කොළඹ කොටස් පොළේ සමාගම් වර්ගීකරණය වෙනස් වේ
කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකර තිබෙන සමාගම් ඒවා කරන ව්‍යාපාර කටයුතු හා ආදායම් අනුව වර්ග කර තිබෙන ආකාරය සලකා බලා අවශ්‍ය නම් එය වෙනස් කිරීමට කොටස් වෙළඳ පොළ සූදානම් වේ.
කොළඹ කොටස් වෙළද පොළ පවසා තිබෙන්නේ මෙම වර්ගකිරීමේ ක්‍රියාවලිය සඳහා සකස් කර තිබෙන මාර්ගෝපදේශය පිළිබඳ මහජනතාවටද අදහස් ලබාදිය හැකි බවයි.
ලයිස්තු ගත සමාගම්වල වරින් වර සිදුවන වෙනස්කම් නිසා මේ වනවිට සමහර ඒවා වර්ගීකරණය වී තිබෙන කාණ්ඩයට වඩා වෙනත් කාණ්ඩයකට අයත්වීම නිසා අදාළ වර්ගීකරණය වෙනස් කිරීමට කොටස් වෙළඳ පොළ අදහස් කර තිබේ.
මේ තුළින් මෙම සමාගම් වඩාත් නිවැරදිව වර්ගකිරීමට හැකිවනු ඇති බවත් මේ වනවිට කාණ්ඩ 20 ක් යටතේ ලයිස්තු ගත සමාගම් වර්ගකර තිබෙන බවත් සඳහන්ය.
මෙම වර්ගකිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ සකස් කර තිබෙන මාර්ගෝපදේශය පිළිබඳව අදහස් මහජනතාවට ලිඛිතව 2011 ඔක්තෝම්බර් 07 වනදා දක්වා ලබාදිය හැකිය.
කොළඹ කොටස් වෙළඳ පොළේ සමාගම් වර්ග කර තිබෙන කාණ්ඩ 20 මෙසේයි.
1 - Bank Finance & Insurance - BFI - Banking, Finance and Insurance activities (Life & Nonlife)
2 - Beverages, Food & Tobacco - BFT - Manufacture of food products, beverages & tobacco products
3 - Chemicals & Pharmaceuticals – CP - Manufacture of chemicals, chemical products & Pharmaceuticals
4 - Construction & Engineering - CE - Civil engineering activities such as Construction of buildings, Construction of utility projects
5 - Diversified Holdings - DIV - Company engaged in 03 or more business activities not directly related to one another where each activity required relatively different expertise.
6 - Footwear & Textile – FT - Manufacture of textiles, wearing apparel, leather & related Products
7 - Health Care - HLT - Hospitals & health care activities, dealings of medical equipments
8 - Leisure - LEI Hotels/Tourism & travels
9 - Investment Trusts – INV - Investment funds & forestry (excludes finished wood products)
10 - Information Technology - IT - Software/Hardware, other information services
11 - Land & Property - LP - Sales/Rents out lands & property
12 - Manufacturing - MFG - Manufacture of goods except BFT, CP, FT, MT and OIL
13 - Motors – MT - Trade/ assemble/ Manufacture of automobiles, spare parts & related products (Tyres, …)
14 - Oil Palms - OIL - Manufacture and trade of palm oils
15 - Plantations - PLT - Companies growing crops (Tea, Rubber, etc)
16 - Power & Energy - PE - Electric power generation/transmission, Manufacture and/or distribution of gas/ lubricants/ fuel.
17 - Services - SRV - Businesses that produce/ provide services, eCommerce
18 - Stores & Supplies - SS - Warehousing, storage & support activities
19 - Telecommunications - TLE - Telecommunication service providers (fixed line, mobile)
20 - Trading - TRD - Trading of goods specifically not covered under other sectors (home appliances, electrical items .