කල්පය කියන්නේ මොකක්ද
කල්පයක් කියන්නේ ඉතා දීර්ග කාලයකටය. බුදු රජාණන් වහන්සේ කිහිප පොලකදිම කල්පය පිළිබද අර්ථ දක්වා ඈත. එක් ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ගෙන් ස්වාමිනි කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියා විමසුවා. එවිට උන්වහන්සේ මහණනි එසේ කල්පයකට පවතින කාලය වසර සියය හෝ දහසක් හෝ ලක්ෂයක් ලෙස කිව නොහෙකි බව පැවසුවා. එවිට එම ස්වාමින් වහන්සේ එසේ නම් ස්වාමිනි උදාහරණයකින් පැවසිය හැකිද යයි විමසුවා. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසිය. මහණෙනි යොදුනක් දිග යොදුනක් පළල යොදුන උස මැද කුහර නැති විශාල කළු ගල් පර්වතයක් පිළිබධ සිතන්න. එය වසර සියයකට වරක් එක මිනිසෙක් ඇවිත් සිනුදු රෙදි කඩකින් එක් වරක් පමණක් පිරිමදිනවා කියල සිතන්න. එවිට එම කළු ගල් පර්වතය කවද හෝ දවසක ගෙවී යනවද එම කාලයටත් වැඩ කල්පය විශාලයි. තවත් උදහරණයකදී මෙසේ සදහන් වේ. මහණෙනි යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස නගර ප්රකාරයක් සිතන්න. එම නගර ප්රකාරය සම්පුර්ණයෙන්ම අබ ඇට වලින් පුරවල වසර සියයකට වරක් එක අබ ඇටය ගන්නේ ගන්නවා නම් කවද හරි අබ ඇට ගණන ඉවර වෙනවද එම කාලයටත් වැඩ කල්පය දිගයි. මෙසේ බලන විට අපිට කල්පයක් කියන්නේ කොච්චර දීර්ග කාලයක්ද කියල තේරෙනවා. අතීතයේ කල්ප කියක් හිටියද කියල අපි දන්නේ නේ. ඒ වගේම අනාගතයේ තව කොච්චර කල්ප ගානක් ඉන්න වෙයිද කියලත් අපි දන්නේ නේ. එක නිසා හොදම වැඩේ මේ ගෞතම බුද්ධ ශාසනේදීම ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන එකයි. සමහර අපාය වල ආයුෂ කලාපයක් විතර වෙනවා. ආනන්තරිය පාප කාර්ම කරපු කෙනෙක් කල්පයක් නිරයේ දුක් විදිනවා. මේ සසරේ තියෙන බයානක කම පෙනේව අපිට මේකෙන්ම. එක නිසා මේ ලැබුණු අවස්ථාවෙන් අපි ප්රයෝජන අරගෙන මේ ආත්මයේදීම ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරමු.