දෙරණට විත් යකා නැටූ උප නගරාධිපති ඇප මත මුද#
දෙරණට විත් යකා නැටූ උප නගරාධිපති ඇප මත මුදාහැරෙයි
October 12, 2010 09:53 am
දෙල්කඳ පිහිටි ටීවී දෙරණ මැදිරියට පැමිණ එහි සිටි සේවකයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝට්ටේ උප නගාරධිපති ජනක රණවක මහතා ඇතුළු සිව් දෙනා ඇප මත මුදාහැර තිබේ.
ඊයේ(11) පස්වරුවේ මෙම පහර දීම සිදු වූ අතර පහරදීම සම්බන්ධයෙන් කෝට්ටේ උපනගාරාධිපතවරයා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඊයේ(11) නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව නුගේගොඩ ප්රදේශය භාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා ප්රකාශ කළේය.
එහි දී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත සහ රුපියල් දෙදහස් පන්සීය බැගින් වූ මුදල් ඇප මත මුදා හැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
එම නඩු විභාගය නැවත ලබන 15 වැනිදා කැඳවීමට අධිකරණය නියෝග කර ඇති අතර මෙම පහර දීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව දේශබන්දු තෙන්නකෝන් මහතා ප්රකාශ කළේය.
අයුතු ජනරාශියක සාමාජිකයින් වී ටීවී දෙරණ මැදිරියට පැමිණ එහි සාමාජිකයෙකුට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
Derana madiriyata Janaka Ranawaka enna aththe Ai?????????? eee gana kiyanne nathuwa avith yaka natuwa kiyala boruwata kiyanawa EE wagema deyak thamai meee