සියඹලා

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    ඔන්න එකෝමත් එක ගමක හිටියලු දුප්පත් අහිංසක මනුස්සයෙක්. එයාගෙ ළමය ලෙඩ වෙලා බෙහෙත් ගන්න සල්ලි නැතුව දහඅතේ කල්පනා කරාලු කීයක් හරි හොයාගන්න විදියක්. ඔහොම කල්පනා කර කර ගමේ එහා මෙහා ඇවිදිනකොට ලොකු සියඹලා ගහක කරල් සියඹලා පිරිල තියනවා දැක්කලු.

    අනේ ඉතින් මේ මනුස්සය සියඹලා ගහට නැගල මහන්සි වෙලා මහන්සි වෙලා සියඹලා ගොනි බාගයක් විතර කඩල ගෝනියකට දාල කරගහගත්තලු ටවුමට ගිහිං විකුනලා කීයක් හරි හොයා ගන්න. සියඹල ටිකත් අරගෙන ටවුමෙ කඩේට ගිහිං මුදලාලිට සියඹලා ටික දීල කිව්වලු කීයක් හරි දෙන්න කියල. මේ දෙන්නගේ ගනුදෙනුව සිද්ධ උනේ මෙන්න මෙහෙමයි.

    දුප්පත් මනුස්සයා : "අනේ මුදලාලි මෙන්න මේ සියඹලා ටික අරගෙන මට වටින ගානක් දෙන්නකො..."

    මුදලාලි : "කෝ බලන්න. ආ....... ටිකක් අමුයි වගේ නේද? අමු සියඹලා වේලෙනකොට බර හොඳටම අඩු වෙනවනේ බොල.. කමක් නෑ කිරමු බලන්න"

    දුප්පත් මනුස්සයා : "මෙන්න මුදලාලි මං මේක තරාදියට දැම්ම."

    මුලාලි : "ආ. ... හොඳයි. කිලෝ පහක් ම තියනවා..... හැබැයි ඉතිං ........."

    දුප්පත් මනුස්සයා .:" කමක් නෑ මුදලාලි දෙන්න පුලුවං ගාන කියන්නකො..."

    මුදලාලි : "මෙහෙමයි. මේකෙ ගෝනි බරට කිලෝ එකක් කපනවා. වතුර බරට කිලෝ දෙකක් කපන්න වෙනවා....
    තව ඉතිං ලෙලි අයින් කරන්නත් එපැයි. කමක් නෑ ලෙලි වලටයි ඇට වලටයි කිලෝ දෙදක් අයින් කරමුකො..."

    දුප්පත් මනුසයා මදක් වෙලා කල්පනා කොට අතේ අඟිලි ගනන් කරමින් යම් කිසි ගනනක් සාදා බලා මුදලාලිගෙන් මෙසේ අසයි.

    "ඈ මුදලාලි...ඇත්තටම කෝ එතකොට මං ගෙනාපු සියඹලා .......
    එතකොට මම සියඹල ගෙනැල්ලම නැද්ද???"

    මේක අපි අහලා තියන පරණ කතාවක්...බුල්ටෝ කඩේ දාලා තියනවා දැකලා දාන්න හිතුනා.


    උපුටා ගැනීමකි....