මන්නාරම් මුහුදින් දෙවන ගෑස් නිධියත් සොයා
මන්නාරම් ද්‍රෝණියේ සිදුකරන ඛනිජ තෙල් ගවේෂණ කටයුතු වලදී දෙවන ගෑස් නිධිය හමුවූ බව කෙයාන් ලංකා සමාගම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය වෙත දැනුම් දෙයි.
මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රීත මුහුදේ එස්.එල්. 2007-01-001.3හි බැරකුඩා 1/6-1 වශයෙන් නම්කර කොට ඇති ළිඳෙහි ගැඹුර මීටර් 4700 කට අධික බවත් ජලයෙහි ගැඹුර මීටර් 1509 ක් බවත් මේ පිළිබඳව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
දෙවන ළිඳ දොරාඩෝ ළිඳට වඩා කිලෝ මීටර් 38 ක් දළ වශයෙන් දුරින් පිහිටා තිබෙන බව සඳහන්ය.
මීටර් 24 ක වපසරියක දළ වශයෙන් මීටර් 4067-4206 දක්වා ගෑස් නිධි විහිදී ඇතැයි අනුමාන කෙරේ.
තෙල් කැණීම් සිදුකරන නෞකාව ඉතා ඉක්මනින් මෙම ස්ථානය වෙත ළඟාවීමට නියමිත බවත් මෙම සොයා ගැනීමෙහි වාණිජ වටිනාකම නිවැරදිව තක්සේරු කිරීමට ප්‍රථමයෙන් තවදුරටත් කැණීම් කටයුතු කිරීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
JAYA SRI

හපොයි ආයෙත් චන්දයක් ලග එනවද?