ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
සිත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදින්නේ
වෙල් එළිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මඟ නෙත් හමුවේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා



එකනේ බන් ?? හැම දේටම අම්මා තාත්තාව ගාව ගන්න අය තමයි ඉන්නේ ..