මාතර~කෝච්චියෙන්~අතීතයට
පොඩි කාලේ ඉස්කෝලේ දිග නිවාඩුවක් එනකං බලන් ඉන්නේ කෝච්චියෙන් මාතර යන්න. ඇත්තටම ඒ ගමන මතක් වෙනකොට තවමත් ආසයි. මගේ අම්මා ගුරුවරියක්. එයාට හම්බවෙන දෙවන පන්තියේ වොරන්ට් එකෙන් මමයි, අම්මයි, තාත්තයි, නංගීයි මාතර යන්නේ. ඒ දවස්වල මරදානෙන් උදේ කෝච්චිය තියෙන්නේ 6:35ට. ඒක කොළඹ කොටුවෙන් 7.05ට පිටත් වෙනවා. අපි කෝච්චියට ගොඩ වෙන්නේ මරදානෙන්. පාසල් නිවාඩු කාලය නිසා සෙනග ගොඩාක් වැඩියි. මරදානෙන් ගොඩ උනාම සීට් එකක් අල්ලගන්න ලේසි වෙනවා. කොහොම හරි මේ කෝච්චිය 10:15 වගේ වෙනකොට ගාල්ලට ලඟාවෙනවා. ගාල්ලෙන් ගොඩක් අය දුම්රියෙන් බහිනවා. මාතරට යන්න ඉතුරු වෙන්නේ බොහෝම සුළු පිරිසක් විතරයි. ඒ දවස් වලත් මම ඉස්සේ වඩේ කන්න හරිම පෙරේතයි. කොහොම හරි තාත්තාට චාටුවක් දාලා ගාල්ලෙන් කෝච්චියට ගොඩ වෙන වඩේකාරයෙකුගෙන් ඉස්සෝ වඩේත් අරගන්නවා. ඒ ලඟ ප්ලෑන් එක තමයි ගාල්ලේ ඉඳලා මාතරට යනකං කෝච්චියේ ෆුට් බෝර්ඩ් එකේ යන එක. ගාල්ලෙන් කෝච්චිය අදිනකන් ඉඳලා ශේප් එකේ ෆුට් බෝර්ඩ් එකට මාරු වෙනවා. ඒ දවස් වල පොඩි නිසා අම්මා දැක්කොත් බැනුම් හොඳ එක. ඒ නිසා මම යන්නේ අම්මලා වාඩි වෙලා ඉන්න පැත්තට විරුද්ධ දිශාවේ ෆුට් බෝර්ඩ් එකට.
ගාල්ලේ ඉඳලා මාතරට යනකං කෝච්චිය මන්දගාමී වෙනවා. හැම ඉස්ටේසමකම නවත්තනවා.
ඒ දවස්වල ගාල්ලේ ඉඳන් මාතරට යන දුම්රිය ගමන ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන ගමනක් විදියට මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. වෙනස්ම ජීවන රටාවක්. ගැමි පරිසරයක් හරහා යන මේ ගමන ඇත්තටම උඩරට දුම්රිය මාර්ගයේ ගමනට වඩා සුන්දරයි. අද වෙනකොට නම් මේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිහිල්ලා.

මේ සියළුම මතකයන් හිතේ තියාගෙන පහුගිය දවසක ආයෙත් මම කෝච්චියෙන් මාතර ගියා. ගියේ තනියම. (දැන් අහන්න එපා කෝ වයිෆ් කියලා.
වෙඩින් එකට හරියටම සතියකට කලින් ගියේ)
මම කෝච්චියට ගොඩඋනේ කොටුවෙන්.
මාතරට ටිකට් අරගෙන ප්ලැට්ෆෝම් එකට ගියත් කෝච්චිය ඇවිල්ලා තිබුනේ නෑ. වටපිට බලනකොට නුවර ICE එක ඇවිල්ලා. මගේ මල්ල පුටුවක් උඩින් තියලා ගියා ඒ පැත්තට පින්තූර ටිකක් අරන් එන්න.
M6 පවුලේ හැඩකාරයෝ දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි ICE එක නුවර ඇදගෙන යන්න ලෑස්ති වෙන්නේ.
සෙනඟ ලහි ලහියේ ලස්සන ගමනකට ලෑස්ති වෙනවා. ඉරිදා දවස නිසා ICE එකට සෙනඟ වැඩියි.
ICE එකේ රියදුරු මහතා එක්ක පොඩි කතාවක් දාගෙන ඉන්නකොට මාතර කෝච්චිය ඈතින් එනවා.
ඒ රියදුරු මහතාට ස්තූති කරපු මම මාතර කෝච්චිය නවත්තලා තිබුන ප්ලැට් ෆෝම් එකට එන්න හදනකොටම S9 - 851 පානදුරේ ය්න්න ලෑස්ති වෙනවා.
ඒකෙත් පින්තූරයක් අරගෙන මම අපේ ප්ලැට්ෆෝම් එකට ගොඩ උනා.
මේ තියෙන්නේ මාතර කෝච්චිය.
අපේ කෝච්චියේ ඇංජිම M2 පවුලේ 629 ඇන්ජිම.
ටොන් 79ක් බර මේ දැවැන්තයාගේ බලය අශ්වබල 1425ක්.
ගාල්ල ඇංජිමෙන් මාතර යන්නයි මම හදන්නේ.
ඔන්න අපි පිටත් උනා. 6:55 ට තමයි කෝච්චිය කොටුවෙන් පිටත් වෙන්නේ.
හැමදාම වගේ ඇංජිම ගාවම පෙට්ටියට මම ගොඩ උනා.
මොරටුව තමයි මුල්ම නැවතුම්පල.
මොරටුවෙන් පිටත් වෙන්න අවසරය.
නැවත ගමනේ.
ඊලඟ නැවතුම පානදුර.
ඒ අතරේ ඩයල් එකක් ඇංජිම උස්සන්න ලෑස්ති වෙනවා...
නැවත ගමනේ.
උතුරු කළුතර.
උතුරු කළුතරින් පිටත්වෙන්න සූදානම්.
ඊලඟ නැවතුම දකුණු කළුතර දුම්රිය ස්ථානය. පොඩිකාලෙත් ඈතින් කළුතර චෛත්‍ය පේනකොට ඒ දිහා බලන් ඉන්න හරිම ආසයි. බෝධිය ගාවින් යනකොට අම්මා මගේ අත් දෙක එකතු කරවලා බෝධියට වන්දවනවා අද වගේ මට මතකයි.
පාලම මතින්.
පාලමට ඇතුල් වීම සම්පූර්ණයෙන් තහනම් උනත් පාලම කෙරවල පෙම්වතුන්ගේ පාරාදීසයක්. (පින්තූර කපා දමන ලදී)
කළුතර බෝධිරාජයානන් වහන්සේ.
ඔබ මේ පිවිසෙන්නේ දකුණු කළුතර දුම්රිය ස්ථානය වෙතටයි.
දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් තමයි උදේ මාතර කෝච්චියට, මාතර ඉඳලා එන රුහුණු කුමාරී හම්බ වෙන්නේ. රුහුණු කුමාරී ගැන කතා කරපු නිසා පොඩි දෙයක් කියන්නම්. ඉස්සර රුහුණු කුමාරි දුම්රියයි අද රුහුණු කුමාරී දුම්රියයි අතර සෑහෙන වෙනස් කම් තියනවා. ඉස්සර රුහුණු කුමාරී කියන්නේ M4 ඇංජිමක් එක්ක කොළඹ ආපූ තේජවන්ත කෝච්චියක්. අද වෙනකොට මේ තේජවන්ත දුම්රිය S11 කුණු ගොඩක් බවට පත්වෙලා තියෙනවා. මේ මාතෘකාව ගැන වෙනම කතා කලයුතුයි.
රුහුණු කුමාරී දකුණු කළුතරට.
රුහුණ කොළඹ ආවා. අපි දැන් කළුතරින් පිටත් වෙන්නයි හදන්නේ.
මීටර කීපයක් ඉදිරියට යනකොට ඔන්න තියනවා M7 එකක්. M7 - 811 ඇන්ජිම.
කලිනුත් මම කියලා ඇති. දුම්රිය සේවයේ හැඩකාරම ඇංජිම.
ඊලඟ නැවතුම අළුත්ගම දුම්රිය ස්ථානය. බස්නාහිර පලාතේ අවසන් දුම්රිය ස්ථානය.
අපේ දුම්රියේ රියදුරු මහතා ඉතාමත් කාරුණික අයෙක්. කොටුව දුම්රිය ස්ථානයේදීම මා හා සංවාදයකට පැටලුනු එතුමා ඔහුගේ රැකියාවේ රසමුසු තැන් වගේම බරපතලකමත් ගැන අපුරූ කතා කීපයක් පැවසුවා.
අපි අළුත්ගමින් පිටත් උනා.
බෙන්තර ගඟ පාලම මතට දුම්රිය. බෙන්තර ගඟ කියන්නේ අපේ ලංකාවේ දකුණු පලාතත්, බස්නාහිර පලාතත් වෙන්කරන පලාත් මායිම.
බෙන්තර ගඟ උඩදී අපූරු ජායාරූපයක් මගේ කැමරාවේ සටහන් උනා.
ඔන්න අපි දකුණු පලාතේ.
වේගයෙන් ඉදිරියට.
සුපුරුදු ආසනය. කෝච්චියේ දොරකොඩ. අඩු කඩියා විතරයි.
ඉඳුරුව.
ඉදූරිවේදී තවත් කෝච්චියකට ඉඩ දෙන්න අපිට සිද්ධ උනා. ඔන්න එනවා 591.
නැවතත් අපේ පුරුදු ට්‍රැක් එකට.
අඳාදොල
කන්දේගොඩ.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට පිවිසෙන දුම්රිය.
හැමදාමත් වගේ අදත් අම්බලන්ගොඩට මීකිරි ඇවිල්ලා. මේ මීකිරි දවස ගානේ අම්බලන්ගොඩට උදේ කෝච්චියේ එනවා. සුනාමි ව්‍යවසනය වෙලාවේ සුදුවෙච්ච බිහිසුනු දුම්රිය අනතුරත්, එදා ප්‍රවාහනය කළ මීකිරිත් මට ඒවෙලාවේ මතක් උනා. ඒ අනතුරෙන් මට නැතිවෙච්ච මගේ පොඩි පුංචිව ඒ වෙලේ මතක් උනා.

නැවත ගමනේ.
කහව.
සුනාමිය වෙනුවෙන් ඉදි වෙච්ච දැවැන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ.
සීනිගම
හික්කඩුවට අපි ලඟා උනා.
හික්කඩුවෙන් ආයේ ගමනේ.
දොඩන්දූව.
අලුත්වැඩියා කෙරෙන මුහුදුබඩ මාර්ගය.
ගිංතොට.
ගාල්ලට කිට්ටුයි.
පියදිගම.
රිච්මන්ඩ්කන්ද
ගාල්ල දුම්රියපොලට පිවිසෙන්නයි සූදානම.
ගාල්ලේ ඉඳලා මාතරට යනකං කෝච්චිය මන්දගාමී වෙනවා. හැම ඉස්ටේසමකම නවත්තනවා.
ඒ දවස්වල ගාල්ලේ ඉඳන් මාතරට යන දුම්රිය ගමන ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන ගමනක් විදියට මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. වෙනස්ම ජීවන රටාවක්. ගැමි පරිසරයක් හරහා යන මේ ගමන ඇත්තටම උඩරට දුම්රිය මාර්ගයේ ගමනට වඩා සුන්දරයි. අද වෙනකොට නම් මේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිහිල්ලා.

මේ සියළුම මතකයන් හිතේ තියාගෙන පහුගිය දවසක ආයෙත් මම කෝච්චියෙන් මාතර ගියා. ගියේ තනියම. (දැන් අහන්න එපා කෝ වයිෆ් කියලා.
වෙඩින් එකට හරියටම සතියකට කලින් ගියේ)මම කෝච්චියට ගොඩඋනේ කොටුවෙන්.

maxxa machan 