හොඳහැටි සූර් වී දුම්රිය පෙරළන්න පයින් ගහල
පයින් ගසා ධාවනය වන දුම්රියක් පෙරළීමට උත්සාහ කළ පුද්ගලයකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලබා ඇත්තේ අනුරාධපුර නගරයට ආසන්නයේම පදිංචි පුද්ගලයෙකි. තුවාල ලැබූ අය හා මිතුරන් පිරිසක් මධු විතින් සප්පායම් වී හොඳහැටි වෙරි වී සිටියදී තුවාල ලැබූ තරුණයා ඔවුන් සිටි ස්ථානයෙන් ගමන් කළ දුම්රිය පෙරළා දැමීම සඳහා දිවගොස් පා පහරක් එල්ල කර තිබේ.
ගමන් කළ දුම්රියේ යාන්තමට මෙන් ගැටුණු තරුණයාගේ පාදය ස්ථාන තුනකින් කැඩී ගොස් ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇත.
දුම්රියේ ගැටීමත් සමඟ සියලු දෙනාගේ වෙරි සිඳී ඇති අතර සිදුවූ අනතුර වසන් කිරීමට උත්සාහ කළත් එය මේ වන විට ව්‍යර්ථ වී ඇත.