සුරතලෙක් ඕනෙ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ගෙදර හිටිය පූසා පැනලා ගිහිං... කොච්චර හෙව්වත් උගෙ එක මයිලක් වත් හොයා ගන්ඩ බැරි උනා.... මං උට නොදී ඊයෙ රෑත් චිකන් කොත්තුවක් රස කර කර කද්දි උ මගේ දිහා බලං හිටියෙ හිටපිය තොට දෙන්නං ගේමක් කියලා කියන්ඩ වගේ... කොහොම උනත් උ දැං නැති නිසා මං කල්පනා කළා වෙන සතෙක්ව අරං හදාගන්ඩ...
    පූසො ගැන කථා කරලා එපා වෙලා ඉන්න මෙවන් අවධියක මවිසින් පළකළ පූසා ගැන නූල..

    http://www.elakiri.com/forum/showthread.php?t=1126366

    තවමත් හැටට හැටේ නැගලා යන එක ගැන මට අප්පරමාන සතුටුයි.. හොක් හොක්.. :rofl:
    මේ ලගදි තවත් හාදයෙක් පූසෙක් ගැන වෙන මොකක්ද එකක කියලා තිබුනා.. මං ඒකෙ කමෙන්ට් කලාද කොහෙද එළ මචං.. උඹට මාර හැකියාවක් තියෙන්නෙ කියලා...
    පස්සෙ තමයි මීටර් උනේ මිනිහත් අර ත්රෙඩ් එක හයිජැක් කරලා කියලා.. :lol::lol:
    උට වැරැද්දක් කියන්ඩත් බෑ ඉතිං.. කාට උනත් ඔය වගේ ඒවා වෙන්ඩ පුලුවන් නෙහ්..
    සමහරු කවි උස්සනවා.. සමහරු කථා උස්සනවා...
    ගෑනු උස්සනවට වඩා ඔය වගේ පොඩි දෙයක් ඉස්සුවාට ලෝකෙ පෙරලෙනවද කියලත් කෙනෙක්ට හිතෙන්ඩ පුලුවං... ( බලං යද්දි ඒකත් ඇත්ත තමයි ඕං.. ) :rofl:

    හරි... දැං මං මොකක්ද කියන්ඩ ආවේ... :rolleyes::rolleyes:

    ආ... සතෙක් හදන එක ගැන...

    පූසාගේ හදිසි අතුරුදහන් වීම නිසා , අතිශයින්ම ශෝකයට පත්
    දිනූෂ සංකල්ප වන මම (දැං අර උස්සන අය ටිකක් පරිස්සං වෙන්ඩ ඕනෙ.. උස්සද්දි ඔන්න ඔය නම එහෙම දානවා නෙවේ ඕං.. :lol:, ඔන්න ලේසි වෙන්ඩ වෙනස් කරන්ඩ ඕනෙ තැං වලට මම රතු ඉරක් ගහලා සප් එකක් දෙන්නං.. ) :rofl: නැවතත් සුරතල් සතෙකු ඇති කිරීමට ආසා වෙමි. ගෙදර හිටපු අසරණ සතාට දීපු වද දන්නා අපේ ගම් වාසීන් මට එරෙහිව ගෙන යන සත්ව අවිහින්සාවාදී ක්‍රියා පිළිවෙත නිසා...
    පන්සලේ එක්ස්ට්‍රා සිකියුරිටි ගාඩ් කෙනෙක් ව වත්.. ( ඒ කිව්වෙ වල් ඩොගී කෙනෙක්:rofl: ) මට ලබා නොදීමට අපේ හාමුදුරුවෝ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන සේක... :dull:

    මේ සියල්ල සිදු වූයේ මගේ පින්වත් (අජූත) අසල්වාසී හැතිකරයගේ පින්ගුත්තර සත්ව අවිහින්සාව නිසා බව මම බුද්ධාලම්බන ප්‍රීතියෙන් පවසමි. හිටපල්ලකො තොපිලාගෙ බැල්ලියො පැටව් ගහනකං... එකෙක් තියන් නෑ.. අල්ලලා දෙනවා ඔක්කොම බලු වෑන් එකට.. :growl:

    බල්ලෙකු හෝ පූසෙකු ඇති කිරීම කිසි සේත් කල නොහැකි කරුණක් බව දැන් ඔබට පසක් වනු ඇත. හප්පා... අතීතයේ සිටම මිනිසා සුරතලයට ඇති කර ඇත්තේ උක්ත සදහන් සත්ව විශේෂයන් දෙකෙන් එකක් හෝ දෙකමය. ඉතිං හත් දෙයියනේ දැං මොකො කරන්නෙ... :rolleyes::baffled:

    බල්ලන් හෝ පූසන් හැරුනු විට වෙනත් සුරතලයට ඇති කල හැකි සතුන් වේ දැයි මම ගූගල් අයියාගේ සර්ච් කාමරයට එබී බැලුවෙමි. ආ.... පට්ටපටපට.. ඔය ඉන්නෙ පෙට් ලා පෝලිමේ..

    • සුරතල් ගිරවා... :baffled:
      අපේ අහල පහල ( අපි නෙවෙයි ) උං රෑට බීලා ඇවිල්ලා කියන ඒවා මූට ඇහුනම..
      8.gif
      නෑ .. නෑ.. :no: ගිරවෙක් එපා..
    • චිම්පන්සියා.. කොන්කිරිට් වනාන්තරයක සිටින මට කෝ ගස්..
      උත් එපා.. :no:
    • ගවයා... අන්න ශෝක්.. කිරි ගන්ඩත් පුලුවං..
      ඉන්න එකා හොදටම ඇති වෙන උන් එපා.. අම්මා කීවාය.. :baffled:
    • බූරුවා :baffled: දෙන්නෙක් වැඩි වෙයි.. තාත්තා කීවේය.. :baffled::baffled:
    • කිඹුලා:baffled:
      8.gif
      දරුණු වාඩි වෙයි :oo:
    • නයා.. :oo: නයි ඕනෙ නෑ.. :lol::lol:
    • මුගටියා :nerd:
    • පිඹුරා..
      8.gif
    • .........
    • ........
    • ........



    • අලියා... :rofl: :)
    අලියා... ඔව්.. අලියා තමයි හොදම සතා...පොඩ්ඩක් සරීරයෙං විසාල උනාට උ හොද එකා.. අර වලත්ත පූසො වගේ හොරකමේ යන්නෙත් නෑ... වෙන පූසියන්ට පැනි හලන්නෙත් නෑ..
    අනික අලියාගෙ හිත හොදයි... පුරාන රජකාලෙ උනත් අලියෙක් එක්ක නෙහ් රජා හැම තැනම ගිහිං තියෙන්නෙ... හොද මධ්‍යම ප්‍රමානයේ අලියෙක් ගත්තා නං ගමං ප්‍රශ්නෙත් විසදෙනවා.. :rolleyes:

    එතකොට අලියා තියන්ඩ තැනක් තමයි ඊලගට හොයන්ඩ ඕනෙ... ආ.. ගේ ඉස්සරහ මඩුවක් ගහලා දෙන්ඩ බැරියැ...
    ඊලගට කෑම... මොනවද මූ කන්නෙ ? මම ආයෙ ගූගල් කාමරේට ගියා.. :rolleyes:
    අලි කෑම.. පොල් අතු ,කිතුල් අතු,කිරි.... ........

    ශා ...... මරු සතෙක් නෙහ්... අර ඩේසි පූසො වගේ මුං අපේ පාත්තරේ ගිලිහෙනකං බලං ඉන්නෙ නැති ස්වාධින ජාතියක් නෙ බොල....

    දැං යෝජනාව ස්තීරයි..

    අපේ ගෙවල් පැත්තෙං කුංචනාද සද්ද ඇහෙන්ඩ වැඩි දවසක් නෑ ඕං... :rofl:




    looploc3.gif

     
    • Like
    Reactions: bathalaya

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ වගේ ගොන් අලියෙක් ඉන්නැද්දි තව මොකටද අලි?:eek:

    තොට ඒකෙං වැඩක් නෑ නෙ අවලං පූස් තඩියො... හොයා දිය ලස්සන සුරතල් අලියෙක්.. :rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඉතිං මං බොරුද කිව්වෙ...
    අර ලමාතැනීත් කියලා තියෙන්නෙ.. :angry:

    ඒ මම හුරතල් බන්..:yes::love: මගේ ට්‍රයි:love: එකත් මට කියලා තියනවා මම හරි හුරතල්:love: කියලා .. අනේ මාව ඇති කරපන්:yes::sorry: