කටට රටහ උයමු..... Vegetable Salad -EK cookery class (9)
හුග කාලෙකින් මුකුත් හදන්න බැරි වුණ එක ගැන සමාවෙන්න. සෑහෙන වැඩ තොගයකට හිරවෙලා හිටි නිසායි එන්නවත් බැරිවුනේ.
MIXED VEGETABLE SALAD - මිශ්‍ර එළවලු සලාදයක්
එළකිරි එකට ස්වකිය ත්‍රෙඩ් මගින් ඉතාමත් සුපසන් සේවාවක් කරන අපේ පවුසි, කුමාර456, මාතර කිඹුළා ආදී මෙකී නොකී සියලු ශාඛාහාර පමණක් ම වළදන සොයුරන් ගේ පහන් සංවේගය පිණිසත්, අපේ කොල්ලන් හට උයමන සම්බන්ධව කෙල්ලන් ගේ ගෑස් දැකිමෙන් නිර්විමුක්ත කරවනු පිණිසත් මේ අර්ධ ශාඛාහාරය (මොකද මේකට යෝගට් දාල තියනව, ඒ නිසා පුර්ණ ශාඛාහාරයක් කියන්න බෑ!)පිලියෙල කරනු ලැබේ.
අවශ්‍ය ද්‍රව්‍ය
එලවලු වර්ග -
1. ටින් කරන ලද හතු
2. ටින් කරන ලද ලපැටි බඩ ඉරිගු (යන්ග් කෝන්)
3. ටින් කරන ලද බඩ ඉරිගු ඇට
4. කොටු කපන ලද කැරට්
5. දිගට කපා ගත් සලාද කොළ
6. කොටු කපා ගත් ලොකු ළූනු
7. කොටු කපා ගත් බෙල්පෙපර්
8. සිහින් පෙති ලෙස කපා ගත් චින පිපිඤ්ඤා (චයිනිස් කි්‍යුකම්බර්)
9. තම්බා ගත් ග්‍රීන් පිස්
10. සිහින් ව ලියා ගත් ගෝවා
11. සිහින් ව ඉරා ගත් ඇමරිකානු මුතුබෙලි හතු (ඇමරිකන් ඔයිස්ටර් හතු)
12. තරමක කැබලි කැපු දම් ගෝවා
13. කොටස් වලට වෙන් කර ගත් බ්‍රෙකොලි
14. කොටස් වලට වෙන් කර ගත් මල් ගෝවා
සැලඩ් ඩ්‍රෙසින් එක සදහා -
15. මයොනේස් සෝස්
16. ටෙරියාකි සෝස්
17. යෝගට්
18. විනාකිරි මේස හැදි 2ක්
19. සුදු ළූණු
20. රතු ළූනු
21. අබ කුඩු මේස හැන්දක්
22. රස අනුව ලුණු
23. රස අනුව ගම්මිරිස්
24. පාස්ලි කොල ස්වල්පයක්
25. මිංචි කොල ස්වල්පයක්
26. කොත්තමල්ලි කොල ස්වල්පයක්
27. සැල්දිරි අත්තක්
සාදන ක්‍රමය -
සිහින් ව ලියා ගත් ගෝවා,සිහින් ව ඉරා ගත් ඇමරිකානු මුතුබෙලි හතු, තරමක කැබලි කැපු දම් ගෝවා, කොටස් වලට වෙන් කර ගත් බ්‍රෙකොලි, කොටස් වලට වෙන් කර ගත් මල් ගෝවා යන මේවා බ්ලාන්ච් කර ගන්න.
බ්ලාන්ච් කිරිමට - වතුර සෑහෙන පමන ලිප තබා අතුරන විට ලුණු මේස හැන්දක් එක්කරන්න. එයට ඉහත එළවලු එක්කර විනාඩි 2-3ක් පමන තබන්න. නියම පදමට ආ පසු පහත රූපයේ පෙනෙන පරිදි බ්‍රෙකොලි වල ඉතා සුන්දර, දිප්තිමත් කොල පැහැයක් දක්නට ලැබේ.
වතුරෙන් ඉවතට ගත් එලවලු දිය බේරිමට දැල් පෙනෙරයකට දමා පසෙකින් තබන්න.
සැලඩ් ඩ්‍රෙසින් එක සෑදීම -
A.-සුදු ළූණු, රතු ළූනු, පාස්ලි කොල, මිංචි කොල, කොත්තමල්ලි කොල, සැල්දිරි යන මේවා තෙල් ස්වල්පයක් රත් කර බැද ගන්න.
B.-මෙයටම පසුව ලුණු, ගම්මිරිස්, විනාකිරි එක් කරන්න.
C.-බැදුණු සියළු දේ ජලය ඉතා ස්වල්පයක් සහ මයොනේස් සෝස්,ටෙරියාකි සෝස්,යෝගට් සමග බ්ලෙන්ඩරයක හෝ මන්චරයක ආධාරයෙන් ක්‍රීම් එකක් වන තුරු ගසා ගන්න.
D.-එම ක්‍රීම් එක මෙසේ දිස්වේ.
ඉහත ක්‍රිම් එක සමග සියළු ම එළවළු වර්ග මිශ්‍ර කර ගන්න. මේ සදහා වීදුරු හෝ සෙරමික් බදුනක් පමණක් භාවිතා කරන්න.
සැලඩ් එක රස බලන්න. අපේ ඩයට් කරන හාදයින්ට නම් රෑට කන්න කියපු දෙයක්......මොකද තියෙන්නේ වතුරයි, විටමිනුයි, තන්තු ගොඩයි විතරයි.....!!!!
දැනට කමෙන්ට් එකක් හෝ බම්ප් එකක් දමා යන්න.පුලුවන් නම් හදලා ෆොටෝ එකක් පෝස්ට් කරන්න, මගේ චිත්තප්‍රීතිය සහ ලෝ වැඩ පිනිස.
ආහාර පිළියෙළ කිරීමට මාව නිබදව දිරිමත් කරන සියළු එළකිරියන් හට ස්තූතියි.....!!!!!
අවසන් වශයෙන්,මෙම සැලඩ් එකේ කොලෙස්ටරෝල් ආදිය ඉතාමත් අවම ප්‍රමාණයක් පමණක් ඇති බවත්, ශරීර සෞඛ්‍ය සදහා ඉතාමත් හිතකර අහරක් වන බවත් මෙම ත්‍රෙඩ් වලට මඩ ගැසීමට බලා හිදිනා සියළුම ෆේක් රාජෝත්තමයාණක් වහන්සේලා වෙත ගෞරව බහුමාන පූර්වක ව දන්වා සිටිමි.

.. නොදකින් යන්තමින් හරි තියෙන්නේ කීල්ස් සුපර් වල තමා
කිව්ව ඒවා කිව්වේ ?