හරි වැරැද්ද සහ ගෑණු පිරිමි

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
හරි වැරැද්ද සහ ගෑණු පිරිමි

මේ දවස්වල දැකපු සමහර දේවල් නිසයි මේක කියන්න හිතුනෙ.

අපි එළකිරි එකේ ගොඩක් බූට් ත්‍රෙඩ් දකිනව නෙ.. ඉතින් එහෙම එකකට ගෑවිලා යන එකක් තිබුනත් එතනට කට්ටිය සෙට් වෙලා හතර අතට ගෑනුන්ට බනිනවා. ගෑනු හොඳ නෑ ලු. අද කාලෙ අවංක කෙල්ලො නෑ ලු.. කොල්ලො බොරු කරන්නෙ නෑ ලු. කෙල්ලො විතර ලු එහෙම කරන්නෙ. අරවා මේව ගොඩක් ඒව කියනවානෙ.. :D

ඒත් ඉතින් තව කට්ටිය කතා වෙනවා ෆේස්බුක් එකෙන් කෙල්ලො දාගන්න හැටි, එක පාර 2ක්, 3ක් කරන හැටි, (තව එක එක මීට වඩා දරුණු දේවල් ගැන උපදෙස්..) මෙහෙම කතා අතරෙ කීප දෙනෙක් පුරසාරම් දොඩනවා එයාල කෙල්ලො කීප දෙනෙක් එක පාර තියාගෙන ඉන්නවා, අච්චර මෙච්ච්ර කෙල්ලො ගාණක් එක්ක යාලු වෙලා හිටියා, එහෙම කියලා. දැන් මේ කවුරුවත් මේ කෙල්ලො එක්ක යාලු වෙලා තියෙන්නෙ සිරාවට නෙවෙයි ලු. ඒ කෙල්ලො බඳින්නෙ නම් එපා ලු. නිකන් ආතල් එකට කරන්න ලු. (ඉතින් සමහර විට අර බූට් තියන කෙල්ලොත් මෙහෙමම කතා කියනව ඇති එයාල අත අරින කොල්ලො ගැන.. :D)

ඉතින් මේ කතා සාධාරණීකරනය කරන්න කියන්නෙ මොකක්ද? එහෙම ෆේස්බුක් එකෙන් සෙට් වෙන කෙල්ලො, නිකන් කතා කල ගමන් යාලු වෙන කෙල්ලො 'බඩු' ලු. එයාල බඳින්න සුදුසු නෑ ලු. නිකන් ආතල් ගන්න විතරයි ලු හොඳ..

ඉතින් මගේ ප්‍රශ්නෙ මේකයි. මෙහෙමම කතාවක් කෙල්ලෙක් කිව්වොත්? දැන් කවුරුහරි කෙල්ලෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ඔය ෆේස්බුක් එකෙන් සෙට් වෙන කොල්ලො, රස්තියාදු ගහ ගහ තැන තැන ඇවිදින කොල්ලො, යාලු වෙන්න පස්සෙන් එන කොල්ලො නිකන් ෆන් එකට සෙට් කරගෙන පස්සෙ අත ඇරල දාන්න කියල? එයාල කසාද බඳින්න හොඳ නෑ, නිකන් ආතල් එකට විතරක් තියාගන්න හොඳයි කියල කෙල්ලෙක් කිව්වොත් ඔයාල ඒක අනුමත කරනවද? එතකොට ඒක කියපු කෙල්ල 'සිරා ඩයල් එකක්' වෙනවද? :shocked:

දැන් ඔයාල කියයි 'අපෝ එහෙම කොල්ලො එක්ක ෆන් එකට යාලු වෙන්නෙ චාටර් කෙල්ලො.. ඒකි නම් මහ බඩුවක්. එහෙම කෙල්ලෙක් කවදාවත් කසාද බඳින්න හොඳ නෑ' කියල. හරි.. එහෙනම් කෙල්ලො එක්ක සිරාවට නැතුව ෆන් එකට යාලු වෙන කොල්ලොත් 'බඩු වල පිරිමි version එක වෙන්න ඕන නෙ. (මම බඩුවෙ පිරිමි සතා කවුද කියල නම් දන්නෙ නෑ.) එහෙනම් එහෙම ෆන් එකට ෆේස්බුක් එකෙන් එහෙම කෙල්ලො එක්ක යාලු වෙන කොල්ලො, ගොඩක් කෙල්ලො එක්ක යාලු වෙලා තියෙන කොල්ලො බඳින්න හොඳ නෑ. එයාල ඉහත theory එකට අනුව නරක අය නෙ. ඉතින් හොඳ කෙල්ලො මොකටද එයාලව බඳින්නෙ?

මෙන්න මෙතන තමයි ප්‍රශ්නෙ එන්නෙ. ඒත් ඉතින් එහෙම කොල්ලන්ට බඳින්න ඕන 'හොඳ' කෙල්ලන්ව නෙ. (එයාල ඒ වගේම 'බඩු' බඳින්න කැමති නෑ නෙ.) එතකොට මොකද කරන්නෙ?

වැරැද්ද කවුරු කලත් වැරැද්දක් නෙවෙයිද? ඒක කට්ටියක් කලාම හරි වෙලා තව කට්ටියක් කලාම වැරදි වෙනවද? :confused:

මේක ගෑනු ලමයෙක් කියවනව නම් කියන්න තියෙනවා දේවල් කීපයක්..

1) මේ කොච්චර කතා කිව්වත් අන්තිමට අපේ අතට තමයි වැරැද්ද එන්නෙ. ඒක දැනගෙන වැඩ කරන්න.

2) පුලුවන් තරම් දුරට ඉගෙන ගන්න. ඒකෙන් ගොඩක් අමාරුවෙ වැටෙන, වරදින තැන් අඩු කරගන්න පුලුවන්. අනික ඒකෙන් ජීවිතේට ලොකු හයියක් එනවා.

3) affair එකකදි විස්වාස කරන්න. හැබැයි ඒ කෙනා ඔයාලගෙ අම්මල තාත්තලා හම්බවෙලා අවංකව කතා කරලා, එයාගෙ දෙමවුපියන්ට ඔයාලව හඳුන්වල දුන්නට පස්සෙ. එතකන් ඉතින් මිනිස්සු කාල බලන්නයැ.. (ඒත් ඊට පස්සෙත් sure නැති අය ඉන්නවද දන්නෙ නෑ.)

4) දුකෙන් වුනත් කියන්න වෙනවා දැකල තියෙන දේවල් වලින්.. girl අහලා යාලු වෙන ගොඩක් affairs සාර්ථක වෙන්නෙ නෑ. මිනිස්සුන්ට ලේසියෙන් ලැබෙන දේ වටින්නෙ නෑ. හැබැයි හරියන වෙලාවලුත් තියෙනවා.

5) ෆේස්බුක් එකේ හරියට නොදන්න මිනිස්සු ඉන්නව නම් අයින් කරල දාන්න. මල වදේ විතරක් නෙවෙයි, නුසුදුසු මිනිස්සුන්ට අපේ පෞද්ගලික ජීවිතේ දේවල් දකින්න දෙන්නෙ මොනවටද?

6) 99%ක් වෙලාවල අම්මල තාත්තල කියන දේ අහන එක ඇඟට ගුණයි. එයාල අපිට වඩා ගොඩක් දේවල් දන්නවා.:yes::yes:



(දැන් ඉතින් මේකට මට කට්ටිය එක එක කතා කියල බනින්න, රෙප් කපන්න පුලුවන්. ඒත් ඉතින් ඔය රෙප් වලින් මම පාන් ගන්නද? අනික ඉන්ටර්නෙට් එක හරහා මට කවුරු මොනව කිව්වත් මගේ මොකුත් අඩු වෙන්නෙ නෑ..) :D

පුලුවන් නම් මේක කියවල කවුරුහරි හොඳ දෙයක් ජීවිතේට ගන්න. අපි හැමෝම මිනිස්සු. තමන්ට වෙනවට අකමැති දෙයක් වෙන කෙනෙකුට කරන්න එපා. ඒ වගේම තමන්ගෙ ආරක්ෂාව තමන් බලාගන්න. :):):)


 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ඔව් ඔව්.. ඔයා රෙප් වලින් පාන් ගන්නව. අර සෝමෙ අයියගෙ කඩෙන්..
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නිතරම කියන කතාව තමයි ඕක. මේකෙ කෙල්ලො එක්කන් යන්න රූම්ස් හොයන ත්‍රෙඩ් කීයක්‌ වැටෙනවද. හැබැයි ඉතින් ආතල් අරන් ඇත ඇරලා දාල මැස්සෙක් වත් වහපු නැති ගෑනු තමයි බඳින්න හොයන්නෙ. ආශ්‍රය කරන්න කලින් සිය දහස් වතාවක් හොයල බලල හිතල තීරණයක් ගන්නවානම් කෙල්ලො නිකන් බඩු වෙන්නෙ නෑ.
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    KOTU WATILA.

    sinhala penne nadda? :D:D

    aththa kathawa :yes:


    100% true machannn..... rep ++

    DJ චි කේ යි යා;10981980 said:

    kathawa aththa.... mama nam a age kisima thread ekakata reply ekakwath dala na (mata mathaka tharamin)

    බොහොම ස්තූතියි comment කලාට.. :):):)

    ඔව් ඔව්.. ඔයා රෙප් වලින් පාන් ගන්නව. අර සෝමෙ අයියගෙ කඩෙන්..

    සෝමෙ අයිය දැන් රෙප් වලට පාන් දෙන්නෙ නෑ ලු. අර එළකිරි හෝටලෙන් වත් රෙප් වලට කන්න දුන්න නම්.. මහපොළ වත් ඉතුරු කරගන්න තිබුනා.. :lol::lol::P:P

    මම නිතරම කියන කතාව තමයි ඕක. මේකෙ කෙල්ලො එක්කන් යන්න රූම්ස් හොයන ත්‍රෙඩ් කීයක්‌ වැටෙනවද. හැබැයි ඉතින් ආතල් අරන් ඇත ඇරලා දාල මැස්සෙක් වත් වහපු නැති ගෑනු තමයි බඳින්න හොයන්නෙ. ආශ්‍රය කරන්න කලින් සිය දහස් වතාවක් හොයල බලල හිතල තීරණයක් ගන්නවානම් කෙල්ලො නිකන් බඩු වෙන්නෙ නෑ.

    අනිවා සහෝ.. හිතල වැඩ කරනවා නම් ගොඩක් කරදර වලින් බේරෙන්න පුලුවන්, ජීවිතේ හැම වෙලාවෙම.. :yes::yes::yes:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    afraid-male-afraid-frightened-smiley-emoticon-000293-large.gif
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    niyama kathawa.THAMAN KELLO 100 EKKA YALUWUNATH U BADINA DAWASATA HOYANNE KULUDUL PREMAYA.UNGE NANGITA HARI AKKATA HARI BANDALA DENNA HADANNE KELLEK DIHA EHAK ERALA BALAPUNATHI KOLLEKWA.MEKA MAMA KATAWATH WISHESHAYEN KIWWA NEMEI MEKA THAMAI ATTA.

    :angry::angry:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරා කතාව.. 100% එකගයි..
    යාලුවෙලා සතියක් හිටියා කියලා කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. ඒක තේරුම් ගන්න ඕන. හැම දේටම වැරද්ද ගැණු අයට එන එක නම් ඉතින් අපේ සමාජ ක්‍රමය හැදිලා තියෙන හැටි. ඒවා වෙනස් වෙන්න තව අවුරුදු 1000ක් වත් යයි.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිරා කතාව.. 100% එකගයි..
    යාලුවෙලා සතියක් හිටියා කියලා කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. ඒක තේරුම් ගන්න ඕන. හැම දේටම වැරද්ද ගැණු අයට එන එක නම් ඉතින් අපේ සමාජ ක්‍රමය හැදිලා තියෙන හැටි. ඒවා වෙනස් වෙන්න තව අවුරුදු 1000ක් වත් යයි.


    මූ දන්න දේවල් :rolleyes:
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    100% true....I also boring when reading treads here..most of them are either politics either girls pics or talks about girls...(how can I find a girl, how can I talk to a girl..bla bla ....). This is real-time situation in these days. Most guys have more than one girlfriend. Now guys you can blame my self "උඹට එහෙම දෙයක් බැරිඋනාට අපි මොනව කරන්නද?" That's not the case think about your self, I mean if u have a sister you will realize this situation well. Think twice if you are going to stat affair with someone ..Thanks for sharing these ideas with us....
     
    • Like
    Reactions: RLR