මෙහෙම දුක් දෙන්න නම් එපා දෙමව්පියට!!!!!

LockHeart

Member
Oct 5, 2011
5
56
0
මෙහෙම දුක් දෙන්න නම් එපා දෙමව්පියට!!!!!

ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ කියන්න යන කතාව 100% ඇත්ත එකක්.මේක ගොතපු කතාවක් එහෙම නෙමෙයි. මේ කතාව මම ඇහුවේ මේක සිද්ධ වෙච්ච කෙනාගෙන්මයි. හැබැයි මේක මම කියන්නේ මට සිද්ධ වුන එකක් වගේ. නැත්තම් කතා එච්චර හොඳට ඔයාලගේ හිතට වදින් නෑ කියලා හිතෙන නිසයි. හැමෝම කියෙව්වොත් හොඳයි කියලා තමා මම නම් කියන්නේ........

මට අක්කෙක් ඉන්නවා. ගෙදර හැමෝටම වඩා මම ආදරේ කරන්නේ මගේ අක්කට. තාත්තා වුනත් වැඩියෙන්ම ආදරේ කලේ අක්කට. අක්කා වැඩිය සමාජය ආස්‍රය කරපු කෙනෙක් නෙමෙයි. අක්කට බඩේ අජීරනයක් තිබ්බා සතියක විතර ඉඳලා. දන්න හැම කෙනා ගාවටම ගියා. කොච්චර සල්ලි වියදම් වුනත් තාත්තා නෙමෙයි ඒ ගැන වද වුනේ. කොහොම හරි සති 2ක් ගියා.තාම හොඳ නෑ. කන හැම දේම වමනේ යනවා. පස්සේ Scan එකක් කරලා බැලුවා. Reports පෙන්නන්න ගියේ රෑ 8ට විතර. තාත්තා ගෙදර ආපු සද්දේ ඇහුනා 10.30ට වගේ. මම කාමරේ ඉද්දී එක පාරට තාත්තා අඬන සද්දයක් ඇහුනා. තාත්තා ලේසියකට අඬන් නෑ. ඒ නිසා මම බැලුවා ඇයි කියලා. රිපෝට් එකේ කේස් එකකට තමා කියලා නම් ඒ වෙලාවෙම තේරුනා. මට හිතුනේ අක්කට පිළිකාවක් වත්ද කියලා?? නෑ ඒක නෙමෙයි හේතුව. අක්කගේ බඩේ සති 7ක බබෙක්ලු. ඒ වගේ දෙයක් අහන්න තරම් අපි කාල්කණ්නි වුනා. අක්කගෙයි, කොල්ලෙක්ගෙයි සම්බන්ධයක් තිබුනා. ඒක ගැන මම දැනගෙන හිටියා. ඒ කොල්ලා අහිංසක ඩයල් එකක්. ඒ නිසා මම වැඩිය අක්කා යන තැන් ගැන හෙව්වෙත් නෑ. අනික අක්කා ඒ වගේ හොර ගමන් යන කෙනෙකුත් නෙමෙයි. ඒත් ඉතින් අරූගේ අහින්සකකම් නැවතිලා තිබුනේ නම් වෙන්න ඕන ඔක්කොම දේ වුනාම.

අක්කයි මායි ගොඩක් ලඟින් හිටියේ. එයාගේ මට හංඟන්න කියලා කිසිම රහසක් තිබුන් නෑ. ඒත් වුවමනාම දෙයක් මගෙන් හංඟලා තිබුනේ. ඒත් වෙච්ච දේ ගැන අක්කා වුනත් දන් නෑ. කතා කරන භාසාවෙන් කියනවා නම් එයාගේ පෙට්ටියවත් කැඩිලා නෑ.ඒක අක්කව චෙක් කරපු කෙනා හිටන් පිලි අරන් තිබුනා. ගොඩක් අය දන් නැති දෙයක් තමා පිරිමියෙක්ගේ ශුක්‍රානු ගැහැනියෙක්ගේ කලවා වල ගෑවුනත් ඒවා අවශ්‍යය ස්ථාන වලට යන්න පුලුවන්. ගම් වල ඇලවල්වල පිරිමි නාන තැනට පහලින් ගෑනුන්ට නාන්න දෙන් නැත්තෙත් ඔය හේතුව නිසාමයි. ලඟින් ගියත් ඇති විනාසයක් කරන්න. ඒකයි අක්ක උනත් බබෙක් ඉඳියි කියලා හිතලා නැත්තේ.ගල් සෙල්ලමක් ඒ දෙන්නා දාන්න ඇති. ඒ වෙලාවේ අරවා ගෑවෙන්න ඇති. එහෙම වුනාම පවා ළමයි හම්බෙනවා කියලා අක්කාවත් දැනන් ඉඳලා නෑ. ඉතින් දැන්වත් නොදන්න කට්ටිය දැන්වත් දැන ගන්න ඒක එහෙම වෙනවා කියලා.

වෙන කරන්න දෙයක් නෑ. කාලෙත් තිබුනේ ටිකයි මොන දේ කරන්නත්. උඹලා විස්වාස කරපල්ලා තාත්තා හරි අම්මා හරි එක වචනයක් කිව්වේ නෑ අක්කගේ හිත රිදෙන්න. කිසිම වෙනසක් කරේ නෑ. තාත්තා අඬලා අඬලා මට ඇවිත් කිව්වා, "පුතේ මගේ කෙල්ලට වැරදුනා. අනේ මම මොන තරම් දේවල් හිතාගෙන හිටියද,මොන තරම් හීන දැක්කද කියලා".මට ඇස් වලට කදුලු ආවා ඒ වෙලාවේ. මොකද තාත්තා කෙනෙක් තමන්ගේ දුවව ලස්සනට දීග දෙන්න හීන දකින්නේ කොයි කාලයක් තිස්සේ කියලද? අක්කට අරන් දෙන්න පුලුවන් හැම දෙයක්ම අරන් දීලා තියෙනවා තාත්තා.අඩු ගානේ බස් එකකවත් යන්න ඉඩ තියන් නැතිව වාහනේමයි එයාව යැව්වෙත්. වෙන මොකේටවත් නෙමෙයි. අක්කව ආරක්ෂා කරන්න.හිතන්න, එහෙම ආරක්ෂා කරපු දුවට එහෙම දෙයක් වුනාම කොහොම ඉවසන්නද?? ඒ වෙලාවේ මගේ හිතට දැනුන අමාරුම කොහොමද කියලා මම දන්නවා. මට එහෙම නම් අක්කට පණ වගේ ආදරය කරපු තාත්තගේ හිතට කොහොම දුකක් දැනෙන්න ඇතිද??

පහුවදාම අර කොල්ලගේ ගෙදර ගියා. ඇත්තටම අපි ඒ කොල්ලා කොහෙද හිටියේ කියලාවත් අපි දැනන් හිටියේ නෑ. තාත්තා එහෙ ගියේ ඒ කොල්ලා හොඳයි නම් ඌට අක්කව බන්දලා වැඩේ ඉවරයක් කරලා දාන්න. ගියාට වැඩක් නෑ. ඒ කොල්ලා ගොඩක් දුප්පත්. දුප්පත් වුනත් හරි හමන් රස්සාවක් තියෙනවා නම් තාත්තා ඒත් මොකුත් කියන් නෑ. උට හරි හමන් රස්සාවක් නෑ. ඉතින් තාත්තා බලා ගත්ත තරම්වත් උට අක්කාව බලාගන්න බැරි නිසා කිව්වා මේක කරන්න බෑ කියලා. මගේ තාත්තට ඒ කොල්ලට ඕන දෙයක් කරන්න පුළුවන් තරම් බලය තිබුනා. ඒත් කිසි දෙයක් කිව්වේ වත් අඩු ගානේ ඌට ගැහුවේ වත් නෑ. පස්සෙ ඉතින් ඒ වැඩෙත් අතහැරලා දාල ගෙදර ආවා. ඊට පස්සේ තාත්තා කරේ ඒ ඔක්කොම අල්ලලා බීපු එක. Office ගියෙත් නෑ. ඔක්කොම දමලා ගහලා හිටියේ. හැබැයි අක්කට වචනෙකින්වත් වෙනසක් කරේ නෑ. වෙනදා විදියටම හිටියා. මේ වගේ රත්තරන් අම්මෙකුයි තාත්තෙකුයි ඉන්න එක ගැන මට පුදුම සතුටක්. අක්කගේ බඩේ ඉන්න බබාට කරන්න දෙයක් නැතුවයි හිටියේ. අර බඩේ අජීරනය කාලේ බඩ විරේක වෙන්න ගොඩක් බෙහෙත් ජාති දුන්නා. Scan චෙක් කරපු කෙනා කිව්වෙත් ළමයව විකෘති වෙලා ඇති කියලා. ඒ ගැන මොනවා කරයිද කියන එක මට නම් තේරෙන් නෑ. බැරි වෙලාවක් වත් ඇබෝශන් කරොත් නිකම්ම අම්මයි තාත්තයි මිනීමරුවෝ වෙනවා. බලන්න, අර තරම් ආදරේ කරපු එකට කල ගුණ සැලකුවේ කොහොමද කියලා??

ඒ නිසා මම ඔයාලටත් කියන්නේ කවමදාවකවත් අම්මටයි තාත්තටයි මේ වගේ දුකක් නම් දෙන්න එපා. මොකද ඒ පව ගෙවලා ඉවරකරගන්න බැරි වෙයි. හැම අම්මයි තාත්තයි, තමන්ගේ ළමයට ආදරෙයි. ඒ ආදරේට කැලලක් කරන්න එපා.
කොල්ලෙක් වේවා හෝ කෙල්ලෙක් වේවා...කවමදාවත් ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. කරන දේවල් මොනවගෙන් කෙලවර වෙයිද කියන්න කවුරුත් දන් නෑ.

මේ කතාව දාන්න ඕනේ කියලා හිතුනේ මේකෙන් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නිසා. මේ කතාව ගැන හොඳට හිතට ගන්න. තාවකාලික සතුට වෙනුවෙන් තමන්ගේත් අර අහින්සක දෙමව්පියන්ගෙත් අනිත් අයගෙත් ජීවිත විනාස කරගන්න එපා........!!!!
 
  • Like
Reactions: udsic and kites

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    sirawata paw demapiyooo..... oya dekata gena ganna beha wage inna ewun tamai bayanaka...
    oya kathawa kellath ara ahinsakai kiyana kollat dennama ehemai ;)
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Godak watina post ekak machan thanks.
    Umbe oya kiyana akka honda ekkenek wenna athi. Eth podi waradeemakin pawa demawpiyanta loku dukak danenawa.

    Mama hondatama danna girl kenek innawa. Eyage kadenna one dewal okkoma kadila. Eyage ammai duwai dennama ekathu wela wena kollek allagena eyata bandala denna yanawa. Mama e boyta scene eka kiwwa.(petti kadichcha kathawak kiwwe na. Tikak hoyala balanna kiyala witharai kiwwe). Thamange duwage waraddak thibunath wena kollek rawattala bandala denna tharam pahath ammalath idala hitala innawa ban. Lamayek innawanam eyawath nathikaranna tharam pahath minisu.

    E athin balanakota umba me kiyapu kathawe family eka great machan. minissu athin waradi wenawa thamai.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    adena seen eka machan.. wadakna kiyala. eya godak wasanawanthai mewage parentsla labanna.. thanks thread ekata
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    ගොඩක් දුක හිතෙන කතාවක්! :(
    මම ප්‍රර්ථනා කරනවා හැම දේම හොදින් සිද්ද වෙන්න කියල. හැම දේම හරියාවි bro
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :shocked:අනේ දෙයියනේ ඇයි ඔයාගේ අක්ක එහෙම දෙයක් කරගත්තේ :( මොන සම්බන්ද කම් තිබුනත් කවදාවත් ඒක ඕනවට වඩා දුර ගෙනියන්න හොඳ නෑ:no:. මොනා උනත් පව් අර රත්තරන් දෙමව්පියෝ අක්ක ව අවුරුදු විසිගානක් හැදුවේ මේ වගේ දෙයක් කරගන්නවා බලන්නද:dull:. අනේ මන්ද මට නං කියන්න බෑ දුක් වෙන්න එපා කියල මොකද එහෙම දෙයක් කවදාවත් කරන්න බැරි නිසා. මොනා උනත් තාත්තවයි අම්මවයි හොඳට බලාගනින් ඒ වගේම අක්කට මුකුත් හිත රිදෙන දෙයක් කියන්නත් එපා මොකද එයාගේ මානසික තත්ත්වේ හැටියට එයා දිවිනහ ගන්නත් බැරි නෑ :(
     

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Minissune ban. hangim palanaya kara ganna baruwawwa ohoma wenawa.

    Dan thiyenne akkawa e kollata bandala denna. U rassawak hoya gani kawada hari.

    eyage thatha akkata kochchara adare kalath wadak nane ipadena podi ekata thaththek nathuwa
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ඔහොම දෙයක් වෙච්ච පලවෙනි පාර නෙමෙයි මේ ලෝකේ
    සානුකම්පිතව ප්‍රෂ්ණෙ දිහා බලන්නැතිව දෙන්න පුළුවන් විසදුමක් බලන්න ඕනි


    අර කොල්ලා දුප්පත් උනාට ඉගනගෙන තියෙනවද????
    කෙල්ලගේ තාත්තට බැරිද ඒ කොල්ලට හොද රස්සාවක් හොයාලා දෙන්න???
    ඒ කොල්ලා පවුලට සම්භන්ද කරගන්න බැරි තරමටම ඒකා එපා කරපු එකෙක්ද???
    දරුවෙක් නැතිකරන්න වගේ පවුකාර තීරණයක් ගත්තේ වෙන කිසිම දෙයක් කරන්න බැරි හින්දද???

    ඔන්න ඔය ප්‍රෂ්ණ ටික අපිට එනවා
    අනිත් එක උඔ මෙතනි කියලා තියෙන්නෙ කොල්ලා දුප්පත් කියලා විතරයි
    දුප්පත්කම නොගැලපීමකට බලපාන්නෑ හොද හිතක් තියෙන මිනිස්සුන්ටනම්
    අනිත් එක අර අක්කා උනත් ඌත් එක්ක යාලු වෙන්න ඇත්තේ ඒ කොල්ලගේ හොද ගතිගුණ අදුරගෙන වෙන්න පුළුවන්
    උඔ කියලා තියෙනවා ඒ අක්කා සමාජ ආශ්‍රය වැඩිය නැති නිවිච්ච කෙනෙක් කියලා
    එහෙම අය ලේසියකට තීරණ වලට එන්නෑ
    අනිවාර්යෙන් ඒ කොල්ලගේ හොදක් එයා දකින්න ඇති

    දරුවෙක්ට මේ වගේ දෙයක් උනාම දුකයි තමයි
    ඒ උනාට ඒ දෙන්නා නොදැනුවත්කමින් වෙච්ච දෙයක් වෙන්න පුළුවන්
    අඬන දොඬන එක නෙමෙයි උත්තරේ
    ප්‍රෂ්නෙ දිහා හරියට බලන එක
    :D
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මෙව ලමයි දැනගන්න ඕන බං. අම්මල තාත්තලට දුක් නොදී ඉන්න.
    අම්මල තාත්තලත් වැඩියෙන් කෙල්ලො ගැන හොයන්න ඕන.
    දැන් උන දේ වෙලා ඉවරයි.මේක බලලවත් අනිත් එවුනුත් හැදුනොත් තමා හොද.
    bump
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කවදාවත් ඒ පවෙන් මිදෙන්නෙ නෑ

    අම්මෙකුට තාත්තෙකුට දරාගන්න පුලුවන් දෙයක් නෙවෙයි වෙලා තියෙන්නෙ.:(:(:(
    නමුත් දැන් ඒ දේ වෙලා ඉවරයි.
    මොහොතක සැපක් ගන්න ගිහින් දැන් කවුද සැප විඳින්නෙ?:frown:
    දෙමව්පියන්ට ගින්නක් දුන්නොත් කවදාවත් ඒ පවෙන් මිදෙන්නෙ නෑ.
    මෙව්වා ගොඩ දෙනෙකුට හොඳ පාඩම්.
    සමහරු පන්ඩිතයො වගෙ තමන් කරපු දේවල්,ගිය තැන්,යන්න හොඳ තැන්,ආරක්ෂාවෙන් වැඩේ කරගන්න තැන් එහෙමත් අහනවනෙ.....
    ආරක්ෂාව ඇතුව කරගෙන තමයි මේ අන්තිමට පවුලකම අනාගතය අඳුරු කරගෙන ඉන්නෙ.
    දෙමව්පියන් ලබා දුන්න නිදහස පාවිච්චි කරලා දෙමව්පියන්ටම ගින්න දෙන්න එපා:no:
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    මාර upset එකක් නේ මචං...කාටවත් කරදරයක් නැතිව ඔකොම විසඳෙන්න කියල ප්‍රර්ථනා කරනවා....:):):)