කියන්නේ ඉතින් අවුලක් නෑ කියන එක...
නීච සහ සතුරු කියන්නේ අවුල් කියන ඒක තේරෙනවනේ...
සමහරා වෙලාවට ඉදල හිටලා කලාතුරකින් ග්‍රහයෝ නීච වෙලා සුභ පල දෙන අවස්ථාත් තියෙනවා..
හරි දැන් අපි ආදර්ශ කෙන්දරක් බලමු...
ඔයාලගේ මේක ඇත්තේ සිංහලෙන්...
හරි අපි දැන් මේ කෙන්දරෙ ග්‍රහයන්ගේ බල දුබල කම බලමු..
ඔයාලට පේනවා ඇති මේ කේන්දරේ ලග්නේ කටක....
මේ කේන්දරේ කොටු දාල තියෙන නිසා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් කොටු ගණන් කරන්නේ උඩම කොටුවේ ඉඳල වාමාවර්තව කියල...
හරි දැන් අපි බලමු මේ කේන්දරේ එක් එක් කොටුවට අදාළ රාශිය මොකක්ද කියල...
ලග්නය කටක නිසා කටකයට 1 දෙන්න ඕන.. ඒ කියන්නේ පලවෙනි කොටුවට අදාළ රාශියා මොකක්ද ?? ඒ තමයි කටක...
දැන් අර මම කලින් දුන්න රාශි පිළිවෙලට ගණන් කරන්න වාමාවර්තව...
එහෙනම් 2 වෙනි කොටුවට අදාළ රාශිය මොකක්ද....??
කටකට පස්සේ තියෙන්නේ සිංහ..
එහෙනම් 2 වෙනි කොටුවට අදාළ රාශිය තමයි සිංහ...
සිංහට පස්සේ කන්‍යා එහෙනම් 3 වෙනි කොටුව කියන්නේ කන්‍යා රාශියට...
එහෙනම් දැන් කියන්න බලන්න ඔහොම ගනන් කරගෙන හියහම 12 වෙනි කොටුව මොකක්ද කියල???
12 වෙනි කොටුව වෙන්නේ එහෙනම් මිථුන නේද???
දැන් ඔයගොල්ල්ලන්ට මේ කේන්දරේ බලල එක එක ග්‍රහයෝ ඉන්න රාශිය කියාන්න පුළුවන් නේද???
හා කියමු බලන්න..
ශනි ඉන්නේ තුලා රාශියේ.. ( 4 වෙනි කොටුවට ගණන් කලාම එන්නේ තුලා නිසා..
)
ගුරු ඉන්නේ වෘශ්චික රාශියේ ....
කේතු ඉන්නේ ධනු රාශියේ...
චන්ද්‍රයා මකරේ...
රවී සහ කුජ ඉන්නේ මේෂයේ...
බුධ ඉන්නේ වෘෂභයේ
සිකුරු සහ රාහු ඉන්නේ මිථුනයේ...
දැන් එහෙනම් අර වගුවට අනුව කියමු බලන්න ග්‍රහයන්ගේ බල දුබල කම...
ශනි උච්චයි...
ගුරු මිත්‍රයි...
කේතු මිත්‍රයි...
චන්ද්‍රයා සමයි...
රවී උච්චයි...
කුජ ස්වක්ෂේත්ර සහ මූලත්රිකෝනයි.
බුධ මිත්‍රයි...
සිකුරු සමයි...
රාහු මිත්‍රයි...
හරි දැන් උඹලා ඒ වැඩෙත් පුළුවන්...
හරි එහෙනම් කියපල්ලා බලන්න මේ කේන්දරයේ දෙවන්නාධිපතිය ඉන්නේ මොන කොටුවේද මොන රාශියේද කියලා???
දැන් පුළුවං වෙන්න ඕනේ...
හරි මම එකත් කියල දෙන්නම්කො..
මුලින්ම බලන්න එපයි දෙවන්නධිපතිය මොකාද කියල...
මම කිව්වා මතකද ස්වක්ෂේත්ර ග්‍රහය තමයි අදාළ රාශියේ අධිපතිය වෙන්නේ කියල...
එහෙනම් දෙවැන්න අධිපතිය වෙන්නේ සිංහ අධිපාති වෙච්ච රවී ග්‍රහයා නේද??
රවී ඉන්නේ මේ කේන්දරේ 10 වෙනි කොටුවේ... ඒ කියන්නේ මේෂ රාශියේ...
හරි ඒ ප්‍රශ්නෙත් හරි...
එහෙනම් කියමුකෝ බලන්න මේ කේන්දරේ ලග්නාධිපතිය කවුද කියල...
ලග්නය කියන්නේ පලවෙනි කොටුවට... ඒ කියන්නේ කටකයට... එතකොට කාවුද ලග්නාධිපති වෙන්නේ..??
ලග්නාධිපති වෙන්නේ කටකය අධිපති වෙච්ච චන්ද්‍රයා...
දැන් වැඩේ හරි...
දැන් ඔයගොල්ලන්ටත් තමන්ගේ කේන්දරේ අරගෙන මෙව්වා බාලන්න පුළුවන්..
මචන්ලා මම මේක සෑහෙන වෙලා අරගෙන ලිව්වේ උබලට ඉගෙන ගන්න...
මම මේක කොහෙන්වත් උපුටා ගත්ත දෙයක් නෙමෙයි...
මගේ මහන්සියෙන් ලිව්වේ...
හොඳයි කියල උබලට හිතෙනවා නම් අදහස් ලියල පලයන්...
ඒක මට ලොකු ශක්තියක්..
Rep දුන්නටත් කමක් නෑ...

)ගුරු ඉන්නේ වෘශ්චික රාශියේ ....

Last edited: