නෙතු සැලෙන හද ගැහෙන හැම වේලේ
ඔබේ රුවයි මා සිත සිතුවම් කලේ
දැනුනාද මා හද ගැස්මේ
සැරුවාද ඔබේ සිහිනේ
දුර කිමද ළගට නොයෙමිද මාගේ
සිටියේ නොදනී සේ ඒ රුවැති මතකේ
හිමි නැතිද මා හදට ඔබේ සෙනෙහේ
මග නොහැර යනු මා නෙතු බැල්මේ
නැගෙන විට මා හද රාවේ
සක්මන් කරේ ඔබේ සිහිනේ
දැනුනු විට ඒ මතකේ
නෙතු අගින් වැසි ගැලුවේ
කුමට මම හිමි නැති ඒ ආලයේ රැදුනේ
ඇසුවාද මා තනි හද රාවේ
නොදනී සේ සිටියේ මා නිහඩේ
නමුදු පැතුමක් හද තුළ ඇත්තේ
ස්තුතියි
- Snowl -



got my leg burned and injured saving my bride..(my byk is my bride)