Software මොනවත් නැතුව Folder lock කරමු.

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    Software මොනවත් නැතුව Folder lock කරමු.

    ඊයේ දිනයේ අපි කතා කළ "USB Ports වලට Password එකක් දාගමු" කියන ලිපිය බැලූ මට අල්ලපු රටේ ඉන්න හිතවත් ලංකාවේ මල්ලි කෙනෙක් මගෙන් ඇහුව අයියේ කොහොමද බන් folder එකක් ලොක් කරගන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ මල්ලිගෙයි මගෙයි කතාවේ අවසානයේ මට හිතුන අද මේ සම්බන්දයෙන් ලිපියක් ලියන්න ඕනෙයි කියලා. folder එකක් lock කරනවා කියුවහම ඒක ඔයාල කාටත් අලුත් දෙයක් නෙවෙයි. ඒ සදහා බොහොමයක් software තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාල කවුරුත් ඒ මොනයම් හෝ මෘදුකාංගයක් මීට පෙර බාවිතා කරලා ඇති. ඉතින් අද මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ කිසිදු software එකක් බාවිතා නොකර පරිගණකයේ folder එකකට යතුරක් දමා ගන්නා ආකරයයි. ඉතින් මෙය මීට පෙර folder lock කරගන්න software බාවිතා කල නොකළ, හැම කෙනෙකුටම වැදගත් වේවි.

    How To Lock Folder Without Any Software:



    • මුලින්ම කරන්න තියෙන්නේ ඔබේ පරිගණකයේ "Notepad" open කරගන්න. [Start -->Run -->Notepad]
    • අනතුරුව පහත දීල තියෙන Code එක copy කරලා notepad එකේ past කරගන්න.


    Code:
    cls
    :End
    @ECHO OFF
    title Folder Locker
    if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
    if NOT EXIST Locker goto MDLOCKER
    :CONFIRM
    echo Are you sure u want to Lock the folder(Y/N)
    set/p "cho=>"
    if %cho%==Y goto LOCK
    if %cho%==y goto LOCK
    if %cho%==n goto END
    if %cho%==N goto END
    echo Invalid choice.
    goto CONFIRM
    :LOCK
    ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
    attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
    echo Folder locked
    goto End
    :UNLOCK
    echo Enter password to Unlock folder
    set/p "pass=>"
    if NOT %pass%==trickslanka goto FAIL
    attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
    ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
    echo Folder Unlocked successfully
    goto End
    :FAIL
    echo Invalid password
    goto end
    :MDLOCKER
    md Locker
    echo Locker created successfully
    goto End

    "ඉහත codes දිහා ඔබේ අවදානය යොමු කලෝතින් ඔබට දැකගැනීමට පුළුවන්
    "if NOT %pass%==trickslanka goto FAIL" ලෙස code එකක්. එහි ඇති trickslanka යන්න ඔබේ password එක වන අතර trickslanka යන්න replace කර ඔබට අවශ්‍ය අයුරින් password එකක් ලබාදෙන්න."


    • අනතුරුව මේ notepad file එක yourfoldername.bat ලෙස ඔබට අවශ්‍ය තැනක save කරගන්න. (මෙම notepad file එකට ඔබට කැමති නමක් දිය හැකි අතර file extension එක .bat විය යුතුයි.) පහත රූප සටහනේ මම file name එක විදියට දී තිබෙන්නේ trickslanka.bat යන්නයි.


    • දැන් ඔබට පහත රූප සටහනේ මෙන් system file එකක් දැක ගැනීමට පුළුවන්.

    • පසුව ඔබ සාදාගත් file එක මත double click කරන්න. අනතුරුව පහත රුපයේ පරිදි ඔබට දැක ගැනීමට පුළුවන් ඔබගේ .bat file එකට ආසන්නයේ "Locker" යනුවෙන් අලුත් folder එකක් සෑදී ඇති බව.


    • දැන් ඔබට පුළුවන් තවමත් open වෙලා තියෙන ඔබ open කරගත් .bat file එක close කරලා දාන්න. අනතුරුව ඔබ අන්අයගෙන් ආරක්ෂා කරගත යුතු ඔබේ දත්තයන් සියල්ලම "Locker" කියන folder එකට දාන්න.
    • ඔබට අවශ්‍ය files සියල්ලම "Locker" folder එකට දාගත් පසුව එම folder එකට අගුලු දැමීම සදහා නැවතත් ඔබේ .bat file එක මත double click කරන්න. එවිට පහත රූප සටහනේ පරිදි ඔබට දැකගත හැක. පසුව ඔබේ යතුරු පුවරුවේ Y key එක press කර Enter key එක press කර ඔබේ bat file එක close කරන්න.


    • දැන් ඔබේ "Locker" folder එක එම ස්ථානයෙන් සැගවී ඇතිබවත් ඔබ සාදාගත් .bat එක පමණක් ඉතිරිවී ඇති බව ඔබට දැකගත හැක.
    • ඉතින් ඔබට ඔබේ locker folder එකට පිවිසීමට අවශ්‍ය විටක ඔබ කල යුත්තේ ඔබ සාදාගත් .bat file එක open කර ඔබ ලබාදුන් password එක ලබාදීම පමනයි.
    ඉතින් මම හිතනවා ඔබ සියලු දෙනාම අලුතින් යමක් ඉගෙන ගන්නට ඇති කියලා. ඉතින් ඔයාලාගේ අදහස් කමෙන්ට් එකක් මගින් අපිට කියල යන්න අමතක කරන්න එපා.

    Source: www.trickslanka.com
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    patta.. :yes::yes:
    useful

    ++++
    11.gif
     

    Mahindara

    Member
    Dec 24, 2008
    471
    8
    0
    [FONT=&quot]ස්තුතියි..[/FONT]
    [FONT=&quot]වැරදීමකින් හෝ [/FONT][FONT=&quot] .bat file[/FONT][FONT=&quot] එක ඩිලීට් උනොත් තමා ප්‍රශ්නෙ...ඒක[/FONT]
    [FONT=&quot]ඩිලීට් කරන්න බැරි විදියට හදන්නෙ කොහොමද[/FONT]?
     

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    [FONT=&quot]ස්තුතියි..[/FONT]
    [FONT=&quot]වැරදීමකින් හෝ [/FONT][FONT=&quot] .bat file[/FONT][FONT=&quot] එක ඩිලීට් උනොත් තමා ප්‍රශ්නෙ...ඒක[/FONT]
    [FONT=&quot]ඩිලීට් කරන්න බැරි විදියට හදන්නෙ කොහොමද[/FONT]?


    යම් අයුරකින් .bat file එක delete උනොතින්, "Locker" folder එක තුල තිබුණු ඔබේ files delete වෙන්නේ නැහැ. ඒ ගැන ඔබ බයවිය යුතු නැහැ. ඔබට කරන්න තිබෙන්නේ කලින් ඔබ අතින් delete උන .bat file එකේ නමටම සහ එම password එකම යොදා අලුත් file එකක් හදල "Locker" folder එක ලගින් save කරගන්න. එච්චරයි. !!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගොඩාක් වැදගත් දෙයක් ඉගන ගත්තා... ස්තුති වේවා! Rep +
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    බලාගෙනයි..... කොල්ලනේ

    මේක නම් ටිකක් අවුල් බං. මමත් මේ ක්‍රමේ තමයි පාවිච්චි කරන්නේ. ඒත් ටිකකට .bat file right click එකේ කරලා edit යන්නකෝ. නිකන්ම ඔයාගේ password දැනගන්න පුලුවන්. ඒකයි අවුල. මේක edit හොයන්නේ නැත්තම් හොදයි ඉතින්. ඒක නිසා කොල්ලනේ පරිස්සමෙන්......

    දැනුවත් කලාට මේ ගැන නොදන්නා අය වෙනුවෙන් රෙප් දුන්නෝ.....


    :oo::oo::oo::oo::oo: