රට තුළ අපරාධවල අඩුවීමක්
රට තුළ අපරාධ රැල්ලක් ඇති ව නැතැයි පොලිස්පති වෙතින් කැඳවන ලද වාර්තාවේ තොරතුරු අනුව සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා පොලිස්පතිවරයාගේ අත්සනින් යුතු එම වාර්තාව සභාව වෙත ඉදිරිපත් කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ස්ථාවර නියෝග යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී ය.
ශ්‍රී ලංකාවේ අපරාධ සම්බන්ධ ව එම වාර්තාව පෙන්වා දෙන කරුණු මෙසේ ය.
2044 වර්ෂයේ සිට 2011 සැප්තැම්බර් මාසය දක්වා සියලු ම බල අපරාධවලට අදාළ ව පැමිණිලි හා විසඳීම් වාර්තාව අනුව පහත පරිදි වෙයි.
වර්ෂය වාර්තාවීම විසඳූ විසඳූ ප්‍රතිශතය
2004 59662 31267 52%
2005 60946 31539 51%
2006 61797 29777 48%
2007 57827 29187 50%
2008 60064 29966 50%
2009 57944 30804 53%
2010 60091 31814 53%
2011 මුල් මාස 9 40560 16406 40%
එම අපරාධ අතුරින් විවාදයට බඳුන් වී ඇති විශේෂ අපරාධවලින් මනුෂ්‍ය ඝාතන පිළිබඳ සැලකීමේ දී 2006 වසර තුළ වැඩි වීමක් පෙන්වා ඇති මුත් ඉන් පසු ව වාර්තා වී ඇති ප්‍රමාණය ක්රමික ව අඩුවීමක් නීරික්ෂණය වන අතර වාර්තා වීම් අනුව විසඳා ඇති ප්‍රමාණය සැලකිය යුතු වැඩි වීමක් පෙන්වා ඇත.
* මංකොල්ල කෑම් පිළිබඳ ව පරික්ෂා කිරීමේ දී 2010 වසර තුළ 2009 වඩා වැඩිවීමක් තිබුණ ද මේ වසරේ මාස 9 තුළ වැඩිවීමක් පෙන්නුම් නොකරයි. අපරාධ විසඳීමේ ප්‍රතිශතය සියයට 45%ත් 50%ත් අතර සම තත්ත්වයක පවතී.
* වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ පැමිණිලි පරික්ෂා කිරීමේ දී වාර්තා කිරීම් වැඩිවීමක් දක්නට ඇති අතර විසදීම ඉහළ තත්ත්වයක පවතී. මෙම වැඩිවීම්වලට හේතුව වී ඇත්තේ ළමයින් පිළිබඳ වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ හා සම්බන්ධ පැමිණිලි වන අතර ඒවා බොහොමයක් ප්‍රේම සම්බන්ධතා මත අඹුසැමියන් ලෙස හැසිරීමෙන් පසු දෙමාපියන්ගේ පෙළඹවීම මත පසුව ලැබෙන පැමිණිලි වේ.
මේ වනවිට මෙවැනි ළමා දූෂණ හා ලිංගික අපයෝජන අවම කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව හා පොලීසිය එක්ව මාස තුනක කාලය තුළ ළමා අපචාරවලට අදාළ පැමිණිලි විමර්ශනවල නඩු කටයුතු අවසන් කර චූදිතයන්ට කඩිනමින් දඩුවම් ලබාදීම සඳහා ව්‍යාපෘතියක් ලෙස ගම්පහ සහ පොලොන්නරුව මහාධිකරණ බලප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී. මෙතුළින් අපරාධ අවම කිරීමටත් වින්දිතයින්ට ද්විතීයික වින්දිතභාවයට ලක්වීම වැලැක්වීමටත් අපේක්ෂිතය.
* තවද ඉහත විමසුම පරිදි පවුල් පිටින් මිනිසුන් මරාදැමීම පිළිබඳ ව 2011-10-13 වැනි දින උඩවලව පොලිස් වසමේ දී එක ම පවුලේ හතර දෙනෙකු වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් වාර්තාවන අතර එම අපරාධය කොල්ලකෑමේ අදහසින් සිදු කර ඇති අතර මේ වනවිට පොලිස්පතිතුමාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන් 4ක් අත් අඩංගුවට ගෙන අදාළ දේපොළ ද සොයාගෙන ඇත. මෙම අපරාධ හැර පවුල් පිටින් මනුෂ්‍ය ඝාතනය කිරීම මේ වසර තුළ වාර්තා වී නොමැත.
* නුගේගොඩ කොට්ඨාසයේ හෝමාගම පොලිස් වසමේ දොලේකඩේ ප්‍රදේශයේ 2011-09-09 සිදු වී ඇති පුද්ගලයින් තිදෙනෙකු එකවර ඝාතනය කිරීමේ සිද්ධිය විසඳා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වාර්තාව සැලකිල්ලට ගනිමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ වාර්තාගත සිද්ධීන් ප්‍රමාණාත්මක ව වැඩිවීමක් පෙන්නුම් නොකරන බවත් අපරාධ විසඳීමේ ප්‍රතිශතය සියයට 50%ත් 53%ක අගයක් පෙන්නුම් කරන බවත් ය.